වරක් මා විසින් ලියන ලද සිංහබාහු කථාවේ මනෝ විද්‍යාත්මක පාර්ශවය ගැන ලිපිය කියවූ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙකු වන Eric Smadja මෙම ලිපිය මහාචාර්ය ගනනාථ ඔබේසේකර වෙත යවන්න යැයි කීවේය. ඒ මන්ද කියා මා විමසූ විට ඔහු කීවේ ගනනාථ ඔබේසේකර යනු වර්ථමානයේ ජීවතුන් අතර සිටින විශිෂ්ටම මානව විද්‍යාඥයා නිසා මෙම ලිපිය ගැන වඩාත්ම හොඳ විවරණය ලබා ගත හැක්කේ ඔහුගෙන් බවයි.
පසුගිය වසරේදී මම ප්‍රංශ ජාතික මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා සමග Nymphomania හෙවත් නාරිකාමෝන්මාදය ගැන පත්‍රිකාවක් ලියුවෙමි. මම ශ්‍රී ලංකාවෙන් බව දැනගත් මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා මගෙන් ඇසූ මුල්ම ප්රශ්නය වූයේ ඔබ මහාචාර්ය ගනනාථ ඔබේසේකරගේ පොත් කියවා තිබේද යන්නයි. තවද යෝක් විශ්ව විද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් ලේලොන්ඩ් තම දේශන වලදී ඇතැම් විට මහාචාර්ය ගනනාථයන් ගේ පොත් වලින් කරුණු උපුටා දක්වයි.
මහාචාර්ය ගනනාථ ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ මානව විද්‍යාඥයෙකි. ඔහු ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඒ ගැන කිසිදු විවාදයක් නැත.
ලංකාවට සුවිසල් කීර්තියක් ගෙන දුන් ගනනාථ ඔබේසේකර උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.
ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය.
චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය. (උපුටා ගැනීම කතිකා සංවාද මණ්ඩපය )
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඔහු සම්බන්ධ ඇගයීමටනම් මමත් එකඟයි. (ඔබ ලියූ වෙනත් අය සම්බන්ධව එකඟ නෑ කියන එක නෙමෙයි. ඒ ගොඩක් අය ගැන වැඩි දෙයක් දන්නේ නෑ.)
BalasPadamමෙතුමා ගැන අසා අැති විස්තර මෙමගින් තවත් තහවුරු වුණා.........
BalasPadamthanks Kurutu
Padamහොද ලිපියක් ගනනාථ ඔබේසේකරගේ පරීක්ෂණ, ඔහුගේ මතවාදයන් ලංකාව තුල කථාකරන්නේ හරිම අඩුවෙන්. මෙහෙම හරි ඔහු ගැන අවදානය යොමුවෙනවානම් හොදයි.
BalasPadamමාර්කස් අපේ මාද්‍යවේදීන් නානසාරට / මර්වින් සිලාවාට / හිරුනිකාට දෙන මාද්‍ය ඉදෙන් කාලක් මෙතුමා වගේ යුග පුරුෂයන්ට දෙනවාද ?
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamලංකාවෙන් බිහිවන විසිස්ථයන් ලංකාවේම රඳවා ගන්නට හැකිනම්?
BalasPadamනූගතුන් විසින් උගතුන් පාලනය කරන් රටක මේ සුධීමතුන් රැඳී ඉඳීමේ ප්‍රතිපලය කුමක්ද ?
Padamලෝකයක් දැනගත්තත් උපන් රට දන්නේ නැති වටිනා කියන පුද්ගලයෙක් ගැන ලියවුනු වටිනා ලිපියක්...
BalasPadamඇත්ත විභීෂණ
Padamඔහු ගැන අසා තිබුණත්, ඔහුගේ වටිනාකම මේ තරම් යැයි දැන ගත්තේ ඔබේ ලිපියෙන් . ස්තුතියි රුවන්
BalasPadamඔහු ගැන අසා තිබුණත්, ඔහුගේ වටිනාකම මේ තරම් යැයි දැන ගත්තේ ඔබේ ලිපියෙන් . ස්තුතියි රුවන්
BalasPadamඅපි ඉතිං දන්නෙ ආචාර්ය දුටුගැමුණුලා ගැන විතරනෙ. මෙහෙම මහා වනස්පති වගෙ මිනිස්සු ඉන්නවද කියලවත් දන්නෙ නෑ. වසන්ත ඔබේසේකර මෙතුමාගෙ බාල සහෝදරයා...
BalasPadamවසන්ත ඔබේසේකර මෙතුමාගෙ බාල සහෝදරයා..////මම ඒක දැනගෙන හිටියෙ නැහැ
Padamමතුගම ධර්ගා නගරය මීගම.. කොහෙත්ම ගැලපෙන්නෑ ට්‍රාන්ස්.. මං හිතන්නේ මීගම වලල්ලාවිට වෙන්ටැති..මොකද දර්ගා ටවුන් තියෙන්නෙ අලුත්ගම ඉදල කිමි 4ක් විතර දුරින්..
BalasPadamඩොක්ටර්ගේ ලිපි වල වටිනාකම එන්න එන්නම වැඩි වෙනවා.. ජය වේවා..
Thanks Deshaka
Padamඉතා අගනා ලිපියක්. මේ මහා ප්‍රාඥයා පිළිබඳව මෙතෙක් නොදැන සිටි කරුණු දැනගත්තා. මෙතුමාගේ පොත් සිංහලට පරිවර්තනය වී තිබේද?
BalasPadamවටිනා 'හෙලි කිරීමක්' කිව්වොත් වඩා නිවරදි වෙයි.මොකද මෙවැන්නන් සඟවා තබා ඇති නිසා.
BalasPadamජයවේවා..!!
Tanks
Padamනූගතුන් විසින් උගතුන් පාලනය කරන රටක........................?
BalasPadamකව්රු කොහොම කිව්වත් ලංකාවෙ තිබෙන්නෙ පසුගාමී සමාජයක් . කිසිම වැදගැම්මකට නැති චරිත තමා මතුකරන්නේ. ඉතින් මිණිකැට යටකරමින් ගොමරිටි මතුවෙනවා. ජනමාධ්‍ය බොහොමයක් කරන්නෙත් ඒ කටයුත්තමයි. මේක අමුතුම උප සංස්කෘතියක්. ඒ්කෙ ප්‍රතිඵලය තමා නූගතුන් රජවීම. ( මෙතන නූගතුන් කියන්නෙ ඉගෙන නොගත් අය ම නෙමෙයි. සබුද්ධික නොවීම )
BalasPadamThank you for this intro It's a shame that I never knew or heard before about such a great SriLankan scholar
BalasPadam