Isnin, 25 Januari 2016

තුර්කි ගමන

 


වෛද්‍ය පීඨයේ අපට වසරකට නිවාඩු කාල දෙකක් තිබේ. ඒ ශීත කාලයේ වින්ට හොලිඩේස් ( මෙය ජනවාරි මාසයේ අග ආරම්භවේ , සුමාන දෙකක  කාලයකින් යුක්තය​) සහ ග්‍රීෂ්ම ඍතුවේ සමර් හොලිඩේස් ( මෙය ජූලි අග ඇරඹෙන අතර මාස එක හමාරක් පමණ දිගය​) වසරේ ඉතිරි කාලය අධ්‍යාපනය සඳහා වෙන් වී තිබේ. අප හතර වන වසර වන තෙක් සෙනසුරාදා දින වලද පන්ති පැවැත්වින​. 

අධ්‍යාපනය පවතින කාලයේ වර්ජන , උද්ඝෝෂණ , මාර්ග අවහිර කිරීම් , පොලිසිය සමග පැටලීම් ආදිය නොමැති නිසා මුළු කාලයම අධ්‍යාපනයට යොදවන සිසුන් නිවාඩු කාල වලදී සිත් සේ විනෝද වෙති. එය ආතති සමනයෙන් යුක්තය​. මම වෛද්‍ය  පීඨයේ  හතර වන වසර අවසානයේදී (යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය වසර හතකින් යුක්ත විය​) ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩුවට තුර්කියට ගියෙමි.

 තුර්කියට යූක්‍රයීනයේ සිට ගොඩබිමින් යා හැක​. අතීතයේ තුර්කි හමුදා රුසියාව ආක්‍රමණය කළහ​. මහා පීටර් අධිරාජ්‍යා තුර්කි හමුදා පරාජය කොට දේශසීමා ආසන්නයේ බලකොටු පිහිටවනු ලැබීය​. නමුත් වර්තමානයේ තුර්කිය සහ රුසියාව මිත්‍ර ජාතීන් වෙති. 

තුර්කියට යන ගමනේදී මට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ සිරියානු සිසුවෙකු හමු වීම නිසා අපගේ ගමන වඩාත් විනෝද ජනක විය​. තවද ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනෙකුද පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකුද අපගේ මැදිරියට ආවෙන් දුම්රිය මැදිරිය සංවාද මණ්ඩපයක් විය​. අපගේ සංවාද මණ්ඩපයට බාධා කරමින් දේශසීමා භටයන් වරින් වර පැමිණ අපගේ පාස්පෝට් පරික්‍ෂා කලහ​. තමෝෂ්නිකි නමින් හඳුන්වන මේ නිලධාරීන් අප කුර්වා ලෙස නම් කලෙමු. කුර්වා යනු පෝලන්ත බසින් කුණුහරපයකි. එහි තේරුම මම අදවත් දන්නේ නැත​. අප සමග සිටි එක් පෝලන්ත ජාතිකයෙකු තමෝෂ්නිකිවරයෙකු කුර්වා නමින් හැඳින් වූ නිසා අප දිගටම තමෝෂ්නිකිලාට කුර්වා කීවෙමු. 

තුර්කියට ලඟා වූ වහාම තුර්කි රේගු නිලධාරීන් අපගේ දුම්රිය  මැදිරියට කඩා වැදුනහ​. ඔවුන් අධිපතීන් සේ ක්‍රියා කරමින් අපගේ ගමන් මළු අවුස්සා බැලූහ​. සිරියානු ජාතික සිසුවාගේ ගමන් මල්ලේ තිබී අනගි අළුත් සුවඳ විළවුන් බෝතලක් ඔවුන් බලහත්කාරයෙන් ගත්හ​. ගමන් මළු සමග බස්වාගෙන  ඈතින් පිහිටි ඔවුන් ගේ කාර්‍යාලයට ගෙන ගියේ මංකොල්ලය වඩාත් හොඳින් කිරීමටය​. බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විස්කි බෝතලයකට විදීමට තුර්කි රේගු නිලධාරීන් ගත් තැත ලොප් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයා මහ හඞින් ඔවුනට දොස් පැවරීම නිසාය​. 

"ඔබ මිඩ්නයිට් එක්ස්ප්‍රෙස් චිත්‍රපටය බලා තිබේද ?කියා මම බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් ඇසුවෙමි. ඔහු හිස සැලීය​. එසේ නම් නිහඞවීම වඩාත් ගුණදායක බව මම ඔහුට කීවෙමි. බ්‍රිතාන්‍ය ජාතිකයා සන්සුන් විය​. 

බොහෝ පමා වී දුම්රිය මැදිරියට පැමිණි ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනා දෙවියන්ට පින් දෙමින් වාඩි වූහ​. තුර්කීන් ඔවුන් ගේ දත් වහල්ලද ගලවාගෙන තිබේ. නමුත් ජීවිත බේරාගෙන නිරුපද්‍රිතව ඒමට ලැබීම ඔවුන් වාසනාවක් කොට සලකයි. 

දුම්රිය ඉස්තාන්බුල් නගරයට එන තෙක් සියළු දෙනා තුර්කි රේගු නිලධාරීන්ට බැණ වැදුනහ​. ඉස්තාන්බුල් නගරයේදී අප විසිර ගියෙමු. 

තුර්කිය සුන්දර රටකි. ඒ ගැන විවාදයක් නැත​. අනර්ඝ ලෙදර් කබා ඉතා අඩු මිලට ගත හැකිය​. මම කළු සහ දුඹුරු ලෙදර් ජැකට් දෙකක් මිලට ගත්තෙමි. ආහාරද රසවත්‍ ය​. මිළ අධික නොවේ. නමුත් නගරයේ වතුරද විකුණති. වතුර විකිණීම ඒ කාලයේ අපට අමුතු අත්දැකීමක් විය​. තුර්කි වතුර වල තත්වය ගැන නොදත් නිසා මම කොකා කෝලා පමණක් පානය කලෙමි.  

තුර්කි ජාතිකයන් එතරම් මිත්‍රශීලී නොවන බව මම මාගේ පළමු තුර්කි ගමනින් පසක් කලද පසු කාලයක මට හමු වූ තුර්කි උගතුන් යහපත් මිනිසුන් වූහ​. උදාහරණයක් ලෙස තුර්කියේ සුකුරෝවා විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය උනර් ටාන් මාගේ ශාස්ත්‍රාලීය මිතුරෙකි. ඔහු තුර්කි ඇකඩමි ඔෆ් සයන්ස් හිද සාමජිකයෙකි. මම තුර්කියට ගොස් තිබෙන බව කියූ විට මහාචාර්‍ය උනර් ටාන් මගෙන් ඒ ගමන ගැන වැඩි විස්තර නොඇසුවේ තම රටේ රේගු නිලධාරීන් ගැන දන්නා නිසා විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

22 ulasan:

  1. මිඩ් නයිට් එක්ස්ප්‍රස් - බුදු අම්මෝ!

    හැබැයි ඒ ඩ්‍රග් කේස් එකක් නේද?

    BalasPadam
  2. Use google translator: Kurwa -> whore

    BalasPadam
    Balasan
    1. "කුර්වා යනු පෝලන්ත බසින් කුණුහරපයකි. එහි තේරුම මම අදවත් දන්නේ නැත​."

      Padam
    2. මහත්තයො ඔවා ගූගල් කරන්න කාටද වෙලාව තියෙන්නේ

      Padam
  3. ඒ අතින් ලංකාව හොදද...???? ඒත් රේගු නිලධාරීන් ගැනනං ළගදිත් හොද අාරංචි ටිකක් හම්බුණානේ....

    BalasPadam
    Balasan
    1. අපේ අයියලා හොරා කන්නේ මිලියන වලින්

      Padam
  4. වරක් ගෙදර යන ගමන් ස්තාන්බූල් ගුවන්තොට හම්බුණා. තුර්කිය හවසට හරිම ලස්සනයි වගේ. ඒත් සමහරුන් කීවේ ස්තාන්බූල් අවට මෙහෙම වුනාට රට ඇතුල එතරම් යහපත් නෑ කියායි. මේ රටේ ගොඩක් අය වැඩියෙන්ම නිවාඩු ගතකරන්න තෝරගන්න රටක් තුර්කිය. ගොඩක් ලාබ පැකේජ් තියෙන නිසා. තායිලන්තය සහ තුර්කිය මාත් සන්චාරය කරන්න ඉන්න රටවල්. ඒත් සැරින් සැරේ රටවල් දෙක අතර නොහොද නෝක්කාඩු ඇතිවෙද්දි එකපාරට මෙහෙ අය එහෙ යන එකත් එහෙ ෆ්ලයිට් මෙහෙ එන එකත් නැවතෙනවා. ගිය අවුරුද්දේ අග තුර්කි සන්චාරක ව්‍යාපාරය කඩාවැටුනා ඊශ්‍රායලය එක්ක විරසක උනාම...

    ස්තූතියි

    BalasPadam
  5. Yeah I have watched Midnight Express. Billy Hayes' Story

    BalasPadam
  6. //බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විස්කි බෝතලයකට විදීමට තුර්කි රේගු නිලධාරීන් ගත් තැත ලොප් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයා මහ හඞින් ඔවුනට දොස් පැවරීම නිසාය​. //
    ඇඹිලිපිටිය පොලිසියට දොස් කියන්ඩ හොඳ නෑ..

    BalasPadam
    Balasan
    1. ඒත් සුද්දව උස්සල අත ඇරියෙ නෑනේ

      Padam
  7. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
    Balasan
    1. ඉස්තාන්බුල් = ලෙදර් ජැකට්, අර දෙවැනි ජැකට් එක ...?

      මගේ ජීවිතයේ අමතක කළ නොහැකි විසිතුරුම අත්දැකීම් අතර ඉස්තාන්බුල් ග්‍රෑන්ඩ් බසාර් එක සහ අලංකාර පිත්තල කෙක්ඩි කරේ එල්ලගෙන විවිධ රසැති තේ විකුණන ස්ට්‍රීට් ටී වෙන්ඩර්ස්ලා ඉන්නවා.

      Padam
    2. අලංකාර පිත්තල කෙක්ඩි කරේ එල්ලගෙන විවිධ රසැති තේ විකුණන ස්ට්‍රීට් ටී වෙන්ඩර්ස්ලා ඉන්නවා.///// mmm දැන් මතකයි

      Padam
  8. දැන් චිත්‍රපටි බොහොමෙක පාතාලෙ ලොකුම අතු ඉන්නෙ ඉස්තාන්බූල් වල.. ඒ නිසා දැකලා තියෙනවා..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. පාතාලෙ ලොකුම අතු ඉන්නෙ අපේ පාර්ලිමෙන්තුවේ

      Padam
  9. දොස්තර මහත්තෙයට නාකයි ඕවෑ පොටෝ කෑලි හතාටක් දැම්මනං.

    BalasPadam
    Balasan
    1. ඒකාලේ මහත්තයෝ ගත්තේ කලු සුදු පොටෝ

      Padam
  10. තව ටිකක් එකතු නොකළේ මන්ද කියලයි මන් කල්පනා කරන්නේ

    සුදුකුකුලා

    BalasPadam
  11. Kurva
    slang swear word used in many East European languages, or under Polish spelling - Kurwa.

    Literally meaning whore, bitch, slut, but can also be used when something happens and you are very surprised about it, but can mean good things.
    You kurva!! Get out of my face! I don't wanna see you again!!

    Oh KURVA!! I lost my wallet!

    Oh kurva! Germany has gone to the final!! Yay!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook