Selasa, 13 Jun 2023

මනෝජ් ඔබට සුභ උපන් දිනයක්





මාගේ මිත්‍ර වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු ගේ උපන් දිනය නිසා මේ සටහන ලියමි. වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහාචාර්‍ය දියනාත් සමරසිංහ යටතේ පුහුණුව ලබා දුම් වැටි , මත් පැන් සහ මත් ද්‍රව්‍ය නිවාරණය පිලිබඳව කටයුතු කරන්නෙකි. ඔහු විසින් වසර ගනනාවක්  කොලඹ මැල් මැදුරේ සේවය කලේය​. වර්තමානයේ ඔහු රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකි.  

මා පුත්තලම දිස්ත්‍රික්  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කරන කාලයේදී වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු අපගේ වෛද්‍යවරු , හෙදියන් සහ පී.එච්.අයිවරු දුම් වැටි , මත් පැන් සහ මත් ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්  පුහුණු කිරීමෙන් අගනා සේවයක් කලේය​.  ඔහු නිහතමානී චරිතයකි. දක්‍ෂ දේශකයෙකි. 

මෑතකදී මා ලංකාවට පැමිණි අවස්ථාවේදී කොලඹ විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයක් කලෙමි. මාගේ දේශනයට සවන් දීම සඳහා මනෝජ් පැමිණි අතර එය මට මහත්  ගෞරවයක් විය​.  මා ඔහුව සලකන්නේ මාගේ අතිජාත මිත්‍රයෙකු ලෙස පමණක් නොවේ,  Addiction Medicine පිලිබඳව  මාගේ ගුරුවරයෙකු ලෙසිනි.  මනෝජ් සුන්දර මිනිසෙකි. දක්‍ෂ ගායකයෙකි. බෙලි කැපිලි , කුහකකම් ඔහු තුල නැත​. හිතේ කුඩුකේඩුකම් නොමැති ඔහු වයසට නොයන්නේය​. එදා මෙන් ඔහු තරුණය​. මෙවැනි  වෛද්‍යවරු අද ලංකාවේ විරළය​.  


මනෝජ් ඔබට සුභ උපන් දිනයක් 



Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook