Ahad, 20 Ogos 2017

මේ භාවනා කරන මොහොතයි



සබඳ ඔබ කුමක් කරන්නේද ?
තුමණි මම ලිෆ්ට් යන්ත්‍රය ක්‍රියා කරවමි 
සබඳ මේ භාවනා හෝරාව නොවේද ?
දනිමි එහෙත් ලිෆ්ට් යන්ත්‍රය තනි කල නොහැක 
සබඳ ඔබ භාවනාවේ අනුසස් නොදනීද ?
ලිෆ්ට් යන්ත්‍රය මට භාවනාවකි තුමණි
නැත සබඳ සමථ විදර්ශනා ඉන් වැඩුනෙ නැත 
එය එසේද තුමණි , මම භාවනා කරන්නෙමි 
මම ඔබට කමටහන් දෙන්නෙමි 
මට කමටහන් දෙන්න තුමණි 
ඔබට කමටහන් දිය යුත්තේ  කොතැනටද ? 
ඔබට තුටු තැනකට කමටහන් දෙන්න තුමණි 
මා ඔබගේ ගෙල ප්‍රදේශයට කමටහන් දෙමි 
තුමණි ඔබට තුති මා කමටහන් ලැබූවෙමි
සබඳ  ඔබ භාවනාවෙන් ධ්‍යන ලැබුවේද ? 
ලැබුවේය තුමණි මට තරු මණ්ඩලය පෙනේ
එසේ නම් ඔබ ලෝකෝත්තර සැප ලැබුවේය 

15 ulasan:

  1. ha ha ha funny funny funny

    BalasPadam
  2. 🙉🙉.. මේ 555 ජාතකයේ මොන කතාවේ පරිච්චේදයක්ද ඩොක්ට..? දැන් ලංකාවේ පොලෝසියට අඩු භාවනාවම තමයි. භාවනා නොකෙරුවට ලිෆ්ට් ඔපරේටර් ට මෙහෙම ගැහුවනම්, වැරදි කරුවන්ට අභසරණයි..!! 😜😜😜😜

    BalasPadam
  3. සංවිධානයේ පිරිස් පුනුරුත්ථාපනය කරන්න ඕනි කියාගෙන නටපු නාඩගමේදී ඒ උදවිය බලෙන් බුදුආගමට යොමු කිරීම, භාවනා සදහා යොමු කිරීම කරේ නැද්ද ඩොක්ටර්? ඔබ ශ්‍රී ලංකා හමුදාවේ වෛද්‍යවරයෙක් නේද? කපිතාන් නේද ඔබේ රෑන්ක් එක? එතකොට ඩොක්ටර් රුවනුත් සියඹලා ගෙනාවෙම නැද්ද? පුනුරුත්ථාපන කරනවා යයි කියා පවත්වාගෙන ගිය කඳවුරු වල ,රෝහල් වල සීසීටීවී කැමරා තිබුනේ නැත්තේ වාසනාවට නේද? නැත්තං බලන්න තිබ්බා දැන් බන දෙසනා අයගේ එකල කෙරුවාව. පුජිත දහස් ගුණයක් හොද ඇති.

    BalasPadam
    Balasan
    1. ඔබ ශ්‍රී ලංකා හමුදාවේ වෛද්‍යවරයෙක් නේද? කපිතාන් නේද ඔබේ රෑන්ක් එක? ///////////// නෑ මේජර්

      එතකොට ඩොක්ටර් රුවනුත් සියඹලා ගෙනාවෙම නැද්ද? //////////// නෑ

      පුනුරුත්ථාපන කරනවා යයි කියා පවත්වාගෙන ගිය කඳවුරු වල ,රෝහල් වල සීසීටීවී කැමරා තිබුනේ නැත්තේ වාසනාවට නේද? ////////////// මා සිටියේ පුනුරුත්ථාපන කරනවා යයි කියා පවත්වාගෙන ගිය කඳවුරු වල නොව යුද හමුදා රෝහලේය

      Padam
  4. බොහොම හොඳයි. ලෝකෝත්තර සැපයට ලනුනාට පස්සේ වෙන්න දේකුත් නෑනේ.
    විචාරක දියණිය

    BalasPadam
    Balasan
    1. ලෝකෝත්තර සැප ලැබී ඔපරේටර් රෝහල් ගත වූවා

      Padam
  5. බෙල්ල මිරිකා සිත එකලස් කිරීමේ මෙහෙයුම.

    - අනුග්‍රහය ශ්‍රී ලංකා පොලීසිය

    BalasPadam
    Balasan
    1. බෙල්ල මිරිකනකොට මොලේට ලේ යාම අඩු වෙලා හිත කාම් වෙනවා

      Padam
  6. අඩෝ කැ--, හොම්බකට සමතලා කරන්න කලින් මෛත්‍රී භාවනවා කරපිය ඩෝ!
    පරුෂාවාචා සිල්පදයත් සමාදම් වෙයං!

    BalasPadam
  7. හිනා ෙවන්නද අඩන්නද?

    BalasPadam
  8. ඒකනම් රිදෙන්නම දීලා.......මරු..........

    BalasPadam
  9. ඒකනම් රිදෙන්නම දීලා.......මරු..........

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook