Isnin, 28 Ogos 2017

රැකියාව අයිතියක් ?


රැකියාව අයිතියක් නම් රැකියාවට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීමද වැදගත් වෙයි. උපාධියක් තිබෙන නමුත් කිසිම සොෆ්ට් ස්කිල්ස් නොමැත​. උපාධි පාඨමාලා නවීනත්වයට නොගැලපෙන යල් පැනපු ඒවාය​. මෙවැනි පින් රැකියා දීම මගින් ආර්ථික වර්ධනයක් වෙයිද ? 





8 ulasan:

  1. මරු..!! නිදහස් අද්‍යාපනය අවුරුදු 13ක් අරං තව 3කට නිදහස් උසස් අද්‍යාපනයට යනව. එතනත් උද්ගෝෂණ පිකටිං කරල 3න 6ය කරගෙන වැද්දො වගේ එලියට එනව. නිකං රජයේ රස්සා ඉල්ලන අට්ටාල ගානෙ පාරවල් ගානෙ තව අවුරුදු දෙකක් විතර කාලකන්ණි වෙනව. කොහොමහරි දේශපාලන කණ්ඩායමකට කඩේ ගිහිං උපාදිදාරී කම්කරුවෙක් හරි වෙලා රජයෙන් නිකං කන බත් බැලයෙක් වෙලා එතනත් විශ්‍රාම යනකං අර දීමනා මේ දීමනා අර පක්ෂෙට මේ පක්ෂෙට බෙදල බෙදිල උද්ගෝෂණ පිකටිං කරනව. විශ්‍රාම ගිහිල්ලත් මැරෙනකන් මැරිල තව ටික කාලයක් යනකං ගෑනිගේ ඉඳල ළමයට යනකන් විශ්‍රාම වැටුප ලැබෙනව.

    ඔව් ඩොක්ට. රැකියාව අයිතියක් තමයි. අද්යාපනයේ ඉඳල විශ්‍රාම යනකං පාරෙ රස්තියාදු ගහන මුන්ට කොහෙද සොෆ්ට් ස්කිල්?

    සොෆ්ට් ස්කිල් කෙසේ වෙතත් හොඳම වැඩේ කියන්නෙ මුන්ට තේ අල්ලන රජයේ ස්ථිර රැකියා කරන කොටසකුත් ඉන්නව කියන එකනෙ..?? අවුලක් නැහැ. තවත් පිට රටවලින් හිඟා කාල වරායවල් ගුවන් තොටු පොළවල් බිල්ඩින් ටිකක් ගහල මුන්ට පත්වීම් දුන්නහම හරි.

    👊🏽

    BalasPadam
    Balasan
    1. මුන්ට තියන සොෆ්ට් ස්කිල් තමයි කැට හොල්ලන එක

      Padam
  2. පිනට ඉගෙන ගෙන, පිනට රැකියා ලබලා, රටට ජාතියට සත පහක වැඩක් නොකර ජීවිතේම පිනට කාලා විශ්‍රාමික වයසෙත් පිනට කාලා මැරිල යන්න මුන්ට තියෙනවා
    අයිතියක් !

    එහෙම කාලකන්නීන්ට පිනට කන්න හම්බ කරන තුට්ටු දෙකෙන් බදු ගෙවමින් දුක් විඳිමින් ආසාවට හම්බ කරන දෙයින් වාහනයක් ගන්න කොට 300% බදු ගෙවමින් මුන් නඩත්තු කරන්න අපිට තියෙනවා
    කරුමයක් !

    BalasPadam
  3. රැකියාව අයිතියක් නමුත් රැකියාවක් දීම රජයේ වගකීමක් නොවෙයි. නීත්‍යානුකූල රැකියා සොයාගැනීම/ නිර්මාණය කරගැනීම තමාගේ වගකීමකි. රජය කල යුත්තේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම පමණයි. සියල්ලන්ට අයිස් ගැසීමට රැකියා දීමට රාජ්‍ය සේවය යනු විශ්‍රාම ශාලාවක් නොවන බව තේරුම් ගත යුතුය. (මෙයින් රජය බකන්නිලා සිටිය යුතු යයි කොහෙත්ම අදහස් නොකෙරේ)

    BalasPadam
    Balasan
    1. රජය කල යුත්තේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම පමණයි////// ++++++

      Padam
  4. හැබැයි අපි ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්තේ මුන්ට නිකම් උගන්නල රස්සාවත් දේන්න ඕනි අපි සල්ලි වලට ඉගෙන(කොටි ගනන් දීල නෙමෙයිි) ගෙන රස්සා හොයාගෙන යන්න ඕනි. හැබැයි දෙගොලන්ම එකම ගාන බදු ගෙවන්නෙ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook