Selasa, 12 Januari 2016

බර්ලින් තාප්පය හරහා




1988 දී මම ජර්මනියට යන විට ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙසට දෙකට බෙදී තිබුණි. ඒ කාලයේ නැගෙනෙහිර ජර්මනියේ තිබුනේ කොමියුනිස්ට් පාලනයකි. මිනිසුන් ස්ටාසි රහස් ඔත්තු සේවයට තිබූ බිය නිසා විදේශික අප සමග නිදහසේ සංවාදයට  ආවේ නැත​. එහෙත් ටැක්සිකරුවන් කිහිප දෙනෙක් අප වෙත පැමින ඩොලර් හෝ ඩොයිෂ් මාර්ක්  තිබේද කියා අැසුවෝය​. එක් ටැක්සිකරුවෙක් මා අත බැඳි ජපන් සිටිසන් වර්ගයේ අත් ඔරලෝසුව මිලට ගැනීමට තැත් කලේය​.    

ටැක්සිකරුවන් ගේ කන්දොස්කිරියාවෙන් මිදුනු අප නැගෙනහිර ජර්මනියේ අවන්හලකට වැද දිවා ආහාරය ගතිමු. නැගෙනහිර ජර්මනියේ ආහාර මිල බටහිර තරම් අධික නොවේ. බටහිර ජර්මනියේ ඩොයිෂ් මාර්ක් 40 පමණ මිල වන දිවා ආහාරය සඳහා අප විසින් ගෙවන ලද්දේ ඩොයිෂ් මාර්ක් 10 පමණ මුදලකි. දිවා ආහාරයෙන් පසු අප බටහිර බර්ලිනය වෙත යාම පිණිස බර්ලින් තාප්පය කරා ගියෙමු.   

බර්ලින් නගරය බෙදා පැතිර තිබෙන බර්ලින් තාප්පයෙන් පැන බටහිරට යාම නැගෙනහිර ජර්මනියේ බොහේ දෙනෙකුගේ සිහිනය විය​. නමුත් එය භයානක සිහිනයකි. අවි ගත් රැකවළුන්,කටුකම්බි බාධක, බල්ලන් , බිම් බෝම්බ අතුරා තිබෙන භූමිය හරහා බටහිරට යාම මරණයට අත වැනීමක් විය​. බර්ලින් තාප්පයෙන් පැන බටහිරට යාමට තැත් කොට වෙඩිකෑ හෝ බිම් බෝම්බ වලට ගොදුරුව මිය ගිය අවාසනාවන්තයන් සිහි ගැන්වීමට තාප්පය අසල සාදා තිබෙන ලී කුරුස අප දුටුවෙමු.   

බර්ලින් තාප්පය හරහා බටහිරට යන්නන් දැඩි ලෙස පරික්‍ෂා කරනු ලැබේ. එහෙත් අප දුඹුරු පැහැති ආසියාතිකයන් නිසා වැඩි පරික්‍ෂාවකින් තොරව යාමට ඉඩ දෙන ලදි. හමේ වර්ණය නිසා වරප්‍රසාදයක් ලැබූ එකම අවස්ථාව එය විය​. අප සමග සිටි ලතීශ් ජාතිකයා නැගෙනහිර ජර්මානුවෙකු යැයි සැක කිරීම නිසා ඔහුව රඳවාගෙන පරික්‍ෂා කරන ලදි.   

නැගෙනහිර ජර්මනියට සාපේක්‍ෂව බටහිර ජර්මනිය ආලක මන්දාවක් මෙන් දිස් විය​. නවීන වාහන අලංකාර ලෙස ඇඳ පැලඳි ජනයා , දිලිසෙන ගොඩනැගිලි නිසා බටහිර වඩාත් චමත්කාර ලෙස දිස් වූයේය​. නැගෙනහිර ජර්මනියේ මිනිසුන් ඇඳ පැලඳි සිටියේ ඒකාකාරී ලෙසටය​. ඔවුන් ගේ ඇඳුම් රළු රෙද්දෙන් විලාසිතාවලින් තොරව මසා තිබුනාක් මෙන් පෙනුනි. නැගෙනහිර ජර්මනියේ වාහන බොහොමයක් ද සෝවියට් දේශයේ නිශ්පාදිත කමාස් , තවුරියා , වොල්ගා වූහ​.   බටහිර බර්ලිනයේ සවස් වන තෙක් කාලය ගත කල අප සවස් වරුවේ හැම්බර්ග් බලා යන  දුම්රියකට ගොඩ වූයෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

31 ulasan:

  1. බර්ලින් තාප්පය බිඳ වැටුනත්, අද උනත් බටහිර ජර්මනිය පැත්ත තරම් නැගෙනහිර ජර්මනිය පැත්ත සශ්‍රීක නැති බව පේනවා...ගොඩනැගිලි පවා පරණයි..





    BalasPadam
    Balasan
    1. asidisi මම යුනිෆිකේෂන් එකෙන් පස්සේ ජර්මනි ගිහින් නැහැ. ඕක අහන්න හොඳම කෙනා බර්ටි හෙන්නායක

      Padam
    2. මම නම් එහෙම දෙයක් දැක්කේ නැහැ. හතර පස් වතාවකට් වඩා ගිහිල්ල තියනවා. මේ පින්තුර බලන්න
      කියුබාව ගැන කීමට ප්‍රථම - නැගෙනහිර ජර්මනියේ නිවෙස්

      Padam
    3. https://kolambagamaya.blogspot.com/2014/04/5.html

      Padam
  2. අදිසි තාප්ප තවමත් ලොව ඇත.

    BalasPadam
  3. ධනවාදය සහ සමාජවාදය.................

    BalasPadam
    Balasan
    1. ධනවාදය සහ සමාජවාදය.... ඔය ක්‍රම දෙකේම මිනිසුන් අසතුටින්

      Padam
  4. ලතීශ් ජාතිකයා කිව්වෙ මොන රටේ පුරවැසියෙක්ද?

    බටහිර ජර්මනියෙ චාරිකාවක් ගැන ගුණදාස ලියනගේ මහත්මය ලියපු "සිත්සන්තොසින් ගුවනේදී බැඳි හාද" නවකථාවෙ බර්ලින් තාප්පය ගැන අපූරු විස්තරයක් සඳහන්ව තිබුනා මට මතකයි. චෙක්පොයින්ට් චාලි ගැන එහෙම මම දැනගත්තෙ ඒ පොතෙන්.

    BalasPadam
    Balasan
    1. මේ පොත ගැන සිහිවී තොරතුරු හොයන්න ගිය කළ මට හමුවූයේ මෙයයි!
      http://kathandara.blogspot.com/2013/04/kks-movie-marathon.html

      අයියෝ සල්ලි!

      Padam
    2. @රවී : මගේ මතකයට ආවෙත් මේ චෙක් පොයින්ට් චාලි කියන මුරකපොල්ල.

      Padam
  5. ලතීශ් ජාතිකයා කිව්වෙ ලැට්වියා Latvian: a country in the Baltic region

    BalasPadam
  6. නැවත ලබා ගත නොහැකි අත්දැකීමක්

    BalasPadam
  7. http://maathalan.blogspot.com/2012/11/end-of-cold-war.html

    BalasPadam
  8. තාප්පේ නැතත් සිංදුව තියේ.

    Wind of Change

    BalasPadam
    Balasan
    1. ස්කෝපියන්ස්ලා මොස්කව් ආවම මගේ යාලුවෙක් ඒ කොන්සට් එක බැලුවා

      Padam
    2. වින්ඩ් ඔෆ් චේන්ජ් ලස්සන ගීතය. මේක සන්ෆ්ලර් එකේ නෙල්සන් වාස් ඒ කාලේ ලස්සනට ගායනා කළා.

      Padam
  9. Hot Air Balloon එකක නැගලා ඔය සීමාව තරණය කරන්න ගිය The Night Crossing කියලා ලස්සන කතාවක් මම කියවලා සහ බලලා තියෙනවා

    BalasPadam
    Balasan
    1. මමත් ඒ චිත්‍රපටය බලලා තියනවා its a true story

      Padam
  10. ගඩොලින් බැදී තාප්ප පෙරලා කඩා දැමිය හැකි වුවත් ජාති,කුල,මල භේද වලින් වෙන්වෙලා තියෙන තාප්ප කොහොමද පෙරලන්නේ.?

    BalasPadam
  11. වර්තමානයේ ජර්මානු ජනතාව කෙබඳු දේශපාලන නිදහසක් භුක්ති විඳිනවාද යන්න පැහැදිලිව පෙනෙනවා මැතිවරණ වලින්.

    BalasPadam
  12. තාප්ප බිඳ වැටුනත් හිත් වලින් බැරියර් බැද ගත්ත මිනිස්සු ඕන තරම් ඉන්න පූළුවන්.

    BalasPadam
  13. //හමේ වර්ණය නිසා වරප්‍රසාදයක් ලැබූ එකම අවස්ථාව එය විය​.// ඒක නම් ඇත්ත, තවම කළු සුදු බේදය තියනවා.

    BalasPadam
  14. තවම කළු සුදු බේදය තියනවා අපේ මිනිස්සු ලඟආගම් බේදය තියනවා වගේ

    BalasPadam
  15. මේක පහුගිය සියවසේ වෙච්ච් එකම දේශ සීමා බන්ධනය බිඳීම ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ අලුතෙන් දේශ සීමා මායිම් ගහ ගන්න ඒවානේ. මේකෙන් පස්සේ ඔවුන් ක්‍රීඩා ජයග්‍රහණ බොහොමයක් ලබා ගත්තා.

    BalasPadam
  16. සුදීක ඔබගේ අදහස හරි. නැගෙනෙහිර ජර්මනියේ ක්‍රීඩා ජයග්‍රහණ බොහොමයක් තිබ්බා. ඒක ස්්ටරොයිඩ් භාවිතාවෙන් කියලත් කියනවා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook