Tuesday, January 6, 2026

වෛද්‍ය මහාචාර්‍ය දුෂ්‍ෂන්ත මැදගෙදර පිලිබඳ සටහනක්

 







මීට වසර දෙකකට විතර ඉහතදී මට වියලි කැස්සක් ආවා. මම මගේ ෆැමිලි දොස්තර ඇඩම් සූඩිස් ලඟට ගියා. ඔහු ඇන්ටිබයොටික් කෝස් එකක් ප්‍රති අසාත්මිකතා බෙහෙත් දුන්නා. ඒත් වියලි කැස්ස අඩුවක් නෑ. බොහෝ විට එන්නේ රාත්‍රියට. දොස්තර ඇඩම් සූඩිස් TB පරීක්‍ෂණ එක්ස් රේ ලේ පරීක්‍ෂණ ඔක්කොම කලා. සියල්ල නෝමල්. ඒත් වියලි කැස්ස. ඉන් පසු මාව යොමු කලා සනි බෘක් රෝහලේ ස්වසන රෝග විශේසඥයාට. යලිත් සියලු පරීක්‍ෂණ එක්ක ඇන්ටිබයොටික් කෝස් /  පොඩි ස්ටෙරොයිඩ් කෝස් දුන්නා . ඒත් වියලි කැස්ස. දොස්තරලට හොයා ගන්න බෑ. වරක් ස්ටැටන් අයිලන්ඬ් යන විට රෝචෙස්ටහි රෝහලක දන්න වෛද්‍යවරයෙක් හමු උනා ඔපීනියන් ගන්න . ඔහුත් වියාකූලයි. ලංකාවට ආපු අවස්ථාවක හිතවතෙක් කිව්වා නුවර ඉන්නවා ස්වසන රෝග විශේසඥ වෛද්‍යවරයෙක් දුෂ්‍ෂන්ත මැදගෙදර කියලා ගිහින් බලන්න කිව්වා. දොස්තරලා බලලා එපා වෙලා.  කැනඩාවේ ඇමරිකාවේ විශේසඥ වෛද්‍යවරු බලලා  ප්‍රතිකාර කරලා ගුනයක් නොතිබූ වියලි කැස්ස ලංකාවේ වෛද්‍යවරයෙක්ට සුව කරන්න පුලුවන්ද ? කියලා ඇහුවා. ඒ පණ්ඩිතකම් ඕනේ නෑ ගිහින් බලන්න කිව්වා. ලංකාවේ දොස්තරලා ඉන්නේ ගැට්ටෙන් නිසාත් අපේ කාලයේ රෝහල් වල හිටපු සමකාලීනයෝත් නැති නිසාත් පෙන්‍ෂන් ගිය  රාලහාමි මානසිකත්වය ආවා. ඒත් කමක් නෑ කියලා වෛද්‍ය දුෂ්‍ෂන්ත මැදගෙදර හමු වෙන්න ගියා. අනේ කිසිම ගැට්ටක් ලොකු කමක් ඔලුවක් නෑ . ඉතා හොඳින් සවන් දුන්නා මාව චෙක් කලා. ඔන්ද ස්පොට් ඩයග්නෝස් කලා. නිදියන විට අන්නශ්‍රෝතයෙන් ගැස්ට්‍රික් ජූස්   බිඳිති වශයෙන් ස්වසන මාර්ගයට යනවා. ඒ ඉරිටේ‍ෂන් එක වියලි කැස්ස ඇති කරනවා. මාසෙකට බේත් දුන්නා , සති දෙකෙන් කැස්ස සුවයි. උතුරු ඇමරිකාවේ විශේසඥ වෛද්‍යවරු ව්‍යාකූල කරපු වියලි කැස්ස ලංකාවේ වෛද්‍යවරයෙක් ස්තෙතස්කෝප් එක පමණක් භාවිතා කරලා ඩයග්නෝස් කලා නිට්ටාවට සුව කලා. ලංකාවේ අති දක්‍ෂ වෛද්‍යවරු ඉන්නවා ( ඒ අතර වකුගඩු ජාවාරම් කරන දොස්තර හොරු / බාල බෙහෙත් ගෙන්වන රැකට් එකට සම්බන්ධ දොස්තර හොරු ඉන්නවා) නමුත් වෛද්‍ය දුෂ්‍ෂන්ත මැදගෙදර වගේ වෛද්‍යවරු කැලේට පිපි මල් වගේ ඉන්නවා. එතුමාට පින් සිද්ද වෙන්න කරදරයක් නැතුව නිදා ගන්නවා. එතුමා විශේසඥ වද්‍යවරයෙක් වගේම මහාචාර්‍යවරයෙක්. මේ වගේ දක්‍ෂ වෛද්‍යවරු බිහි කරන්න පුලුවන් රටක් ලංකාව. මේ කුඩා සටහන එතුමා වැනි දක්‍ෂයන් පිලිබඳ කෙරෙන අගැයුමක්. 




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook