Wednesday, January 14, 2026

එච්.සී.පී.බෙල්



එච්.සී.පී.බෙල් ( Harry Charles Purvis Bell ) බ්‍රිතාන්‍ය ලංකාවේ (Ceylon) ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස්වරයා විය. මෙරට පැරණි ස්මාරක ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණය කිරීම සඳහා ප්‍රාථමික ගවේෂණ කටයුතු රාශියක් බෙල් විසින් කරනු ලැබුවා. වර්‍ෂ 1895 වසරේ ආරම්භ කරන සිගිරිය ආශ්‍රිත කැණීම්වලින් ගල පාමුල පිරී තිබූ පස් ඉවත් කර සිංහ පාදය පාදා ගැනීම ඔහු විසින් කල සේවයක්. ඔහු මිය යන්නේ 1937 වසරේ. H.C.P බෙල් යනු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාවට ඉමහත් සේවයක් කල අයෙක්. පසුව ලංකාවේ මෝඩ කොස්න්පිරසි තියරිකාරයන් බෙල් සීගිරියේ රහස් දොරටුවක් සොයා ගත්තා , රන් මුතු මැනික් නැව් වලින් එංගලන්තයට යැව්වා යනාදී වශයෙන් කතා ගෙතුවා. පුරා විද්‍යාව යන්තමින් කට ගා ගත් කොටස් බෙල් පිලිබඳ සෙන්සේෂනල් කතා නිර්මානය කොට විචාර බුද්ධිය අඩු කොටස් වලට ත්‍රිල් එකක් දුන්නා. මට පසුගිය වසරේ බෙල් ගේ මුණුපුරා ක්ලිෆඩ් බෙල් හමු වුනා. ඔහු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. තම සීයා වූ H.C.P බෙල් ගෙන් ශ්‍රී ලංකාවට සිදුවූ සේවය අවතක්සේරු කොට ඔහු පිලිබඳ අසත්‍ය කටකතා නිර්මානය කිරීම පිලිබඳ ඔහු දැඩි කනසල්ල පල කලා. පුරා විද්‍යාව පිලිබඳ ප්‍රමුඛයන් පවා මේ කටකතා තමන් ගේ දැනුමෙන් නිශ්ප්‍රභ කලේ නෑ. මොකද ඔවුන් පවා බොරුව මත පදනම් වූ ජනප්‍රිය මතවාද වලට චැලෙන්ජ් කරන්න බයයි.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook