Ahad, 17 Januari 2016

පෝලන්ත සවාරිය

  

බංග්ලාදේශ ජාතික සිසුවෙකු වූ නයීම් සහ මම පෝලන්තයේ වර්සෝ නගරයේ දුම්රිය ස්ටේ‍ෂමේ සිටියෙමු. මෙම දුම්රිය ස්ටේ‍ෂම කොලඹ කොටුව දුම්රිය ස්ටේ‍ෂම මෙන් පස් ගුණයක් පමණ විශාලය​. මුළු යුරෝපය කරා යන කෝච්චි බොහොමයක් වර්සෝ නගරයට ආ බැවින් වර්සෝ  දුම්රිය ස්ටේ‍ෂම  කාර්‍යබහුල ස්ථානයක් විය​. 

අප දෙදෙනා බෙල්ජියමට යාම සඳහා රැඳී සිටියෙමු. අපගේ දුම්රියට තවත් කාල වේලාව තිබෙන බැවින් අප බස් රථයක නැගී වර්සෝ නගරයේ ඒ මේ අත ගියෙමු. ග්‍රීෂ්ම සෘතුව නිසා මල් පිපී නගරය ප්‍රාණවත්ව තිබුනේය​. හිට්ලර් විසින් වර්සෝ නගරය සහමුලින්ම විනාශ කර දැමුවද යුද්දයෙන් පසු වර්සෝ නගරය ඒ තිබූ ආකාරයෙන්ම නිර්මාණය කිරීමට පෝලිෂ් ජාතිකයන් සමත් වූහ​. එම නිසා අප සැරිසැරුවේ මළවුන් ගෙන් නැගිටගත් නගරයකය​. 

වර්සෝ නගරයේ ගොඩනැගිලි උසින් යුක්තය​. පෝලන්ත ජාතිකයෝ රුසියන් ජාතිකයන්ට වඩා ලක්‍ෂණට ඇඳුම් පැළඳුම් කරති. මම පෝලන්තයේ නිශ්පාදිත ඩෙනිම කලිසමක් ද ඔර්ටම් කෝට් එකක් ද මිලට ගත්තෙමි. මේ ඔර්ටම් කෝට් එක ලස්සණ එකකි. එය මම මිලදී ගත්තේ බීබීසී නිශ්පදනයක් වන ඊක්වලයිසර් ටෙලි මාලාවේ එඩ්වර්ඩ් වුඩ්වර්ඩ් අඳින වර්ගයේ එකක් වූ නිසාය​. මම ඒ ඔර්ටම් කෝට් එක බොහෝ කාලයක් ඇන්ඳෙමි.

පෝලන්තයේ මුදල්  ඒකකය ස්ලෝතිය​. ඔවුන් සෝවියට් රූබලයට ප්‍රියක් නොදක්වති. භාන්ඩ මිලට ගත් හැක්කේ ස්ලෝති හෝ ඇමරිකන් ඩොලර් වලට පමණි. 

"නුඹලාට උදව් උපකාර කරන සෝවියට් දේශයේ රූබල් නොගන්නේ මන්ද ? කියා පෝලන්ත බසාරයේ මහළු වෙලෙන්දෙක් ගෙන් මම ඇසුවෙමි. 

"මොන උදව්ද ? සෝවියට්වරු අපේ එළවළු ටිකත් අරගෙන යනවා" මහල්ලා විරෝධ ප්‍රකාශය කලේය​. 

"එහෙම කියන්න එපා"  මම මහල්ලාට කරුණු දැක්වීමට ඉදිරිපත් වූයෙමි. "පෝලන්තයට ආරක්‍ෂාව දෙන්නේ සෝවියට් දේශය නොවේද ? මම සෝවියට් දේශයට පක්‍ෂව කතා කලෙමි. 

"මොන ආරක්‍ෂාවක් ද ? උන්ට ගහන මිසයිල් අපිටත් වදී. මීට වඩා හොඳයි අපි නේටෝ  පාර්ශවයට ගියා නම්"

"නේටෝ එක උඹලව ගන්න එකක් නැහැ "මම මහල්ලාට අභියෝගයක් එල්ල කලෙමි. 

"බලමුකො කවදා හරි පෝලන්තය නේටෝ එකට යයි. දෙවන ලෝක යුද්දය කාලෙත් අපි හිටියේ බටහිර එක්ක​" . 

මහල්ලා සත්‍ය ඉතිහාසයෙන් බිඳක් මා ඉදිරියේ තැබීය​. එහෙත් මම එම ඉතිහාසයෙන්ම කරුණු ගෙන මහල්ලා ඉදිරියේ තැබුවෙමි. 

ඒත් හිට්ලර් වර්සෝවට බෝම්බ දාන කොට එංගලන්තයත් ප්‍රන්සයත් අහක බලාගෙන හිටියානේද ? 

නුඹ මොන රටේද ඉන්දියාවේද මහල්ලා අතුරු ප්‍රශ්නයක් නැගීය​. 

නැහැ මම ශ්‍රී ලංකාවේ 

" ඕ බරන්ඞනායක ගේ රට  මහල්ලා සංවාදය හමාර කලේය 

" බලමුකො කවදා හරි පෝලන්තය නේටෝ එකට යයි " පෝල්න්ත මහල්ලාගේ වදන් මගේ සිතේ තිබුණි. දශක එක හමාරකට දෙකකට පසු පෝලන්තය නේටෝ සංවිධානයට ගියේය​. 

බසාරයක වෙලඳම් කරන මහළු වෙලෙන්දෙකුගේ දේශපාලන දුර දැක්ම දේශපාලන විද්‍යාවේ කෙල පැමිනියන් ගේ දේශපාලන අණාවැකි බොරු කළ අයුරු මම පසක් කලෙමි. 

අප පෝලන්තයට ගිය කාලයේ එහි ජනතා වීරයා වූයේ ලෙක් වැලේසාය​. ඔහු වැඩවර්ජන මාලවක් දියත් කොට තිබුණි.  නගරය නොසන්සුන් ය​. 

උණුසුම නිසා අප දෙදෙනා අයිස්ක්‍රීම් විකුණන කුඩා කියෝස්කයට ගොස් අයිස්ක්‍රීම් මිලදී ගත්තෙමු. ඒ සමගම අයිස්ක්‍රීම් මිලදී ගැනීමට පැමිණි පියකරු පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනකු අප සමග සංවාදයට එලැඹුනහ. ලෝකයේ ලස්සනම තරුණියන් සිටින්නේ පෝලන්තයේ බව මම සිතමි. එසේ කියන්නේ රටවල් ගනනාවක ඇවිද ලත් අත්දැකීම් මතය​. 

පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනා අර්ධ ඉංග්‍රීසියෙන් අප සමග දොඩමලු වූහ​. සංවාදය පහසු කරවනු වස් මම ඔවුන් සමග යූක්‍රයීන භාෂාවෙන් කතා කලෙමි. ඔවුන් දෙදෙනා පෝලන්ත භාෂාවෙන් මට පිළිතුරු දුන්හ​. යූක්‍රයීන සහ පෝලන්ත භාෂා මඳක් සමාන වෙති. එම නිසා අපට අදහස් හුවමාරු කර ගැනීමට අපහසු නොවූයේය​. 

අපගේ මිත්‍රශීලී සංවාදයට හදිසියේම පොලිස්කරුවන් දෙදෙනෙකු කඩා වැදුනහ​. ඔවුන් තරුණියන් ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටියහ​. මෙම ක්‍රියාව හුදු ඉරිසියාව මත පදනම්ව කල ක්‍රියාවක් බව අපට අවබෝධ විය​. පොලිස් කරුවන් දෙදෙනාගේ මේ ක්‍රියාවෙන් තරුණියන් දෙදෙනා බලවත් සේ අපහසුවට පත් වූහ​. 

"ඔබලා ගෙෂ්ටාපෝ පොලිස් කරුවන් දෙදෙනෙක් ද? යැයි මම උස් හඞින් ඇසුවෙමි. ඉන් අවමානයට පත් වූ පොලිස් කරුවන් දෙදෙනා යන්නට ගියහ​. එහෙත් පිළිකුල් සහගත පොලිස් කරුවන් දෙදෙනා අපගේ සතුටු සංවාදය වියලා දැමූ හෙයින් අප තරුණියන් ගෙන් සමු ගෙන දුම්රිය පළ වෙත ගියෙමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

20 ulasan:

  1. වෝසෝ කියන නේද උච්චාරණය කරන්නේ? පෝලන්තයට යන්න ඕන දවසක.

    BalasPadam
    Balasan
    1. පෝලිෂ්වරුන් භාවිත කරන්නේ වෝර්සොවා කියලයි.

      Padam
    2. පෝලන්ත සහ යූක්‍රයීන බසින් කියන්නේ වර්ෂාවා කියලා

      Padam
  2. පෝලන්ත කාරයෝ ලේක් වෑලේසාගෙ බොරු පoපෝරි වලට රෑවටුනා................
    මිනිහත් ඵ් කාලේ කිව්වේ රනිල් ගේ කතා.........කුලියාපිටිය කාර් කොම්පෑනිය වගේ කතා තමා කිව්වේ..........මිනිස්සු රෑවටුනා...........

    ලේක් වෑකේසා කියන්නේ CIA කාරයෙක් නේ............
    සොලිඩරිටි ව්‍යාපාරය කියන්නේ යූ.ඈන්.පීය වගේ පට්ට පජාත ව්‍යාපාරයක්........

    ලේක්වෑලේසා ලා පෝලන්තේට දිනාදුන්න නිදහසක් නෑ............පෝලන්තයේ ස්වාදීනත්වය නෑතිකලා පමනයි..........

    නේටෝ ඵෙක කියන්නේ යුද සoවිදානයක්......................
    ඵ් වගේ සoගමයකට රිගගන්න ආසාව ඈතිවෙන්නේ යුදවාදීන්ට පමනයි.

    ඈමරිකන් කොකාකෝලා.... ඩෙනිම්.... ප්‍රෝන්...........ව්‍යාජ සස්කෘතියට රෑවටී ඔලුව අහිමිකරගත් තවත් රටක් පෝලන්තය.................

    ඈමරිකන් නොවටිනා ඩෙනිම් කොකාකෝලා බ්ලූ පෝලන්තයට.....නිශ්පාදනය සදහා ස්වාබාවික සම්පත් ඈමරිකාවට.........

    ඔක තමා ලේක් වෑලේසා දිනාදුන් නිදහස..........

    දන්නෝ දනිති !

    BalasPadam
    Balasan
    1. ලේක්වෑලේසා ලා පෝලන්තේට දිනාදුන්න නිදහසක් නෑ............පෝලන්තයේ ස්වාදීනත්වය නෑතිකලා පමනයි...///////ඉතිහාසයත අනුව පෝලන්තයට ස්වාධීනතවක් තිබුනේ නැත ඔවුන් සාර්වරු සෝවියට්වරු යටතේ සිටියහ​.

      Padam
  3. පෝලන්තයේ සමාජවාදී ක්‍රමය වෙනස් කිරිමට දෙවන ජුවන් පාවුලු පාප්තුමා තිරයන් පිටුපස සිට සෑහෙන කාර්යක් ඉටුකලා.

    BalasPadam
  4. පෝලන්තය, රුසියානු සමූහ රටවලින් යුරෝපයට යන​ මුවදොරයි මගේ හිතේ.......

    BalasPadam
  5. යෙව්රේයිකා( Jewish), පල්යාච්කි (Polish),> සිගාන්කි (gypsy)?

    BalasPadam
  6. වැලේසා ඒ දිනවල ලෝක ප්‍රසිද්ධ වුනා. වැලා නමින් අන්වර්ථ නමකින් හැඳින්වුණු අපේ මිතුරෙකු එනිසාම වැලේසා නම ලැබුවා!

    BalasPadam
    Balasan
    1. අපේ මිතුරෙකු එනිසාම වැලේසා නම ලැබුවා!////

      Padam
  7. අහ වැලා මොනවගේ විප්ලවීය දේවල් ද කලේ වැලේසා වගේ වෙන්න. පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ ඔබ කලදේම ද එයත් කලේ

    BalasPadam
  8. //බසාරයක වෙලඳම් කරන මහළු වෙලෙන්දෙකුගේ දේශපාලන දුර දැක්ම//
    ලංකාවේ රජවරු, රජ කුමාරයෝ පැරදුණ වගේ. කවුරුත් නොසිතන දෙයක්.

    BalasPadam
    Balasan
    1. ඔවුන් ගේ ගට් ෆීලිංස් බොහෝ විට හරි

      Padam
  9. අර උඩින් කමෙන්ට් එකක තියෙනවා වගේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව කියන්නේ දැන්නම් යුධ සංවිධානයක් නේද?දෙවැනි ලෝක යුද්ධයට පෝලන්තය පැටලුනේ හිට්ලර්ගේ පෝලන්ත අක්‍රමණය නිසානේ.ඉතින් හිට්ලර් පරදවන්න කටයුතු කරපු සෝවියට්වරුන්ට ප්‍රසාදයක් නැති වෙන්න උන්ගේ කල්ක්‍රියාව හොඳ නැති වෙන්න ඇතිනේ අර සීයා කියන විදියට.

    පොලිසිය නම් බලන් ගියාම කොහෙත් එකයි වගේ හිටං..:)

    BalasPadam
  10. පොලිසිය නම් බලන් ගියාම කොහෙත් එකයි වගේ attha

    BalasPadam
  11. කොහේ ගියත් පොලෝසිය පොලෝසියමයි නේ...

    BalasPadam
  12. හය්යෝ ! මොන තරම් හිතට අමාරුවක් දැනෙන්න ඇද්ද පොලිස් කාරයෝ දාපු උදැල්ල නිසා ?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook