වෛද්‍ය
රුවන් එම් ජයතුංග විසින් ලියන ලද වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් නම් කෘතිය පුද්ගලික අත්දැකීම් සමුදායක් මෙන්ම
අගනා සමාජ විවරණයක්ද වෙයි. ඔහුගේ
අත්දැකීම් පරාසය ඉතා පුළුල් ය. එය අන්තර්ජාතික පථයක් දක්වා විහිදී යයි. ලෝකයේ විවිධ ජාතීන් සමග ඔහු විසින් ගොඩ නගා
ගන්නා ලද සබඳතා ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව පිලිබඳව අපව දැණුවත් කරයි.
මෙම
පොතේ ඔහුගේ කුඩා කාලයේ , පාසල් සමයේ , වෛද්‍ය පීඨයේ මෙන්ම වෘත්තීය ජීවිතයේද ලැබූ
අත් දැකීම් සඳහන් වෙයි. මනුෂ්‍ය සන්තානයේ
ඇති සියළුම රසයන් උද්දීපනය කෙරෙන මෙම වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් නම්
කෘතිය ඕනෑම තරාතිරමක අයෙකුට කියවා
රස විඳිය හැකි පොතකි.
විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න
ඈපා

ගන්න පුළුවන් කොහෙන්ද ප්‍රකාශක කව්ද
BalasPadamGodage Publishers
BalasPadam