Sabtu, 9 Januari 2016

එලොවින් ආ ජීවකයාට අභියෝග කලෙමි.




2008 වසරේ පමණ ඉරිදා ලංකාදීප පුවත් පතේ ඕනෑම ලෙඩක් සුව කරන එලොවින් ආ ජීවකයෙකු ගැන වාර්තා පළ විය​. මෙම ලිපි මාලාව ලියන ලද්දේ නන්දසේන සූරියආරච්චි නම් පුවත්පත් කලාවේදියෙකි. මෙම එලොවින් ආ ජීවකයා ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා වෙදකම් මගින් සුවපත් කොට ඇති බව සඳහන් විය​. එසේම විවිධ ඡායාරූපද පළ විය​. එක් ලිපියක දැක්වූ පරිදි ඔහු හිටපු ජර්මානු චාන්සලර් හෙල්මුට් කෝල්ටද ප්‍රතිකාර කර තිබුණි.

පුවත්පත් කලාවේදියා සමග එක්ව එලොවින් ආ ජීවකයා විසින් කරන ව්‍යාජ රඟපෑම මුලින්ම ප්‍රශ්න කරන ලද්දේ ගාමිනී වියන්ගොඩ මහතා විසිනි.  එලොවින් ආ ජීවකයා ගැන පළ කරන ලද ඡායාරූප වල ඇති බොරුවද ගාමිනී වියන්ගොඩ මහතාගේ ප්‍රශ්න  කිරීම් වලට හසු විය​. ඒ සම්බන්ධයෙන් ලිපියක් රාවය පුවත් පතේ පළ විය​. 

කෙසේ වෙතත් මුලාවූ ජනයා පෝලිම් ගැසී ප්‍රතිකාර සඳහා මේ ඊනියා ජීවකයා වෙත ගියහ​. ඒ අතර ප්‍රසිද්ධ චරිත පවා වූහ​. මේ බොරුව ගැන රටට හෙලිදරව් කල යුතු බව මම අපගේ ජේෂ්ඨ වෛද්‍යවරු  අමතා කීවෙමි. නමුත් මෙම කටයුත්තේදී බොහෝ දෙනෙකු පෙරමුණ ගැනීමට බිය වූහ​. අවසානයේදී ලක්බිම පුවත්පතේ සහයෙන් මම ප්‍රසිද්ධියේ එලොවින් ආ ජීවකයාට අභියෝග කලෙමි. 

මාගේ අභියෝගය වූයේ සුව කල නොහැකි බවට වෛද්‍යවරුන් විසින් සනාත කරන ලද රෝගීන් 10 දෙනෙකු අතරින් එක් රෝගියෙකු හෝ සුව කොට පෙන්වන ලෙසටයි.  මෙම අභියෝගය ලක්බිම පුවත්පතේ පළ වීමත් සමගම එලොවින් ආ ජීවකයා පසු බැස ගියේය​. ලංකාදීප පුවත්පතේ පළවූ නන්දසේන සූරියආරච්චිගේ ලිපිද නැවතුනි. 

ඉන් මාස කීපයකට පසුව මට ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ  ධර්මපාල සේනාරත්න  සහ තාරක වරාපිටිය යන මහතුන් හමු විය​. මිත්‍යාව සහ වංචාව මගින් සමාජය රැවටීමට තැත් කල වංචනිකයන් දෙදෙනෙකුට කෙලින්ම අභියෝග කිරීම පිළිබඳව ඔවුහු මට ස්තූති කලහ​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 ulasan:

  1. මොහු පෙනී සිටින්නේ වෛද්‍යචාර්‍ය කැලුම් වීරසිංහ ලෙසටය​. නමුත් මොහුට ආයුර්වේද හෝ පාරම්පරික වෙදකම පිලිබඳව කිසිදු ලියාපදිංචියක් නැත​.විශ්ව බලයෙන් ලෙඩ සුව කරන එලොවින් ආ ජීවකයා විශ්ව බලයෙන් ලෙඩ රෝග සුව කිරීම දැන් දැන් ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍ය ක්‍රමයක් බවට පත් වෙමින් තිබේ.අඩුවකට ඇත්තේ ඔවුන් සදහා වෛද්‍ය සභාවක් හා වෛද්‍ය විද්‍යාලයක් පමණි. මෙවැනි එක් වෛද්‍යවරයකු ඉංජිනේරු වෘත්තියෙන්, වෛද්‍ය වෘත්තියට පැමිණ ඇත.ඔහු කැලුම් වීරසිංහය.ඔහු කුඩා කල සිටම පෙර භවය ගැන සදහන් කරමින් පවසා ඇත්තේ ඔහු හට ලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ඇති බවය.නමුත් ඔහුගේ පියා ජාතියෙහි වාසනාවට එම මතය ප්‍රසිද්ධියට පත් කර නැත.නැත්නම් කැලුම් වීරසිංහ නමින් නුතන ජීවකයකු බිහි වන්නේ මෙයට බොහෝ කලකට පෙරය. මොහු මෙම ජාවාරම කර ගෙන යනු ලබන්නේ බුදු දහම මූලික කොටගෙනය.මොහුගෙන් සුවය ලබන රෝගීන් බුදු පිළිමයකට වැද නමස්කාර කල යුතුය.එහි වරදක් නොමැති නමුත් මොහුගේ මෙම ජාවාරමට බුදු දහම එක් කර ගැනීම බුදු දහමට කරන නිගාවක් බව මාගේ හැගීමය. මා දන්නා තරමින් බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කර ගෙන නොමැත.බුදුරජාණන් වහන්සේ ද ප්‍රතිකාර ගෙන ඇත්තේ ජීවක නම් වෛද්‍යවරයාගෙන් බව පොත පතෙහි සදහන් වී ඇත.නමුත් ඒ බවක් මෙම කැලුම් වීරසිංහ නම් හොර ජීවකයා නොදන්නා බවක් හැගේ.

    BalasPadam
  2. එමෙන්ම මොහුගේ ප්‍රතිකාර ක්‍රමය අවසන් වන්නේ රෝගියාට පහරක් ගැසීමෙනි.මෙය මොහු විසින් සොයා ගත් නවීන වෛද්‍ය ක්‍රමයක් විය හැක.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා මොහුට නොබෙල් ත්‍යාගයද මතු යම් දිනෙක ලැබිය හැක.එසේ වුවහොත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට විදේශ රටවලින්ද රෝගීන් පැමිනෙනු ඇත.එවිට මොහු මගින් විදේශ විනිමයද ලබා ගත හැකි වනු ඇත.එයින් පසු මොහුට සම්මාන කඩයක් මගින් "ආචාර්‍ය" හෝ "දේශබන්ධු" සම්මානයක් පිරිනමා "නුතන දුටුගැමුණු" මෙන් "නූතන ජීවකයකු" කර මොහු හට කලගුණ සැලකීමට අපට හැකිවනු ඇත. මොහු සවුදි රජ පවුලටද වෙදකම් කර ඇත.මොහු සවුදි රජතුමාගේ ආරාධනාවකට අනුව සවුදි රජ මැදුරට ද ගොස් ඇත.එමෙන්ම යම් කිසි රෝගයකින් පෙලෙමින් සිටි සවුදි රජ කුමරෙකු ලංකාවට රැගෙන විත් කොළඹ තරු පහේ හෝටලයක නවත්වා ප්‍රතිකාර කර ඇත.එමෙන්ම එම රජ කුමරු හට කොන්දේසියක් ද පනවා තිබේ.එය නම් දිනපතා පංසල් ගොස් බුදුන් වැදීමය.මෙම රජ කුමරු ගංගාරාම පංසලට ගොස් එය ඉටු කර ඇත. (මා දන්නා තරමින් ඉස්ලාම් දහම අදහන්නන් ප්‍රතිමා වන්දනාවේ නො යෙදෙන අතර මෙවැනි කටයුත්තක් සවුදි රජ පවුලට අයත් පුද්ගලයකු අතින් සිදු වූයේ යයි සිතීම අපහසුය.මෙම කථාවෙහි සත්‍ය අසත්‍යතාව පිළිබදව කිසිවක් මා නො දන්නා අතර මා මෙය දැන ගනු ලැබූවේ ස්වාධීන රූපවාහිනී සේවයේ මොහු ගැන කල වැඩසටහනකදී මොහු කල ප්‍රකාශයක් මගිනි.) එමෙන්ම මොහු හට ජාතික රෝහලෙහි අධ්‍යක්‍ෂක තනතුර ද පිරිනැමිය හැක.එවිට රෝගී වී පැමිණෙන්නන් මොහුගෙන් පහරක් කා එවලේම සුව වී නිවස බලා යනු ඇත.එවිට රෝහල් තුල ෴ඓතිඞ් ලිස්ත් ඇති නොවනු ඇත.එමෙන්ම රෝහල් නඩත්තු කිරීමට මුදල් වැය නොවනු ඇත. වෛද්‍ය,හෙද හා අනෙකුත් සේවකයන්ට පඩි ගෙවීමට සිදු නොවනු ඇත.එම මුදල් අනෙකුත් සංවර්ධන කටයුතු සදහා යොදා ගත හැකි වනු ඇත.එවිට අප රට ඉතා ඉක්මනින්ම සිංගප්පූරුවක් වනු ඇත.එමෙන්ම සියලුම වෛද්‍ය විද්‍යාල වසා දමා ඒවායේ විශ්ව බලයෙන් ලෙඩ සුව කිරීම ගැන පාඨමාලා ඇරඹිය හැක.එවිට මොහුට එම පීඨයක ප්‍රථම පීඨාධිපති වීමට හැකි වනු ඇත.

    BalasPadam
  3. මා දන්නා තරමින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභා 3ක් තිබේ.ඒ බටහිර,ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය සභාය.නමුත් මොහු මෙම වෛද්‍ය සභාවක ලිපදිංචි වී නොමැත.එසේ වී ඇත්තේ මොහු හට ලියාපදිංචි වීමට වෛද්‍ය සභාවක් නොමැති වීමය.එසේ නම් රජය කල යුතුව ඇත්තේ විශ්ව බලයෙන් ලෙඩ සුව කරන මෙවන් ජීවකයන් සදහා වෛද්‍ය සභාවක් ඇති කර එහි මුල්ම සභාපති කම මොහුට ලබා දීමය.මොහු වැනි තවත් කිහිප දෙනෙකු විශ්ව බලයෙන් ලෙඩ සුවපත් කරන නිසා මොහු මෙම වෛද්‍ය සභාවෙහි එකම හා අවසාන සාමාජිකයා නොවනු ඇත. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මෙවන් එලොවින් ආ ජීවකයන් මගින් රෝග සුව කර ගැනීමට යාමෙන් සිදු විය හැක්කේ, ඔහු ආ එලොවට අපට යාමට වීසා ලැබීම හෝ ජීවිත කාලයම පීඩා විදිය හැකි රෝගාබාධයකට ලක් වීමට සිදු විය හැකි බවය.

    BalasPadam
  4. ඔබතුමා ගැන ආඩම්බරයි මෙවැනි පුද්ගලයන්ගෙන් මිනිසුන් ගලවා ගැනීමට හැකිවීම ගැන.
    //ඉන් මාස කීපයකට පසුව මට ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ධර්මපාල සහ තාරක වරාපිටිය යන මහතුන් හමු විය​.//

    මම ගොඩක් අගය කරන මනුස්සයෙක් තමයි ප්‍රොපෙසර් A T කොවුර්. දෙවියෝ සහ බූතයෝ ඔහු ලියු අපුරු පොතක්.ඔහු ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ මා දන්නා පමණින්,ඔහු සායි බාබා ටත් අබියෝග කලා. දැන් යාපනය පුස්තකාලයේ සිටින නිලදාරීන් වත් ඔහු ගැන දන්නේ නෑ.2013 වසරේදී අපි යාපනයේ චාරිකාවක් ගියා, ඔහුගේ පුතා දැන් එම සංගමයේ සේවය කරන බව පසුව දැන ගන්නට ලැබුණා.
    හැකිනම් ඔහු ගැනත් ලිපියක් ලියන්න.

    BalasPadam
    Balasan
    1. ලලිත් මම සිම්පල් පුද්ගලයෙක්. මම හිතනවා මිත්‍යාවට එරෙහි විම අප සැමගේ යුතුකමක් කියලා. ඔබලා වගේ සබුද්ධික පිරිස මේ සමාජයේ වැඩි වූ දිනයට බොරු කට්ටඞි ඉඳලා ඉවරයි. නමුත් එතෙක් මොවුන් සමාජය ගල් යුගය කරා ගෙන යයි.

      Padam
  5. හොරුන්ට උදව් කරන පත්තරකාරයෝ වැහි වැහැලා!

    BalasPadam
    Balasan
    1. මේ පත්තරකාරයන්ට ජරාව දීම මගින් ඕනම බොරුවක් ලියාගන්න පුලුවන්

      Padam
  6. කාලෙකට ඉස්සර මම වැරදීමකින් විශ්වශක්තියෙන් ලෙඩ සුවකරවීම පුහුණු කරන සැසියකට අහුවුනානේ, දිල්ලියෙන් ආපු බොහොම සුප්‍ර‍ිද්ධයි කියන සුවකරන්නෙක් ඒක මෙහෙයවුවේ, පට්ට ෆන් ටෙක්නික්ස් ගොඩක් තිබ්බා. එයාට ඇත්තටම විශ්වශක්තිය භාවිතා කරවන්න හැකියාවක් තිබ්බා නම් එදා ඇණයාව දවා අළු කරනවා. සැසිය අවසානයේ ප්‍රැක්ටිකල් තිබ්බා, ඇණයා තමා එදා සාරතකම සුවකරවන්නා උනේ, තේ හදන ලේඩී ගේ දවස් ගානක කොන්දෙ අමාරුව විනාඩි 15න් සුවයි.

    BalasPadam
    Balasan
    1. ඇනේ ගහන්න ඇති එහෙනම් තදටම.. හැක හැක හැක..

      Padam
    2. ඇනේ ගහන්න ඇති එහෙනම් තදටම////////////// අනේ එහෙම කියන්න එපා ඇනේට . ඇනේ ඔතන තියෙන්නේ කියන placebo effect එක

      Padam
  7. ෆේත් හීලර්ස් ලයි මෙයාලයි එකම දේ කරනවාද මංදා.... අහිංසකයින්ගෙ සල්ලි වලටයි ආත්මවිශ්වාසයටයි කෙලින්නැතිව ඕන දෙයක්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. අහිංසකයින්ගෙ සල්ලි වලටයි ආත්මවිශ්වාසයටයි හෙල්ත් එකටයි ; සමහරු දුව ගෑනි පවා දූෂණය කරලා යන්නේ

      Padam
  8. දැන්නං පොරට වෙච්ච දෙයක් නැ

    BalasPadam
    Balasan
    1. ඉන්නවා කියලයි කියන්නේ

      Padam
  9. මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන මෙරට තරුණයන් කිහිපදෙනකු එක්ව මනුෂත්ව පදනම නමින් සංවිධානයක් පසුගිය දා ලන්ඩන් නුවරදී පිහිටුවාගන්නා ලදී. එහි පළමු ව්‍යාපෘතිය ලෙස ‘ඇහැලේපොළ කුමාරිහාමි’ සිනමාපටය නොවැම්බර් පළමුවැනිදා එනම් එන ඉරිදා ලන්ඩන් නුවර හන්ස්ලෝ හි සසාරි සිනමා ශාලාවේදී තිරගතවේ. මේ සඳහා ඇහැලේපොළ කුමාරිහාමි සිනමාපටයේ නිෂ්පාදක ගයාන් රණධීර සහ කැමරා අධ්‍යක්‍ෂ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වේ. දිමුත් ජයවීර, රංග සමරතුංග, අසේල පෙරේරා, ෂාන් විමලරත්නම්, විරාජ් වෙලඳගේ, මහරත්නසිරි රංජිත්, ශෂි කුමාර් කන්දසාමි, වෙදදුරු කැලුම් වීරසිංහ මනුෂත්ව පදනමෙහි සාමාජිකයන් වේ.

    BalasPadam
  10. එතකොට අපේ ගරු එරාන් වික්‍රමරත්න ඈමතිතුමා සම්බන්ධ People's Church | Assembly of God (peopleschurch.lk) magin anDhayanta penimath, korun aevidhdhimath gaena mokadha kiyanne dhosthara mahaththayoe?

    BalasPadam
    Balasan
    1. ඔතන තියෙන්නේ කියන placebo effect එක

      Padam
  11. ඇත්තටම වෛද්‍ය කර්මයට මුවාවී, අහිංසක ජනතාව මුලාකොට මුදල් ගසාකෑම අද ඊයේ සිදුවුණ දෙයක් නොවේ. අපි කුඩා කාලේ, පාර අයිනේ ගස්යට හිටිය බෙහෙත් තෙල් වෙළෙන්දන්, අහිංසක ගැමියන් රවටා සෑම රෝගයකටම සුවය දෙන (සමහරවිට එන්ජින් ඔයිල් ද දන්නේ නැහැ :D ) තෙල් වර්ග විකිණුවා.

    1960 දශකයේ අග භාගයේදී, බටහිර රටකින් ලංකාවට පැමිණි, ආජ්මිරෝඩා සිල්වා නමැති පූජකයා, ගාලු මුවදොර පිටියේ පැවැත්වුවා, අන්ධයන්ට පෙනුම දෙන, ගොළුවන් කතාකරවන, කොරුන් ඇවිද්දවන, මහා දිව්‍ය පූජාවක්. නමුත් ඒ කිසිම දෙයක් සිදුවුනේ නැහැ. ඒ කාලයේ අපේ රටේ සිටි අභීත ලේඛකයකු වූ, සිසිරකුමාර මානික්කආරච්චි මහතා, තම තීරු ලිපියක මෙන්න මෙහෙම ලියා තිබුණා.

    "තණකොළ ඇට අහුරක් පැලවෙන වපසරියක, 'මහා සෙනගක්' රැස්ව සිටිති. සෑම දෙනාම තමන්ගේ රෝගය තියන තැනට අත තියාගන්නැයි පූජකයා කියයි. අර්ශස් රෝගියාද බොහොම අමාරුවෙන් රෝගය තියන තැනට අත තියාගනී. කට්ට අව්වේ වේලෙමින් කරන ලද පූජාවෙන් වෙච්චි සෙතක් නැත. ආජ්මිරෝඩා සිල්වාගේ පොකැට්ටුව තරවුනා පමණි.

    ඉතින් මිනිස්සු මෙහෙම කියති. ආජ්මිරෝඩා සිල්වා > රෝඩා සිල්වා > ප්‍රෝඩා සිල්වා > පෝ ඩා සිල්වා"

    BalasPadam
    Balasan
    1. සිසිරකුමාර මානික්කආරච්චි මහතා මේවගේ බොරු ගැන ජනතාව දැණුවත් කරා

      Padam
  12. පලවෙනි කොමෙන්ට් තුන දාපු ඇනොගෙයි ඇනයා ගෙයි කොමෙට් ටික පට්ට.. කිසිම ආගමකට ධර්මෙකෙට නැති එකෙක් වෙන මට නම් මේ වගේ ඒවාට කොහොමත් පස්ස පැත්තෙන් හිනා යන්නේ. අපි විරුද්ද උනාට අගයක් නැති නිසා ඔබ වන්නෙක් විරුද්ද වීම වටිනවා.

    //මෙවන් එලොවින් ආ ජීවකයන් මගින් රෝග සුව කර ගැනීමට යාමෙන් සිදු විය හැක්කේ, ඔහු ආ එලොවට අපට යාමට වීසා ලැබීම// අහා.. පට්ටම පට්ට..

    BalasPadam
    Balasan
    1. එලොවින් ආ ජීවකයන් මගින් රෝග සුව කර ගැනීමට යාමෙන් සිදු විය හැක්කේ, ඔහු ආ එලොවට අපට යාමට වීසා ලැබීම ha ha ha ha

      Padam
  13. කරුමේ කියන්නේ ඒකටම කැපවුනු පත්තර වගේකුයි, පුවත් පත් කලාවේදියෝ සෙට් එකකුයි, රෙද්ද පෙන්නපු ගමන් කපලා මහලා ඇඳගන්න ලෑස්ති ජනතාවකුයි අපිට ඉන්නවනේ.

    BalasPadam
  14. ඔබ කර ඇත්තේ බොහොම වටිනා දෙයක්...

    BalasPadam
    Balasan
    1. විභීෂණ II නිහතමානීව ඔබගේ ස්තූතිය අගය කරනවා. අපේ සමාජය තවමත් ඉන්නේ ගල් යුගයේ. දේශපාලකයන් කට්ටඞි පස්සේ යනවා

      Padam
  15. අර ඇනෝගේ කමෙන්ට් එක දැක්කම ඔබ කිවිවත් වගේ මලසේක තමා කියන්න වෙන්නේ.. බලයට මුදලට සමාජය යට උන කාලෙක අභියෝග කරන්න කව්රුත් නෑ.. ජය වේවා.

    BalasPadam
  16. ලක්බිම පත්තරෙ සුජීව සේනාසිංහ මිත්‍යාවට එරහෙිව ලිපි ලියනවා හැබැයි ඒ පත්තරේම මලයාලි ගුරැකං අණ වින හදි හූනියං වළෙද දැන්වීම පිරිලා පුදුම වළෙදාමක්

    BalasPadam
  17. දන්නවද කැලුම් වීරසිංහත් අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන වල්මත් වෙච්ච එකෙක් බව. දැන් ඔය අංගොඩ අයි ඩී එච් පැත්තේ ගෙදරක ඉන්නවා. ඔලුවේ නට් ලූස්. ඊට වැඩිය නට් ලූස් හම්බවෙන්න යන උන්ගේ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook