Tuesday, November 25, 2025

සෞම්‍යමූර්ති තොණ්ඩමන්




සෞම්‍යමූර්ති තොණ්ඩමන් යනු ශ්‍රී ලංකා දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කරන ලද පුද්ගලයෙකි. ඔහු 1977 දී ඉහල බලයක් ලබා ගත් ජේ ආර් ජයවර්ධනට පවා අවනත නොවූ චරිතයකි. ජේ ආර්   සියලුම ඇමතිවරුන් / මන්ත්‍රීවරුන්  ගෙන් දින රහිත අස්වීමේ ලිපි ලබා ගෙන තිබූ නමුදු එවැනි සෞම්‍යමූර්ති තොණ්ඩමන්  ලිපියක් ජේ ආර්ට නොදී ඔහුගේ ආණ්ඩුවේම සිටිමින් වතුකරයේ වර්ජන පවා සංවිධානය කලේය​. 

ප්‍රභාකරන් ගේ බෙදුම්වාදය උතුරේ හිස එසවීමත් සමගම වතුකරයේ මළයනාඩුවක් තැනීමට උත්සහ දරන බවට සිහල ජාතිවාදීන් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ට චෝදනා කලහ. ​වරක් පාර්ලිමේන්තුවේ දී එක් මන්ත්‍රීවරයෙක් ඔහුට " තමුන් වතුකරයේ මළයනාඩුවක් හදන්න උත්සහ කරනවා " කියූ විට " ඉතින් ඒකේ ඇති වැරැද්ද මොකක්ද ? කියා සෞම්‍යමූර්ති තොණ්ඩමන් එකී මන්ත්‍රීවරයාගෙන් ඇසීය​. 

ජේ ආර් ආණ්ඩවට උතුරේ ප්‍රශ්නය පිලිබඳව ඉන්දියාව නිතර අත දැමීම රිස්සුවේ නැත​. මේ අර්බුධ කාලයේ වතුකරයේ ගැටළු මතු වූ විට සෞම්‍යමූර්ති තොණ්ඩමන් කෙලින්ම ගියේ ඉන්දියාවටය​. මේ නිසා සිංහල බෞද්ධ පිරිස් සෞම්‍යමූර්ති තොණ්ඩමන් සමග සිටයේ අමනාපයෙනි. ඔහු රහසින් ප්‍රභාකරන්ට සහාය දෙන බවට කට කතා පැතිරුනි. වරක් මහියංගනය විහාරයේදී එක් භික්‍ෂුවක්  සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඉන්දියාවට පිටවහල් කල යුතු බව කියමින් සැදැහැවතුන් ගෙන් පෙත්සමකට අත්සන් ගන්නවා මා දුටුවෙමි. 

කෙසේ නමුත් සෞම්‍යමූර්ති තොණ්ඩමන් පිලිබඳ සත්‍ය හර්මන් මාලිංග ගුනරත්න විසින් ලියන ලද For a Sovereign State කෘතිය මගින් දැන ගත හැකිය​. සෞම්‍යමූර්ති තොණ්ඩමන් කිසි කලෙක බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටි බවත් වතුකරයේ ජනතාව ප්‍රභාකරන් වෙත ඇදී නොයාමට සෞම්‍යමූර්ති තොණ්ඩමන් සාධකය හේතු කාරක වූ බවත් හර්මන් මාලිංග ගුනරත්න  පෙන්වා දෙයි. එසේම  ඔහු ජාතිවාදියෙකු නොවූ බවත් ඔහුට සිංහල මිතුරන් ගනනාවක් සිටි බවත් හර්මන් මාලිංග ගුනරත්න පවසයි. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට සෞම්‍යමූර්ති තොණ්ඩමන් තුල කිසිදු අභිලාශයක් නොතිබූ බව මින් පෙනී යයි. ඔහුට අවශ්‍ය වූයේ වතු කම්කරුවන් මගින් කේවල් කිරීමය​. 

සෞම්‍යමූර්ති තොණ්ඩමන් වතුකරයේ ජනතාව ගේ දහඩිය මත තම මාලිගා ඉදි කල බව පැවසේ. එසේම සෞම්‍යමූර්ති තොණ්ඩමන් ගෙන් වැඩක් කර ගැනීමට නම් බිරිඳ සමග ඔහු හමු වීමට යා යුතු බවට වතුකරයේ කතාවක් ද තිබුනි. සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් නිර්මානය කරන ලද රාජ්‍යය ඔහුගෙන් පසු භාර ගත්තේ ඔහුගේ මුණපුරා වූ ආරුගම් තොණ්ඩමන් වූ  අතර ඔහු සුරාව නුරාව සහ කොකේන් නිසා අකාලයේ විනාශ වී ගිය බව ඇතැමෙකු පවසති. කෙසේ නමුත් සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් නිර්මානය කරන ලද රාජ්‍යය දැන් ඔවුන් ගේ මීලඟ පරම්පරාවට අයත්ව තිබේ. ඔවුන් වතුකරයේ දේශපාලන කැම්පේන් වලට යන්නේ හමර් රථ වලය​. දකුනු ඉන්දීය රාජ කුමාර වරුන් මෙන් ඔවුන් කැන්වසින් යන විට පුරා වසර 200 එකම ජීවන මට්ටමක් තිබූ වතුකරයේ දිලිඳු ජනතාව ඔවුන්ට ඔල්වරසන් දෙති. 






Saturday, November 22, 2025

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා




ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා කියන්නේ Herod the Great King of Judea වගේ ඉතිහාසයේ දෝශාරෝපනයට ලක් වූ රජෙක්. ඔහු හෙරොද් රජු වගේ නිර්මාපකයෙක් , මහ නුවර ඔහු අලංකාර කෙරුවා ඉදිකිරීම් මගින්. කිරිමුහුදත් ඔහුගේ නිර්මාණයක්. අද යුනෙස්කෝ ලෝක උරුමයක්. ඒකේ ගරුත්වය  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහට ගියාද ?  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සොෆ්ට් හදවතක් තිබූ රජෙක්. කලාකාමී හදවතක් තිබූ රජෙක්. 

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා කියන්නේ ඉංගීසි හමුදාව යුදමය වශයෙන් පරාජය කරපු රජෙක්. ඉංග්‍රීසීන්ට ඉන්දියාවේදී වත් අප්‍රිකාවේදී වත් මේ වගේ පරාජයක් ලැබුනේ නෑ. 1803 උඩරට ආක්‍රමණයේදී බ්‍රිතාන්‍ය හමුදා පරදවා ස්වදේශිකයන් ලැබූ ජයග්‍රහණයේ ගරුත්වය ශ්‍රී වික්‍රමට ලැබුනේ නැත.  

1803 ආක්‍රමණය හැඳින්විය හැක්කේ මෙරට ස්වදේශිකයන් විසින් ඉංග්‍රීසීන් යුධමය වශයෙන් අන්ත පරාජයට පත් කල එකම ජයග්‍රාහී සටන වශයෙනි.  මෙම සටනේදී ඉංග්‍රීසීන්ට සුදු කොඩි ඔසවා යටත් වන්නට පවා සිදු විය. උඩරට හමුදාව ත්‍රිකුණාමලයෙන් පිටත් වූ කර්නල් බාර්බුට්  ගේ හමුදාව සමූලඝාතනය කලේය. මෙහිදී කර්නල් බාර්බුට් ද මිය ගියේය.   ඔවුන් ගේ අවසානය පිලිබඳ තොරතුරු කීමට ඉතිරි වූයේ 19 වෙනි පාබල හමුදාවේ කෝප්‍රල් ජෝර්ජ් බ්‍රැන්ස්ලි පමණි. මෙම සංග්‍රාමයට නායකත්වය සැපයූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කිසි දින  එම සංග්‍රාමයේ ජයග්‍රහනය පිලිබඳ කීර්තිය දේශීය ජනයාවත් දුන්නේ  නෑ.  ඉංග්‍රීසීන් පවා ඔවුන් ගේ යුද ඉතිහාසයෙන් මේ පරාජය සඟවලා තියා ගෙන ඉන්නේ 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට ලිංගික බලපෑම් කල කතාව ප්‍රබන්ධයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන්ට මරණ දණ්ඩනය දුන්නා නමුත් බිලිඳා වනේ දමා කෙටීම ප්‍රබන්ධයක්. බිලිඳුන් වනේ දමා කෙටීම කලේ පෘතුගීසීන් සහ ලන්දේසීන්. මේ කතාව ජෝන් ඩොයිලි රජු ජනතා අප්‍රසාදයට ලක් කිරීමට ප්‍රචලිත කල සයි ඔප් එකක කොටසක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන්ට වධයට ලක් කරනවා පත්තිරිප්පූ සිට නැරඹූයේ නැත. ඔවුන් වධයට ලක් කලේ මාලිගාව අසල නොවේ. ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මරවන ලද්දේ මාලිගාව ඉදිරිපිට වැවේ නොව කටුගස්තොට ආසන්නයේ තිබූ බොර වැවේය. අත් අඩංගුවේදී ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන් මරා දැමීම ගැන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කිව්වේ තමන් ද්‍රෝහියන්ට නියම කරන ලද සිංහල රජ කාලයේ නීතිගතව තිබූ දඞුවම ක්‍රියාත්මක කලා යන්නයි. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මධු ලෝලියෙකු බව කියන කතාවත් බොරුවක්. ඔහු බීමත්ව රජකම්  කලේ නෑ. ඉංග්‍රීසීන් පෝට් වයින් නිතර යැව්වා. ඒවා ගබඩා වල තිබ්බා. 

ශ්‍රී වික්‍රම රාජසිංහ ඇහැලේ පොල ඇතුලු නිලමේවරුන්ට කේලම් බස් අහලා දඞුවම් කලා යන්න පිලිගන්න අමාරුයි. ඔහුට බුද්ධියක් තිබ්බා කරුනු තෝර බේර ගන්න​. ලෙව්කේ නිලමේට දඞුවම් කිරීමටත් ඔහුට හේතු කරුණු තිබ්බා. 

ලෙව්කේ දිසාව  ගේ මරණය සිදු වන්නේ 1803 සැප්තැම්බර් 6 දින.   අනියත බිය සැක නිසාත්, කේලමි බස් නිසාත්, ඉක්මන් කෝපය නිසාත් ශ්‍රී වික්‍රම අතින් ලෙව්කේ ගේ හිස ගසා දැමුනාද ? නැතහොත් ලෙව්කේ දිසාව බ්‍රිතාන්‍ය චර පුරුෂයෙක් වීද යන්න ප්‍රශ්නාර්ථයක්. ජේම්ස් කෝර්ඩිනර්ට අනුව, ශ්‍රී වික්‍රම රජු, ලෙව්කේ දිසාව සහ ලේකම් මහ මොහොට්ටි ද එම ස්ථානයේ දී හිස ගසා දමා ඔවුන්ගේ සිරුරු වළලන්නේ නැතිව තබා තිබෙනවා. ඉන් පෙනෙන්නේ ඔවුන් කෙරෙහි තිබූ කෝපය. එපමණ කෝපයක් ජනිත කලේ ලෙව්කේ ද්‍රෝහීකමක් කල නිසාද ? ලෙව්කේ හොරෙන් ඉංග්‍රීසීන් සමග ඩීල් දැම්මද ? 

එක්නැලිගොඩ මොහොට්ටාල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු  සමග තිබූ වයිරය කුමක්ද ? ඔහු රජු අල්ලාගත් පසු සුනඛයෙකුට වගේ පහර දෙනවා අපහාස කරනවා. එක්නැලිගොඩ මොහොට්ටාල සහ ඔහුගේ පියා ජන පීඩකයෙක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එක්නැලිගොඩ මොහොට්ටාල ගේ පියාට දඩුවම් කරන්න උත්සහ කරලා තියනවා. එක්නැලිගොඩ කළු බස්නායක නිලමේ ගැමියන්ට පීඩා කරපු නිසා   ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෝප වී මොහු අත්ඩංගුවට ගෙන නුවරට ‍ගෙන යාම සඳහා රාජ දුතයන් එවනු ලැබූ අවස්ථාවේ යටත් නොවූ කළු බස්නායක නිලමේ දෝලාවෙන් නැගී ගුරුබැල්කඩ නම් ස්ථානයට පැමිණ වස පානය කර දිවි නසාගෙන තිබේ. මේකේ වාඩුව තමයි එක්නැලිගොඩ මොහොට්ටාල ගත්තේ. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පා පහරක් දෙනවා.

පසුකාලීන ඉංග්‍රීසීන් ගේ වාර්තා වල ශ්‍රී වික්‍රම රාජසිංහ බුද්ධිමත් සංවාද වල යෙදුනු, අඩි 6 පමණ උස ශෝභමාන හොඳ පර්සනෑලිටි එකක් තිබූ පිරිමියෙක් බව කියනවා. ඔහු දිනකට පැයක් පමණ භාවනාවේ යෙදීත් තිබෙනවා. 

පිටුවහලේදී ශ්‍රී වික්‍රම රාජසිංහට ඉංග්‍රීසීන් විසින් ආසනික් කුඩා මාත්‍රා වරින් වර හොරෙන් දුන්නා. එය කලේ ඔහුගේ මරණය ඉක්මන් කිරීමටයි. ඔවුන් ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ පිරිමි පුතාවත් අබිරහස් ලෙස මරා දානවා. ඉංග්‍රීසීන් විසින් පිටුවහලේ සිටි  1818 සිංහල සිරකරුවන්ටද ආසනික් දුන්නා. ඔවුන් මිය යාමට ප්‍රථම උදරයේ අමාරු , දෙපා ඉදිමීම තිබුනා. ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලුනා. ඉංග්‍රීසීන් නැපෝලියන්ටත් කලේ මෙයයි. ඔහුත් අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලී මිය ගියා. පසු කාලයක ඔහුගේ කෙස් වල ආසනික් සොයාගත්තා. ඉංග්‍රීසීන් දේශපාලන සිරකරුවන් ගෙන් නිදහස් උනේ ආසනික් මගින්. 

ගනනාථයන් ශ්‍රී වික්‍රම රාජසිංහ හඳුන්වන්නේ Doomed King කියලා. 

Friday, November 21, 2025

අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති


 

 

ලංකාව වගේ අව සංවර්ධිත පසුගාමී අදහස්  ප්‍රබලව තියන මිත්‍යාව ප්‍රවර්ධනය කරන සමාජයක  ජීවිත අවිනිශ්චිතයි . මහා මාර්ග විනයක් නෑ. පාන් රාත්තල ගේන්න පාරට ගිය මිනිහා එන්නේ පෙට්ටියෙන් , ලොරියක් හප්පගෙන ගිහින්.  ජීවිත පිලිබඳ වගවීමක් නෑ. ජීවිත කෙරෙහි ගරුත්වයක් නෑ.  අසනීපයක් වෙලා රෝහලට යන මිනිහා ගේ ජීවිතය පිලිබඳ වගවීමක් රෝහල් පරිපාලනය ගන්නේ නෑ. පාසල් වල ළමුන් විශාල වශයෙන් කායික මානසිකව අපයෝජනය වෙනවා. පාසල් බලධාරීන් ඒ පිලිබඳ වගවීමක් නෑ. නීතියේ ආධිපත්‍ය නෑ.  නීතිය ක්‍රියාත්මක වෙන්නේ බලවතාගේ සුභ සිද්ධිය කේන්ද්‍ර කර ගෙන. ශබ්ද දූෂණය , කසල බැහැර  නොකිරීම පිලිබඳ  ; මූලික  නීතිවත් සමාජය තුල හරි හැටි කෙරෙන්නේ නෑ. ව්‍යාපාරයක් කරගෙන ඉන්න බෑ ව්‍යාපාරික නීති වෙනුවට ප්‍රාදේශීය කප්පම් නීති , ව්‍යාපාරික ප්‍රවර්ධනයක් අමාරුයි දහසකුත් එකක් නිලධාරීවාදයේ නීති. පාස් පෝට් එකක් ගන්න , අයිඩෙන්ටියක් ගන්න පොලිස් රිපෝට් එකක් ගන්න , පර්මීට් එකක් ගන්න ලේසියෙන් බෑ. සියල්ල අවිනිශ්චිතයි. ගැරන්ටියක් නෑ.  නීත්‍යානුකූල පාස්පෝට් එකක් තියන කාන්තාවක් රට යන කොටත් ඒක නවත්වන්නත් එයා පෝට් ගෑණු ඉන්නවා. අවිනිශ්චිතයි. වාහනයක් හැප්පුනොත්,  වටේ ඉන්න එවුන් ඩ්‍රයිවර්ට ගහනවා, වාහනය ගිනි තියනවා.  අවිනිශ්චිතයි. මේ වගේ සමාජ අවිනිශ්චිත සමාජ. මිනිසුන් තුල අනාගතය පිලිබඳ සුභ දායික හැඟීම් නෑ. මිනිස්සු ඉන්නේ කාංසාව අවිනිශ්චිතතාව ආතතිය හිස දරාගෙන.  මේ සමාජයේ පූජකයා සහ දේශපාලකයා මේ කන්ඩිෂන් තවත් තද කරනවා තමන් ගේ වාසියට.  පූජකයා සහ දේශපාලකයා සමාජයට බෙදන්නේ අවිනිශ්චිතතාව. මිනිසුන් එතකොට තවත් පීඩනයෙන්  ව්‍යාකූලව  පූජකයා සහ දේශපාලකයා පසුපස යනවා. මිත්‍යාවන් පසුපස යනවා. එවැනි සමාජයක motto එක ලෙස "අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති " නැගලා යනවා.  බුදුන් ඔය  අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති  කතා කිව්වේ නෑ, වීර්‍ය පාරමිතාව , අධිෂ්ඨාන පාරමිතාව තුල ඔය කතා නෑ. ජාතක කතාවක් තියනවා කාන්තාරයේ වතුර නැතිව ඉන්න කොට බෝධිසත්වයෝ මිනිහෙක්ව මෝටිවේට් කරලා ගල පලලා වතුර ගත්ත කියලා. එදා  අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති  කිව්ව නම් මුලු ගැල් සෙට් එක මැරෙනවා. බෝමැඩදී සිදුහත් තවුසා කිව්වේ නෑ අචින්ති තම්පි භවති,චින්ති තම්පි විනස්සති  කියලා බුදු වෙලා මිස මෙතනින් නොනැගිටිමි කියලා කිව්වේ. අවිද්‍යාත්මක අවිනිශ්චිත සමාජයක් හදපු මිනිස්සු අවසානයේදී තමන්ටම ගැලපෙන motto එක හොයා ගත්තා. 

Advantages and Disadvantages of Colonialism



Colonial rule in Sri Lanka left a multifaceted legacy, marked by both beneficial and adverse outcomes, although discussions often emphasize its negative repercussions. The colonial period brought about significant and lasting harm, particularly through economic exploitation and the exacerbation of ethnic tensions. However, it is important to acknowledge some of the advantages that the island's inhabitants experienced as a result of colonialism.

It is essential to recognize some of the beneficial outcomes that emerged during this period. Before colonialism, the traditional monarchy operated as a dictatorship, subjecting many citizens to hardship and oppression. In contrast, colonial governance provided a semblance of freedom that was previously unattainable. 

The arrival of the Portuguese, for instance, played a crucial role in curbing the spread of Islamization in the region, thereby preserving certain cultural elements of Sri Lanka. Furthermore, colonialism facilitated the introduction of industrialization and allowed Sri Lankans to engage with the European Renaissance, marking a significant shift in societal development. The British colonial administration, in particular, laid the groundwork for modern infrastructure and systems that transformed the island.  

The colonial rule abolished, "දණ්ඩ නමස්කාරය" -obeisance with the forehead touching the ground, which symbolizes servitude.  The villagers' labour could no longer be exploited without fair compensation, ensuring that their rights were upheld. Additionally, their property was safeguarded against arbitrary seizure, and they were allowed to pursue legal action under Roman-Dutch law instead of being subjected to local regulations.  

Postal services were developed along major highways and railways to improve connectivity with Sri Lanka. The government repurposed lands that were once cultivated by farmers using basic tools, converting them into tea plantations that became vital to the nation's economy. 

Education was expanded to encompass subjects such as science and geography for children attending Pirivena schools, which primarily focused on religious instruction.  The villagers, once struggling farmers, gained the opportunity to engage in trade, which enabled them to evolve into entrepreneurs and landowners.

Before 1815, Sri Lanka was relatively underdeveloped compared to Europe, characterized by feudal rule and limited educational opportunities, with the majority of the population engaged in subsistence farming and a low literacy rate. The knowledge of the outside world was confined to a small elite. However, following the end of feudalism in 1815, a new era began to unfold. By 1848 (  within 33 years following the conclusion of the monarchy), Harry Dias Bandaranaike, a bilingual native who had pursued legal studies, became the first Sri Lankan to take an oath as a lawyer in court, marking a pivotal moment in the legal landscape. This shift heralded the emergence of a more educated generation that sought justice through established legal frameworks rather than relying on the arbitrary judgments of local rulers. Thus, while the colonial period brought about both challenges and advancements, it ultimately paved the way for a more progressive society, offering insights into the trajectory of Sri Lanka's development.







Thursday, November 20, 2025

The Female Gaze



Aspects of the female "gaze" are indeed considered to have evolutionary underpinnings, but they are also significantly shaped by social and psychological factors. The female gaze holds significance in two primary areas: social and romantic interactions, where it serves to establish connection and assess a partner's value; and in media theory/art, where it is a powerful tool for representation and challenging patriarchal norms. In patriarchal and male-dominant societies like Sri Lanka, the female gaze is not simply an assertive, expressive look of desire or autonomy as it is often discussed in Western media theory. Instead, it is a complex and subtle form of non-verbal communication used to negotiate power, signal interest within strict social norms, and subtly resist overt control. 

Professor Gurit Birnbaum, a social psychologist at Reichman University, has conducted extensive research on women's gaze. According to Professor Gurit Birnbaum, the female gaze is a key non-verbal signal of openness to intimacy that is intrinsically linked to assessing a partner's emotional responsiveness and the potential for a secure connection. She elucidates sexual desire, relationship maintenance, and attachment styles in dating and established relationships. Her key findings related to female gaze patterns and sexual selection center on women's complex strategies for evaluating potential partners, balancing attraction with emotional and physical safety cues. She indicates that the female "gaze" or attentional patterns are primarily influenced by social and psychological factors such as perceived partner responsiveness, emotional closeness, and the social cues of others.


Find Us On Facebook