වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ "මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි." කෘතිය මා අතට පත් වන්නේ මා ප්‍රේමකීර්ති ද අල්විස් ගැන කියවමින් සිටියදීය. මේ දෙදෙනා අතර අපූරු සමානකමක් මම දකිමි. ඒ ඔවුන්ගේ ගවේෂණාත්මක නිර්මාණකරණය සම්බන්ධයෙන් පමණක් නොවේ. ප්‍රේමකීර්ති ගීත රචක මැෂිමකි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග පොත් ලියන මැෂිමකි. ප්‍රේමකීර්තිට ඕනෑම නීරස මාතෘකාවක් ඔස්සේ රසවත් අරුත්බර ගීතයක් ලියන්ට හැකියාව තිබුණේය. රුවන්ට එසේම ඕනෑම නීරස මාතෘකාවක් ඔස්සේ රසවත් අර්ථවත් එසේම කියැවියැකි පොතක් ලියන්ට හැකියාව තියේ. "මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි." එබඳු පොතකි.
මේ පොත ඇසුරින් රුවන් කියන්ට උත්සාහ ගන්නේ ලොව විවිධ සංස්කෘතීන් පිළිබඳ කතාවකි. මේ සංස්කෘතීන් රුවන් දකින්නේ අජීවී සංචාරක සිහිවටන තුළින් නොව සජීවී මිනිසුන් තුළිනි. ඒ මිනිස්සු ඔහු දිවියේ යම් යම් කාල වකවානු වල හමු වූවෝය. මින් වැඩි දෙනකු රුවන්ට හමුවන්නේ ඔහු පැරැණි සෝවියට් සංගම් ශිෂ්‍යත්වයක් යටතේ රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටියදීය. රුසියාවේදී ඔහුට සෙනිත් කැමරාවක් විකුණන ටැක්සි රියැදුරා, "අපි උඹලාගේ රට තියෙන ඉසව්වත් දන්නෙ නැහැ. ඒත් උඹලා ෆෝක්ලන්ත යුද්ධයේදී අපට විරුද්ධව ඡන්ද දුන්නු රටක් කියලා අපේ මිනිස්සු දන්නවා" කියූ ආජෙන්ටිනා පාපන්දු ක්‍රීඩකයා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සඳහා සටන් වැදුණු වෙතරණුවකු වූ ආතර් ස්මිත්, කරාතේ කළුපටි ධාරියකු වූ කම්පුචියානු සොත්තිය හාමුදුරුවෝ, අමිතාභ් බච්චන් බඳු වූ මුරිසියානුවා, කැඩුණු මෝටර් රථයක් අඩු මුදලට මිළට ගෙන එය ගත් මිළ මෙන් හත් අට ගුණයකට එස්තෝනියාවකුට විකිණූ සැම්බියානුවා මේ පොතේදී ඔබට හමුවන චරිත කිහිපයක් පමණෙකි.
මේ තථ්‍ය කෙටිකතා එකතුවේ මා දකින විශේෂත්වය මෙයයි. දීර්ඝ කාලයක් තිස්සේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබීම නිසා හා අපේ රට විධිමත් ලෙස ගොඩ නඟන ලද්දේ බ්‍රිතාන්‍යයන් නිසා හිරු නොබසින අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර සැත්තෑවකට පමණ පසුව අදත් අප බොහෝ දෙනකුට ලෝකය පෙනෙන්නේ බ්‍රිතාන්‍ය ඇසිනි. ලෝකයේ විවිධ සංස්කෘතීන් පිළිබඳව 'සුද්දන්' ගොඩ නැඟූ විවිධාකාරයේ මිථ්‍යා මත රාශියක් අදත් අපි එසේම විශ්වාස කරමු. වෛද්‍ය රුවන් එම්. ජයතුංග මේ බ්‍රිතාන්‍ය ඇසින් මිදී ලෝකයේ විවිධ සංස්කෘතීන් පියවි ඇසින් දකින්ට පාඨකයාට ආරාධනා කරයි. එහි සැඟැවීමක් හෝ අතිශයෝක්තියක් නැත. එසේම පක්ෂග්රාහී බවක්ද නැත. පාඨකයා මේ සියළු සංස්කෘතීන් හඳුනා ගන්නේ ඒවා සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමෙනි.
ලෝකයේ විවිධ සංස්කෘතීන් පිළිබඳ පළමෝත අත්දැකීම් ඇති ලේඛකයකු අතින් ලියැවුණු මේ ග්‍රන්ථය ඒවා අධ්‍යයනයෙහි රිසි කවර වයසෙක කවරාකාරයෙක හෝ පාඨකයකු පිණිස නිර්දේශ කරනු කැමැත්තෙමි.
- චානුක වත්තේගම

Ulasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamමා ඔබගේ මේ පොත මිලදී ගැනීමට අදහස් කරමි. "ලෝකයේ විවිධ සංස්කෘතීන් පිළිබඳව 'සුද්දන්' ගොඩ නැඟූ විවිධාකාරයේ මිථ්‍යා මත රාශියක් අදත් අපි එසේම විශ්වාස කරමු." එය එසේය. නමුත් අප සුද්දාගෙන් අරගෙන ඇත්තේ නරක දේය. සුද්දන් විසින් ලංකාවේ මිනිසුන් උපක්රමශීලීව මුහුන් කල බව මා ඉතා අංශුමාත්රයක් අසා ඇත්තෙමි. " Micro biology " ඒ බැව් සඳහන් වන බවද අසා ඇත්තෙමි. ඔබට හැකි නම් ඒ ගැන ද සොයා බලා පොතක් ලියන්න. නීතිය, ආගම තුලින් බලාපොරොත්තු වන දේ ඉතා ලෙහෙසියෙන් "ආකල්ප වෙනස් කිරිමකින්" කළ හැකිය. අපේ මිනිසුන්ට අවශ්‍ය එවන් වෙනසකැයි මා ඉතා තදින් විශ්වාස කරමි.
BalasPadamඅප සුද්දාගෙන් අරගෙන ඇත්තේ නරක දේ කියන එකට නම් එකඟයි
Padam++++
BalasPadam++++++++++++++
Padamපොත් මැසිමක්. බ්ලොග් පෝස්ට් මැසිමක්.. වලි මැසිමක්.. අපිට හිතවත්. ජය වේවා දොස්තර මහතාණෙනි
BalasPadamකියන්න අමතක උනා. අර ලක්ෂ්මන් ටීබී ඉලංගකෝන් මහත්තයත් බ්ලොග් පෝස්ට් මැෂිමක්.. හැක්
PadamThank you
Padamකවරය මරු!
BalasPadamහුඟ දෙනෙක් අවසන් පිටුවේ දාන ඡායාරූපය මුල් පිටුවේ දමා ඔබ සම්මතය බිඳ හෙලීම පිළිබඳව මගේ ප්‍රසාදය පළ කරමි.
මේක ප්‍රථම වතාවට කෙරුවෙ එක්ස්පෙරිමන්ට් එකක් විදියට
PadamAmongst many blogs published by the Author"Munidasage Maranaya" will never fade away from my memory.
BalasPadamSalute
Padam//පොත් මැසිමක්. බ්ලොග් පෝස්ට් මැසිමක්.. වලි මැසිමක්..// x2
BalasPadamදොස් තොර මාතියාට ජයින් ජයම වීවා :)
තුති ඔබට
Padam+++++++++++++
BalasPadam