Selasa, 19 Januari 2016

බොඩි ගලවා






එන්‍රිකේ ඉග්ලේෂියාස්‌ගේ ප්‍රසංගයේදී ඔහු දෙසට තනපටය වීසි කළ සිද්ධිය නිසා  ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ කීය​.

 "'මේ ගැහැණු ළමයි තනපටය ගලවලා දුන්නා මේ ගායකයාට.මේ අපේකම් රකින හැටි. තරුණ ගැහැණු ළමයි වේදිකාවට නැගල මේ ගායකයව බලෙන් සිප ගත්තා ඉන්න බැරුව.' මෙවැනි 'අසංවර' ක්‍රියාවල නිරත වන තරුණියන්ට ,  මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන පුද්ගලයන්ට 'මඩු වල්ගෙන් තල්ලන ඕනේ " 

 මේ තනපට කතාව අසන මට මතක් වෙන්නේ 1998 පමණ කාලයේ මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ සිටි මිඩ් වයිෆ් කෙනෙකි. ඇය සැම විටම ලේබර් රූම් එකට ප්‍රසූති වලට යන කාන්තාවන්ට මෙසේ කියන්නීය​. 

" ඔය ලේබර් රූම් එකට යන අය බොඩි ගලවල යන්න "  

ලේබර් රූම් එකට යන කාන්තාවන්ට බොඩි ගැල්වීමට උපදෙස් දුන් මේ මිඩ් වයිෆ්ටත් මඩු වල්ගෙන් තලයිද යන සහේතුක බියක් මට ඇතිවේ.

පහත සටහන මා විසින් ලියන ලද මානසික රෝගියාගේ පරිකල්පනය නම් පොතේ එන්නකි. 

 ..........මිනිසෙකු රළු වන්නේ  හදවත තවනා පියොවුරු නැති නිසා බව කව් සිළුමිණ කවියා පැවසුවා මෙහෙම.    

පුරා අනුරා ඇති පියොවුරු දිදී ළෙහි මා සැරහූවන් පෙරදවස් හිද නොතද වේ කුම්සේ.    

වාජිඩ් බෝග්රා වැඩ කලේ පකිස්ථාන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ.  ඔහට හිට්යා ලස්සන බිරිඳක්. අසල්වැසියන් ඔහුට ඉර්ශියා කළා රුවැති බිරිදක් සිටීම නිසා.  ඇයගේ දෙනෙත් වල ලස්සනකියලා නිම කරන්න බැහැ. ඇය පර්සියාවේ සුල්තාන් කෙනෙක්ගේ බිසවක් වගේ.   ඇයගේ රන් හංසයන් ඔහුව කුල්මත් කළා. නමුත් මේ සතුට පැවතියේ සුළු කාලයයි. ඔහුගේ රූමත් බිරිඳ ආගාසාෆි  දරු ප්‍රසුතියේදී මිය ගියා. වාජිඩ් බෝග්රා ලෝකයේ තනි උනා. වෙනදා සන්තෝසයෙන් පාරේ දකින මිනිසා නෙවෙයි ඊට  පස්සේ හිටියේ. ඔහු රෑබෝ වෙනකම් කාර්යාලේ වැඩ කළා.පොඩි වැරැද්දකදී උනත් පියන්ට කඩා පැන්නා. වැඩ ප්‍රමාද කරන කන්තෝරුවේ ලියන්නන්ට තදින් අවවාද කරලා ලියුම් ගැහුවා. 

මේ කලේ තමයි කාන්තාවන්ගේ ඇඳුම ගැන සංස්කෘතිකදෙපාර්තමේන්තුව තදින් ක්‍රියා කරන්න පටන් ගත්තේ.  කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමු කරා.  නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටුඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට , විනිවිද පෙනෙන තනපට , සිහින් තනපට , සිනිදු තනපට ආදී අශික්ෂිත තනපට නිෂ්පාදනය, ප්‍රවාහනය , ළඟ තබාගැනීම, ඇඳීම මෙන්ම    ආනයනය කිරිම අලෙවි කිරිමද   නොකළ යුතු බවත්  ,මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බවත්   ඉස්ලාමික කවුන්සලයේ අදහස උනේ.වාජිඩ් බෝග්රා මේ අදහස අනුමත කල පමණක් නොවේ මේ නීති රීති කඩන්නන්ට දැඩි දඬුවම්   කල යුතු බව කියා සිටියා. ආගා සාෆි  ගේ පහස නොලැබී යාම නිසා ඔහු සිටියේ විශාල කියා ගතනොහැකි අසහනයකින්. ඔහු සෑම රාත්‍රියකම ආගා සාෆි  ගේ පුන් පියයුරු සිහිනෙන් දැක්කා. රන් පැහැති සිනිදු රණ හංසයන් කෙරෙහි ඔහු තුල තිබු ආශාව  එන්න එන්නම වැඩි උණා. ඒ ආශාවදැඩි  වන්න දැඩි වන්න ඔහු සිටියේ තිසර පටි නීති තද කල යුතුයි කියන ස්ථාවරයේ.  හදවත තවනා පියොවුරු නැති නිසා වාජිඩ් බෝග්රා රළු නරුමයෙකු බවට පත් උණා.






21 ulasan:

  1. මට නැති සැප අනුන්ටත් එපා කියන සංකල්පය, මානව ඉතිහාසයේ ඈත අතීතයේ සිටම එන දෙයක් බවයි පෙනෙන්නේ.

    BalasPadam
  2. මේ ගැන අදමයි කියවුවේ , ස්තුතී

    BalasPadam
  3. අපේ ජනාධිපතිතුමා නං එහෙම නෑ, ඔයි සිද්ධියට සතියකට ඉස්සරිනුත් ඕවාගේ අරුම ගැන කවි වගයක් මහ සභාවකම ඇදල පැදල ගායනා කරල තිබ්බා, අවුල වෙන්නැත්තේ ගෙදර ගෑනු උදවිය ඉරිසියාවට බෙරිහන් දෙනකොට යමක් නොකියත් බෑ නොව, කවි කියපුවෑ ඇරියසුත් තියෙන්නැතිනේ.

    BalasPadam
  4. උළු - රට උළු
    දෙල් - රට දෙල්
    අමුඩ - රට අමුඩ
    බොඩි - රට බොඩි

    BalasPadam
  5. ඔයා මේ කතාවෙන් කියන්න හදන්නේ.... - නාහ් ඕනේ නෑ

    BalasPadam
  6. Makes lots of sense....

    BalasPadam
  7. තනපටි ගැලවිල්ලට විරුද්ධව කතා කරන අයනම් මට නැති සැප එන්‍රික්ට මොටද කියල තමා විරුද්ධ වෙන්නෙ. ඔය ආගමික නායකයො වගේම සදාචාරෙ ගැන කෑගහන එව්වොත් ලිංගික කුහකයො. ඒ එක්කම මියුසික් කාරයන්ගෙ ස්ත්‍රී දූෂන පැත්තකුත් තියනවා.ප්‍රසිද්ධ ගායකයො නළුවො බඩුකාරයො. ඒක ඒ අයගෙ කැමැත්ත. නමුත් පොඩි කෙල්ලො මේ අයට මෝහනය වෙලා දූෂනය වෙනව.

    නළුවෙක් තමන්ට රැවටුන බාලවයස්කාරියක් දූෂනය කල වෙලාවෙ හොද නඩුතීන්දුවක් ලැබුන. බරපතල වැඩ ඇතිව දස වසරකට.නමුත් ඉහල උසාවියකින් ඒක විසි වුනා.ස්ත්‍රී දූෂන කරන නළුවන්ට හා ගායකයන්ට ඔවුන්ගෙ වෘත්තිය නිසා සහනයක් දිය යුතු නෑ.ඒ සිදුවීමෙදි සමහරු කිව්වෙ මේ නලුව එක්ක නිදාගන්න ඕනම ගෑනියෙක් කැමතියි ඒ නිසා මේක දූෂනයක් නෙමෙයි කියල. ඒක මහ සාහසික තර්කයක්.ගෑනු ළමයි කියන්නෙ නලුවන්ගෙ ගායකයන්ගෙ සෙල්ලම් බඩු නෙමෙයි .

    BalasPadam
    Balasan
    1. වසන්තු චතුරාණි වගේ රිදී තිරයෙ අහිංසකාවියොත්, නවයයි පහේ මුව පැටවු පෙන්නන හේම නලීනුත්, කමල් ගැන කතා කළේ මාර විස්සෝපයකතින්. මට මතකයි... "නළුවෙක් වීම බඩු කාරයෙක් වීමට ලයිසන් එකකි" කියල ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනව කියල මං එදයි දැනගත්තෙ.

      Padam
    2. නළුවෙක් වීම බඩු කාරයෙක් වීමට ලයිසන් එකකි";;;;;;;;;;මාර නීතියක්

      Padam
  8. රණ තිසරුන් පිනවයි මන. ඒකේ දෙකක් නැත...

    BalasPadam
    Balasan
    1. හෑ..... මමනම් දැකපු හැමෝටම දෙකක් තිබුනනේ බන්

      Padam
    2. තුනක් තිබ්බ අවස්ථාවක් වාර්තා වෙලා තියනවා

      Padam
  9. මෙහෙමනේ සුද්දෝ ඒන්න කලින් අපේ කට්ටිය ඔ්වා අැදලත් නැහැනේ නේද???????

    BalasPadam
    Balasan
    1. ඔව් සුද්දා තමයි වැහුවේ

      Padam
  10. රාජ පුරෝහිතලගේ, වන්දිබට්ටයන්ගේ දේවල් හොයන්නතුව කොපි පේස්ට් කරලා ලොක්කෝ නාගන්නවා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook