වී.ඩී ද ලැනරෝල් ගේ පියසිරිගේ පාසැල් සමය පොතේ යකා ගුරුන්නාන්සේ නම් ගුරුවරයෙක් ගැන සඳහන් වේ. ඔහු අසාමාන්‍ය චර්‍යාවක් තිබූ ගුරුවරයෙකි. මධ්‍යම රාත්‍රියේ නුග ගහකට නැඟ හූ තැබීම , පාසල් වල ප්‍රධානීන් සමග ආරෝ කර ගැනීම ඔහු කලේය. යකා ගුරුන්නාන්සේ පිලිබඳව කතුවරයා පවසන විස්තර අනුව බොහෝ විට මේ ගුරුවරයා cyclothymic disorder රෝගී තත්වයෙන් පෙලෙන්නට ඇත. මේ යකා ගුරුන්නාන්සේ 1915 සිංහල මුස්ලිම් කෝලහාලයේදී කඩුගන්නාවේදී කුළුනක් උඩට නැග කුපිත වූ ජනතාව අමතා යෝනකයන් ගේ කඩුගන්නාවේ කඩ කුඩු කරව් කියා කීවේය. පසුව බ්‍රිතාන්‍යන් විසින් මාෂල් ලෝ යටතේ යකා ගුරුන්නාන්සේව අත් අඩංගුවට ගෙන මරණීය දණ්ඩනය නියම කරන ලදි. එහෙත් ඔහුගේ මහළු වයස ගැන සලකා පසුව විසි අවුරුදු සිර දඞුවමක් දෙන ලදි. 1915 දී මෙන්ම 2019 දී පැමිණ ඇත්තේ යකා ගුරුන්නාන්සේලාගේ සමයයි.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments