Rabu, 30 Ogos 2017

පෝයට කඩවල් වහපියව්

 

"ධනපාල අයියා මොකද දාහට අරගෙන සීයට දීලා වගේ ?

"සීයට නෙවෙයි විසි පහට දෙන්ඩ තමයි දැන් වෙලා තියෙන්නේ"

"ඒ මොකද ධනපාල අයියා ?

" බලපං මල්ලී මේ කදුරුවෙල  හාමුදුරුවෝ ලියුමක් එවලා පෝය දවස් වලට කඩ වහන්ඩ කියලා. මේ බලපං ලියුම​ "

" ඒක මාර කේස් එකක් නේ එයා කොහොමද එහෙම නියෝග දෙන්නේ . කෝ බලමු ලියුම​"

"ඒක තමයි මල්ලි අපි යන්තම් බිස්නස් එකක් කරගෙන ඔළුව උස්සන්ඩ හැදුවා විතරයි පෝයට කඩ වහන්ඩලු. දවසක් කඩේ වැහුවොත් සෑහෙන පාඩුයි. අපි එදිනෙදා රෝල දාගෙනනේ මේ ඔක්කොම කරන්නේ. මෙහෙම ගියොත් ලයිට් බිල ගෙවන්ඩත් පරක්කු වෙලා දඩයකුත් වදී"

" ඔන්න ඔහේ උන්ට බම්බු ගහ ගන්ඩ කියලා කඩේ ඇරලා තියන්ඩ ධනපාල අයියා "

"එහෙම කොහොමද කරන්නේ මල්ලි. මේ ලියුමේ තියෙන්නේ අවසාන නිවේදනය කියලා. අර සංදීප කඩේ පෝයට ඇරලා තිබිලා හාමුදුරුවෝ මැරයෝ දම්මලා කඩේ බෝඩ් එක කුඩු කරා. මේ බෝඩ් එකට ගලක් ගැහුවොත් අළුතෙන් බෝඩ් එකක් දාන්ඩ සල්ලිත් නෑ"

" යකෝ මේ සිවුරුකාරයන්ටම ගිය රටනේ. මූ තලිබාන් පකෙක් වගේ අවසාන නිවේදනය කියලා එවලා තියෙන්නේ. මේක පැහැදිලිවම තර්ජනයක් නේ " මං කියන්නං ධනපාල අයියා මතු ආරක්‍ෂාවට කියලා පොලිසියේ එන්ට්‍රියක් දාලා කඩේ ඇරලා තියන්ඩ​. මොකක් හරි කේස් එකක් කලොත් පැමිනිල්ලක් දාන්ඩ"

" වැඩක් නෑ මල්ලී. ඕ.අයි.සී කාරයත් හාමුදුරුවන් ගේ පැත්තේ. මෑනුත් හාමුදුරුවන්ට වැඳගෙන ශේප් එකේ ඉන්නේ. අපි පැමිණිලි කලා කියලා මොකවත් වෙන්නෙත් නෑ . ඊට පස්සේ හාමුදුරුවෝ ඔය කොල්ලෙක්ට කියලා රෑපානෙ කඩේට පෙට්‍රල් බෝම්බයක් ගැස්සුවොත් අපිට කෙල වෙලාම යනවා. මොකද කඩේට ඉන්සුවරන්ස් එකක් වත් තියන එකක් යැ" 

" මේක මහ අසාධාරණ වැඩක් නේ ධනපාල අයියේ. මේක අර අසූ අටේ ජේවීපී කාරයෝ තුංඩු එව්ව වගේ වැඩක් නේ. මේ එදා වේල කන්ඩ නැති එවුංව බල්ලෝ බලල්ලු වගේ පන්සල් වලට ගෙනත් දානවා. උං  පිං බත් කාලා උස් මහත් වෙලා සිවුරු දාගෙන අපිට තග දාගෙන එනවා. යකෝ මේක බුද්ධාගම රකින්නද ? මොකද බුදු හාමුදුරුවෝ කියලා තියනවද පෝයට කඩ වහන්න කියලා. බාර් නං කමක් නෑ කියමු. මේ මිනිසුන්ට හාල් ටිකක් , එළවළු ටිකක් , පාං ගෙඩියක් ගන්න තියන කඩේ. මේක වහලා මොකද ඌ රහත් වෙන්නද හදන්නෙ?

"මම දන්නෙ නෑ මල්ලී. ඔය තමන් ගේ බලය පෙන්නන්ඩ කරන වැඩ නේ. හරි හමං ධර්මයක් රකිනව නං ඔය කඩවල් පස්සේ පන්නන්නේ නෑනෙ.  රකින සීලයක් රැකගෙන ඉන්නව මිසක් "

" අනේ ඕකුංගෙ සීලේ ධනපාල අයියේ. මුන්ට පන්සිල්වත් නෑ. මුං සිවුරට මුවා වෙලා අන්තවාදෙ වපුරනවා. අර කොතලාවල මහත්තයා කිව්වා වගේ ඕකුං ගේ පුකේ තාර ගාලා පයින් පාරක් දෙන්ඩ ඕනෙ "

" අනේ මං දන්නේ නෑ මල්ලී. අපි ගිරයට හව් වෙච්ච පුවක් ගෙඩිය වගේ "

" ධනපාල අයියා රටේ නීතියක් කියලා දෙයක් තියනවා. මෙහෙම ලියුම් වලින් බලපෑම් කරන්න බලහත්කාරකම් කරන්න බෑ. මේක සාපරාධී බියගැන්වීමක්. බලහත්කාරයක්. ධනපාල අයියා අනික් මුදලාලිලත් එක්ක කතා කරගෙන මේකට පියවරක් ගන්ඩ​. මෙහෙම ඔළුව පාත් කරගෙන හිටියොත් මුං ඊලඟ සැරේ පෝයට පන්සල් ආවේ නෑ කියලා ගෙවල් වලට පැනලා ඔළුවට පොල්ලෙනුත් ගහලා යයි " 

" එහෙමත් කරන්ඩ බැරි නෑ මල්ලියෙ මෙහෙම යනකොට. පිංකමක් කියලා මාසෙට සැරයක් දෙසරයක්  සම්මාදම් පත්තරයක් එවනවා කව්‍රු හරි රස්තියාදුකාරයෙක් අතේ. ඒකට අනිවාර්‍යෙන්ම ගානක් දෙන්ඩ ඕනෙ. නොදුන්නොත් ප්‍රශ්න. රුපියලක් හොයන්ඩ අපි කොච්චර මහන්සි වෙනවද ? 

" ඕවා ධනපාල අයියලාගෙම වැරදි. දෙමලට තම්බියට මුං තග දානකොට ඒවට අප්පුඩි ගැහුවා. දැන් උං අපිටත් අරින්ඩ පටං ගෙන. නියපොත්තෙන් කඩන්ඩ තිබ්බ ඒවා කැඩුවේ නෑ. දැං පොරෝ පාරවල්  දෙන්ඩ වෙලා. මම දිඹුලාගල හාමුදුරුවෝ එක්ක වැඩ කරලා තියනවා. දිඹුලාගල හාමුදුරුවෝ කවදාවත් මේ වගේ පීචං වැඩ කලේ නෑ " 

" මම දන්නේ නෑ මල්ලි මේවට කොහොම මූන දෙන්ඩද කියලා. වෙළඳ සංගමේ ගන්න තීරණය බලමුකෝ. මල්ලිට මොනාද ඕනේ ? 

" මට කිරි පිටි පැකට් එකයි , පාං ගෙඩි දෙකයි , පොල් තෙල් බෝතලයයි.. තව සැමන් ටින් එකකකුත් දෙන්ඩකො.  බඩු ටික දාලා තියන්ඩ මම සයිකලේට පැච් එකක් දාගෙන එන්නං. ඔය ලියුමට නං මොනව හරි කරන්ඩ ධනපාල අයියේ බය වෙන්ඩ එපා " 

" හරි මල්ලි බලමුකො එන විදිහ "

28 ulasan:

  1. ලංකාවේ සමාජයටත් මොකක්දෝ විනාශයක් වේගෙන එනවා වාගෙයි මට පෙන්නේ. මධ්‍යතන යුගයේදී යුරෝපය පුරා බලය පැතිරවූ ආගමික නායකයෝ, එහෙමත් නැත්තනම් පුජක වරු, දෙවියන්ගේ නාමයෙන් යැයි කියමින් වැසියන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම පැවැතුමක්ම පාලනය කිරීමට තරම් බලසම්පන්න වූහ . දැන් අපේ රටේත් එවැනි දෙයක් සිදුවනවා වත්දෝ කියා සිතෙන්නේ බෞද්ධ භික්ෂුන් හා කතෝලික පියවරුන් ජන ජීවිතයේ කටයුතු, වෙනත් වචන වලින් කියනවානම් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත රටා වලට බලපාන දේවල් වලට අනිසි ලෙස මැදිහත් වීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බැවිනි. ඉදිරියට යනවා වෙනුවට නැවතත් ගල් යුගයට යමින් සිටින අපේ සමාජයේ කිසිවෙකු මේවාට විරුද්ධව කථා කරනවා දැකිය නොහැකි අතර, ඔවුහු කීකරු වහලුන් මෙන් පුජකයන් කියන දේ කරති, විශ්වාශ කරති. පොළොන්නරුවේ "රිලෝඩ්" වෙලෙන්දාට නම් මේ අධි පාලන මානසිකත්වයට විරුධව නැගී සිටින්නට පිට කොන්දක් හා ධ්‍යෛර්යයක් තිබෙනවා දැකීම සතුටට කරුණකි. මා නම් කියන්නේ මෙවැනි අසම්මත නියෝග වලට එරෙහිව සියලුම වෙළඳ සංගම් එකා මෙන් නැගී සිටිය යුතු බවය. පූජක ත්‍රස්තවාදය පිටු නොදැක පුනර්ජීවන සමාජයක් ගැන සිතන්නට අපට කිසි දාක හැකි වන්නේ නැත.

    BalasPadam
    Balasan
    1. පූජක ත්‍රස්තවාදය පිටුදකිමු

      Padam
  2. අන්තවාදී හාමුදුරුවරු රටටම පිළිලයක්. සමාජය විනාශ මුඛයට ඇදලා දන්නේ මුස්ලිම් මිනිස්සුවත් දෙමල මිනිස්සුවත් නොවෙයි. මහ ලොකුවට බුද්ධාගම රට ජාතිය බේරගන්න කියල ආපු සිවුරු පොරවන් ඉන්න අබෞද්ධ හාමුදුරුවරු. අන්තවාදී මුස්ලිම් සංවිධාන සහ නාමික බෞද්ධ බොදු සේනාවල ඇත්තේ එකම ප්‍රතිපත්තියකි. මේ අන්තවාදී හාමුදුරුවෝ 100 % නුගත් පිරිසකි. මේ මහ ලොකුවට සින්හලයව බේරගන්න ඕන කියන සිවුරු පෙරවගත් අය උතුරු නැගෙනහිර යුද්ධය පවතී තිස් වසරකට අධික කාලය තුල හිටියේ පුකේ නැට්ට ගහගෙන. දැන් එනවා බොරු වීරයෝ වෙන්න.තමන්ගේ පටු කුහක දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමට මේවගේ අන්තවාදී කල්ලි බිහි කරන්න ඉතින් කෙලින්ම දායක උනේ මහින්ද රාජපක්ෂ සහ ගොටභය රාජපක්ෂලා.

    BalasPadam
    Balasan
    1. මේ අන්තවාදී හාමුදුරුවෝ 100 % නුගත් පිරිසකි./////// athha

      Padam
  3. කඩ වහන්නටයි කියා තර්ජනය කරමින් ජේවීපී භීෂණය කාලේ කුඩහපොළ බලකාය වැනි සංවිධාන ලිපි එවා අණ නොතැකූ අයව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් ජේවීපී බළල් අත ලවා මරා දැමූ කාලය සිහිවෙනවා නේද?

    මා ලියූ ලිපිය මෙන්න.


    රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil
    http://rasikalogy.blogspot.com/2017/08/axis-of-evil.html

    BalasPadam
    Balasan
    1. මේ කදුරුවෙල බලකාය

      Padam
  4. මේ ගැන වල්පල් බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දාල තිබුණා. කියන්න තියෙන්නේ ඉතිං ටෞකන්ඩ කියලා තමයි.

    BalasPadam
  5. ටහිකේ....... හාමුදුරුවන්ට ගිය රට

    BalasPadam
    Balasan
    1. සිවුරුකාරයන්ටම ගිය රට

      Padam
  6. ධර්මය අවබෝධය ලබා දීමට අපිට හැකියාවක් නැහැ ඒක නිසා කඩ වසා වහා නිවන් යනු.

    BalasPadam
  7. මේ පැත්තෙත් ටික කාලෙකට කලින් පෝයට කඩ වහන සීන් එක තිබුණ. වෙසක් දවසක කඩ වහන්න කියල තර්ජනය කරල ගිය එකෙක්නං වැඩි දවසක් යන්න ඉස්සර මිනිහ එලෝගෙන ගිය ත්‍රීවීල් එක පෙරළිලා නිවං ගියා.

    BalasPadam
  8. හොඳම කියමන මේ ටික ඩොක්ට..!!

    \\..ඕවා ධනපාල අයියලාගෙම වැරදි. දෙමලට තම්බියට මුං තග දානකොට ඒවට අප්පුඩි ගැහුවා. දැන් උං අපිටත් අරින්ඩ පටං ගෙන. නියපොත්තෙන් කඩන්ඩ තිබ්බ ඒවා කැඩුවේ නෑ. දැං පොරෝ පාරවල් දෙන්ඩ වෙලා. ..//

    අනික අනික පෝයට බාර් වැහුව කියල ලංකාවේ ඇවුන් නොබී ඉන්නවද? එදාට තමයි ලංකාවේ ඔරිජිනල් අරක්කු තුන් හතර ගුණයක් වැඩි මිලට වැඩියෙන්ම විකිනෙන්නෙත් කසිප්පු වැඩියෙන්ම විකිනෙන්නෙත්.

    සාමාන්‍යයෙන් සංවර්දිත රටවල රජයේ හෝ බැංකු නිවාඩු වල තමයි මිනිස්සු වැඩියෙන්ම වෙළඳාම් කරන්නෙ.

    අනික ඩොක්ට, මේ රටවල හැම ආගමකම ජාතියකම මිනිස්සු ලංකාවේ වගේ ලක්ෂ ගණන් වලින් නෙමෙයි මිලියන ගණන් වලින් ජීවත් උනත් එක එක යොන්ට උවමනා විදිහට නිවාඩු නැහැ. තියෙන නිවාඩුවට ගෙදර හිටපන්, එහෙම නැතිනම් ඇවිල්ල වැඩ කරල ඩබල් පේ එකක් ගනිං. එච්චරයි. අනික ක්‍රිස්මස් කියල බාර් වහනවද? සමහරක් ලිකර් ෂොප් 24/7. මෙහේ වෙන්නෙ ආගමට ඕන විදිහට නෙමෙයි රටේ නීති රීති හැදෙන්නෙ.

    දොස්තර මහත්තයෝ..!! ලංකාවේ ඉතිං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරන්නෙත් අස්ගිරියෙන් නේ හිටං..!!

    අල වගේද ගෝව හෑ..!! 🙈🙈🙈

    BalasPadam
  9. Balasan
    1. එහෙම ඕකේ කියල හරියනවද මං අහන්නේ. මම හිතුවේ රුවන් කඩවල් වහන්න කියන්නේ මොකක් හරි හේතුවක් ඇතිව. අම්මප ඇත්තටම් මේ හාමුදුරුවරුන්ට , කතෝලික පුජක පෙලන්තියට, මුස්ලිම් ෂරිය කට්ට්ටියට වැඩක් නැත්ද ඇත්තටම හැම සේද්දටම ඇඟිලි ගහන්නේ. ඔන් ඔය වෙලාවට තමයි හිතෙන්නේ අර ස්ටාලින් වගේ වෙන්න.

      Padam
    2. ආගම රාජ්‍යයෙන් වෙන් විය යුතුයි

      Padam
  10. පූජ්‍ය ප්‍රචන්ඩත්වය

    BalasPadam
    Balasan
    1. පූජ්‍ය ත්‍රස්තවාදය

      Padam
  11. මේක අර අසූ අටේ ජේවීපී කාරයෝ තුංඩු එව්ව වගේ වැඩක් නේ.

    BalasPadam
  12. මට තේරුම් ගන්න බැරි දේ තමයි පසලොස්වක පෝයදාට කඩ වැහුවම මුදලාලිට සහ පාරිභෝගිකයන්ට නිවන් යන්න පුලුවන්ද කියල.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook