Jumaat, 29 Januari 2016

අධිරාජ්‍යවාදී විරෝධයේ සිට මකුණු විරෝධය දක්වා



අධිරාජ්‍යවාදයට, ලෝක බැංකුවට , උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණක් නොව මකුණාටද විරෝධතා දක්වන අපේ සරසවි සිසුන් 

24 ulasan:

  1. මකුනොත් උකුණෝ වගෙ තමා වැඩි උනොත් විනාසයි.

    BalasPadam
  2. මේකනම් කියල වැඩක් නෑ. "A picture is worth thousand words." This one is worth a lot more!

    BalasPadam
  3. ඒ ලෙවල් පාස් කරලා සරසවි යන මුං මේ තරම් මෝඩද ?

    BalasPadam
    Balasan
    1. ඒක තමයි මමත් හිතුවෙ

      Padam
  4. මේ තරම් කඩේ යවන්න ලේසි කොටසක් තවත් නැහැ. මුන් නේද ලංකාවේ උගතුන් කියලා අනාගතේ ඉදිරියට එන්නේ. ලංකාවට අබ සරණයි

    BalasPadam
  5. මේ විදිහට කෑ නොගහා කැම්පස් ඒකේ ඉන්න හැම ඒකාම මකුණොත් කාගෙන පාඩුවේ හිටියානං හරිනේ නේද??????? (අනේ මගේ කට)

    BalasPadam
    Balasan
    1. මේ වගේ ප්‍රශ්නයක් වත් සිසු සිසුවියන්ට එකතුවී විසඳා ගන්නට නොහැකිද?.අනාගතයේ දිනක සමාජයේ වගකීම් භාර ගන්නේ කෙසේද?

      Padam
    2. ඇත්ත හරි ලාමකයි

      Padam
  6. මකුණෝ බෝවෙන්නේ තියෙන අපිරිසිදු කම නිසා.ඔය පාරවල් ගානේ ඩෙගා නටන වෙලාවේ තමන්ගේ කාමර ටික ශුද්ධ කරලා රෙදිපිළි ටික සෝදා ගනියව්කෝ. ඔය විදියට මුන්ගේ පුක සෝදන එකත් පාලනාධිකාරියට කරන්න කියල උද්ගෝෂණ කරයි.මෙහෙව් හරකුන්ටනේ සල්ලි වියදම් කරලා උගන්වන්නේ.

    BalasPadam
  7. Cimex lectularius, the common bed bug, is the best known, as it prefers to feed on human blood.

    දැක්ක නේද මුගේ වාසගම lectularius, ලෙක්චර්ස්ලාගේ නෑදෑයෝ, ශිෂ්‍යයන්ගේ ලේ උරා බොන්න එවපු පරපෝෂිතයෝ වගයක්, මේක ලෙක්චස්ර්ලා විසින් මෙහෙයවන අධිරාජ්‍යවාදී කුමන්ත්‍ර‍යක්.

    මීට අමතරව අධිරාජ්‍යවාදීන් ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයන් ආසාදනය කිරීමට භාවිත කරන සුවිශේෂ පරපෝෂිතයෙකු සිටිනවා Fahrenholzia pinnata නමින් හදුන්වන, කනගාටුවෙන් උනත් කියන්න වෙනවා බොහොමයක් ශිෂ්‍ය නායකයෝ නොදැන මෙම උගුලට අසුවී ඇති බව.

    BalasPadam
    Balasan
    1. Fahrenholzia pinnata +++++++++++++++++++ or Kumantranas Amaricana

      Padam
  8. ඔය බැනර් වලට තීන්ත වලට වියදම් කරන සල්ලි වලින් බෙහෙත් ටිකක් ගෙනත් ගැහුවනම් ප්‍රශ්නේ සැනින් විසඳිලා.මුන්ට ඕනි ප්‍රශ්න වලට විසඳුම් නෙවි,පිස්සු බලු රැලක් වාගේ පාරවල් ගානේ ගිරිය පුප්පගෙන බුරන්න මොකක් හෝ හේතුවක් විතරයි.

    BalasPadam
  9. මේක ඇත්තටම මකුණු විරෝධයක්ද? නැත්තම් සදය උපහාසාත්මක ක්‍රියාවක්ද දන්නෑ ..
    ජයවේවා..!!

    BalasPadam
  10. මේ පින්තුරය දකින කොට පරණ කතාවක් මතක් උනානේ. මතකද 80 ගනන් වල private බස් වල පිටිපස්සේ "පෝලියෝ වසංගතය යලි හිස ඔසවයි" කියලා පෝස්ටර් එකක් ගහලා තිබුන.

    ඉතින් ඔය කාලේ තමා .... උසස් අධ්‍යාපනය කරන ලොකු අය්යලා වගයක්... නැතිවනවයි කියන මොනාද වගයක් රැක ගන්න, පාසැල් වල හිටපු පොඩි මල්ලිලා පෝම් කරන්න පටන් ගත්ත කලේ.......

    ඔන්න කථාව කෙටියෙන්...... දවසක් පාඩුවේ ඉගනීම් කටයුතු කර ගෙන ඉන්න, පොඩි මල්ලිලා හිටිය පාසැලකට ලොකු අය්යලා රැලක් කඩා වදින්නේ....... මල්ලිලා ඔහොම ඉදලා හරි යන්නේ නැහැ ...... ඔහොම හිටියොත් ; ඔයාලා අපි වගේ ලොකු වෙනේකොට ..... දැන් අපිට ලැබෙන අරවා-මේවා මොනාවත් ඔයාලට ඉතිරි වෙන්නේ නැහැ. ඒවා රැක ගන්න නම් පාරට බහින්න ඕනෑ. දැම්මම ඔය ඉගන ගැනිල්ල පැත්තක තියලා බහිමු පාරට.... ඉගෙන ගැනිල්ල කවදා කරන්න බැරිද...

    මල්ලිලාටත් මාර අතල් ..... අය්යාලත් එක්ක කට්ටියම මහපාරේ..... ටිකකින් අය්යලා ; මල්ලිලාට කියනවා ..... ඔහොම නිකන්ම පාරට වෙලා ඉදලා හරි යන්නේ නැහැ. මොනා හරි කියලා කැ ගහන්න කියලා. දැන් මල්ලිලා අහනවා .... මොනා කියලද කැ ගහන්න ඕනේ කියලා. අයියෝ ඒවා වත් දන්නේ නැද්ද ඔය මල්ලිලා ...... ඔය "අරු මරමු" .... "මූ මරමු"..... වගේ ඒවා ..... නැත්තම් සද්දෙට හූ කිවත් හරි කියලා.

    දැන් වැඩේ නැගලා යනවා. කට්ටියම දෙකක් වෙන්න හූ කියනවා..... අරු මරමු .... කියනවා..... මූ මරමු කියනවා... එකම කාලගොට්ටියයි.

    ටිකකින් අය්යල තීන්ත ටින් ටිකකුයි බුරුසු ටිකකුයි ගෙනත් දීලා කියනවා..... මල්ලිලා නිකන්ම හූ කිය-කියා ඉදලා වැඩක් නැහැ. ඔය යන-එන බස් නවත්තලා ඒවායේ මොනවා හරි ලියන්න ඕනෑ කියලා........ මේ මල්ලිලා සෙට් එක, බස් එකක් එන කොට බස් එක ඉස්සරහට යන්න. බස් එක නවත්තුවට පස්සේ මේ මල්ලිලා සෙට් එක පිටි පස්සට ගිහිල්ලා ලියන්න ගන්න කියලා....

    නියමයි අය්යා ...... ඒක මරු ... අපි කැමතියි ඒ වැඩේට...... දැන් මොනාද අපි ලියන්න ඕනෑ? අය්යා....... එතකොට අය්යලා කියනවා ....ඔය හැම එකක්ම ඔයාලට කියලා දිදී ඉන්න වෙලාවක් අපිට නැහැ. අපි යන්න ඕනෑ තව ඉස්කෝලයක් බස්සන්න.... ඔයාලා හිතල බලල සුදුසු දේවල් ලියන්නකෝ මල්ලිලා.... මේ දවස් වල ඔය බස් වල ලියලා තියෙන ඒවාම ලිව්වත් හරි ...... කියලා ; එහෙම කියපු අය්යලා ටික මාරු......

    කියපු විදිහට පලවෙනි සෙට් එක ඉස්සරහ හරස් කරලා ..... බස් එක නවත්ත - ගත්තා ලේසියෙන්ම..... ඒ වෙනකොටත් දෙවෙනි සෙට් එක බස් එක පිටිපස්සේ තීන්ත - බුරුසු එක්ක. හැබැයි කවුරුත්ම දන්නේ නැහැ ලියන්නේ මොනවද කියලා. අය්යලා කවුරුත් නැහැ අහන්න..... එක්කෙනෙකුට මතක් උනා ගමේ ඉදලා ටවුමට එන බස් එකේ පිටි පස්සේ අලවලා තිබුණු පෝස්ටරයක ලියලා තිබුන එකක්........

    " පෝලියෝ වසංගතය යලි හිස ඔසවයි .
    වහාම මර්දනය කරමු "

    හරි ලියමු....ලියමු..... නියමයි....////.

    BalasPadam
    Balasan
    1. දුවන්නන් වාලේ දිවීම

      Padam
  11. ඇත්තටම රුවන්, මේක පොඩි මෝඩ ආතල් එකක් වෙන්න බැරිද? උද්ගෝෂණය කරන්නේ වෙන කරුණකට වෙන්න බැරිද?

    BalasPadam
    Balasan
    1. උද්ගෝෂණය කරන්න මොනවා හරි හේතු නැත්ත්නම් හේතු හදාගන්නවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook