Saturday, May 2, 2026

වකුගඩු ජාවාරම සහ බෙදාගෙන කෑම




බොරැල්ල ළමා රෝහලේදී දරුවෙකුගේ වම් වකුගඩුව අතුරුදහන්වීම සම්බන්ධයෙන් දුන් මුල් වෛද්‍ය වාර්තාවට අනුව දකුණු වකුගඩුව පවතින බව සඳහන් වුවත්, දෙවන වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව වකුගඩු දෙකම නැති බව සනාථ විය. ආරම්භයේදී මෙය සාමාන්‍ය මරණයක් ලෙස තීන්දු වූ අතර පසුව මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙසට කොළඹ අධිකරණය තීන්දු කරන ලදී. ( Dr Chamal Sanjeewa) ............................

ලංකාවේ ක්‍රියාත්මක වෙන වකුගඩු ජාවාරම වික්ටර් අයිවන් / ගයාන් ගාල්ලගේ / පෝද්දල ජයන්ත / චාමර අමරසූරිය / ඒ. ජේ. ඒ. අබේනායක/ කාංචන කුමාර ආරියදාස / කුමුදිනී හෙට්ටිආරච්චි/ ඒමන්තී මාරඹේ / බීබීසී හි සරෝජ් පතිරණ / කලම්බෝ ටෙලිග්‍රාෆ් හි උවිඳු කුරුකුලසූරිය / ලංකා ඊ නිව්ස් හි සඳරුවන් සේනාධීර වගේ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අදාල වෛද්‍යවරුන් ගේ නම් ගම් එක්ක වාර්තා කරලා තියනවා. නමුත් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ තල්මසුන් අත් හැරලා හාල් මැස්සෝ ( කජිමා වත්තේ බහායි සහ උකුවෙල කිඩ්නි සලාව්දීන්)

සුදාගේ ඉන්ටවිව් එකේ නම් ගම් එක්ක වෛද්‍ය චමල් සංජීව මේ වෙන කොටත් කරාපිටිය රෝහලේ සිදු කෙරෙන නීති විරෝධී වකුගඩු ජාවාරම ගැන හෙලි කලා. නමුත් වකුගඩු හොරු යහතින් .

මීට වසර කීපයකට පෙර වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන හෙලි කලා වකුගඩු මාෆියාව විසින් ගොමාවේ ලොක්කෙකුගේ බිරිඳට රේන්ජ් රෝවර් රථයක් තෑගි දීපු අයුරු. මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ පෙන්වා දෙනවා ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පසුව වැඩිම මුදලක් උපයන්නේ නීති විරෝධී වකුගඩු ජාවාරම කියලා. රුපියල් 80, 000 කට හෝ ලක්‍ෂයකට හෙරොයින් අයිස් ගහන කොල්ලෙක් ගේ වකුගඩුව අරගෙන ඒක ලක්‍ෂ 60 -80 අතර ගානකට දෙනවා. ලාභය කීයද ?

මෑතකදී මත් ද්‍රව්‍ය භාවිතා කරලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යෙදුනු මත් ලෝලියෙකුගේ බිරිඳ කියනවා "සර් මෙයා මෙයාගේ වකුගඩුවකුත් රුපියල් ලක්‍ෂයකට විකුනලා ඒ සල්ලි වලින් කුඩු ගැහුවා" කියලා.

මේ පිලිබඳව වරක් මම මහාචාර්‍ය අනිල් ගුණතිලක මහතා සමග කතා කලා. අපේ සංවාදයේදී ජයවර්ධනපුර නීති විරෝධී ජාවාරම් කරපු වෛද්‍යවරිය ගැනත් කතා වුනා. ජයවර්ධනපුර නීති විරෝධී ජාවාරම් කරපු වෛද්‍යවරිය රිමාන්ඬ්ගත වුනා. එහෙත් වකුගඩු ජාවාරමේ වෛද්‍යවරු නිරුපද්‍රිතයි. මහාචාර්‍ය අනිල් ගුණතිලක මහතා මේ පිලිබඳව මාර කතාවක් කිව්වා. ජයවර්ධනපුර නීති විරෝධී ජාවාරම් කරපු වෛද්‍යවරියට කෙල වුනේ ඇය තනියම කන්න ගිය නිසා. නමූත් වකුගඩු හොරු කන්නේ බෙදාගෙන අදාල අංශ වලටත් ගතමනාව දීලා.

මේක අනාගත හොරුන්ට හොඳ පණිවිඩයක්. හොරා කන්නේ නම් තනියම කන්න එපා . අදාල බලධාරීන්ටත් දීලා කන්න.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook