Rabu, 20 Januari 2016

ටෝප් එක




1986 විනිට්සා වෛද්‍ය පීඨයේ මුල් වසරේ (මෙය පද් එක හෙවත් රුසියන් භාෂා වසර ලෙස හැඳින්වේ)  මගේ කාමරයේ රුසියන් සිසුන් දෙදෙනෙක් ද ලංකාවේ ද්‍රවිඩ සිසුවෙකුද වූහ​. අප ඉතා සාමයෙන් රංඩු කරමින් ජීවත් වූයෙමු. එක් රුසියන් සිසුවෙකුගේ නම වොලදියාය​. ඔහු අඩි හය හමාරක් පමණ උසැති අයෝම පුරුෂයෙකි. එම නිසා ඔහු කාමරයේ නායකයා විය​. දෙවන රුසියන් සිසුවා වීතියා විය. ඔහු මධ්‍යම ප්‍රමාණයේ පුද්ගලයෙකි. ගිතාරය වැයීම සහ සවසට ගමන් යාම ඔහු නොකඩවා කලේය​. තෙවැන්නා වූ සිවලිංගම් වතු ද්‍රවිඩ සම්භවයක් තිබූ සිසුවෙකි. අනෙකුත් යාපනයේ ද්‍රවිඩ සිසුන් ඔහුව අතේ දුරින් තබාගෙන සිටියහ​. 

රුසියන් සිසුන් අපගේ සිලෝන් තේ සොරකම් කර පානය කළ අතර අප ඔවුන් විසින් නිවෙස් වලින් ගෙන එන තැම්බූ හරක් මස් , පීකුදු ,  ඌරු මස් වලට වග කීවෙමු. එම නිසා ආහාර සබැඳිව කිසිදු ගැටුමක් වූයේ නැත​. වොලදියා පරණ රේඩියෝවක් ක්‍රියාත්මක කොට මහ හඞින් මොස්කව් ගුවන් විදුළියට සවන් දුන් අතර ඒ කරච්චලය අස්සේ මම බීබීසී ඉංග්‍රීසි සේවය ඇසුවෙමි. 

මෙම රේඩියෝව ක්‍රියාත්මක වන්නේ බිත්තියට  අල්ලන ලද සිදුරු දෙකකින් යුත් ප්ලග් එකකට සවි කිරීමෙනි. එයින් වෝල්ට් 6 පමණ විදුලියද රේඩියෝව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇන්ටෙනාවද ලබා දෙයි. මෙම ප්ලග් එක මගින් කේජීබී එක සිසුන් ගේ සංවාද වලට සවන් දෙන බවට බොරු දූසමාන ආරංචියක් නිසා සමහර සිසුන් කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය​. අපගේ වෛද්‍ය පීඨයේ සිටි මන්සූර් නම් සිසුවා කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය. වර්තමානයේ මන්සූර් නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. 

වොලදියා ගේ පරණ රේඩියෝ කරච්චලය ඉරිදා දවස් වල හිමිදිරියේද ඇරඹීම නිසා උරණ වූ සිවලිංගම් වරක් වෝල්ට් හයෙන් වැඩ කරන රේඩියෝවේ වයර් දෙක වෝල්ට් 230 සම්බන්ධ කොට කිසිවක් නොදත්තෙකු මෙන් සිටියේය​. 

එදින උදෑසන රේඩියෝව ක්‍රියාත්මක කිරීමට වොලදියා ගත් උත්සහය ව්‍යර්ථ විය​. ඔහු දහ අතේ දඟලමින් රේඩියෝවේ දෝශය සෙව්වේය​. මම නිදාගත්තාක් මෙන් පොරවාගෙන සිටියෙමි. සිවලිංගම් බියෙන් බියෙන් හොරෙන් ඇස් ඇරමින් වොලදියා දෙස බලන්නට විය​. ඉන්පසු වොලදියා බැටරි වලින් වැඩ කරන ලොකු හඞක් එන රේඩියෝවක් ගෙන ආවේය​. එම නිසා අපට ඇපත් අහිමි විය​. 

උදේ දේශන වලට යාමට පෙර සිවලිංගම් යකඩ මුට්ටියක් වැනි   දෙයක් ඇර නලලේ අළු ගාගනියි. මෙය බලා සිටි වීතියා මුට්ටිය ඇර  ඔහුගේ නලලේද අළු ගාගෙන දේශනයට ගියේය​. දිනක්  සිවලිංගම්ට මා සතු වූ බාල්දිය ඉල්ලීමට අවශ්‍ය වී " අඩෝ වාල්දිය දීපං කීවේය​. එසේම වරක් චිත්‍රපට ගැන කතා කරන විට පයිලට් ප්‍රේම්නත් එකේ ඌගේ මාර ඇක්ටිං කීවේය​. සිවලිංගම් ඌ කියා හැඳින්වූයේ මාලනී ෆොන්සේකාය​.  තවද සිංහල සිංදුවක් කීමට ඔහුට අවශ්‍ය වූ විට ඔහු " කොන්ද නමාගෙන ඇරමිටි ඔක්කොම ගහගෙන " කියා සිංහල සිංදුවක කොටසක් කීවේය​. කබඩ් එකට ඔහු කීවේ ගබඩ් කියාය​. එම නිසා අනෙක් ලාංකික සිසුන් ඔහුට ගබඩ්  කියා නමක් පටබැන්දෝය. 

වරක් සවසක මම පහත මාලයේ පාඩම්  කාමරයේ  පාඩම් කරමින් සිටියෙමි. හදිසියේම මා කරා පැමිණි සිවලිංගම් හෙවත් ගබඩ් අද අරූ හොඳට ටෝප් එක දාලා නිදි යැයි කීවේය​. පසුව බලන විට වීතියා සාදයකට ගොස් හොඳට වොඩ්කා පානය කොට පැමිණ සිවලිංගම්ගේ ඇඳේ නිදාගෙන සිටියේ‍ය​. 

රුසියන් භාෂා වසරින් පසු සිවලිංගම් සිම්ෆෙරෝෆල් නගරයට ගියේය​. මම විනිට්සා නගරයේ රැඳුනෙමි. 2009 වසරේ මට සිවලිංගම් ඩුප්ලිකේශන් පාර අසල තිබෙන ප්‍රකට මාළු වෙළඳසැලේදී හමු විය . ඔහු වෛද්‍ය සේවයෙන් ඉවත් වී ඉතා අධික ලෙස ආදායම් ලබන පරණ යකඩ බඩු වෙළඳාමට අවතීර්ණව සිටින බව කීවේය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 ulasan:

  1. මගේ රුම් මේට් කෙරලයෙක්, ළගදි ලැප්ටොප් එකක් අරන් පොඩි බපල් දෙකකුත් එක්ක, හින්දි, මලයාල , සිංදු දානවා මල කරදරේ.

    BalasPadam
    Balasan
    1. එයාට හොඳ බ්ලුටූත් හෙඩ් සෙට් එකක් තෑගි දෙන්න.

      Padam
    2. මාත් කියන්නේ ඒකයි

      Padam
  2. //ඔහු වෛද්‍ය සේවයෙන් ඉවත් වී ඉතා අධික ලෙස ආදායම් ලබන පරණ යකඩ බඩු වෙළඳාමට අවතීර්ණව සිටින බව කීවේය​.// සෑහෙන ධෛර්යයක් තිබිල තියෙනවා වෛද්‍ය වෘත්තීය අත ඇරලා යකඩ බඩු වෙළඳාම වගේ දෙයක් පටන් ගන්න.

    BalasPadam
    Balasan
    1. පොල් කැඩීමද, පරණ යකඩ බඩු විකිණීමද?
      තීරණය සරලය.

      Padam
    2. වෛද්‍ය සේවයෙන් හොයන මුදල වගේ 20 ගුණයක් හොයන බිස්නස් එකක් මෑන් කරන්නේ.

      Padam
  3. /සිවලිංගම් වරක් වෝල්ට් හයෙන් වැඩ කරන රේඩියෝවේ වයර් දෙක වෝල්ට් 230 සම්බන්ධ කොට කිසිවක් නොදත්තෙකු මෙන් සිටියේය​/

    හැක් මාත් ඔය ගැජට් එකට සිවලිංගම් කරපු දේම කොලානේ,

    රේඩියෝවක් කීවට ඔෆ් කරන්න විදිහක් නැති වොලියුම් කොන්ට්‍රෝල් විතරක් තිබ්බ අබ්ලික් එනනවුන්ස්මන්ට් වයර් දෙකකට ගැට ගහපු ස්පිකරේ නේද? ඇයි සීනියර්ලා බය කරේ නැද්ද ඕකෙන් අකුරු තුනේ අය (KGB) අපි කියන ඒවා අහන් ඉන්නවා කියලා? ඉරිදට පාන්දරම ඕය කන්කරච්චලේ සද්දේ ඉබේම වැඩි වෙන එක සෝවියට් රුසියවේ විතරක් නෙවෙයි කියුබාවෙත් සිද්ධවුනාලු, නොමියුනිස්ට් ප්‍ර‍ාකාශනයේ කොහේ හරි එහෙම කරන්න කියල ලියල තියෙන්න ඇති.

    BalasPadam
    Balasan
    1. මෙම රේඩියෝව ක්‍රියාත්මක වන්නේ බිත්තියට අල්ලන ලද සිදුරු දෙකකින් යුත් ප්ලග් එකකට සවි කිරීමෙනි. එයින් වෝල්ට් 6 පමණ විදුලියද රේඩියෝව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇන්ටෙනාවද ලබා දෙයි. මෙම ප්ලග් එක මගින් කේජීබී එක සිසුන් ගේ සංවාද වලට සවන් දෙන බවට බොරු දූසමාන ආරංචියක් නිසා සමහර සිසුන් කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය​. අපගේ වෛද්‍ය පීඨයේ සිටි මන්සූර් නම් සිසුවා කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය. වර්තමානයේ මන්සූර් නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.

      Padam
  4. සිවලිංගම් ම තමා දැනටත් මගෙත් ඒක්ක වැඩ කරන යාලුවෙක් ඉන්නවා...... පට්ට චරිතයක්... උෟ ගැන කියන්න වෙනම පොතක් ලියන්න වෙනවා.......

    BalasPadam
  5. මම නම් හිතන්නේ සිවලිංගම්ලගේ ලේවල ඔය බිසිනොස් එක ඇති..

    මගේ යාළුවෙකුත් ඉන්නවා වෛද්‍ය වෘතිය හැරදාලා ටේලර් කෙනෙක් වෙච්ච.. මිනිහා හරි ප්‍රසිද්ධයි.. ඒත් කවුරුත් අර කතාව දන්නේ නෑ.. හැබයි ලංකාවේ නම් නෙමෙයි ඉන්නේ..

    BalasPadam
    Balasan
    1. මිනිහගේ පියාගේ රස්සාව (මහා පරිමානයෙන් කල කෙනෙක්)

      Padam
  6. //ඔහු වෛද්‍ය සේවයෙන් ඉවත් වී ඉතා අධික ලෙස ආදායම් ලබන පරණ යකඩ බඩු වෙළඳාමට අවතීර්ණව සිටින බව කීවේය​.//ඇත්තද මේ කතාව. වෛද්‍ය වෘත්තිය අත ඇරල මෙහෙම දෙයක් කරනව කියන්නෙ විශ්වාස කරන්නත් අමාරු දෙයක්නෙ ඇරත් ලංකාවෙ

    BalasPadam
    Balasan
    1. මම දන්න කීප දෙනෙක් හිටියා වෛද්‍ය වෘත්තිය අත ඇරලා බිස්නස් වලට ගිය​.

      Padam
  7. මාතෘකා ගොඩයි... නියමයි.
    ජයවේවා..!!

    BalasPadam
  8. අමුතු කතා... ඇත්තටම! දැන්නම් වෛද්‍ය වෘත්තිය අත හැර...මල් සැරසිලි කරන අයත් ඉන්නවා

    BalasPadam
    Balasan
    1. වෛද්‍ය වෘත්තිය තුල තියන පීඩනය සමහරුන්ට දිගට දරා ගන්න අමාරුයි

      Padam
  9. කොන්ද නමාගෙන ඇරමිටි ඔක්කොම ගහගෙන ලියල තියෙන මතක ටික මරු

    BalasPadam
    Balasan
    1. ඕක කිව්වෙ කොන්ද නෙමාගෙන එරමිටි යොක්කොම ගාගෙන ...

      Padam
  10. ඔය වගේ දෙමළ අයත් එක්ක වෙච්ච භාෂා සිද්ධි නම් මගේ ලෝකයේ ගොඩායි...

    BalasPadam
  11. ටෝප් කිව්වට වරද්දකුත් නෑ බැලුවම. Toper කියන්නේ බේබද්දා නේද?

    පැරණි ක්‍රමය අනුව, හමුදා කඳවුරු වල උදෑසන පෙරෙට්ටුවේදී, අද දින කඳවුරේ කීදෙනෙක් සේවයේ යෙදී සිටිනවාද, කීදෙනෙක් ගිලන්ව සිටිනවාද ආදී වශයෙන් රෙජිමේන්තු සැරයන් මේජර් විසින් විධායක අධිකාරීට වාර්තා කළයුතුයි. එහිදී කියනවා, 'තුමනි, පෙරෙට්ටුවේ සෙබළුන්.......දෙනෙක් සිටී......දෙනෙක් ගිලන්ව ඇත තුමනි' කියලා. එක දවසක්, තුන් දෙනෙක් අසනීපව හිටියා. අපේ රෙජිමේන්තු සැරයන් මේජර් අබ්බාස්, ඔහු දන්නා සිංහලෙන් වාර්තා කළා, 'තිදෙනෙක් ගිලාබැෂ ඇත තුමනී'කියලා.

    BalasPadam
    Balasan
    1. මෙතන පොර ටෝප් කිව්වේ ඩෝප් එකට

      Padam
    2. මෙ නාකියාට හමුදාවෙන් තොර ලබ්බක්වත් නැත උගේ හමුදා ලබ්බ ගැන අපිට දැනගැනීමට අවශයද නැත

      //පැරණි ක්‍රමය අනුව, හමුදා කඳවුරු වල උදෑසන පෙරෙට්ටුවේදී, අද දින කඳවුරේ කීදෙනෙක් සේවයේ යෙදී සිටිනවාද, කීදෙනෙක් ගිලන්ව සිටිනවාද ආදී වශයෙන් රෙජිමේන්තු සැරයන් මේජර් විසින් විධායක අධිකාරීට වාර්තා කළයුතුයි. එහිදී කියනවා, 'තුමනි, පෙරෙට්ටුවේ සෙබළුන්.......දෙනෙක් සිටී......දෙනෙක් ගිලන්ව ඇත තුමනි' කියලා. එක දවසක්, තුන් දෙනෙක් අසනීපව හිටියා. අපේ රෙජිමේන්තු සැරයන් මේජර් අබ්බාස්, ඔහු දන්නා සිංහලෙන් වාර්තා කළා, 'තිදෙනෙක් ගිලාබැෂ ඇත තුමනී'කියලා.//

      මෙ ටික තොගේ මොඩරේට් බ්ලොග් වල විතරක් ලියන එක බ්ලොග් ලෝකයට කරන උත්තමාචාරකි

      Padam
    3. නමක්වත් දාන්න බැරි බෝල ඇනෝ ..... බොට කව්ද බ්ලොග් ලෝකය වෙනුවෙන් කතා කරන්න අවසර දුන්නේ උබ අකමැති දේවල් වලට කැමති ලක්ෂ ගානක් උබ අවටම ඉන්නවා කියන සරල දේ වත් තේරුම් ගන්න උත්සහ කරපංකෝ

      Padam
    4. S. L. මැලේ රාළ උඹ කාටද කඩේ යන්නේ ඒ පාර
      කෝ ඔය කියන උඹේ ලක්ස ගාන කොහෙද ඉන්නේ
      මේකට එන්නේ ඒ නාකියගේ බයිලා අහන්න නෙමෙයින් උගේ බයිලා කියවන්න ඕනෙනම් ඔනෙකෙක් උගේ එකට කැන්දගේනම පලයන්
      එකට අපි උඹේ ලපයි හොයන්න එන්නේ නැ

      Padam
  12. I am wondering how you find the time to write blog a day, in the middle of a busy schedule of a doctor. However, I like your blogs very much and encourage you to write more

    BalasPadam
    Balasan
    1. Thanks Saratchandra writing is my hobby ; last month wrote 2 research papers , a number of blog stories and a few pages of my newest book.

      I have published more than 60 books both in sinhala and English.

      Padam
  13. //අප ඉතා සාමයෙන් රංඩු කරමින් ජීවත් වූයෙමු
    නිහතමානීව අාඩම්බර වෙනව වගේද? :D

    හරි සෝක් මිනිස්සු ජාතියක් ඉතිං... (පොලවට පොඩ්ඩක් උඩිං යන්න පලන... සොරි බලන ස්වාභාවය අවම කරගත්තොත්!)

    BalasPadam
    Balasan
    1. නිහතමානීව අාඩම්බර වෙනව

      Padam
  14. මම දන්නා ලංකාවේ ඩොකෙක් ඉන්නවා මෙහෙ මිනිහා වෙදකම ඇරෙන්න අනෙක් ඕනෑම වැඩක් කරනවා හරියටම

    BalasPadam
    Balasan
    1. මිනිසුන් විවිධාකාරය

      Padam
  15. Dear Sir,

    අගනා මතකයන් .! කියවන්ඩ ප්‍රියයි...!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook