Ahad, 10 Januari 2016

කිරිහාමි ගැන




වික්‍රම සෙනෙවිරත්න කවරෙක්ද යැයි නොදත් බොහෝ දෙනා කිරිහාමි යැයි කියූ විට වික්‍රම සෙනෙවිරත්නයන් මතකයට නගා ගනිති. ඔහු දක්‍ෂ නළුවෙකි. එසේම නාලන්දා විද්‍යාලයේ මගේ සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයාය​. 

නව වන ශ්‍රේනියේදී මමත් සිදත් සුරේන්ද්‍රත්  , මිනී ඔළුවා හෙවත් සුමිතුත් වික්‍රම සෙනෙවිරත්න මහතා උගන්වන අවස්ථාවකදී කතාවක පැටලී සිටියෙමු.  සිදත් සුරේන්ද්‍ර යනු සුප්‍රකට පුවත් පත් කතුවරයෙකු වූ  සයිරස් ඩබ් සුරේන්ද්‍ර මහතා ගේ පුතාය​. මිනී ඔළුවා  පැහැපත් ශරීරයකින් යුත් නමුත් දඟ වැඩ කිරීමේ කප්පිත්තෙකි. 

වරක් බස් රථයේදී නිදි කිරන මැදි වයසේ මගියෙකුගේ කනට මුව තබා " මුදලාලී කාගෙද මේ හෙරලී කියා මහ හඞින් අසා සෙනග අතරින් ඉදිරියට ගියේය​. මගියා ගැස්සී ඇහැරුනු අතර සිදු වූයේ කුමක්ද කියා සිතා ගැනීමට ඔහුට තත්පර දහ පහළවක් ගත විය​. ඒ කාලය තුලදී මිනී ඔළුවා සෙනග පිරි බසයේ සෙසු මගීන් අතරින් පණුවෙකු සේ ඇදී ගියේය​. පාසල් ළමුන් ගේ සිනහවත් සමග කවරෙකු හෝ තමාට අරියාදු විහිළුවක් කළ බව වටහා ගත් මගියා තම කනට මුව තබා කෑ ගැසූ කොල්ලාගේ බෙල්ල කඩා දමන බවට තර්ජනය කලේය​. 

මෙවැනි ක්‍රියා කරන මිනී ඔළුවා නිසා අප අමාරුවේ වැටුනේ වරක් දෙකක් නොවේ. මෙවරද වික්‍රම සෙනෙවිරත්න මහතා උගන්වන විට මමත් සිදතුත් කසු කුසුවෙන් කතා කරගත් නමුත් මිනී ඔළුවා යම් ශබ්දයක් නැගීම නිසා වික්‍රම සෙනෙවිරත්න මහතාගේ අවධානයට අපව යොමු විය​. ඔහු අප සිටි අන්තිම පේලිය වෙත ආවේය​. 
වික්‍රම සෙනෙවිරත්න මහතාගෙන් මගේ උඩු බාහුවට කරාටේ පහරක් ලැබුණි. මම බාහුව අතගාමින් පසු බැස්සෙමි. සිදත්ට ලැබුනේ බෙල්ලට කවර් ශොට් පහරකි. ඉන් ඔහුට ඉක්කාවක් ද වැටුණි. ශබ්දය කළ  මිනී ඔළුවා අති දක්‍ෂ දීප්තිමත් සිසුවෙකු සේ රඟමින්  ගණිත පොත දෙස ඇස් යොමු කරගෙන සිටියේය​. 

"තමුසේ ඉස්කෝලෙට ටින් ටින් පොත් ගෙනල්ලා ළමයි අවුස්සනවා විතරක් නෙවෙයි ගුරුවරු උගන්වන කොට බාදාත් කරනවා " යැයි කියා වික්‍රම සෙනෙවිරත්න මහතා මට චෝදනාවක්ද කලේය​. 

ටින් ටින් පොත් කතාව නම් ඇත්තකි. මා ලඟ සියළුම  ටින් ටින් පොත් කාණ්ඩ තිබූ අතර ළමයින් ගේ ඉල්ලීම පරිදි වරින් වර මම ඒවා පාසලට ගෙනාවෙමි. එසේ ගේන ටින් ටින් පොත් පන්තිය පුරා යයි. ළමයින් ගුරුවරු උගන්වන විට ඩෙස්ක් එක යට ටින් ටින් පොත් තබාගෙන බලති. නමුත් ගුරුවරු උගන්වන කොට බාදා කිරීම නම් අළුත් චෝදනාවකි. බාදා කලේ මිනී ඔළුවා නමුත් එය වැටුනේ මගේ ගිණුමටය​. කෙසේ නමුත් මම ඔළුව නවාගෙන බිම බලාගෙන සිටියෙමි. ඉන් පසු සාමාන්‍ය පෙළ අවසානය දක්වා මම වික්‍රම සෙනෙවිරත්න සර්ට අසු වන අන්දමේ වරදක නිරත නුවූයෙමි. 

2000 වසරේදී නාලන්දා විද්‍යාලීය ආදි සිසුවන් ගේ මෙහෙයවීමෙන් ගුරුවරුන් සඳහා වෛද්‍ය කඳවුරක් පැවැත්විනි. එහිදී වික්‍රම සෙනෙවිරත්න මහතා මගෙන් බෙහෙත් ගැනීම සඳහා ආවේය. නමුත් 1981 වසරේදී මට දුන් කරාටේ පහර ගැන සර්ට මතකයක් නොවීය​. 

17 ulasan:

  1. මොනවා වුණත් විවිධ හැකියාවන් අැති සැබෑ ගුරුවරයෙක් මං හිතන්නේ....

    BalasPadam
  2. ළමය්න්ට කරන දඩුවම් ගුරුවරු මතක තියන් ඉන්නෑ යාළු

    BalasPadam
  3. ගහපු එකටත් හරියන්න සර්ට බෙහෙත් කලානේ.

    BalasPadam
    Balasan
    1. බෙහෙත් නම් හොඳට දුන්නා ඒ කියන්නේ හිතේ කහට නැතිව

      Padam
  4. Balasan
    1. තාම රඟපෑම් කටයුතු වල ඉන්නවා

      Padam
  5. ලොක්කෙ මාමා හා හත්පන ටෙලි නාට්යන්හි
    වික්‍රම සෙනෙවිරත්නයන් හා රගපෑමට මා අවස්තා ලෑබිම භාග්යක් ලෙස සලකමි.
    විටින් විට මෙවන් අතීත ආවර්ජනා ලිවිම ගෑන
    ඔබට ස්තුතියි.
    ජගත් බන්ඩාර

    BalasPadam
    Balasan
    1. ජගත් ඔබ දක්‍ෂ නළුවෙක් වේදිකාවට ඔබ එන්නේ වයස 7-8 පමණ

      Padam
  6. /* මිනී ඔළුවා පැහැපත් ශරීරයකින් යුත් නමුත් දඟ වැඩ කිරීමේ කප්පිත්තෙකි. */

    නිකම්ම ලියවුනා ද, සිතා මතා ම ලිව්වා ද?

    BalasPadam
    Balasan
    1. Freudian slip කියන්නේ මෙයටද?

      Padam
    2. අනේ නැහැ. ඌ ඇත්තටම කලේ මදාවි වැඩ. පෙනුම අහිංසකයි

      Padam
  7. හිතේ කහටක් නැත්නං එපමණයි.. ඕං බලන්න කට්ට කපටියන්ට කොයි තරං හැංගෙන්න පුලුවන්ද කියලා..

    BalasPadam
  8. හත් පන මාර ආසා වකින් බලපු ළමා නාට්‍යක්,'' ඔලුවත් සීතලයි කකුල් දෙකත් සීතලයි මම මළා '' හහ් හහ් හා .

    BalasPadam
  9. වික්‍රම සර්ඉන්නෙ ලංකාවෙ අපේ ගෙවල් ගාව සමහර වෙලාවට ලංකාවට ගිය අවස්ථාවලදී මූණ ගැහිලා කතා බහ කරලත් යනවා ගිය වසරේදී ලයනල් වෙන්ට් එකේදි ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යය අපි දෙන්න බැලුවේ දැන් ඔහු ගෙදරට වෙලා ළමයින්ට ටියුෂන් දෙනවා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook