Jumaat, 31 Mei 2019

විනිශ්චය



වෛද්‍ය සුජීව ගුණරත්න වින්සන්ට් ලංකාතිලකට හමු වූයේ ඔහු ජීවිතයෙන් පැරදී සිටින විටදීය. කැනඩාවට මෙන්ම ඕස්ට්‍රේලියාවට ගියද සුජීව ගුණරත්නට එම රට වල වෛද්‍ය සේවයේ නිරත වීම සඳහා විභාග සමත් වීමට හැකි වන්නේ නැත. වින්සන්ට් ලංකාතිලක ඔහුට හැකි පමණ සුජීවට උපකාර කලේය. 

මිසිසාගා නගරයට පැමිණි ඔහු ජීවත් වන්නට සෙකියුරිටි රැකියාවක් සොයා ගනී. එහෙත් ඔහු එය තම බිරිඳගෙන් වසන් කරයි. තම සැමියා සෙකියුරිටි රැකියාවක් කරන බව සොයා ගන්නා සුජීව ගුණරත්න ගේ බිරිඳ ඔහුට නිතරම පරිභව කලාය. තවද ඇය බෙස්ට් බයි නම් සමාගමක කළමණාකරුවෙකු සමග ප්‍රසිද්ධියේ අයථා ලෙස හැසිරුනාය. සුජීව ගුණරත්න රාත්‍රී ආරක්‍ෂක මුරය කිරීමට ගිය විට  ඔහුගේ බිරිඳ තම අනියම් සැමියා නිවසටම ගෙන්වා ගැනීමට තරම් නිර්භය වූවාය. වරක් සේවා මුරයෙන් පසු නිවසට ආ සුජීව තම බිරිඳ අනියම් සැමියා සමග එකම සයනයේ නිදනු දැක ඔහු මිසිසාගා නගරය අත් හැර දමා ඕස්ට්‍රේලියාවට ගියේය. එහෙත් ඔහුට ඕස්ට්‍රේලියාවේද වෛද්‍ය යෝග්‍යතා විභාගය අසමත් විය. 

මිතුරන් ගෙන් මුදල් ණයට ඉල්ලා ගනිමින් ඕස්ට්‍රේලියාවේ කරක් ගැසූ සුජීව ගුණරත්න පසුව වින්සන්ට් ලංකාතිලක ගේ මිතුරෙකුට විශාල මුදල් වංචාවක් කොට ලංකාවට පළා ආවේය. සුජීව ගුණරත්න අවසාන කාලයේදී නැවතී සිටියේ මේ මිතුරාගේ නිවසේය.  සුජීව ගුණරත්න මිතුරාගේ මුදල් පමණක් නොව නිවසේ තිබූ ක්‍රිස්ටල් පොකුරු පහන් පවා ඔහු සොරාගෙන පසුව විකුණා ගත්තේය.  

සුජීව ගුණරත්න ගේ බිරිඳ ඔහුව දික්කසාද කළාය. යලි ලංකාවට පැමිණි සුජීව ගුණරත්න මහරගම පිළිකා රෝහලේ සේවය  ඇරඹීය. පිළිකාවක් වැළඳුනු තම මිතුරෙකු  පිළිකා රෝහලේ විශේසඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා සුජීව ගුණරත්න ගෙන් උපකාරයක් ලබා ගැනීම සඳහා  වින්සන්ට් ලංකාතිලක ඔහු හමුවට ගියද වෛද්‍ය සුජීව ගුණරත්න වින්සන්ට් ලංකාතිලක ගේ මිතුරාට කිසිදු උපකාරයක් කලේ නැත. වෛද්‍ය සුජීව ගුණරත්න ගේ කෙලෙහි ගුණ නොසැලකීම ගැන වින්සන්ට් ලංකාතිලක කම්පා නොවීය. ඔහු වෛද්‍ය සුජීව ගුණරත්නව විනිශ්චය නොකලේය. 

වෛද්‍ය සුජීව ගුණරත්න ගේ බිරිඳ ඔහු අත හැරීමෙන් පසු ඔහු වෙනත් කාන්තාවක් සමග විවහා විය . එහෙත් ඇය ඔහුව අත හැර ගියාය​. ඇය සුජීව ගුණරත්නව අත හැර දමන්නේ ඔහු විසින් නිවසේ සේවිකාවට ලිංගික අතවරයක් කිරීමට ගිය අවස්ථාවේදීය​. සුජීව ගුණරත්න යනු කවරෙක්ද ? වින්සන්ට් ලංකාතිලක බොහෝ වේලාවක් කල්පනා කලේය​. ඔහු පරාජිතයෙකි, මිතුරන් ගේ මුදල් වංචා කල සොරෙකි, නිවසේ දුප්පත් සේවිකාවට ලිංගික අතවරයක් කිරීමට ගිය වලත්තයෙකි, මිතුරන් ගේ මුදල් නිසා මහ මඟ සිඟා නොකා කැනඩාවේත් , ඕස්ට්‍රේලියාවේත් යන්තම් දිවි ගැටගසා ගත් එහෙත් මිතුරන්ට ද්‍රෝහීකම් කල ගුණ මකුවෙකි. එහෙත් වින්සන්ට් ලංකාතිලකට වෛද්‍ය සුජීව ගුණරත්නව විනිශ්චය කරනු නොහැකි විය​.

 (පරිකල්පන අතික්‍රමණය​)

Khamis, 30 Mei 2019

බ්ලැස්ෆෙමි නීතිය


පසුගිය කාලයේ කැනඩාවේ PTSD පිලිබඳ ක්‍රියා කරන ආයතනයක් පාකිස්ථාන සරණාගතයෙකු මා වෙත එව්වේ ඔහු පිලිබඳව මානසික තුලනීකරණ පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය මනෝ ප්‍රතිකාර කිරීම සඳහාය.  මේ පුද්ගලයා සමග කතා කිරීමේදී පෙනී ගියේ ඔහු පාකිස්ථානයේ සිටියදී පාපන්දු නිශ්පාදනය කරන කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය අයෙකු බවයි. ඔහු කියූ පරිදි වරක් ලැබුනු ඇණවුමක් මත ඔහු රටවල් ගනනාවක ධජ  නිරූපනය කරන ලද පාපන්දු තොගයක් නිශ්පාදනය කොට තිබේ. මේ පාපන්දු වෙලඳ පොලට නිකුත්‍ කිරීමෙන් පසු එක් මුල්ලා කෙනෙක් මේ පාපන්දු වල ඉරාකයේ ධජය ඇති බවත් එම ධජයේ අල්ලාහු අක්බාර් වචනය තිබෙන බවත් සහ එම ශුද්ධ වචනය පයින් ගසන පා පන්දුවකට යෙදීමෙන් අදාල පුද්ගලයා ඉස්ලාම් ආගමට අපහාස කොට ඇති බවත් පොලිසියට පැමිනිලි කොට ඇත.  පාකිස්ථාන පොලිසිය විසින් බ්ලැස්ෆෙමි නීතිය යටතේ ඔහුව සිර භාරයට ගෙන මාස පහක් සිර ගත කරන ලදි. සිරේදී ඔහුට රැකවලුන් මෙන්ම රැඳවියන් ද පහර දී ඇති අතර ඔහුව වධ බන්දනයටද ලක් කොට ඇත.  

මා මේ කතාව කියන්නේ  කෙටි කතාවක් ලියූ ශක්තික සත් කුමාර ලන්කාවේ බ්ලැස්ෆෙමි නීතිය යටතේ තවමත් රිමාන්ඩ් කොට තිබෙන අවස්ථාවකය.  ආගමික මුල්ලාවරුන් විසින් රටක නීතිය හසුරවයි නම් එවැනි රටවල් තවමත් තියෙන්නේ මධ්‍යතන යුගයේය.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

Selasa, 28 Mei 2019

දුප්පතාගේ කර්මය





……...වින්සන්ට් ලංකාතිලකට සීබට්ව මතක් විය. සීබට් ඔවුන් ගේ නිවසේ සිටි ළමා මෙහෙකරුවෙකු විය. පසුව සීබට් තම ගම් පළාතට ගොස් ගොවිතැන් බත් කරමින් ජීවත් විය එහිදී ඔහු කසාදයක්ද බැඳ ගත්තේය. සීබට්ටත් ඔහුගේ බිරිඳටත් සිටියේ එකම පිරිම දරුවෙකි. එම දරුවා කුඩා කාලයේදී සෙල්ලම් කරමින් සිටියදී ආවරණය නොකරන ලද වගා ලිඳකට වැටී මිය ගියේය. මිය යන විට දරුවාගේ වයස අවුරුදු හතරකි.

තමන් ගේ එකම දරුවා මිය යාම පිලිබඳව සීබට් කම්පා විය. වින්සන්ට් ලංකාතිලකට කල හැකි එකම උපකාරය වූයේ මිනී පෙට්ටියක් මිලදී ගෙන දීම සහ මළගමට උපකාර කිරීමය. වින්සන්ට් ලංකාතිලක සීබට් ගේ දරුවාගේ මළ ගෙදර ගියේ නෙවිල් චන්ද්‍රගුප්ත සමගය.

දරුවාගේ මළගමේ පාංශුකූලය දීමට වැඩම කල භික්‍ෂුව දරුවා පෙර භවයක කල අකුසල කර්මයක් නිසා ඔහුගේ ආයුශ අඩුවී තිබුනු බවත් ගෙන ආ ආයුශ අවසන් වීම නිසා ඔහු මිය ගිය බවත් තීවේය. එය ඇසූ නෙවිල් චන්ද්‍රගුප්ත වින්සන්ට් ලංකාතිලකගේ කනට කර " රෙද්ද තමයි කියා කීවේය. ඉන් පසුව ඔහු වින්සන්ට් ලංකාතිලකගේ කනට කෙඳිරිය.

“ කොල්ලා මැරුනේ දුප්පත්කම නිසා. දේශපාලකයෝ රටේ ධනය හොරකම් කරා. ඒ නිසා නිසි සුභසාදනයක් රටේ සිදු උනේ නෑ. ඒ නිසා තමයි සීබට් ගේ දෙමාපියන්ට සීබට්ව ළමා කාලයේදීම වින්සන්ට් ලා වගේ ධනපතියන් ගේ ගෙදර වැඩකාරකමට යවන්න සිදු උනේ. සීබට්ට උරුම උනේ ගොවිතැන. දුප්පත් කම නිසා සීබට් ගෑණිව උළු පෝරණුවේ වැඩට යැව්වා. ළමයාව බලා ගන්න කවුරුත් හිටියේ නෑ. කොල්ලා බලා ගන්නයි කුඹුරේ වැඩ කරගන්නයි උනේ සීබට්ට. සීබට් කුඹුරේ ඉන්න කොට පොඩි එකා එහෙ මෙහේ දුවන්න ගත්තා. එහෙම දුවන කොට කොල්ලා මේ වතුර වලේ වැටිලා මැරුනේ. මේ ඔක්කොටම හේතුව කර්මය නෙවෙයි දුප්පත්කම. මේ කොල්ලාගේ මරණයත් දේශපාලනයට සම්බන්ධයි.  මේ ඇත්ත කරුණු ගැන කතා කරන්නේ නැතිව හාමුදුරුවෝ කොළුවගේ මරණයේ වරද උගේ පිටටම පටවනවා"

වින්සන්ට් ලංකාතිලක නෙවිල් චන්ද්‍රගුප්ත කියූ කරුණු පිලිබඳව බොහෝ දුරට කල්පනා කලේය. සීබට් ගේ දරුවාගේ මරණය පිලිබඳව ඔහුට යම් ප්‍රමාණයක වරදකාරී හැඟීම් ඇති විය.

Sabtu, 25 Mei 2019

Bismillah Let Me Go

 


They unleashed all the demons of hell on that day 
The extreme carnage beyond human experience 
The religious fanatics who became suicide bombers 
Targeted innocent men women and children
The explosions took many lives instantly
The Easter Sunday mass became a massacre
Blood stained walls and shattered glasses
Reminded the vestibule of hell
The parents lost their precious children
The children lost their parents
In a split second they became orphans
Some families were wiped out entirely
Many survives became disabled
Their lives would never be the same
The pain , torment and agony
Lacerated the human heart
Bismillah who caused this pain ?
Bismillah what did they gain?
Bismillah let me go and find answers

Khamis, 23 Mei 2019

තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කලේද ?


 

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ වෛද්‍යවරයෙකු පිලිබඳව දිවයින පුවත් පත වාර්තා කරයි. මේ පුවත සත්‍යද ? මෙය සිදු විය හැකිද ? 

සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක්ද එල්.ආර්.ටී ඔපරේශන් සිය ගනනක් කොට තිබෙන හිටපු නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මම මගේ අදහස් ස්වෛරීව කියමි. 

සීසර් ශල්‍යකර්මයක් කිරීමේදී හෙදියක් සහ සහායක වෛද්‍යවරයෙකු ගේ සහභාගීත්වය තිබේ. අදාල මව එල්.ආර්.ටී කිරීමට අත්සන් කොට තිබේ නම් එය මතක් කරන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ හෙදියක විසිනි. සමහර විට සහායක ඉන්ටර්න් වෛද්‍යවරයාද එය මතක් කරයි. 

සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල මසන විට එය සහායක වෛද්‍යවරයාගේ සහ හෙදියගේ අවධානයට නිතැතින්ම ලක්  වෙති. සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල ගැට ගැසුවේ නම් ගැටය කැපිය යුත්තේ හෙදිය හෝ සහායක වෛද්‍යවරයාය. එය ඔවුන් ගේ ඇස් වසා කිරීම අපහසුය.  

සීසර් ශල්‍යකර්මයක් තුලදී එල්. ආර්.ටී සඳහා අනුමැතිය දී නොමැති මවක සීසර් ශල්‍යකර්මය තුලදී ඇයගේ පැලෝපීය නාල මැසීම නීති විරෝධී ක්‍රියාවකි. එම නිසා තම වෘත්තිය අණතුරට හෙලා වෛද්‍යවරයෙකු සීසර් ශල්‍යකර්මය තුලදී පැලෝපීය නාල මැසීම කලා යැයි කීම පිලිගැනීමට අමාරුය​. හෙදිය හෝ සහායක වෛද්‍යවරයාට නොපෙනෙන ලෙස පැලෝපීය නාල ගැට ගැසීම ඉතා අපහසු ක්‍රියාවකි. 

පැලෝපීය නාල ගැට නොගසා ක්ලෑම්ප් කිරීම හෙවත් පැලෝපීය නාල අඞුවකින් තද කිරීම මගින් වඳ කල හැකි බව වෛද්‍ය චන්න ජය සුමන ප්‍රකාශ කරයි. වෛද්‍ය චන්න ජයසුමන කියන පරිදි ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීමද ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව ශල්‍ය අඞුව ඉල්ලිය යුත්තේ හෙදිය ගෙනි . හෙදිය දෙන අඞුව පිලිබඳව සවිඥානකය.  ශල්‍යකර්මයේදී භාවිතා කල අඞු ඇය යලි ගනන් කල යුතුය. තවද බොහෝ ශල්‍ය හෙදියෝ සීසර් ශල්‍යකර්මය කරන පියවරවල් දනිති. එසේම ඒ ඒ පියවර සඳහා අවශ්‍ය කෙරෙන අඞු , කතුරු සහ ශල්‍ය සැත් ගැන ඇයට දැනුවත් කමක් තිබේ. ඒ නිසා ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීම සහායක වෛද්‍යවරයා හෝ හෙදිය ගේ ඇස් වසා කිරීම  පහසු ක්‍රියාවක් නොවේ.  මේ හැර ශල්‍යකර්ම 4000 ක දී නිරන්තරයෙන්ම ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කලේ නම් එය හෙදියට හෝ සහාය වෛද්‍යවරයාට නොපෙනෙන හෝ නොදැනෙන සේ කිරීම අසීරුය.  
මෙසේ ජාතිවාදී අදහසකින් සිංහල මව්වරු වඳ කලේ නම් ශල්‍යකර්මය කල වෛද්‍යවරයා , සහායකයා මෙන්ම හෙදියද  ඒ සඳහා සහාය දිය යුතුය.   එහෙත් ශල්‍යාගාරයක මෙසේ රහසින් ආචාර සම්පන්න නොවන වෘත්තීය ක්‍රියා කිරීම ලේසි නොමැත. 

සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් අගතිගාමීව ක්‍රියා කරන බව මම පිලිගනිමි.මා ලංකාවේ සේවය කල කාලයේදී සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් සිදු කල ක්‍රියා කිහිපයක්ද මට මතක් වේ. වරක් මාතලේ මූලික රෝහලේදී මුස්ලිම් ජාතික  නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ළමුන් අට දෙනෙකු ප්‍රසූත කොට තිබූ මුස්ලිම් මාතාවකට එල්. ආර්.ටී නොකර සීසර් ශල්‍යකර්මය අවසන් කලේය. සාමාන්‍යයෙන් ළමුන් හතර පස් දෙනා සිටින මවු වරුන්ට එල්. ආර්.ටී කර ගැනීමට උපදෙස් දෙන ඔහු මෙහිදී නිහඞව සිටියේ මන්ද කියා කුකුසක් මා තුල ඇති විය. තවද වරක් මුස්ලිම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු උදේ හතරට ළමයා ප්‍රසූත කොට සිටි සිංහල මාතාවගේ එපිස් එක හෙවත් ප්‍රසූතය පහසු කරන උදෙසා කරන කැපුම නොමසා උදේ හතට ප්‍රසූතිය කල මුස්ලිම් මාතාවගේ එපිස් එක මුලින්ම මැසීම මාගේ අවධානයට ලක් විය. 

ශ්‍රී ලංකාවේ රෝහල් වල සමහර වෛද්‍යවරු ජාතිවාදීව ක්‍රියා කල සහ තවමත් ක්‍රියා කරන බව නොරහසකි. එහෙත් සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් සීසර් ශල්‍යකර්ම තුලදී වඳ භාවයට පත් කලා යන්න ප්‍රායෝගිකව පිලි ගැනීමට අපහසු කතාවකි. සිංහල සහ මුස්ලිම් වාර්ගික ගැටුම් උණුසුම මධ්‍යයේ මෙවැනි තාර්කික නොවන ප්‍රබන්ධ ප්‍රචාරය කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රචාරය සම කල හැක්කේ ආහාර පාන වලට වඳ පෙති දමා මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කලා කීම වැනි අතාර්කික කතාවකටය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Isnin, 20 Mei 2019

මැදි වයසේ ගැහැණුන් ගේ ආගම් භක්තිය

 
මධ්‍යම වයසේ සමහර ගැහැණුන් ආර්තවහරණයෙන් පසුව එලැඹෙන අාතති අවධිය සහ තම සැමියා දක්වන ලිංගික උදාසීනතාව හෝ ලිංගික බෙලහීනතාව නිසා අසහනයට පත් වෙති. එවැනි ගැහැණුන් තමන් ගේ අවිඥාණික ලිංගික ආශාව සපුරා ගන්නේ පන්සලට හෝ පල්ලියට හේත්තු වීමෙනි. ඔවුන් දුස්සීලයන් ඉදිරියේ වූවද වැඳ වැටෙති. අවිචාරයෙන් තම ආගම අදහති. ඔවුනට ආගමෙන් දෙන ආධ්‍යාත්මික පණිවිඩයට වඩා වටින්නේ තමන් අදහන යතිවරයාගේ පෞරුෂයයි. ඔවුන් ආගම ලෙස ග්‍රහණය කර තමන් අවිඥාණිකව ලිංගිකව ආකර්ශණය වූ යතිවරයාය. (පරිකල්පනික අතික්‍රමණය)

Ahad, 19 Mei 2019

Jumaat, 17 Mei 2019

ශ්‍රී ලාංකික සමාජයට අහිතකර මේ වර්ග හතර හඳුනාගන්න

 
තව්වන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම් ඊබ්‍රාහීම් නානාගේ පුතුන් වැනි කොලඹ ලොකු ඉස්කෝල වලට ගිය ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලද බී.එම් ඩබ්ලිව් වලින් යන රැඩිකල් වූ අයය​. මොවුන්  කුරාණයේ මෙහෙම කිව්වා කියූ පමණින් විචාරයකින් තොරව මරාගෙන මැරී කන්‍යාවන් 72 සොයාගෙන යාමට සැදී පැහැදී ඉන්න ඩයල් වෙති  දෙවන තව්වන් වර්ගය කාත්තන්කුඩි වැනි දුෂ්කර ප්‍රදේශ වල ඉපිද දරිද්‍රතාව නිසා මුස්ලිම් පල්ලියෙන් හාල් ටිකක් මුං ඇට ටිකක් ලබා ගෙන ජීවිතය ගැට ගහ ගත් නූගත් කුරානයෙන් එපිට මෙලෝ Hක් නොදත් මැට්ටන් පිරිසකි. ගෝත්‍රික ගති ඇති මොවුන්ව ෆෝම් කරවා ඕනෑම ජාතිවාදී කෝලාහලයක් ඇරඹිය හැකිය​. 

මහසෝන් අන්තවාදීන් ද දෙවර්ගයකි. එක් වර්ගයක් ඩිලන්ත , ගුණදාස අමරසේකර වර්ගයේ අයය​. ඔවුන් ගේ ළමයි ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේය​. තමන් ගේ ළමයින්ට පී.ආර් , ග්‍ර්‍රීන් කාඩ් ලබා දෙන මොවුන් සුමනපාලගේ දයාවතීගේ ළමයින් ජාතිවාදයෙන් මුසපත් කරවා ගින්නට යවති. දෙවන මහසෝන් වර්ගය දුප්පත්කම හිස දවටාගෙන උපන් අම්මා ඩුබායි ගිය නිසා මවගේ ආදරය අහිමි වූ තාත්තා පිට ගිය නිසා පියාගේ රැකවරණය නොලැබූ හරි හමන් අධ්‍යාපනයක් නොමැති , ජීවිතයේ කිසිම ඇචීව්මන්ට් එකක් ලබා ගැනීමට නොහැකි වූ ආගම ජාතිය යන කොඩිය එසවූ විට ගල් ගැසීමට , ගිනි තැබීමට යන ඇරියස් සහිත මීහරකුන් වෙති. 

මේ සතර වර්ගය ශ්‍රී ලාංකික සමාජයට අහිතකරය   

Isnin, 13 Mei 2019

යකා ගුරුන්නාන්සේලාගේ සමය

 
වී.ඩී ද ලැනරෝල් ගේ පියසිරිගේ පාසැල් සමය පොතේ යකා ගුරුන්නාන්සේ නම් ගුරුවරයෙක් ගැන සඳහන් වේ. ඔහු අසාමාන්‍ය චර්‍යාවක් තිබූ ගුරුවරයෙකි. මධ්‍යම රාත්‍රියේ නුග ගහකට නැඟ හූ තැබීම , පාසල් වල ප්‍රධානීන් සමග ආරෝ කර ගැනීම ඔහු කලේය​. යකා ගුරුන්නාන්සේ  පිලිබඳව කතුවරයා පවසන විස්තර අනුව බොහෝ විට මේ ගුරුවරයා cyclothymic disorder රෝගී තත්වයෙන් පෙලෙන්නට ඇත​. මේ යකා ගුරුන්නාන්සේ 1915 සිංහල මුස්ලිම් කෝලහාලයේදී  කඩුගන්නාවේදී කුළුනක් උඩට නැග කුපිත වූ ජනතාව අමතා යෝනකයන් ගේ කඩුගන්නාවේ කඩ කුඩු කරව් කියා කීවේය​. පසුව බ්‍රිතාන්‍යන් විසින් මාෂල් ලෝ යටතේ යකා ගුරුන්නාන්සේව අත් අඩංගුවට ගෙන මරණීය දණ්ඩනය නියම කරන ලදි. එහෙත් ඔහුගේ මහළු වයස ගැන සලකා පසුව විසි අවුරුදු සිර දඞුවමක් දෙන ලදි. 1915 දී මෙන්ම 2019 දී පැමිණ ඇත්තේ යකා ගුරුන්නාන්සේලාගේ සමයයි.  

Jumaat, 10 Mei 2019

බුර්කාව


බුර්කාවට අපේ අයියලා බිරුවට බොහෝ මුස්ලිම් ගෑණු බුර්කාව අඳින්නේ කැමැත්තෙන් නොවෙයි.
මගේ මුස්ලිම් යාලුවෙක් කිව්වා මූණ සහ කොණ්ඩය පෙන්නගෙන ඉන්න ගෑණු ගණිකාවෝ කියලා නිතරම පල්ලියෙන් දේශනා කරන නිසා ගෑණු බුර්කා දාගන්නවා කියලා.
වරක් මම දන්න ලිබරල් මුස්ලිම් විනිසුරුවරයෙක් ඔහුගේ දියණියගේ පින්තූරයක් ෆේස් බුක් එකේ දැම්මම රෝයල්, සෙන්ට් තෝමස් පාසල් ගිය එංගලන්තයේ ඇමරිකාවේ උපාධි නිම කල මුස්ලිම් තරුණ කොටස් ඇයි සර් දුව  කොණ්ඩය  ආවරණය කර ගෙන නැත්තේ කියලා කොමෙන්ට් දාලා තිබ්බා. රෝයල්, සෙන්ට් තෝමස් පාසල් ගිය එංගලන්තයේ ඇමරිකාවේ උපාධි නිම කල අයත් එහෙම නම් කාත්තන්කුඩියේ නූගත් ජලාල්දීන්ලාගේ  ගේ මට්ටම  තේරුම් ගත හැකියි නේද.

මුහුණ හිසකේ ආවරණය නොකරන කාන්තාව මුස්ලිම් සමාජයෙන් බොහෝ විට කොන් කරනවා , ගර්භාවට ලක් කෙරෙනවා. මේ තත්වය තුල මුස්ලිම් ගෑණුන් ගේ බුර්කා බලෙන් ගලවන්න හදන එවුන් ඒක ආකල්පමය වෙනසක් හරහා  කරන්න බලන්න. බලහත්කාරය මීට පිලිතුරක් නොවේ.


Khamis, 9 Mei 2019

වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්




වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්  නම් කෘතිය පුද්ගලික අත්දැකීම් සමුදායක් මෙන්ම අගනා සමාජ  විවරණයක්ද වෙයි. ඔහුගේ අත්දැකීම් පරාසය ඉතා පුළුල්‍ ය​. එය අන්තර්ජාතික පථයක් දක්වා විහිදී යයි.  ලෝකයේ විවිධ ජාතීන් සමග ඔහු විසින් ගොඩ නගා ගන්නා ලද සබඳතා ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව පිලිබඳව අපව දැණුවත් කරයි.

මෙම පොතේ ඔහුගේ කුඩා කාලයේ , පාසල් සමයේ , වෛද්‍ය පීඨයේ මෙන්ම වෘත්තීය ජීවිතයේද ලැබූ අත් දැකීම් සඳහන් වෙයි.  මනුෂ්‍ය සන්තානයේ ඇති සියළුම රසයන් උද්දීපනය කෙරෙන මෙම වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්  නම්  කෘතිය  ඕනෑම තරාතිරමක අයෙකුට කියවා රස විඳිය හැකි  පොතකි.

විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා

Isnin, 6 Mei 2019

අන්තවාදීන් අපේ ලෝකය සදහටම විනාශ කරලාද​?

හමීඩ් , ෂාරාස් , හිල්මි උඹලා අපේ එල බුවාලා
මතකද  අපි පිට්ටනියේ ක්‍රිකට් ගැහුවේ එකට
වෙසක් එකට දන්සැල් බැස්සේ එකට
ලේන් එකේ වලි වලදී එන්ටර් උනේ එකට

ඒකාලේ උඹලාට තම්බියෝ කියලා කතා කලෙත්
හද පතුලෙන්ම ආපු සෙනෙහසින්
අපි අතරේ කිසි වෙනසක් තිබුනේ නෑ
කොන කපපු එකට විහිළු කලත්
උඹලා අපිත් එක්ක කෝප ගත්තේ නෑ

උඹලා ප්‍රියානි ඇන්ටිගේ දුවලා එක්ක
මල් කඩන කොට සපෝට් කලේ අපි
උඹලා වටලප්පම් ගේන කොට
ඒවා උදුරාගෙන කෑවේ අපි
ගෙවල් වලට හොරෙන්
එක සිගරට් එක බෙදාගෙන  
 බිව්වෙත් එකට අපි
එකට වල බැස්සෙත් අපි

ඒත් එක පාරටම උඹලා වෙනස් උනා
අපිත් එක්ක ගනු දෙනු අඩු කළා
ඇගනිස්ථානයෙන් ,පකිස්ථානයෙන්
කාත්තන්කුඩියෙන් ආපු මුල්ලලා එක්ක
උඹලා කුටු කුටු ගාන්න ගත්තා 

වෙනදා ඩෙනිම ගහලා ටී ෂර්ට් එක දාලා
එන්ටර් වෙච්ච උඹලා ලෝගු අඳින්න ගත්තා
දිග රැවුල් වවාගෙන අරාබි ඔටුවන් වෙන්න ගත්තා
අපිත් එක්ක කතා කලෙත් හරි කලාතුරකින්
අපිව ආගන්තුකයන් වගේ සලකන්න ගත්තා 
වෙනදා එක ප්ලේන් ටී එක බෙදාගෙන ගහපු උඹලා
අපි එක්ක ගනු දෙනු අහවර කලා

මුස්ලිම් අන්තවාදීන් බෝම්බ පුපුරුවන කොට
උඹලා නිහඞව බලාගෙන සිටියා
උඹලාට අපිව දැන් පේන්නේ කෆීර්ලා වගේද ?
අන්තවාදීන් අල්ලාහු අක්බාර් කියාගෙන
අපේ බෙලි කපන්න ආවොත් උඹලා අපිව බේරගනීද ?
ඇත්ත කියපං මචං හිතට වාවන්නේ නෑ
උඹලා උන් එක්ක එකතු වෙලා අපිට ගේම දෙයිද ? 

ඉස්සර කොටි ගහන කොට
අපිත් එක්ක එකට හිටපු උඹලා
අපෙන් ගේම ඉල්ලන්න
සෙට් උනේ කොහොමද ?

අපේ එවුන් අළුත්ගම දිගන
උඹලට කේස් අදින කොට
අපිට උඹලාගේ වේදනාව දැනුනා
මුස්ලිම් කඩ වර්ජනය කරපං කිව්වට
අපි හැමදාම බඩු ගත්තේ නානාගේ කඩෙන් 

ඇයි මචං අපිට ඒ කාලේ වගේ ඉන්න බැරි
ෆුල් ආතල් එකේ විහිළු කරගෙන
එක එළවලු රොටිය බෙදාගෙන කාලා
දැන් වගේ බයක් සැකයක් නැතිව
කියපං මචංලා ආපහු ඒවගේ කාලයක් එයිද ? 
නැතිනම්  අන්තවාදීන් අපේ ලෝකය සදහටම විනාශ කරලාද​?






Ahad, 5 Mei 2019

සර්වබලධාරී මහා කාරුණික මිකී මවුස් දෙවියන්


විශ්වය මවන ලද්දේ සර්වබලධාරී  මිකී මවුස් දෙවියන් වෙති. මිකී මවුස් දෙවියන් මහා කාරුණිකයාය​. මිකී මවුස් දෙවියන් අදහන්නෝ ස්වර්ගයට යති. මිකී මවුස් දෙවියන් නොඅදහන්නෝ  සදාකාලික නිරයට කැප වෙති. මිකී මවුස් දෙවියන් නොඅහදන අයෙකුගේ බෙල්ල කැපීමෙන් ඔබට ස්වර්ග සැප සම්පත් ලැබේ. 

ඔබට මිකී මවුස් දෙවියන් ගේ පිහිටයි.

Find Us On Facebook