Ahad, 31 Januari 2016

ජවිපේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙකුට ප්‍රතිකාර කලෙමි



2000 වසරේදී මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතා යටතේ කෙටි කාලීන ශල්‍ය වෛද්‍ය පුහුණුව ලැබුවෙමි. එසේම එතුමාගේ වාට්ටුවේ ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා මානසික උපදේශනය සහ මනෝ ප්‍රතිකාරයන් ලබා දීමද මා අතින් කෙරුනි. මෙම උපදේශන සේවය නියමු වැඩ සටහනක් (Pilot Project) ලෙස එළි දැක්වීමට වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතාට අවශ්‍යතාවය තිබුනද එය දිගටම ක්‍රියාත්මක නොවූයේ අපගේ වෛද්‍ය පරිපාලකයන් තමන් සිටින මානසික කොටුවෙන් ඔබ්බට සිතීමට නොහැකි අළුතින් යමක් සිතීම පාපයක් කියා සිතන නවීප්‍රකරණයට බය පිරිසක් වීම නිසාය​. 

එහෙත් රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ රෝගීන් ගනනාවකට ශල්‍යකර්ම වලට පෙර සහ පසු අප උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාර වලින් සහය වූයෙමු. මීට පෙර රජයේ රෝහල් වල උපදේශන සේවා නොවූයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය සහ මම ලංකාවේ රෝහල් පද්ධතිය තුල මුලින්ම උපදේශන සේවා  ආරම්භ කල බව සිතමි. එසේම 2002 වසරේදී කොලඹ යුද හමුදා රෝහලේ  ස්ථිර උපදේශන සේවාවක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම ස්ථාපිත කලෙමි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ උපදේශන සේවය කෙටි කාලයකට සීමා වූවද ඒ කාලය තුල අප රෝගීන් බොහෝ දෙනෙකුට උපදේශන සේවා ලබා දුන්නෙමු. ඒ අතර දුම්රියට අසුවී කකුලක් වෙන් වූ නව යොවුන් වියේ සිටි පාසල් දරුවෙකුද විය​.  ජවිපේ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු සාමාජිකයා මට මුණ ගැසෙන්නේ මේ කාලයේදීය​.

Traumatic Brain Injury  (TBI) හෙවත් හිස තුවාල වීම නිසා වරින් වර හට ගන්නා හිසේ ඇම්ම නිසා ඔහුව අපගේ වාට්ටුවට යොමු කොට තිබුණි.  මෙම පුද්ගලයාට අප නිමල් කියමු. ඒ ඔහුගේ නියම නම නොවේ. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොලඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලකිනි. ඉතා හොඳින් ඉගෙනීමේ නියත වූ ඔහු උසස් පෙළ පන්තියේදී මිතුරෙකුගේ මාර්ගයෙන් ජවිපෙට බැඳේ. පන්ති පහ නිම කිරීමෙන් පසු 1988 පමණ කාලයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවටද රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටද එරෙහිව ඔහු උද්ගෝෂණයේ නියැලෙයි. එසේම පාසල් වල වර්ජන සංවිධාන කරයි. 

ජවිපේ දෙවන කැරැල්ල උත්සන්න වන විට ඔහු යටිබිම් ගත වේ. තමන් ගේ අනෙකුත් සාමාජිකයන් ද්‍රෝහියන් ලෙස නම් කරන ලද මිනිසුන් කෘරව මරණවා දුටුවද තමා මිනී නොමැරූ බවත් කොල්ලකෑම් නොකල බවත් නිමල් පවසයි. එහෙත් දේපල ගිනි තැබීම් කීපයක් තමා ඇතුළු කණ්ඩායමක් විසින් කල බව ඔහු පැවසීය​. යටිබිම්ගතව සිටියද ගෝනිබිල්ලෙකු බවට පත් වූ හිටපු සාමාජිකයෙකු ඔහුව හමුදා මුරපළකදී පාවා දීම නිසා නිමල්ව අත් අඩංගුවට ගැනේ. ඔහුව ගෙන යන්නේ රුවන්වැල්ල පොලිසියටය​. 

රුවන්වැල්ල පොලිසිය 1971 දී පවා 71 කැරලිකරුවන් දරුණු ලෙස වද බන්ධනයට පත් කරන ලද පොලිස් ස්ථානයකි. 1988-89 කාලය වන විට පොලිසියේ කෘරත්වය 1971 ටත් වඩා දෙගුණ තෙගුණ වී තිබුණි. අත් අඩංගුවේදී ඔහුට එස්ලෝන් බට සහ මහත වයර් පටි වලින් පහර දෙනු ලැබීය​. පහර දීමෙන් පසු ඔහුව අත් අඩංගුවට පත් වූ සෙසු කැරලිකරුවන් විස්සක පමණ කණ්ඩායමක් සමග රඳවා තැබුණි. සැකකරුවන්ට එකිනෙකා සමග කතා කිරීම තහනම් විය​. කතා කරනවා අසු වූ සැකකරුවන්ට නිර්දය ලෙස පහර දෙනු ලැබීය​. 

පහර දීම සහ පරිප්‍රශ්නනය ( interrogation ) දිනපතාම සිදු කරන ලදි. එක් පොලිස් නිලධාරියෙක් සැකකරුවන්ට හිසට පහර දෙනු ලැබුවේ පොතක් හිස මත රඳවා තිබියදීය​. නිමල් ද මෙම වද ක්‍රමයට ගොදුරු විය​. ඔහුව කාමරයට ගත් උක්ත පොලිස් නිලධාරියා  පොතක් ඔහුගේ හිස මත තබා එය අල්ලා ගැනීමට නියම කලේය​. ඉන්පසු දරුණු ලෙස ඔහුගේ හිසට බැට්න් පොල්ලකින් පහර දෙනු ලැබීය​. සෑම පහරක් සමගින් එහි කම්පනය ඉතා තදබල ලෙසින් ඔහුට දැනුනි. හිස බේරා ගැනීම සඳහා ඔහු පොත දෑතින්ම අල්ලාගෙන සිටියේය​. සමහර පහරවල් වැදුනේ ඔහුගේ ඇඟිලි වලටය​. පොත බිම වැටීම නිසා වරක් දෙකක් බැට්න් පහරවල් ඔහුගේ හිසට වැදුණි. 

මෙම පහර දීම පුරා පැයක් සමග සිදු විය​. අවසානයේදී වෙහෙසට පත් නිලධාරියා නිමල්ට පයින් පාරක් ගසා කාමරයෙන් එලියට දමනු ලැබීය​. ඒ වන විට නිමල් ගේ නාසයෙන් සහ කනෙන් ලේ ගලා යමින් තිබුණි. විසංඥ වූ ඔහුව සිර කුටියට ඇද දමනු ලැබීය​. මෙසේ සති ගනනාවක් ඔහු රුවන්වැල්ල පොලිසියේ සිටියේය​. බොහෝ අවස්ථා වලදී ඔහු පහරකෑම් වලට ලක් විය​.  

මෙසේ වද බන්ධනයට ලක් වීම නිසා නිමල් දිවි නසා ගැනීමට මාන බැලුවේය​. වෙනත් රැඳවියෙක් ගෙන් පිරිටන් පෙති 17 ලබාගත් ඔහු එය තම කමිසයේ වාටි අතර සඟවාගෙන සිටියේ වධ කුටියෙන් මිදී යාමට නොහැකි වුවහොත් එකවර පිරිටන් පෙති 17 පානය කරමි යන චේතනාවෙනි. එහෙත් ඔහුගේ දෙමාපියන් ආරක්‍ෂක අංශ හරහා බලපෑම් කොට තිබූ නිසා ඔහුව වෙනත් රැඳවුම් කඳවුරකට මාරු කරන ලදි. මේ රැඳවුම් කඳවුරේදී ඔහුට පහර දීමක් සිදු වූයේ නැත​. ඉන් පසු ඔහු බූස්සට මාරු කරන ලදි. 

වසර දෙකක පමණ පුනරුත්ථාපනයෙන් පසු ඔහුව නිදහස් කරන ලදි. නිදහස් වී වසර ගනනාවක් ගතවූවද නිමල් තුල කායික මානසික රෝග ලක්‍ෂණ දක්නට තිබේ. ඔහු මිනිසුන් විශ්වාස කිරීම නවතා දැමීය​. ඔහු දේශපාලනයෙන් ඉවත් විය​. හිටපු සාමාජිකයන් මඟ හැරියේය​. වරින් වර වැළඳෙන දරුණු හිසේ කැක්කුමකින් ඔහු පෙළුනේය​. ඔහුගේ කායික ශක්තිය හීන විය​. තවමත් තරුණ වයසේ සිටියද ඔහුගේ ලුබ්ධිය අව ප්‍රමාණ වූයේය​. ලිංගික ආකර්ශනයන් ඔහුට තව දුරටත් උත්තේජනයන් නොවීය​. 

තම ජීවිතය නිරපරාදේ විනාශ වූවා වැනි අදහසක් ඔහු තුල වර්ධනය විය​. අධ්‍යාපනය කඩාකප්පල් වීම,  රැකියාවක් කිරීමට සුදුසුකම් නොමැති වීම නිසා ඔහු මන් දෝත්සාහී විය​. දරුණු විශාද අවපාතයකට නිමල් ගොදුරු වූයේය​. රාත්‍රියට ඔහුට නින්ද නොආවේය​. සමහර අවස්ථා වලදී වද බන්ධනයට ලක් වූ අත්දැකීම් ඔහුට සිහිනෙන් පෙනුනි. ඔහු තුල තිගැස්ම අනිසි බිය වර්ධනය වූයේය​. 

බොහෝ කායික මානසික රෝගාබාධ වලට ලක් වූ නිමල් හට සංයුක්ත ප්‍රතිකාර ලබා දුනි. ඔහුව ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙකුට යොමු කොට ඊ. ඊ.ජී පරීක්‍ෂණයක් කරන ලදි. ස්නායු වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කලේය​. එසේම ඔහුගේ විශාදයට ඖෂධ ප්‍රතිකාර ලබා දෙන ලදි. මේ අතර උපදේශන සහ මනෝ ප්‍රතිකාර නොකඩවා කරනු ලැබීය​. සරල සංයම ප්‍රතිකාරයක් ලෙස ආනාපානාසතිය වැඩීමට ඔහුව හුරු කරන ලදි. මාස හයක් පමණ මෙසේ ප්‍රතිකාර කරන විට නිමල් ගේ තත්වය යහපත් විය​. 2002 වසර වන විට ඔහු විදේශ රැකියාවක් සොයාගෙන මැදපෙරදිගට යන ලදි 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග



(චායාරූපයේ අයිතිය ධර්මන් වික්‍රමරත්න මහතාටය​) 

32 ulasan:

  1. ඔබේ අත්දැකීම් කියවන්න අැත්තට ම කැමතියි.......

    BalasPadam
    Balasan
    1. ඔබගේ ප්‍රතිචාරය මට සවියක්

      Padam
  2. තනි අලියා31 Januari 2016 pada 9:45 PG

    ඔන්න ඔහෙමයි එ් මනුස්සයව ගොඩදැම්මෙ නේ :)

    BalasPadam
  3. Nice one. I think counselling should be an essential service in SL.
    Does ලුබ්ධිය mean libido.

    BalasPadam
    Balasan
    1. Yes ලුබ්ධිය is Libido

      counselling should be an essential service in the SL hospitals

      Padam
  4. වෛද්‍ය තුමනි. මෙම ඡායාරූපය අපහැදිලියි. එහි සිවිල් හැද සිටින්නේ රාජ්‍ය වධකයන්ද .ඔවුන්ගේ ශරීර ප්‍රමානය හා මුහුණු දකින විට ඔවුන් රාජ්‍ය වධකයන්ද කියා සිතන්නට අමාරුයි නේද
    පසෙකින් ඇස් බැද සිටින තැනැත්තා ඔවුන්ට වඩා හැඩිදැඩි අයෙක්.
    මට සිතෙන්නෙ පොතක් හිස මත තබා පහර දීම වැනි වධයකින් හිසට බරපතල හානි සිදුවන බවයි. ඖෂධීය ප්‍රතිකාරවලින් එවැනි රෝගියෙක් සුව කල හැකිද
    නාසයෙන් කටින් ලේ දැම්ම බවත් කිහිපවරක් විසඥ වූ බවත් කියන නිසා ඔහුගේ මොළයේ අභ්‍යන්තරයට හානි සිදුවන්න ඉඩ තිබෙනවා නේද.
    ඔහු යළි ප්‍රකෘතිමත් වී මැදපෙරදිග රැකියාවකට ගියා කීම පුදුම සහගතයි.

    BalasPadam
    Balasan
    1. මෙම චායාරූපය මම ධර්මන් වික්‍රමරත්න මහතාගේ ලිපියකින් ගත් එකක්. එහි සිටින්නේ රාජ්‍ය වදකයන් විය යුතුය​. පොතක් හිස මත තබා පහර දීම වැනි වධයකින් හිසට කම්පනය දැනෙනවා. බාහිර තුවාල නැහැ. ඔහුගේ මොළයේ අභ්‍යන්තරයට හානි සිදුවූවා. නමුත් කාලයත් සමග මොලයේ හානි වූ කොටස් යලි සෙමෙන් සෙමෙන් සුව වෙනවා. එය පරියේශනාත්මකව පෙන්වා දුන් දෙයක්. ඖෂධීය ප්‍රතිකාරවලින් මනෝ සමාජීය පුනරුථාපනයෙන් එවැනි රෝගියෙක් සුව කල හැකියි. මා විසින් ඇමරිකා එක්සත් ජනපදයේ Brookhaven රෝහලේ TBI හෙවත් මොලයට හානි සිදුවූ රෝගීන් සඳහා කෙරෙන ප්‍රතිකාර ගැන ලියන ලද ලිපිය කියවන්න http://www.traumaticbraininjury.net/ruwan-jayatunge-m-d-a-cross-cultural-perspective-of-tbi-and-ptsd/

      Padam
  5. 1971 කාලයේදී පොලීසිය තිබුනේ රුවන්වැල්ලේ නෙවෙයි, ඊට කි.මී. 1 ක් පමණ ඈතින් තිබුණු කරවනැල්ලේ. 1980 දශකයේදී තමයි, වඩාත් විශාල නගරය වන රුවන්වැල්ලට ගෙනාවේ. (කරවනැල්ල, රුවන්වැල්ල, අඟුරුවැල්ල, යන නගර, පිලිවෙලින් පිහිටා තිබෙන්නේ, එකිනෙකට කි.මී. 1 ක පරතරයෙන් යුක්තව) 1971 දී කරවනැල්ල පොලීසියේ මිදුලේ තිබුණු මහ කොස්ගහ, එල්ලුම් ගසක් ලෙස යොදාගත්තා, 71 කැරැල්ලේ සැකකරුවන් එල්ලා දැමීම සඳහා. ඒ ආසන්නයේ මහ වලක් කපා, එය තුළ ටයර් ගිනි තබා, පොලීසිය තුළ පහර දී ඝාතනය කල සැකකරුවන්ගේ මළසිරුරු පුළුස්සා දැම්මා. සමහර සැකකරුවන්ට අණකළා, මියගිය අයගේ සිරුරු කරේ තබාගෙනගොස්, ඒ වලට දමන ලෙස. තම සගයන්ගේ සිරුර කරතබාගෙන, වල අසළට ගිය සැකකරුවන්ට වෙඩි තැබුවා, ඒ වලටම වැටී පිලිස්සී මියයන ලෙස. මේ සියල්ල, ඊට යාබද කරවනැල්ල රෝහලේ සිටි ගැබිණි මව්වරුන් දුටුවා. ඔවුන් දැඩි භීතියට පත්ව, බලෙන් ටිකට් කපාගෙන, අවිස්සාවේල්ල, යටියන්තොට, කෑගල්ල, වැනි රෝහල් වලට ගියා.

    පුද්ගලයකුගේ හිසමත පොතක් තබා පහරදීම සහ, බංකුවක නිදිකරවා පතුල් වලට බැටන් පහර එල්ල කිරීම 'බැස්ටිනාඩෝ' කියා හඳුන්වනවා.

    BalasPadam
    Balasan
    1. විචාතුමා ඔබ හරි 1971 රුවන්වැල්ල ප්‍රදේශයේ වදකාගාරය තිබුනේ කරවනැල්ල පොලිසියේ. එහි 71 දී පොඩි ජයා නම් ජවිපෙ සාමාජිකයා ගිනිමැලයක් යට කබරයෙකු මෙන් එල්ලා තිබ්බ දවස් ගානක්.
      යන වචනය මොන බාසාවෙන් ආපු එකක් ද ?
      'බැස්ටිනාඩෝ'

      Padam
    2. https://en.wikipedia.org/wiki/Foot_whipping

      https://www.youtube.com/watch?v=CFReGPMgzIs

      Padam
    3. තිරිසන් පොලිස් බල්ලෝ !!!!

      Padam
    4. ඇයි?
      තිරිසන් පොලිස් බල්ලෝ විතරද හමුදාවේ උන් නැද්ද එතකොට නුබ පොඩි එකෙක් මලේ ඔය කාලවල පෙනේන හැටියට
      කාපු එවුන් දන්නවා කෑවේ කොයි බල්ලා ගෙන්ද කියලා

      Padam
    5. ඇනෝ මචං.. අනේ නෑ එහෙම හිතලා කීව නෙමෙයි මචෝ .ඒ දවස් වල මං ඇටිකිච්චා...මං කීවෙ මෙන්න මේකට..// එහි 71 දී පොඩි ජයා නම් ජවිපෙ සාමාජිකයා ගිනිමැලයක් යට කබරයෙකු මෙන් එල්ලා තිබ්බ දවස් ගානක්// මුං සත්තු නෙවැ.

      Padam
  6. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
    Balasan
    1. වදකයොත් පුදුමාකාර විදිහට ක්‍රියේටිව් ජාතියක්නේ, පැයක් තිස්සේ හතිදාගෙන බැටන් පොල්ලෙන් ගහන හාඩ්වරකර් කෙනෙකුට ඔයවගේ ක්‍රියේටිව් අදහස් එන්න බෑ, මං හිතන්නේ ෆොටෝ එකේ ඉන්නේ හොදම නරුමයෝ ටීම් එකක්, හොඳ සැහැල්ලුවෙන් ඉන්නේ එයාලා පට්ට ක්‍රියේටිව් වදක සෙට් එකක් වෙන්න ඇති.

      පොත කියන භාණ්ඩය කවදාවත් අභාවයට යන එකක් නෑ එකේ තියන විවිධාකාර ප්‍රයෝජන නිසා, හොලිවුඩ් ෆිල්ම් එකක තිබුනා ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් ඔළුවට තියලා වෙඩිතියනවා කිසි සද්දයක් නොඑන්න. ටෙලිෆෝන් ඩිරෙක්ටරි බහුලව නොතිබුන අපේ වදක කදවුරුවල ඔළුව උඩ තියල ගහන්න යොදාගන්න ඇත්තේ මොන පොතක්ද?

      Padam
    2. අපේ වදක කදවුරුවල ඔළුව උඩ තියල ගහන්න යොදාගන්න ඇත්තේ මලලසේකර ශබ්ද කෝෂය

      Padam
    3. රුවන් සෑර්.. ඕ යේස් .මළලසේකරෙන් එහෙම වැඩ තමා ගන්න ඇත්‍තෙ.බල්ලන්ට ලෙලිපොල් වගෙ නෙවැ

      Padam
    4. බල්ලන්ට ලෙලිපොල් වගෙ ඔව් පත්තරේ ඒක නම් එහෙමයි

      Padam
  7. රටේ බලය අල්ලන්න තරුණයන්ව නොමඟ ඇරපු අයගෙයි වරද. ලෝකයේ හමුදාවල් නීත්‍යානුකූලව සටන් කොට හෝ සැක කරුවන් ගෙන් ප්‍රශ්ණ කිරීම් වලින් ත්‍රස්තවාදය සමඟ සටන් කරන්න බැරි බව දැනගෙන ඔවුනුත් ත්‍රස්ත ක්‍රමම අනුගමනය කරන්න පටන් අරන් බොහෝ කල්. උදාහරණයකට දුර විහිදුම් බලකායන්, විශේශ සේවා බලකායන්, ඔක්කොම අනුගමනය කරන්නේ ත්‍රස්ත උපක්‍රම. අවියක් දරන කෙනෙකුට පහරදී ඔහු ආපහු පහරදෙන විට මෝඩකම අවිය දරන තැනැත්තාට පහර දුන් කෙනාගේ සහ ඔහුව මෙහෙයවූ කෙනාගේ.

    ඔබගේ සේවයට මගේ ප්‍රණාමය.

    BalasPadam
    Balasan
    1. ඉයන් මෙය ඉතා කණගාටුදායක දෙයක් බිලි බෝයිස්ලා ෆෝම් කිරීම අදත් සිදුවෙනවා

      Padam
  8. මේව ඔබගේ ජීවිත අද්දැකීම්. අපට වඩා ඔබට විවිද සමාජ ස්තරවල මිනිසුන් හමු වනවා. ඔවුන්ගේ හැඟීම්, ඔබ හඳුනනවා. මේ විදිහට හෝ මේ අද්දැකීම් කියවන්න ලැබීමගැන සතුටුයි. වෛද්‍ය තුමනි, මේ විදිහට ඔබේ ජීවිත අද්දැකීම් එකතු කර ප්‍රකාෂය කල පොතක් තිබේ ද? එය ලබා ගත හැක්කේ කෙසේ ධ?

    BalasPadam
    Balasan
    1. කසුන් මම විසින් ලියන ලද මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි (විජේසුරිය ග්‍රන්ථ කේ) පොතේ මේ අත්දැකීම් ගැන කියවෙනවා

      Padam
  9. "රටේ බලය අල්ලන්න තරුණයන්ව නොමඟ ඇරපු අයගෙයි වරද"
    I can think about two, Wimal Weerawansha and the other ex-JVP Somawansha.

    BalasPadam
    Balasan
    1. Wimal Weerawansha 88/89 දී මොකෙක්ද ?වැලට ආපු ආසයි බයයි පොරක්

      Padam
    2. WW අද මිලියනපතියෙක්

      Padam
    3. Oh yes, only WW, Mahinda Wijesekara, Loku Athula, SB Dissanayake (all 71 JVPers) are saints....

      Padam
  10. රුවන්වැල්ලේ පොලිසේයේ හිටිය පොලිස් නිළදාරියෙක් අපරාද අංශයේ ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මන්ද මානසිකත්වයෙන් පෙලුනා.

    BalasPadam
    Balasan
    1. වදකයොත් මානසික රෝගීන් වෙනවා ලලිත්

      Padam
  11. කොල්ලො කෑගහපු සද්දෙ මැකෙන්නත් කලින් ආයෙ ආයෙ ජාති වාදෙයි.. අරකයි මේකයි මරණ වසංගත අවුලුවන එවුන් කොයි ලෝකෙ යයිද මන්දා..
    ජයවේවා..!!

    BalasPadam
  12. මධ්යම පන්තික පවුලකට දාව උපන් ලෙනින් තම සහෝදරයාගේ 1887 ඝාතනයෙන් පසු විප්ලවවාදී සමාජවාදී දේශපාලනය වැලඳ ගත්තේය. දේශපාලනික වශයෙන් රුසියාව වෙනස් කිරීමට ගිය බොහෝ අයට මරණය හෝ දොස්තර රුවන්ගේ කතා නායකයා වන නිමල්ට වුන වැනි කනගාටු දායක අත්දකීම් වලට මුහුණ දීමට සිදුවිය.එහෙත් ලෙනින් ඇතුළු බෝල්ෂෙවික් වරු සටන අත් හැරියේ නැත.රුසියාව පමණක් නොව අසල්වැසි රටවල් පහලවක් එකතු කරගෙන සෝවියට් දේශය බිහිකලේය.එපමණකින් නොනැවතුන සෝවියට් දේශය, ශ්‍රී ලංකාව වැනි දුගී රටවල දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නොමිලේ ශිෂ්‍යත්ව ප්‍රධානය කළේය.එවැනි ශිෂ්‍යත්වයකින් උපාධියක් ලැබූ මේ රුවන් ජයතුංග නම් වෛද්‍යතුමා එක් අයෙක් පමණකි.එදා ලෙනින් සහෝදරයා ,නිමල් වැනි අය නිසා කම්පිතව රුසියානු විප්ලවය නැවැත්වුවා නම් අද අපිට රුවන් ජයතුංග නම් දොස්තර කෙනෙක් අහිමියි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook