Ahad, 24 Januari 2016

කරත්ත හතලිහක් ගන්න සල්ලි

 


මගේ පුතා අට වසර තෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඉන් පසු නෝත් යෝර්ක් හි එර්ල් හේග් (Earl Haig ) පාසලට ගියේය​. එර්ල් හේග් පාසලට යන විට ඔහුට අළුත් ඇඳුම් අවශ්‍ය වූවා පමණක් නොව ඒවා හොඳ බ්‍රෑන්ඩ් එකෙන් ද යුක්ත ඒවා විය යුතු වූයේය​. මේ හදිසි වෙනස ගැන මම සොයා බැලුවෙමි. නෝත් යෝර්ක් හි එර්ල් හේග් පාසලට යන්නේ ධනවතුන් ගේ ළමුන් ය​. ඔවුන් ඇඳුම් මිලට ගන්නේ ඉතාලියෙන් , ඇමරිකාවෙන් සහ ස්පාඤ්ඤය වැනි රටවලිනි එම නිසා අප ඔඩෙල් එකෙන් ඔහුට මිලට ගත් ඇඳුම් ඇඳගෙන පාසල් යා නොහැකි බව කොළුවා තරයේ කීවෙන්  අප පසු බැස්සෙමු. 

කොළුවාගේ කතාවෙත් ඇත්තක් තිබේ. රෝමයට යන්නේ නම් රෝම වාසීන් මෙන් ඇඳුම් පැළඳුම් කල යුතුය​. පාසලේදී අන් සිසුන් අතර ළමයා කොන් නොවීම සඳහා හොඳ බ්‍රෑන්ඩ් ඇඳුම් මිලට ගැනීමට ටොරොන්ටෝහි  වටිනා   සහ මිළ අධික ඇඳුම් බේවිව් ශොපිං මෝල් එක වෙත ගියෙමි. එහි එක් සාප්පුවකින් ළමයා ඔහුට අවශ්‍ය ඇඳුම් තෝරාගත්තේය​. නව ඇඳුම් ඔහුට මිළදී ගැනීමෙන් පසු අගනා ලෙදර් ජැකට්ටුවකට ඔහුගේ හිත ගියෙන් එයද මිළට ගත් යුතු බව කීවේය​. මම එහි මිළ ගනන් ඇසුවෙමි. එය ඩොලර් 1800 කි. ලෙදර් ජැකට්ටුවේ මිළ ඇසූ මට " කරත්ත හතලිහක් ගන්න සල්ලි" කියා කියවිණි. 

"ඔය කතාව තිබ්බේ තිලක පොතේ නේද? කියා පුතා මගෙන් ඇසීය​. ඔහු කීවේ ඇත්තකි මේ කරත්ත හතලිහක් ගන්න සල්ලි යන කතාව තිබෙන්නේ විලම්බීත පොතේය​. එහි කතෘ ටී. බී ඉලංගරත්න මහතාය​. අද මෙන් චන්ද දායකයන් මිනීමරුවන් කුඩුකාරයන්, නූගතුන් පාර්ලිමෙන්තු  යවන යුගයක නොව බොහෝ ඉහත කාලයක ටී. බී ඉලංගරත්න , ආර්. ඊරියගොල්ල වැනි පාර්ලිමෙන්තු ගිය දේශපාලකයෝ පොත්  ලියූහ​. 

මට වරක්  නව රඟහලේදී ටී. බී ඉලංගරත්න මහතා හමු විය​. එවකට මම පහේ පන්තියේ ඉගෙනුම ලැබුවෙමි. "මගේ පොත් කියවලා තිබෙනවාද ?කියා එතුමා ඇසීය​. මම මුලින්ම කියවූයේ ටී. බී ඉලංගරත්න මහතා ගේ ළමා කතාවක් වන පිස්සු ලුසීය​. ඉන් පසු සසර , මංගලා , නෑදෑයෝ , විලම් බීත යන පොත් කියවූයෙමි. 

ලංකාවේ මගේ පුස්තකාලයේ විලම්බීත , තිලක , තිලක හා තිලකා යන පොත් තුනම තිබුණි.   විලම්බීත පොතේ සුමනගේ අළුත් වාහනයේ මිල අසන තිලකගේ මුවින් පිට වන්නේ කරත්ත හතලිහක් ගන්න සල්ලි කියාය​. කොළුවා මේ පොත කියවා තිබේ. 

වරක් ඔහු හතර වසරේ ඉගෙනුම ලබන විට මා ඔහුව කැටුව බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වාර්ශික පොත් ප්‍රදර්ශනයට ගියෙමි. එහි කේ ජයතිලක මහතාගේ පොත් විකුණූ වෙළෙඳ කුටියක යුද්දය හා සාමය පොත් පෙළ තිබෙනු දැක මම ඒ කාණ්ඩයම මිළට ගැනීමට සූදානම් වූයෙමි. ඒ අතර වාරයේ කේ ජයතිලක මහතාගේ බිරිඳ සුමනා ජයතිලක මහත්මිය කොළුවා සමග කතාවට වැටුනේය​. 

" මොකක් ද පුතා අන්තිමට කියවපු පොත සුමනා ජයතිලක මහත්මිය ඇසුවාය​. 

ටී. පනස් හයේ කතාව " කොල්ලා කිසි ගනනකට නැතිව කීවේය​. 

සුමනා ජයතිලක මහත්මිය ගේ ඇස් ලොකු වනු මම දුටුවෙමි. කොළුවා කීවේ ඇත්තකි. ඒ කාලයේ මම 71 කැරැල්ල පිළිබඳ කෘතියකට කරුණු එකතු කරමින් සිටියෙමි.  ටී. පනස් හයේ කතාව මම කියවමින් සිටි පොතකි. මා නොමැති අවස්ථාවක මගේ පුද්ගලික පුස්තකාලයට පැමිණි ඔහු මෙම පොත කියවා තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

32 ulasan:

  1. Smart young man!!!

    BalasPadam
  2. මේ කතාව කියවූ පසු පාසල් යුනිෆෝම්වල අගය වැටහුනි!

    BalasPadam
    Balasan
    1. පාසල් යුනිෆෝම්වල අගය කියල වැඩක් නැහැ

      Padam
    2. දැන් නිකම් දෙන හින්දා කිසිකෙනෙකුට අගයක් නැ

      Padam
  3. ර. පේමදාස ද පොත් කිව්වේය.

    බණ්ඩාරනායක ද ඩ්‍රැකියුලා පොතක් ලියා ඇත.

    ඇස් බී පොත් දහයක් හිරේ දී ලියා එළි දැක්වීය. චම්පික ද පොත් කිහිඔඅයක් ලියා ඇත. මේ දෙදෙනා ගේ පොත් non-fuction ය.

    සන්නස්ගල පාර්ලිමේන්තු ගියොත් ඉලංගරත්න ළඟටම එනු ඇත.

    BalasPadam
    Balasan
    1. සන්නස්ගල පාර්ලිමේන්තු ගියොත් ඉලංගරත්න ළඟටම එනු ඇත///////////////// මම හිතන්නේ නැහැ

      Padam
    2. ඉලංගරත්න තම වසර අඩුවක ජීවීත කාලය තුල පොත් පණහකට වඩා ලියා පළකර ඇත. ඔහු මෝස්ට් පබ්ලිෂ්ඩ් මන්ත්‍රීවරයාය.
      සන්නස්ගල වසර පනහක් තුල පොත් පහලොවක් ලියා ඇත.
      මගේ කියමන (ie, සන්නස්ගල පාර්ලිමේන්තු ගියොත් ඉලංගරත්න ළඟටම එනු ඇත) එක හෙළා ප්‍රතික්‍ෂේප කළ හැකිද?

      Padam
    3. සන්නස්ගල??? පාර්ලිමේන්තු??? මොකක්?? එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ.

      Padam
  4. මා හතර වෙනි ශ්‍රේණියේ දී කියවූ මුල්ම නවකතාව ගුණදාස ලියනගේ ගෙ මුළු හදින් මම ඇයට පෙම් කොට ය.

    BalasPadam
    Balasan
    1. ඒකේ නේද ලී සී ට ආදරය කරන්නේ

      Padam
  5. ඕනම බ්‍රෑන්ඩඩ් ඇඳුමක් ලංකාවේ පේව්මනට් එකෙත් තියෙනවා. :) ලමයත් ලියන්නෙකු වෙයිද?

    BalasPadam
    Balasan
    1. ඕනම බ්‍රෑන්ඩඩ් ඇඳුමක් ලංකාවේ පේව්මනට් එකෙත් තියෙනවා ///// true
      ලමයත් ලියන්නෙකු වෙයිද? /// assignments හොඳට ලියනවා

      Padam
  6. ඔය කෑල්ල මටත් තවම මතකයි. අදාළ ගණන ගැන මතකයනම් නිරවුල් නැහැ. දහස් කිහිපයක ගණනක් වගෙයි මතක. මමත් කියවන්න පටන් ගත්තේ ටීබී ඉලංගරත්න ඇතුළු ලේඛකයින් කිහිප දෙනෙකුගෙන්.

    BalasPadam
  7. ඉලන්ගරත්නගේ පොත් හැම එකක්ම වගේ කියෙව්වා මම හිතන්නේ . මම ළමා කාලයේ කැමතිම පොත් පෙළක්. පුතාටත් කියවීම හොඳට පුරුදු වෙලා.

    BalasPadam
    Balasan
    1. ඒක හොඳ දෙයක් අජිත්

      Padam
  8. ඔබේ අඩවියට පාඨක පැමිණීම් ලක්ෂය ඉක්මවා ගිහින්. ඒ ගැන මගේ හෘදයාංගම සතුට සහ සුබපැතුම් පිළිගන්වනවා.

    රෑ නින්දට යනවිට, කොට්ටේ යට නවා තබා, උදේට පාසල් ඇඳගෙන ගිය, පුංචි කොටකලිසම සහ කමිසය මතක්වුණා. නෙතට කඳුලක් ද එක්වුණා, දෙමව්පියන් සහ ගුරුවරුන් මතක්වීමෙන්.

    BalasPadam
    Balasan
    1. විචා තුමා මෙම බ්ලොගයට දුන් සහයෝගය උපරිමයි.

      Padam
  9. රුවන් මහතා.............. අැත්තට ම විචා කිව්වා වගේ පැමිණි පිරිස ලක්ෂය ඉක්මවීම ගැන අපේ සතුට......

    අපි හැමදාම කියනවා වගේ ඔබ බ්ලොග් ලෝකයේ සැරිසැරීම සහ ලිවීම කියවීම හැමදෙනාටම හොද අාශ්‍රයක් වෙනවා නොඅනුමානයි........ ඒහෙනම් ලක්ෂය සමරමු හොදේ...........

    BalasPadam
    Balasan
    1. කුරුටු ඔබලා වැනි බ්ලොග් මිතුරන් තමයි මට උත්තේජය දෙන්නේ බ්ලොග ලියන්න

      Padam
  10. පසුකාලීනව ටෙලිනාට්‍යකට පාදකවූ ප්‍රසිද්ද ළමා නවකථාවක් වන අඹ යහළුවෝ පොතත් රචනා කලේ මොහුනේද?

    BalasPadam
  11. ඒ කියන්නේ කට්ටිය එක්සත් ජනපදයට එන්න කලින් කැනඩාවෙ හිටියද?

    මම මුලින්ම කියවූ කතාව අහවල් එක යයි කීමට මට මතකයක් නැත.

    BalasPadam
    Balasan
    1. දැන් ඉන්නේ කැනඩාවෙ

      Padam
  12. නියම දරුවෙක්. මාත් මොන්තකිස්තෝ සිටුවරයා පොත් සැට්ටෙකම කියෙව්ව හය වසරෙදි

    BalasPadam
  13. නියම දරුවෙක්. මාත් මොන්තකිස්තෝ සිටුවරයා පොත් සැට්ටෙකම කියෙව්ව හය වසරෙදි

    BalasPadam
    Balasan
    1. මම ඒක චිත්‍රකතාවකිනුත් කියවලා තියනවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook