Ahad, 3 Januari 2016

මොහොමඩ් රාෆි


ලෝකයේ නිපුණතම ගායකයන් තිදෙනා ලෙස මා නම් කරන්නේ (1) ෆ්‍රෙඩී මර්කරි , (2) ජෝජ් බෙන්සන් සහ (3) මොහොමඩ් රාෆිය​. 1924 උපත ලැබූ මොහොමඩ් රාෆි ගීත 23,000 අධික ප්‍රමාණයක් ගයා තිබේ.  1980 වසරේ ඔහු මිය ගියද මොහොමඩ් රාෆිගේ ගීත රාවය සදාකාලිකය​.

24 ulasan:

  1. ට්‍රාන්ස්ට කාලය හරස් වෙලා වගේ දිගට ලියන්න. කමක් නෑ මොනව හෝ ලියනවා නේ.. 1, 2 ඉන්න ගායකයන් දෙදෙනා ගැන ලිපියක් ලියන්ටැයි කියලා ආරාධනාවක් කරන්න කැමතියි.. එහෙනං හැපි නිව් ඉයරයක් වේවා ට්‍රාන්ස්!!

    BalasPadam
    Balasan
    1. ඔබටත් එසේම වේවා. ෆ්‍රෙඩී මර්කරි ගැන මම ලිපියක් දැම්මා කාලෙකට පෙර

      Padam
  2. Balasan
    1. ලතා මංගේෂ්කාර් තමා ගිනස් වාර්තාව.. 25000+

      Padam
  3. පෝස්ට් එක දැකපු ගමං කඩාගෙන බිඳගෙන දුවගෙන ආව. පේළි කීපයකින් හරි කමක් නෑ. මොහොමඩ් රාෆි ගැන සඳහන් කරපු එක අගය කරනවා.

    මගෙ තාත්තගෙත්, මගෙත් පියතම කටහඬ තමයි මොහොමඩ් රාෆි. රාෆිගෙ කටහඬ ඇහෙන හැම වෙලාවටම මට දැනෙන්නෙ, තාත්තා පිටිපස්සෙන් ඉඳන් ඔළුව අතගානවා වගේ. ඒ තරමට ඒ කටහඬ මානුෂිකත්වයෙන් පිරිලා.

    මුල් කාලීනව චිත්‍රපට වල විකටයාගේ ගීත ගායනා කිරීම, ඊට පස්සෙ කොල්ලගෙ ගීත ගායනා කිරීම, කොහිනූර් එකේ ශාස්ත්‍රීය ගායනය, ශාගීර්ද් එකේ ගායනා කළ දැඟලිලි ගීත... මේ හැම එකක්ම එකකට එකක් වෙනස්. ඒකම තමයි මොහොමඩ් රාෆිගෙ මා දකින එක් විශේෂත්වයක් වන්නෙ.

    BalasPadam
    Balasan
    1. ඔහු අපූර්ව ගායකයෙක්

      Padam
  4. Kishore ge geetha ahala thyenawada ? ethakota manna dew ge songs

    BalasPadam
    Balasan
    1. more precisely Manna Dey

      https://en.wikipedia.org/wiki/Manna_Dey

      Padam
  5. භාරතය සහ ශ්‍රීලංකාව අතර ඉතා ඈත අතීතයේ පටන් තිබෙන සංස්කෘතික බැඳීම් නිසා තමයි මෙවැනි කලාකරුවන් අපේ සිතේ හැමදාමත් රැඳෙන්නේ. විශේෂයෙන් භාරතීය සංගීතය අපේ සංගීතයට ලබාදී තිබෙන දායාද නිසා ඒ බැඳීම තවත් වැඩිවෙනවා.

    BalasPadam
    Balasan
    1. භාරතීය සංගීතය අපේ සංගීතයට ලබාදී තිබෙන දායාද///// අපේ අයියලා තනු ගෙඩි පිටින් කොපි කලා නේද ?

      Padam
    2. නෑ නෑ, මම අදහස් කලේ භාරතයට ගිහින් අපේ අය සංගීතය ඉගෙනගැනීම, භාරත සංගීතඥයන් මෙහි පැමිණ අපිට උපදෙස් දීම, වැනි දේවල්.

      කොපි කිරීම පසු කාලයේ අතහැර දැමුනේ එහි තියන බොළඳ බව තේරුණ නිසයි.

      Padam
  6. පොඩිකාලෙ ගස්ලබ්බා අහල අඬපු සින්දුවක් නෙව මේක.. ෆිල්ම් එකේ ඩිස්කෝ සංගීතය අස්සෙ මේ වගේ මෙලඩියක් ඇඬෙන්න කියනවා කියන්න හඬේ අපූර්වත්වයක් නැතිවම බෑ..
    ජයවේවා..!!

    BalasPadam
  7. අර උඩහ කිව්වා වගේ අමුවෙන්ම කොපි කලාම ඔරිජිනල් සින්දුවට තියෙන අගයත් බැහැලා යනවා. ජනප්‍රිය හින්දි ගීත ගණනාවක අගය නැතිවුණා මේ නිසා. රාෆි, මුකේෂ්, කිෂෝර් මගෙත් ෆේවරිට්.

    BalasPadam
    Balasan
    1. Kishore Kumar ගේ Khilte Hai Gul Yahan සිංදුව කොහොමද ?

      Padam
  8. සෑහෙන හොඳ සින්දු ටිකක් කියල තියනවා. මමත් කැමති ගායකයෙක්.

    BalasPadam
  9. බුකියේත් ඉන්නවා මොහොමඩ් රාෆි කෙනෙක් ඌ සින්දු කියන්නේ නම් නෑ හැබැයි ලියනවා සුපිරියට

    BalasPadam
  10. බවුජි බවුරා එකේ මේ ගීතය කොහොමද?
    O Duniya ke Rakhawale..
    https://www.youtube.com/watch?v=GygqxgYqwQc

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook