Ahad, 10 Januari 2016

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය



තරුණයෙකු පැහැරගෙනයැම, පහරදීම, සිරකර තබාගැනීම සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින්  අත් අඩංගුවට  ගත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයක ( Antisocial personality disorder) ලක්‍ෂණ පෙන්වනවාද යන්න සායනික වෘත්තිකයන් සාකච්චාවට බඳුන් කල යුතුය​. මීට පෙරද 2013 මාර්තු මාසයේදී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දාමරික පිරිසක් සමග  බොරැල්ලේ කින්සි පාරේ ව්‍යාපාරික ස්ථානයකට කඩා වැදී   එම ව්‍යපාරයේ අයිතිකරුට බැනවැදී තර්ජනය කිරීම නිසා ඇයව අත්ඩංගුවට ගැනුණි. පසුව ඇප මත මුදා හැරුණි. තවද බලහත්කාරයෙන් නිවසක් අල්ලාගෙන සිටීම ගැනද ඇයට නඩු පවරා තිබේ. එසේම   ඇයගේ පියාගේ චර්‍යාත්මක රටාව ඇය අනුගමනය කරනවාද යන්න මෙහිදී සාකච්චාවට  ලක් කල යුතුය​. Psycho genetics හෙවත් මනෝ ප්‍රවේණි විද්‍යාව මගින් ප්‍රචණ්ඩත්වය පරම්පරාවට සම්ප්‍රේෂණය වීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය​.   

සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයක මූලික ලක්‍ෂණ වන්නේ මූලික වන්නේ අන් අයගේ අයිතීන් නොතකා නොසලකා හැරීම​, සමාජ නීති රීතීන් කඩ කිරීම සහ ඒ පිළිබඳ සංවේදිතාවක් නොවීම​, රැවටිලිසහගත බව , ප්‍රචණ්ඩ හැසිරීම් රටාව හා තමන් ගේ ක්‍රියා නිසා ඇතිවන ප්‍රතිවිපාක කෙරෙහි පශ්චත්තාපයක් නොවීම මෑනවීම සහිතව (manipulative) මනෝහර පුද්ගලයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙන්වා සිටීම (Using charm),  තමන් ගේ පෙර සාවද්‍ය ක්‍රියා වලින් පාඩම් ඉගෙන ගැනීමේ නොහැකියාව , අන්‍යන් කෙරෙහි දක්වන අඩු සහනුභූතිය (Lack of empathy)  ආත්මකේන්ද්‍රික බව ( ego -centrism) මෙහි දක්නට ලැබේ.   

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පමණක් නොව  ලංකාවේ බොහෝ දේශපාලකයෝ සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවල ලක්‍ෂණ පෙන්වති. A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.   

මයෝ සායනය (Mayo Clinic) මගින්  සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය පිළිබඳ මෙසේ දැක්වේ  


Antisocial personality disorder is a type of chronic mental condition in which a person's ways of thinking, perceiving situations and relating to others are dysfunctional  and destructive. People with antisocial personality disorder typically have no regard for right and wrong and often disregard the rights, wishes and feelings of others. Those with antisocial personality disorder tend to antagonize, manipulate or treat others either harshly or with callous indifference. They may often violate the law, landing in frequent trouble, yet they show no guilt or remorse. They may lie, behave violently or impulsively, and have problems with drug and alcohol use. These characteristics typically make people with antisocial personality disorder unable to fulfill responsibilities related to family, work or school.


වෛද්‍ය රුවන් එම් ජයතුංග


53 ulasan:

  1. //සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයක මූලික ලක්‍ෂණ වන්නේ මූලික වන්නේ අන් අයගේ අයිතීන් නොතකා නොසලකා හැරීම​, සමාජ නීති රීතීන් කඩ කිරීම සහ ඒ පිළිබඳ සංවේදිතාවක් නොවීම​, රැවටිලිසහගත බව , ප්‍රචණ්ඩ හැසිරීම් රටාව හා තමන් ගේ ක්‍රියා නිසා ඇතිවන ප්‍රතිවිපාක කෙරෙහි පශ්චත්තාපයක් නොවීම මෑනවීම සහිතව (manipulative) මනෝහර පුද්ගලයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙන්වා සිටීම (Using charm), තමන් ගේ පෙර සාවද්‍ය ක්‍රියා වලින් පාඩම් ඉගෙන ගැනීමේ නොහැකියාව , අන්‍යන් කෙරෙහි දක්වන අඩු සහනුභූතිය (Lack of empathy) ආත්මකේන්ද්‍රික බව ( ego -centrism) මෙහි දක්නට ලැබේ. //

    තවත් බොහොම ප්‍රසිද්ධ කෙනෙකුට මේක අදාලයි නේද?

    BalasPadam
    Balasan
    1. ලංකාවේ බොහෝ දේශපාලකයෝ 80 % සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවල ලක්‍ෂණ පෙන්වති

      Padam
  2. මෙහි අනිත් පැත්ත තමයි මෙවැනි චර්යාවන් ඇති අයගේ අණසකට යටත්ව ජීවත්වෙන්නට, ඔවුන් තම නායකත්වයේ ලා සළකන්නට කැමැති අක්‍රමතාවයන් ඇති අය ද සමාජයේ සිටීම කියා මට හිතෙනවා.

    එැවනි මන්ද මානසිකත්වයක් ඇති (වෙනත් වචනයක් ඇති ඒ සඳහා) අය නැති නම් මේ ඔබ කියන "සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය" ඇති අය සදහටම නතර වෙන්නේ හිර ගෙවල්වලයි.

    BalasPadam
    Balasan
    1. මනෝ විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ල්‍ර් පවසන අන්දමට මිනිසුන් ගෙන් යම් කොටසක් දාස භාවයේ සිටීමට ප්‍රිය කරති

      Padam
  3. දෙසැම්බර් 16දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන ප්‍ර‍ණ්ඩත්වයත් මාතෘකා කර ගත් සම්මන්ත්‍ර‍ණයක අතරමගදී එයට පැමිණි හිරුනිකා මෙතෙක් කෙරුණු කතා කිසිවක් නො දැන පැවසුවේ තමන් කුඩා කාලයේදී මව්පියන්ගෙන් මුදල් සොරකම් කළ බව හා එයට දඬුවම් ලෙස පියා වයරයකින් පහර දුන් බවයි.

    ඇය පැවසූ පරිදි ඇගේ පියා පහර දීම සඳහා ක්‍ර‍ම තුනක් භාවිතා කළේ ය.
    1. අතින් කණට
    2. බඳ පටියෙන්
    3. වයරයකින්

    BalasPadam
    Balasan
    1. අසා තියනවා පර පීඩකයන් වෙන්නේ එවැනි දෙමාපියන්ගේ දරුවන් කියා.

      ඡන්දය දෙන්න ඉස්සර අපේක්ෂකයාගේ ළදරුවිය සහ දෙමාපියන් ගැන සොයා බලමු.

      Padam
    2. අජිත් අපේ සමාජයේ ගෑණු දරුවෙකුට කරන පහරදීම් සාපේක්‍ෂව අඩුයි. පියෙක් වයරයකින් ගෑණු දරුවෙකුට පහරදීම අසාමාන්‍යයි නේද ?

      Padam
  4. ඔබතුමා කියනවා හරි.................

    දේශපාලකයින් බහුතරය ඔය ඉන්න තැනට ඒන්න නම් පෞරුෂ අක්‍රමතාවයන් තිබිය යුතුයි...... නැතිනම් ඒවැනි තත්වයන් අැතැයි මවා ගත යුතුය...... ගැටලුව අැත්තේ මේ රෝගීන්ට මේ තරම් ඉහළ තැන් ලබා දීමට තරම් සමාජය අනුවණ වීමයි...........

    BalasPadam
    Balasan
    1. ගැටලුව අැත්තේ මේ රෝගීන්ට මේ තරම් ඉහළ තැන් ලබා දීමට තරම් සමාජය අනුවණ වීමයි //////රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරති

      Padam
  5. /A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි./

    +++++


    BalasPadam
  6. මෙය ලංකාවේ විදුහල්පතිවරුන් අතරත් බහුල රෝගී තත්වයකි.

    BalasPadam
    Balasan
    1. 22 වසරක ගුරු වෘත්තියේ අත්දැකීම් සමග මේ කතාව අනුමත කරමින් එයට ගුරුවරුන් ද අයත් වන බව පවසමි.

      Padam
    2. ගොඩක් ක්ශේත්‍ර වල ඉන්නවා.චාන්ස් එකක් ලැබුන ගමන් එලියට දානවා.අවස්ථාව ලැබීම අඩු වැඩි වීමයි සිද්ධවෙලා තියෙන්නෙ.

      Padam
    3. මොනවද මේ කතා ගස් මේ බ්ලොග් ලියන කියවන අය අතරත් ඉන්නේ චාන්ස් එකක් ලැබුන ගමන් එලියට දානවා පරණ පුරුද්ද මක් නිසාවත් අතහරින්න බෑ දකුණු කකුල පෙරටම අරගෙන එන්නේ අපි ජාතියක් වශයෙන් සිංහ ලේ නේ

      Padam
  7. ඩොක්ටර් රුවන්,

    තව නිරීක්ෂණයක් තියනවා "ලංකාවේ බොහෝ දේශපාලකයෝ සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවල ලක්‍ෂණ පෙන්වති." මේ ලක්ෂණ පෙන්වන්නේ බලය ඇති විටදී නේද ? බලය නැතිවිට මෙම ලෙඩේ හොදවෙනවද ?

    BalasPadam
    Balasan
    1. ලලිත් මිනිසාගේ තත්‍ය ලක්‍ෂණ පෙනෙන්නේ ඔහුට බලය ඇති විටයි

      Padam
  8. වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය සිත් ගන්නා සුළුයි. දීප්ති නම් මෙයාට ගස්ථික නිව්‍රෝසියාවද මක්කද එකක් කිව්වා. මම මේක දකින විදිය ළිපියකින්ම ලියන්නම්.

    BalasPadam
    Balasan
    1. @ Maathalan - Priyantha Hewage,

      ග්‍රස්තික නියුරෝසියාව ඇතැයි දී.කු.ගු. කිව්වෙ හිරුනිකාට නෙවෙයි. හිරුනිකාට චන්දෙ දෙන අයට!

      මම කිව්වෙ... මානසික රෝග විශේශඥවරු සයිකො ඇනලිස්ට් ලා වැහි වැහැලා ලංකාවේ. මේක පැහැදිලියි. සාමාන්‍යයෙන් මානසික රෝගයක් තියෙන බව කියලා ප්‍රතිවාදියාව ෆ්ලැට් කරන්න පුලුවන්. මේවා කිසිම වගකීමකින් කියන, ඒ විශය ගැන දැනුමක් තියෙන අය විසින් නෙවෙයි කියන්නේ.

      හැම සිද්ධියකටම අදාල අයගේ මානසික රෝගයන් දකින අයත් මම නම් හිතන්නේ මානසික රෝගීන්.

      අනිත් අතට, උදාහරනයක් විදියට මර්වින්ට, මුතුහෙට්ටිගම වගේ කුප්‍රකට ජනප්‍රිය දෙතුන් දෙනෙකු ගැන ඇරෙන්න, කවුද මහදවල් සමාජ විරෝධී වැඩ කරපු මරා, ගෝටා, නාමල් ලගේ Antisocial personality disorder පොයින්ට් අවුට් කරේ?

      ඒ විශයන් වල කොලිෆයිඩ් අය, වගකීම් සහගතව කියන දේ ඉතා වැදගත්. මේ ලිපියේ ඒ පිවිසුම ඉතා හොඳින් තියෙන බවක් මා දකිනවා.

      - Dimithri

      Padam
    2. අම්මපා හැබැව නේන්නම්. ඕන් බලහන්කෝ ඒ ටිකට අමතක උනා නේ. ඒක තියෙනවා කීවේ එයාට මනාප දීපූ උන්ට නේ.

      Padam
    3. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    4. ගෝටා, තුල යම් ප්‍රමානයක PTSD features තිබෙනවා නමුත් වෛද්‍යවරු මුනිවත රකිනවා

      Padam
  9. සාමාන්‍යයෙන් සමාජයේ මේ වගේ ආන්දෝලනාත්මක දෙයක් සිදුවූ විට එම සිද්ධිය, එයට අදාල පුද්ගලයාගේ මානසික අවුලක් බවට ඌනනය කෙරෙනවා. මානසික රෝග විශේශඥවරු සයිකො ඇනලිස්ට් ලා වැහි වැහැලා. මේකට හොඳ ඉල්ලුමකුත් තියෙනවා.

    මේකත් අර දේවල් කුමන්ත්‍රන න්‍යායන් මගින් පහදන්න තේරුම්ගන්න යනව වගේ වැඩක් මටනම්.

    - Dimithri

    BalasPadam
  10. //හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පමණක් නොව ලංකාවේ බොහෝ දේශපාලකයෝ සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවල ලක්‍ෂණ පෙන්වති.//
    කෙල්ලෝ අහවල් ගානක් දුෂණයකරා කියල පාටි දැම්ම පට්ට රටක් මේක.

    BalasPadam
  11. ගරු වෛද්‍යතුමනි ඔබ ඉදිරිපත් කොට ඇති කරුණු ඉතාමත් කාලෝචිතය​. නමුත් ඊට පලමුව ඔබතුමා ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුද යන්නත්, එසේ නම් ඔබතුමාගේ ලියාපදිංචි අංකයත් (වෛද්‍ය සභාවේ) ඉදිරිපත් කරන ලෙසය.

    BalasPadam
    Balasan
    1. අනේ රුවන් මෙන්න අසාධ්‍ය ලෙඩෙක්, ඔබගෙන් ප්‍ර‍තිකාර ගන්න ඉස්සරින් සුදුසුකම් තිබේද කියා බලාගන්න ඇවිත්.

      Padam
    2. මා වගකීමෙන් කියනවා මෙතුමාට මනෝවෛද්‍යවරයෙකු ලෙස හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැති බව​. තිබේ නම් ඉදිරිපත් කිරීම එතුමාගේ වගකීමයි.

      Padam
    3. ලංකාවෙ වෛද්‍ය සභාවේ ලියාපදිංචි උන් විතරද බං දොස්තරල.....

      Padam
    4. අනිත් උන් හොර දොස්තරලා...

      වෛද්‍යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල යන රෝහල් වල සේවය කරන ලදි. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද , කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත​. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරන ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘතීන් පල කොට තිබේ.

      ලියාපදිංචියක් නැතුව කොහොමද මෙතුමා ප්‍රතිකාර කලේ මෙහෙම​....? එක්කෝ මෙතුමා බොරු කියනවා. නැත්නම් වෛද්‍ය සභාව දන්නේ නෑ මේ සෙල්ලම​.

      Padam
    5. ලියාපදිංචිය / සුදුසුකම් ඔබ​ට health ministry එකෙන් ලබාගන්න පුලුවන් .තුන්වන ලෝකයේ රටක් වන ලංකාවේ වෛද්‍ය සභාවේ පමණක් නොව කැනඩාවේ සහ ඇමරිකාවේ මනෝ ප්‍රතිකාර සඳහා මට ලියාපදිංචි තිබේ.

      Padam
    6. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්‍යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. ///////// ලංකාවේ විශ්ව විද්‍යාල වෛද්‍යා පීඨ වල කොලිටිය අඩුයි. ලංකාවේ විශ්ව විද්‍යාල වෛද්‍යා පීඨ වල අයට කියන්නේ 3rd world medical graduates කියලා

      Padam
    7. අනේ ගොනෝ උඹට ලංකාවේ වෛද්‍ය සභාව ලොකු උනාට ලෝකය ඉදිරියේ උඹලට තැනක් නැහැ. මේක කියවපං. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය , රෝගීන්ට මානුශිකව සැලකීම ,රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්‍යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. මාධ්‍යවේදී සුගත් රාජපක්‍ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද ,ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ. ඒකියන්නේ උඹලත් මානසික රෝගීන්.

      Padam
    8. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රෝගීන්පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රෝගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

      ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ තවමත් පවතින්නේ ඉතාම නොදියුණ මට්ටමකය​. මේ පීඨ වල පුද්ගල ගරුත්වයක් නොමැත.ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි.

      Padam
    9. ලෝක ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ලෝකයේ අන්තිම තැන ඉන්නේ

      Padam
    10. ඔය බොරු පුරසාරම් වලින් වැඩක් නැහැ. ඔබතුමාගේම පොත්වල පිටිපස්සේ ප්‍රින්ට් කරලා තියනවනේ ඔබතුමා ලංකාවේ රෝහල් රැසක වැඩ කරලා තියනවා කියලා. එහෙම වැඩ කරන්න නම් ඔබතුමාට නීතිමය අවසරයක් තියෙන්න එපැයි. ඒ නීතිමය අවසරයටනෙ අපි SLMC Registration එක කියන්නේ. එහෙනම් ඔබතුමා කෙටියෙන්ම කියන්නකො ඔබතුමාගේ SLMC Registration No. එක. එච්චරයි මම අහන්නේ. මෙතන තියෙන්නේ ලෝකයේ හොඳම වෛද්‍ය සභාව මොකක්ද කියන ප්‍රශ්නය නෙමෙයි, ඇත්ත සහ බොරුව පිළිබඳ ප්‍රශ්නයයි. මොකද සමහර වෙලාවට පොඩි පොඩි සක්විතිලා තාම තැන් තැන්වල ඉන්නවා. ඒ නිසා අසරණ අපි වඳුරගෙන් බණ අහලා ජේතවණාරාමයත ගල් ගැහුවොත් එහෙම​.

      මං හිතනවා ඉක්මනටම ඔබතුමාගේ SLMC Registration No. එක හොයලා අපිට කියයි කියලා.

      Padam
    11. විදේශීය වෛද්‍ය උපාධිධාරියෙකු ලෙස මට තාවකාලික SLMC Registration No.තිබේ. එම අංකය මගින් මට ලංකාවේ රජයේ රෝහල් වල සේවයේ යෙදිය හැක​. එහි අංකය ඔබට දිය හැක නමුත් ඔබ කොන්ද කෙලින් තබාගෙන ඔබගේ නියම නමින් ආ යුතුයි. ඔබගේ කොමෙන්ටුව සමග මෙහි සඳහන්ව ඇති ඔබගේ පරිගනකයේ අයි පී අංකය මගින් ඔබගේ නම ලිපිනය සොයා මට SLMC Temporary Registration No එවිය හැක​. 1995 පෙර විදේශීය වෛද්‍ය උපාධිධාරින්ට තාවකාලික ලියාපදිංචි අංක මගින් ලංකාවේ රජයේ රෝහල් වල සේවයේ යෙදිය හැකි බව ඔබ නොදන්නවා විය හැකිය​. ජාතික රෝහලේ අධ්‍යක්‍ෂකවරයෙකු වූද කීර්තිමත් වෛද්‍ය හෙක්ටර් වීරසිංහටද ඇත්තේ මේ තාවකාලික ලියාපදිංචි අංකයකි. මම දැන් ලංකාවෙන් බැහැරව ජීවත් වන නිසා මට ස්ථිර ලියාපදිංචියක් අවශ්‍ය නැත​. මම Psychiatrist නොවෙමි මම හදාරන්නේ Psychology විෂය වේ. මා දැන් උතුරු ඇමරිකාවේ මෙන්ම ලෝකයේ ඉතා ඉහලින් පිලිගැනෙන විශ්ව විද්‍යාලයක Psychology හදාරන බව කියන්නේ ඔබගේ ඉරිසියා සිත තවත් පෑරීමට නොවේ. ඔබ ලංකාවේ උගත් වෛද්‍යවරයෙකු ලෙස සැඟවී නොව නියම නමින් කෙලින්ම මා සමග වාදයට එන්න​. ඔබට එසේ කිරීමට Personality එකක් තිබේද ?

      Padam
    12. වෛද්යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්ය රුවන් එම් ජයතුංග කොලොන්ගොඩ ග්රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්ය නිලධාරී ලෙසටද (1995) මිනිපේ ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල(1998), උතුරු කොළඹ ශික්ෂණ රෝහල(2000), හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල (2002- 2006)යන රෝහල් වල සේවය කරන ලදි. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයෙන් ළමා මනෝ විද්යාවද , කැනඩාවේ හම්බර් විද්යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්රතිකාර ආයතනයේ මනෝ විද්යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාව පිළිබඳ පරියේශන පත්රිකා කීපයක්ද පළ කොට ඇත. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධි අධ්යනයන් හදාරයි. වෛද්ය රුවන් එම් ජයතුංග පිළිබඳ තොරතුරු සෞඛ්ය අමාත්යංශයෙන් ලබා ගත හැකිය. එසේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා , විශේසඥ මනෝ වෛද්ය නීල් ප්රනාන්දු, විශේසඥ මනෝ වෛද්ය දයා සෝමසුන්දරම් , විශේසඥ මනෝ වෛද්ය සරත් පන්ඞුවාවල ,පුත්තලම හිටපු සෞඛ්ය සේවා අධ්යකෂක වෛද්ය ආර් එම් එස් කේ රත්නායක , හිටපු Director Mental Health වෛද්ය හිරන්තී ද සිල්වා ,යුද හමුදා රෝහලේ ජෙනරාල් වෛද්ය සංජීව මුණසිංහ වැනි වෘත්තිකයන් ඇමතීමෙන් ද ඔබට ඔහු වෛද්යවරයෙකු ලෙස 16 වසරක් ලංකාවට කල සේවය අසා ගත හැක. යුක්රේනයේ වෛද්ය විද්යාලයේ සිටියේ 1986 – 1993 කාලයේය. දැනට තාජුඩීන් ගේ මරණ පරීක්ෂණය කරන විශේසඥ අධිකරණ වෛද්ය අජිත් තෙන්නකෝන් ද ඉගෙනුම ලැබුවේ මේ යුක්රේනයේ විනිට්සා වෛද්ය විද්යාලයේ ය.

      Padam
    13. නියමයි Dr රුවන් නියම උත්තරේ දීලා තියනවා. මෑන් දිස්ත්‍රික් කෝටා එකෙන් ඇතුලට ගිය නපුන්සකයෙක් හැඩයි. ඒකයි ඔය ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්නේ.

      Lalith

      Padam
    14. ඔය කබ්බන් ගේ කතා ගනං ගන්න එපා රුවන්. ඔබ අන්තර්ජාතික පිලිගැනීමට ලක් වූ වෛද්‍යවරයෙක්. 2015 කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පිට කල The Essentials of Global Mental Health ග්‍රන්ථයේ ඔබ එක් පරිච්ඡේදයක් ලියූ බව මේ ලෝකල් හරක් නොවන්නවා විය හැකියි. මේ කබ්බෝ ලෝකය දැකලා නැහැ. ලංකාව තමයි මේ මැට්ටන් ගේ විශ්වය .

      Dr H.H.K (UK)

      Padam
  12. මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් තමන්ට රෝගයක් ඇති බව පිළිගන්නේත් නැහැනේ.ඔවුන් නිසයි මේ සමාජය රෝගී වෙන්නේ.

    BalasPadam
  13. එතකොට අපි චන්දෙ දීල පත්කරලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද?(බලයේ ඉන්න,හිටපු ගොඩක් අය පිස්සෝ ) මම හිතන්නේ මෙයාල බලයෙන් අන්ද වෙලා.

    BalasPadam
  14. එතකොට අපි චන්දෙ දීල පත්කරලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද?(බලයේ ඉන්න,හිටපු ගොඩක් අය පිස්සෝ )
    මම හිතන්නේ මෙයාල බලයෙන් අන්ද වෙලා.

    BalasPadam
    Balasan
    1. මෙයාල බලයෙන් අන්ද වෙලා +++++++++

      Padam
  15. ඔබට බොහොම ස්තුතියි මේ බරපතල සමාජ ගැටළුවක් විද්‍යාත්මකව විමසන ලිපියට . ඔය 'දේශපාලක මනෝ විද්‍යාව' ගැන පොත් එහෙම ලියවිලා නැද්ද ?

    BalasPadam
    Balasan
    1. මා විසින් ලියන ලද ප්‍රරභාකරන් සාධකය පොත (සරසවි ප්‍ර​) බලන්න එහි මේ ගැන සඳහන් වෙනවා

      Padam
  16. මනෝ විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ල්‍ර් පවසන අන්දමට මිනිසුන් ගෙන් යම් කොටසක් දාස භාවයේ සිටීමට ප්‍රිය කරති ....

    මේ ගැනත් යමක් ලියන්න.. දැනටම ලියලා නම් කියන්න..

    BalasPadam
    Balasan
    1. ලංකාවේ දී මේ වහල් මානසිකත්වය ඇති පිරිස හැඳින්වෙන්නේ බයියන් යන සුරතල් වදනිනි.

      Padam
  17. ලංකාවේ දී මේ වහල් මානසිකත්වය ඇති පිරිස හැඳින්වෙන්නේ බයියන් යන සුරතල් වදනිනි.

    BalasPadam
    Balasan
    1. බයි කතාව පූර්ණ සත්‍යක් ද? ටොයියන් අතරේ එවැන්නන් නැතිද?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook