Friday, September 18, 2026

මුහුණු පොතේ සැරිසරන "Lumpen" කොටස්




මුහුණු පොත පුරවැසි මාධ්‍යකරණයට වගේම බුද්ධිමය සංවාද කරන්නත් හොඳ ප්ලැට්ෆෝම් එකක්. නමුත් පසුගිය වසර කීපය තුල පරිගණක තාක්‍ෂණය සාමාන්‍ය ජනතාව තුලටත් කාන්දු වීම නිසා සමාජයේ සැම ලේයර් එකකම පුද්ගලයෝ මුහුණු පොත හරහා අදහස් හුවමාරු කර ගන්නවා. මේකේ හොඳ වගේම නරක පැත්තකුත් තියනවා. 

මෑතකදී කර්නල් චන්න කරුණාරත්න පෝස්ට් එකක් පල කරලා තිබ්බා ; ඔහු යම් මතභේදාත්මක අදහසක් පිලිබඳ මතයක් පල කලොත් හෝ ඒ පිලිබඳව ලිව්වොත් යම් කොටසක් ඉන්නවා කුනුහරප සහ පහත් පෙලේ අවලාද වලින් පිලිතුරු දෙන​. අපත් මේ ප්‍රවණතාව දකිනවා. එවිට බුද්ධිමය සහ හරවත් සංවාද මඟ හැරෙනවා. 

පෙනී යන පරිදි බුකියේ පහල සමාජ ලේයර් එකෙන් ආපු පාදඩ සෙට් සැරිසරනවා. දුප්පත්කම සමාජ විශමතාවක් ඒක වරදක් නෙවෙයි. නමුත් දුප්පත්කමක් එක්ක බැඳුනු නූගත්කම පාදඩකම භයානකයි. මාක්ස් කියූ පරිදි මොවුන් ධනේශ්වර සමාජ ක්‍රමය තුළ අතරමං වූ, සමාජයෙන් කොන් වූ හෝ පිරිහුණු කොටස් වේ.  මේ කොටස් එන්නේ දුප්පත්කම  නූගත්කම සමාජ විශමතාව පිරුණු   සමාජ ස්ථර වලින්. ඔවුන් ගේ දෙමාපියන් පවා අඩු අධ්‍යාපනයකින් යුක්තයි. බොහෝ විට මේ පවුල් වල පියා මව අමතන්නේ කුනුහරපයෙන්. ඒ වගේම ඔවුන් ජීවත් වන නේබහුඩ් ගැටුම් කුනුහරප අතෘප්තිය පිරිලා. ඒ නිසා පහත් පෙලේ ගැටුම් ඔවුන්ට ජීවිතයේ සාමාන්‍යකරණයක්. නාගරික නම් එන්නේ මුඩුක්කු හෝ වතු වලින්. ග්‍රාමීය නම් ගමේ මිනිසුන් කොන් කරන ලද පවුල් එසේම අතෘප්තිමත් ළමා කාලය , සම්පත් හිඟකම සහ සමාජ එරියස් නොහොත් සමාජ වයිරය පැසවනවා. යම් දෙයක් ලිව්වම කුනුහරප කියාගෙන අඩෝ පඩෝ ගාගෙන එනවා. යම් තර්කයක් නිශේදනය කරන්න දැණුමක් තර්ක ඥාණයක් නෑ. හැම දේකටම එකම කුනුහරපය අවලාදය තමයි කියන්නේ. 

වරක් මම දැක්ක එක වෛද්‍යවරියක් දර ලිප් ගැන දාපු විද්‍යාත්මක පෝස්ට් එකක්. ඒකට හෝ ගාලා  කුනුහරුප කියාගෙන එනවා. මේ අයගේ ප්‍රොෆයිල් බොහෝ විට ෆේක්. බොරු නම් සහ පින්තූර වලට මල් කාර් වගේම ආගමික සංකේතත් දාගෙන ඉන්නේ. ආගමික අදහසක් විවේචනය කල විට කුනුහරප කියාගෙන එන කොටස් බොහෝ විට අනන්‍යතා සඟවාගෙන ඉන්න පැවිද්දෝ ළමා කාලයේ මහණ වෙලා ලිංගික වින්දිතයන් වූ අය​. ඔවුන් තුල නිදහසේ සැරි සරන ක්‍රෝධයක් (free floating anger) තියනවා. තවත් කොටසක් ඉන්නවා පිරිමි  කාන්තා අනන්‍යතාවන් කාන්තා නම් අරගෙන ඉන්න කොටස්. බොහෝ විට ලිංගික  අනන්‍යතා අර්බුධ වලින් පෙලෙන්නෝ. මොවුන් කුනුහරප ලිවීමෙන් යම් කිසි ලිංගික තෘප්තියක් ලබා ගන්නවා.

 මම දකින විදිහට හොඳම දේ  මතභේදාත්මක දෙයක් ගැන ලියනවා නම් සහ ඒ පිලිබඳ සංවාදයක් අවශ්‍ය නම් හොඳම දේ ලිපිය ඉංග්‍රීසියෙන් ලිවීම​. එතකොට මේ කාණු සෙට් වලට ඒවා මඟ හැරෙනවා. නැතහොත් ඔවුන්ට භාෂා හැකියාව නැති නිසා කුනුහරප නොලියා Ha Ha රියැක්‍ෂන් එකක් දාලා ( අදාල ලිවීම තේරුම් ගත්තා වගේ) මාරු වෙනවා. 

කෙසේ නමුත්  සමාජ විද්‍යාඥයන්ට / මනෝ විද්‍යාඥයන්ට මේ මේ ලේයර් එක පිලිබඳව අධ්‍යනය කරන්න වටිනවා.   


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook