Isnin, 14 Ogos 2017

අන්තරේ පොෂ් වෙලා

ඔන්න අපි කතාවෙන් කතාවෙන් කොළඹ විශ්ව විද්‍යාලයටත් ආවා , අර බලන්න ආර්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් වල ලොකු , ඒ කාලේ වගේ ආර්ට් ෆැකල්ටි එකේ ළමයි පොලු , පිහි අරගෙන මරා ගන්නේ නැහැ , බලන්න ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ඩිසයිනර් , මේ අය ඉංග්‍රීසි විතරක් නෙවෙයි ෆ්‍රෙන්ච් පවා දන්නවා , හැමෝටම පොඩි කාර් එකක් මෝටර් සයිකල් එකක් තියනවා , ළමයින්ගේ අධ්‍යාපනයට ඇඳුම් වලට , වාහනයට ඔක්කොම මහපොළ ග්‍රාන්ට් එක ඇති. මදි උනොත් එඩියුකේෂන් බෑන්ක් ලෝන් එකක් අඩු පොලියට මහජන බැංකුවෙන් ගන්න පුළුවන් .

මේ විශ්ව විද්‍යාල වල ළමයින්ට අඩු මුදලකට කන්න පුළුවන් ෆුඩ් කෝට් තියනවා. විදේශ සිසුන් පවා ඉගන ගන්න එන නිසා ජපන්, තායි , ඉන්දියන් , මෙක්සිකන් කෑම හිටන් තියනවා . බලන්නකෝ හරියට පිටරට විශ්ව විද්‍යාලයක් වගේ නේද ? පේරාදෙණිය , කැලණිය උනත් මෙහෙමයි. මාලක සිල්වා මැතිතුමා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් , ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාල ආකෘති තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක කළේ. අලුතින් ගහපු බිල්ඩින් පවා ඒ මොඩ්ල් එකේ. දැන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් පවා විදේශ සිසුන් එනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න. ඒ තරමට අපේ අධ්‍යාපනය ලෝකේ ඩිමාන්ඩ්.

එතකොට අන්තරේ ඒවාට විරුද්ද උනේ නැද්ද ?

හොක්... හොක් ...හොක් ..අන්තරේ නේද ? බලන්න පුතා අර බී එම් ඩබ්ලිව් එකේ ඇවිත් බැහැපු ටයි එකක් දාගත්ත පොෂ් කොල්ලා බස බස ගලා ඉංග්‍රීසියෙන් දේශීය විදේශීය සරසවි සිසුන්ට කථා කරන හැටි. ඊයේ කැන්ටිමේ දුන්න මෙක්සිකන් ෆුඩ් වල ලුණු ටිකක් මදි වෙලා , ඒකට විරෝධය පළ කරනවා . එයා තමයි අන්තරේ කැඳවුම්කරු.

වෙන්න බැහැ , ඒ කාලේ හිටියේ හිඟන ලුක් එක තියන, කෙට්ටු , කළු මුනේ සිරියාවක් නැති ක්‍රෝධය , හීනමානය ඔළුවට ගහපු , යටි ගිරියෙන් කෑ ගහන .........

හරි හරි සමාජය වෙනස් වෙනවා .... දැන් ඉන්නේ පොෂ් කොල්ලෝ සෙට් එකක් , විරෝධතාව පළ කරන්නේ මහා පාරවල් බ්ලොක් කරලා මිනිසුන්ට යන එනමං නැති කරලා සිසුන්ගේ අධ්‍යාපන අනාගතය අනාථ කරලා නෙවෙයි. දැන් බලන්න සිසු නියෝජිතයෝ ටිකක් තව ටිකකින් ඩීන් හමුවෙලා පෙටිෂන් එක භාර දෙයි. හවස් වෙනකොට ප්‍රශ්නය ඩීන් විසඳලා. දැන් ඉන්න උසස් අධ්‍යාපන ඇමති හරිම නම්‍යශීලි කෙනෙක්, ශිෂ්‍ය සංවිධාන සමග හරිම එකතුයි.

(ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය)

17 ulasan:

  1. නරක හීන පෙනෙනවානම් තෙරුවන් සිහිකරලා නිදාගන්න කියලා අපේ ආච්චිඅම්මා ඉස්සර කියනවා :)

    BalasPadam
    Balasan
    1. අපේ ආච්චි කිව්වේ පන්සිල් අරගෙන ඉතිපිසෝ ගාථාවත් කියල නිදාගන්න කියල.

      Padam
  2. කෝ මේ අන්තරේ සෙට් එක මෙන්න මැන්ටල් දොස්තර උඹලට ගොම ගහනවෝ දැන් උස්සපිය රෙද්ද ! ඉතින් උඹලා නිදිද

    BalasPadam
    Balasan
    1. අන්තරේ එකා බී.එම්ඩබ්ලිව් එකෙන් එනව කිව්වම කොහොමද බල්ලො ගොම ගානවා වෙන්නෙ

      Padam
  3. #මාලක සිල්වා ෆො 2020

    BalasPadam
  4. තාත්ති අපේ කොමෙන්ට් මකන්නේ ඇයි?

    BalasPadam
    Balasan
    1. ඒක තොගෙ මහ එකාගෙන් අහපිය

      Padam
  5. අනේ මන්ද උසස් අධ්‍යාපනය නොමිලයේ ලබාදීමත් ගැටලුවක්. ඒත් එහෙම නොමිලයේ ලබා නොදුන්නත් එකත් ගැටළුවක්. ලංකාවේ මෝඩයෝ පිරිසක් බිහිවෙනවා. අනාගතයේ නම් ඔය කියපු දේවල් වලින් කොටසක් හරි සත්‍ය වෙයි. රුවන් අද සමහර කමෙන්ට්ස් වලට දැඩි වාග් ප්‍රහාර එල්ල කරලා වගෙයි. ගණන් ගන්න එපා. ඕන කෙනෙක්ට ඕන කමෙන්ට් එකක් ලියන්න නිදහස දෙන්න , කුණු හරුප හැරෙන්න. ඒවගේම Anonymous කෙනෙක් ලෙස කමෙන්ට්ස් එක කිරීම අවහිර කරන්න.

    BalasPadam
    Balasan
    1. තද වෙලා නෙවෙයි මෝඩ කතා කියන නිසා කිව්වා

      Padam
  6. Anonymous ලෙස පැමිණිලා බාල විදිහට කෙමෙන්ට්ස් එක්ක කරන අය රුවන් සමග තදබල ඉර්ශියවකින් පෙලෙන බවනම් පේනවා. එක්කෝ තදබල හීනමනයකින් පෙළෙනවා. බොහෝවිට මේ අය ලංකාවේ වෛද්‍යවරු බවට අනුමානය කල හැකියි. රුවන් බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ.

    BalasPadam
    Balasan
    1. තමන් ගේ නියම නමින් ඒමට බිය නිවටයන් සමග වාද නොකරන්න

      Padam
  7. අම්මට සිරි ලංකාවෙද? නැත්තම් ලංකාවෙද?

    BalasPadam
    Balasan
    1. නෑ කැනඩාවේ සුගතිය ගැන මනා ව පැහැදිලි කිරමක් ඒකාලේ වෙනකොට අන්තරේ උන් එහෙ ගිහිල්ලා ...මාරම මාරයි

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook