Sabtu, 23 Januari 2016

ඒ.එෆ්.එස්. සිසුන්





1984 වසරේ ඇමරිකානු  AFS USA student exchange වැඩසටහන යටතේ එක්සත් ජනපදයෙක් සිසුන් දෙදෙනෙකු නාලන්දාවට ඉගෙනුම සඳහා පැමිණියහ ​. ඊතන් සහ කැමරන් යන ඇමරිකානු සිසුන් දෙදෙනා ඉතා කෙටි කාලයක් තුලදී නාලන්දීයන් බවට පත් වූහ​. ඊතන් පැමිණියේ මේරිලන්ඩ් වලිනි කැමරන් පැමිණියේ කැලිෆෝනියාවෙනි. 

වරක් ඊතන්, කැමරන් සහ මම පාසැල් කට් කර නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ ෆස්ට් බ්ලඩ් චිත්‍රපටය බැලුවෙමු. අප චිත්‍රපටය බැලුවේ පාසල් නිල ඇඳුමෙනි. ඒ නිසා මම විපරම් සහගතව වටපිට බැලුවේ ශිෂ්‍ය නායකයෙකුවත් කොහෙන් හෝ මතු වේ කියාය​. නමුත් කිසිවෙකු නොවූයෙන් අප චිත්‍රපටය බලා ජය මාවතෙන් යළි පාසල වෙත ගියෙමු. ( ඒ කාලයේ පාසලේ එක් තාප්පයක් පුපුරා කැඩි විශාල සිදුරක් මතුවී තිබූ අතර  එම සිදුර හරහා පාසැලෙන් කට්ටි පැනීමට සිසුන් පුරුදුව සිටියහ​. මෙම මාර්ගය ජය මාවත කියා සිසුන් හැඳින්වූහ​) පාසල අවසානයේදි අනෙකුත් හොඳ ළමුන් මෙන් නිවෙස් කරා ගියෙමු. මෙසේ  ඊතන් සහ කැමරන් වසරක කාලයක් අප අතර කල් ගෙවූහ​. එය අපට මෙන්ම ඔවුනටද අගනා අත්දැකීමක් විය​. 

මම යූක්‍රයීනයේ ඉගෙනුම ලබන කාලයේදී ඊතන් සහ මා අතර ලියුම් ගනුදෙනු සිදු විය​. ලංකාවෙන් ගිය පසු ඔහු යළිත් කොස්ටාරිකාවට ගිය බව මට ලිවීය​. එහෙත් කැමරන් ගැන හෝඩුවාවක්  නොවීය​. මම 2006 වසරේ කැලිෆෝනියාවට ගිය විට කැමරන් ගේ නම ගූගල් කොට බැළුවෙමි එහෙත් සාර්ථකත්වයක් නොලදිමි. 

ඒ.එෆ්.එස්.  වැඩසටහන නිසා ලෝකයේ එක් කොනක සිටි වෙනත් ජන වර්ගයක සිසුන් ගැන දැන ගැනීමට පාසල් කාලයේදීම අපට හැකි විය​. අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි වැඩසටහන් දේශීයව හෝ ප්‍රවර්ධනයට යොමුවී නැත​. එසේම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට විචක්‍ෂණභාවයද නැත​. උදාහරණයක් ලෙස කිලිනොච්චියේ ඉගෙනුම ලබන ද්‍රවිඩ සිසුන් කිහිප දෙනෙක් කොළඹ පාසල් වල වසරක කාලයක් ආගන්තුකව සිංහල නිවෙස් වල නැවතී ඉගෙනුම ලැබිය හැකිය​. එසේම කොළඹ සිංහල සිසුන් උතුරේ පාසලක වසරක් ඉගෙනුම ලබා පැමිණිය හැක​. තවද මේ ක්‍රමය අක්කරේපත්තුව කින්නියාව යන ප්‍රදේශ  වල මුස්ලිම් සිසුන් වෙතද  ලබා දිය හැකිය​. එවැනි ක්‍රමයක් මීට ඉහතදී තිබුනේ නම් ආගම් වශයෙන් , ජාතීන් වශයෙන් බෙදී මේ රට කාලකන්නි දේශයක් බවට පත් වන්නේ නැත​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

23 ulasan:

  1. රවිනාථ ආරියසිංහ මේ AFS හරහා ඇමරිකා එ.ජ. ගිය අයෙක්. ආපසු පැමිණි පසු අපේ ෆිසික්ස් පන්තියට ආවා.

    BalasPadam
    Balasan
    1. මෙවන් අයකු ඔබ පන්තියේ සිටියා කියාවත් මතකක් තියෙන්නේ ඔබ ඔහු පන්තිය ට පැමිණි නිසාය පාසලේ අනෙක් සිසුන් ගැන මතකයක් ඇත්තේ ඉතා අවමයකි ඒ ඔබ පාසලේ බාහිර ක්‍රියාකාරී කටයුතු වලට අවමව සහභාගී වී ඇති බැවින් එසේ සිදුවීම සුලබය එයට අවුලක් නැත නැත එසේ සහබාගි වීම / නොවීම ඔබේ තේරීම බැවිනි

      ගම්පග මිනුවන්ගොඩ රණතුංග පවුලේ සිසුවෙකුත් AFS හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ nsw ප්‍රාන්ත පාසලක ඉගෙනගෙන ඇත

      Padam
    2. රවිනාථ ආරියසිංහ මට මතකයි

      Padam
    3. @ Ano
      රවිනාථ ආරියසිංහ මගේ පන්තියේ සිටි අයෙකු නොවේ, මට වඩා වසර දෙක තුනක් හෝ වැඩිමහලු අයෙකි. ඔහු ඇමරිකාවේ ගොස් පැමිණ නැවත උසස් පෙළ කිරීමට සිතා ප්‍රබුද්ධ කරුණාරත්න අපට භෙෘතික විද්‍යාව උගන්වන විට දිනක් දෙකක් එහි පැමිණියේ ය. ඒ අමුත්තා කව්ද යන්න අප සොයා ගත්තෙමු.

      මගේ පන්තියේ සිටි අය මගේ මිතුරන්ය. වෙනත් පන්තිවල අය සමග සම්බන්ධතාවයක් ඇති වුනේ එකට ටියුෂන් ගියා නම් පමණි.

      බාහිර වැඩක් ලෙස මා කළේ මාස කිහිපයක් ජූඩෝ ඉගෙනීම පමණි. ඒ මා ගනේමුල්ලේ සිට පාසලට පැමිණි කාලයේ ය. පසුව අප ගමට ගිය පසු පාසලා යාම ඒක හැර වෙනත් දේ සඳහා මට වේලාවක් නොතිබුණි. නිවසෙන් පිටත් වූයේ 5:45 ටය. ආපසු නිවසට ගියේ හසව 3:45ටය.

      අනෙක බාහිර වැඩ සඳහා වියදම් කිරීමට මගේ පියාට මුදල් නොතිබුණි. ඔහු මා එකොලොස්වෙනි ශ්‍රේණියේ දී විශ්‍රාම ගත්තේය.

      මා විශ්ව විද්‍යාලයේ දී කළ බාහිර දේ ගැන මෙතැනින් කියවන්න.
      http://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html

      Padam
  2. ළමයි දෙතුන් දෙනෙක් එහෙට මෙහෙට යවලා නම් ඒ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි.

    BalasPadam
    Balasan
    1. සිංහලයන් කුරිරු මුර්ග ජාතියක් බව තම ජීවිත කාලය පුරා විශ්වාස කල ප්‍රභාකරන් ට පහ වසරේදී දකුනේ සිංහල නිවසක වසරක පමණ කාලයක් වාසය කිරීමට ලැබුනේ නම් ඔහු ත්‍රස්තවාදියෙකු වෙයිද ?

      Padam
  3. බන්දුල + අකිල + බන්දුල + අකිල

    අන්දුල + බකිල = ?

    BalasPadam
    Balasan
    1. මොනාද මේ විචා තුමා කියන්නේ

      Padam
  4. Cameron probably now in England.. there is a guy call Cameron in England who is very keen on Sri Lankan businesses :p

    BalasPadam
  5. ඒ ක්‍රමය කොච්චර හොඳද. ඔයාට එයාව හොයාගන්න පුළුවන් වෙයි

    BalasPadam
  6. හොඳයි. නමුත් අපේ උන්ව ආපහු ගෙන්න ගන්න එක වෙනම ගේමක් වෙයි නේද?

    BalasPadam
  7. විශය පරිබාහිර ක්‍රියා/ක්‍රීඩා කරන ළමයි අතින් වියදම් කරගෙන දුර පාසල් වල තරග වලට ගිහින් සහභාගී වෙලා සම්බඳතා හිතවත්කම් ඇතිකරගෙන පාසලට ඇවිත් 80% නැති නිසා විභාගෙ ලියන්න බැරිව අසරණ වෙන ක්‍රමයක් දැන් තියෙන්නෙ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. අපේ විභග ක්‍රමය තවමත් යන්නේ ස්මෘතිය පදනම් කරගෙන​, එතන නිර්මානාත්මක ඇගයුමක් නෑ

      Padam
  8. මෙවැනි තරුණ හුවමාරු වැඩසටහනක් 90දශකයේ අගභාගයේ තරුණසේවා සබාව හරහා ක්‍රියාත්මක උනා,අවිස්සාවේල්ල බටංගල පුහුණු මද්යස්ථානය්ට බ්‍රිතානයේ සිට පැමිණි තරුණයන් දෙදෙනෙක් සිටියා මතකයි.

    BalasPadam
    Balasan
    1. ඒ තරුණ හුවමාරු වැඩසටහන හොඳයි

      Padam
  9. I rember Ethan, He was stayed near Kelaniya Tyre Corporation with Old Nalandian Name Nalaka I was in Grade 11 at that time. Eathan goes to Nalanda with us.

    BalasPadam
  10. Ravinatha was in our classes, he was a very bright student. Becos he took the AFS schol, he could not sit for A Levels and enter the Uni. But that did not stop him, he is now holding a senior position in the foreign ministry.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook