Tuesday, January 27, 2026

සිත් උපදනා තැන හෘධය ද ?

 



විඥාන ධාතු සතෙකි...

එයින් චක්ෂුර් විඥානධාත්වාදි පස ප්සාද රූප පසෙහි උපදී. ප්සාද රූප පස ඒ විඥාන ධාතු පසට නිඃශ්ය වස්තු වේ.
මනෝ ධාතුව හා මනෝවිඥාන ධාතුව ඒ ප්සාදයන්හි නූපදී.
ඒ ධාතු දෙකට නිඃශ්ය වන රූපය හෘදය රූපය ය. එයට වස්තු රූපය යි ද, හෘදය වස්තු රූපය යි ද කියනු ලැබේ.
ප්සාද නාමයෙන් නො කියන නමුදු එය ද එක්තරා ප්සාදයෙකි.
පඤ්චවෝකාර භවයෙහි සත්ත්වයකු උපදනා කල්හි ප්තිසන්ධි චිත්තය සමඟ ම එය හා බැඳී එයට නිඃශ්ය වෙමින් හෘදය රූපය ද පහළ වේ.
එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. ඒ රූප පිණ්ඩයට වස්තු දසක කලාපය යි කියනු ලැබේ.
එය කලලාදි අවස්ථාවල සුදුසු පරිදි පැවතී, ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි ලෙය ඇසුරු කොට පවත්නට වන්නේ ය.
හෘදය කෝෂයෙහි ස්ථිර ව පිහිටි ලෙයක් නැත. නිතර එයින් පරණ ලෙය බැහැර වන්නේ ය. අලුත් ලේ එයට පැමිණෙන්නේ ය.
හෘදය රූපය එතැනට පැමිණෙන ලෙය ඇසුරු කොට ම පවතිනවා මිස ඉන් බැහැරට නො යන්නේ ය.
මනෝධාතු මනෝවිඥාන ධාතු දෙකට නිඃශ්ය වන බව එහි ලක්ෂණය ය.
මොළය ශරීරයේ සිත් උපදනා තැන සැටියට බොහෝ දෙනා පිළිගනිති.
අභිධර්මයේ සැටියට නම් කේශාදි ස්පර්ශය නො දැනෙන තැන් හැර මුළු සිරුරේ ම සිත් උපදනා බව කිය යුතුය.
බෙහෙවින් සිත් උපදනා තැන සැටියට ද, ක්රියා සාධක සිත් උපදනා තැන සැටියට ද, ප්ධාන සිත් උපදනා තැන සැටියට ද, මූල චිත්තය උපදනා තැන සැටියට ද අභිධර්මයේ දැක්වෙන්නේ හෘදය රූපය ය.
ක්රෝධය හා බිය ඇති වූ කල්හි හෘදය තදින් සැලෙන්නට වන බව ද, ශෝකය ඇති වූ කල්හි එය දැවෙන බව ද සෑම දෙනාට ම ප්කට ය.
එසේ වන්නේ ක්රෝධ භය ශෝකයන් හෘදයේ ඇති වන නිසා විය යුතු ය.
ක්රෝධය හා භය ඇති වූ විට ශරීරයේ පැහැය කළු හෝ රතු වේ.
ප්රීති ශ්ද්ධා ප්රේමාදිය ඇති වූ කල්හි ශරීරය පැහැපත් වේ.
ශෝකය ඇති වූ කල්හි වියළේ.
එසේ වීමට හේතුව සිත හා ලෙයෙහි ඇති සම්බන්ධය විය යුතු ය.
එයින් සිත ලෙය ඇසුරු කොට පවත්නක් බව හැඟේ.
සිත් උපදනා තැන මොළය යයි කියන්නවුන්ට ද නොයෙක් හේතු යුක්ති තිබේ.
මනෝධාතු මනෝවිඥාන ධාතූන් ගේ නිඃශ්ය හෘදය රූපය යි ගැනීමෙන් එය කොහි තිබුණත් වැරදීමෙක් නොවේ.
______________________________________
(අතිපූජ්ය රේරුකානේ චන්දවිමල හිමි රචිත අභිධර්මයේ මූලික කරුණු ග්රන්ථයෙන්)

රේරුකානේ චන්දවිමල හිමි රචිත අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ දැක්වෙන පරිදි සිත් උපදනා තැන හෘධය බව පැවසේ.  අභිධර්මයට  අනුව හදවත හැඟීම්වල හෝ අධ්‍යාත්මික විඥානයේ මධ්‍යස්ථානය ලෙස යෝජනා කෙරෙන නමුත් විද්‍යාත්මක පරියේෂණ මගින් සනාත වන්නේ විඥානයේ  (consciousness)  මධ්‍යස්ථානය මෂ්තිෂ්කය බවත් විඥානය සඳහා  මෂ්තිෂ්කය,  මස්තිෂ්ක බාහිකය (cerebral cortex) තැලමික් න්‍යෂ්ටි ( thalamic nuclei) මධ්‍ය මොලයේ reticular formation (MRF) විවූහ  වැදගත්  වන බවයි.    

මිනිස් විඥානය  (consciousness) යනු තමන්ගේම පැවැත්ම, සිතුවිලි සහ වටපිටාව පිළිබඳ දැනුවත්භාවය ඇතුළත් සංකීර්ණ හා බහුවිධ සංසිද්ධියකි. මිනිස් විඥානය මිනිස් අත්දැකීම් සඳහා පදනම ලෙස සේවය කරන අතර, පුද්ගලයන්ට තමන් වටා ඇති ලෝකය වටහා ගැනීමට, අර්ථ නිරූපණය කිරීමට සහ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. මිනිස් විඥානය  හෘදය තුළ නොව මොළයේ සංකීර්ණ ජාල තුළ  ආරම්භ වන අතර, ස්නායු විද්‍යාවේ (Neurology)   පර්‍යේෂණ මගින් සනාත කොට තිබේ.     

මස්තිෂ්ක බාහිකය, විශේෂයෙන් පූර්ව ඉදිරිපස බාහිකය, එය තීරණ ගැනීම, ස්වයං දැනුවත්භාවය සහ සමාජ සංජානනය වැනි ඉහළ පෙළේ කාර්යයන් සඳහා සම්බන්ධ වේ. තැලමසය මෂ්තිෂ්ක බාහිකයට සංවේදක තොරතුරු සම්ප්‍රේෂණය කරයි. එසේම සංවේදක අත්දැකීම් ඒකාබද්ධ කිරීමට පහසුකම් සපයයි. මොලයේ ඇති reticular activating system, (located in the brainstem) සමස්ත විඥාන තත්ත්වයට බලපෑම් කරයි.  ඉන්සියුලාව සහ සින්ගුලේට් බාහිකය (insular and  Cingulate cortex) හැඟීම් සහ ශාරීරික දැනුවත්භාවය පිළිබඳ  අත්දැකීමට සම්බන්ධ වන අතර, චිත්තවේගීය තත්වයන් සහ සවිඥානක චින්තනය අතර අන්තර් ක්‍රියාකාරිත්වය ඉස්මතු කරයි. Insula and anterior cingulate cortex are implicated in the subjective experience of emotions and bodily awareness, highlighting the interplay between emotional states and conscious thought. 

මිනිස්  විඥානය විවිධ ජීව විද්‍යාත්මක හා පාරිසරික සාධකවල වඩාත් සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකින් පැන නැගිය හැකිය.  විඥානය මොළයට පමණක් සීමා නොවන බවත්, ශරීරය සහ එහි වටපිටාව තුළ පුළුල් අන්තර්ක්‍රියා ජාලයකින් මතුවන බව සත්‍යකි. නමුත් හදවත, දැනුවත්භාවයේ හෝ සංජානන ක්‍රියාකාරිත්වයේ විඥානයේ කේඳ්‍රස්ථානය ලෙස ක්‍රියා නොකරයි. විඥානය ප්‍රධාන වශයෙන් මොළය ආශ්‍රිතව පවතින අතර  එය  සිතුවිලි, සංජානන සහ අත්දැකීම් සංවිධානය කරයි. හෘධය රුධිරය පොම්ප කිරීමෙන් සහ ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කිරීමෙන් ජීවිතය පවත්වා ගැනීම සඳහා  තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කරන අතර, තොරතුරු සැකසීමට හෝ ස්වයං දැනුවත්භාවය ජනනය කිරීමට අවශ්‍ය ස්නායු විවූහයන්  හෘධයට නොමැත. අවට ලෝකය පිළිබඳ අපගේ සවිඥානික අත්දැකීම් සහ අවබෝධය   පාලනය කරන්නේ මොළයයි. හදවත විඥානයේ කේඳ්‍රය යන සංකල්පය මිනිස් විඥානයේ ස්වභාවය වැරදි ලෙස නිරූපණය කරනවා පමණක් නොව, මනස-ශරීර සම්බන්ධතාවයද නොසලකා හරියි.

හදවත විඥානයේ කේඳ්‍රස්ථානය ලෙස ක්‍රියා කරන බවට ඇති වැරදි මතය බොහෝ විට එන්නට ඇත්තේ ඊජිප්තු චින්තනය හරහා විය යුතුය​. ඊජිප්තුවරුන් හදවත චින්තනයේ සහ හැඟීමේ මූලාශ්‍රය ලෙස සැලකීය​. ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් ද මෙම සංකල්පයට දායක විය​. හදවත ශරීරයේ ක්‍රියාකාරිත්වයේ කේඳ්‍රස්ථානය සහ මිනිස් චින්තනයේ මූලාශ්‍රය බව අභිධර්මයේ සඳහන් වීම ඊජිප්තු හෝ ග්‍රීක බලපෑම ඔස්සේ සිදු  වන්නට ඇත​. 






No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook