Wednesday, August 12, 2026

ජනමාධ්‍ය හැසිරුවීමේ මනෝවිද්‍යාත්මක කලාව





ධවල පත්‍රිකාවේ සාධනීය දේවල් තිබ්බා. මාලිමාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලත් එකල ධවල පත්‍රිකාවේ ධනාත්මක දේවල් අරගෙන තිබුනා. නමුත් ධවල පත්‍රිකාවට එදා පාසල් සිසුන් සරසවි සිසුන් මෙන්ම සමාජය ( ධවල පත්‍රිකාව කළුද සුදුද පවා නොදැන​) විරෝධය පල කලා ; පාරට බැස්සා. මම පෙන්වන කාරනාව නම් ජේ ආර් රනිල් ප්‍රේමදාස පාලන තන්ත්‍රය තුල තිබූ බහුතරය ආමන්ත්‍රණය කරන / ජන මාධ්‍ය ඉතා සූක්‍ෂමව හසුරුවන / මනෝ විද්‍යාත්මක ක්‍රියා මාර්ග මගින් විරුද්ධවාදීන් ගේ පුහු තර්ක බිඳ හෙලන යාන්ත්‍රණයක් නොතිබූ නිසා ඔවුන් කල ධනාත්මක දේවල් පවා ජනතාව දැක්කේ බිල්ලන් ලෙසට. උදාහරණයක් ලෙස ආයෝජකයන් ගෙන්වා ගන්නා විට රැඩිකල් වාමාංශික කොටස් අති භයානක බිල්ලන් ජනතාව තුල මැව්වා ජනතාව ඒවා විශ්වාස කලා.  ජේ ආර් -රනිල් -ප්‍රේමදාස පාලන තන්ත්‍රයට  ස්කිල් එකක් තිබ්බේ නෑ ඒවා කවුන්ට කර ගන්න​. ජේ ආර් කලේ තිලක් රත්නාකාර වගේ මහාචාර්‍යවරුන් ලවා තමන් ගේ ප්‍රොජෙක්ට්ස් වර්ණනා කර ගැනීම ( අද නිර්මාල්ලා / උයන්ගොඩලා ලවා වර්තමාන රජය කර ගන්නවා වගේ ) නමුත් මෑසස් හෙවත් ජනතාව ඒ වගේ චරිත යම් දෙයක් හොඳයි කියන කොට නිතරම බැලුවේ සැකයෙන්. මොකද අදාල උපදේශකයන් තුල තිබූ පක්‍ෂක්ග්‍රාහී භාවයන් නිසා. 

ප්‍රේමදාස මෝඩයි. මනෝ විද්‍යාත්මකව ජනමාධ්‍ය හසුරවන කලාව දැන හිටියේ නෑ. එකවර සෑම චැනල් එකකින්ම තමන් ගැන ප්‍රචාරණය කරලා ජනතාවට විහිලුවක් උනා. ( මේකේ ආදීනව වරක් ගාමිනී ෆොන්සේකා පවා කියා තිබුනා).  රජයක්  වැඩ සහ මීඩියා පැරලල් ගෙන යා යුතුයි. ඩඩ්ලිගේ වගා සංග්‍රාමය මීඩියා ඉහල ගියා වැඩ වලට වඩා. ඒ කාලේ ජෝක් එකක් ගියා ගුවන් විදුලිය ඇතුලේ වී කරල් පැල වෙලා කියලා. ජේ ආර් ප්‍රේමදාස රජයේ සාධනීය දේවල් තිබ්බා මහවැලිය , ධවල පත්‍රිකාව / ඉන්වෙස්ටර්ස්ලා  ගෙන ඒම ආදිය. නමුත් මීඩියා ප්‍රොපගැන්ඩා එක දුර්වලයි ඔවුන් යොදා ගත්තේ එහෙයියෝ (රුපියලට සත සීයක් තියනවා කිව්ව තිලක් රත්නාකාර වගේ අය) ඒ නිසා ඒ මීඩියා කැම්පේන් ජෝක් වෙලා වාමාංශිකය සහ විජේවීර ආයෝජන / නිදහස් වෙලඳ කලාපය/ ධවල පත්‍රිකාව ආදියට විශාල විරෝධතාවක් කලා. මිනිසුන්  විදෙස් ආයෝජන / නිදහස් වෙලඳ කලාපය/ ධවල පත්‍රිකාව රකුසන් වගේ දැක්කේ.   

බොහෝ රජයන් විරුද්ධ මත නිශේදනය කරන්න යන්නේ රාජ්‍ය තග දාලා. මේකෙන් වෙන්නේ නියුට්‍රල් මිනිස්සු පවා විරෝධතා වලට ආකර්ශනය වෙන එක​. නැතහොත් විරුද්ධ මත ගනන් නොගෙන ඒක වර්ධයන වන තෙක් උදාසීනව ඉඳීම. ඒකෙන් වෙන්නේ සාධනීය දේවල් යටපත් වෙලා විනාශකාරී නෙගටිව් අදහස් සමාජ තුල පැතිරීම​. නැතහොත් බලය යොදලා විපක්‍ෂ මාධ්‍ය තහනම් කිරීම ( නට්සීන්  ගොබෙල්ස් මගින් මේක කලා ; එවිට මිනිසුන් විකල්ප මාධ්‍ය වලට BBC යොමු උනා. ලංකාවේ ප්‍රේමදාස මේක කලා එවිට යුක්තිය​/ රාවය ත්‍රීෂූලය වගේ විකල්ප පුවත් පත් ජනතාව වැලඳ ගත්තා) ලංකාවේ ජනමාධ්‍ය හැසිරවීම , ලාංකික මනස ක්‍රියා කරන ආකාරය , ඔවුන්ට යම් පණිවිඩයක් දීම සහ විරුද්ධ ආකල්ප නිශේදනය කිරීම පිලිබඳ කිසිම දේශපාලන පක්‍ෂයකට දැණුමක් නෑ. ඔවුන් ගේ ඇඩ්වයිසර්ලා  Rupert Murdoch,   Jeff Bezos,Michael Bloomberg    වගේ චරිත මාධ්‍ය හසුරවන විදිය සහ සමාජයට අවශ්‍ය පණිවිඩය දීම පිලිබඳව දන්නේ නෑ. ඔවුන් කලේ තමන් ගේ හොරණෑ ලවා ජනතාව ආමන්ත්‍රණය කරන එක​. 

උදාහරනයක් ලෙස රාජපක්‍ෂ රෙජීමය මහින්ද අබේසුන්දර ලවා කරපු පසු වදන මිනිසුන් ගේ සිනහවට ලක් උනා. හඩ්සන් දම්මවා කල ප්‍රචාර මිනිසුන් ඇහුවේ පිලිකුලෙන්. අද මේක කරන්නේ මහින්ද පතිරණ හරහා ( සභවේ සිනා) මේ නොදැනුවත්කම නිසා ඕනම රජයක් කරන ධනාත්මක දේ පිලිබඳ නිසි පණිවිඩය මිනිසුන්ට ලැබෙන්නේ නෑ. බොහෝ විට මේ පණිවිඩ ජනතාව ග්‍රහනය කර ගන්නේ විකෘති ආකෘතියකින්. ඔවුන්ට සත්‍ය වැටහෙන්නේ වසර ගනනාවක් ගිය පසු.  ජනමාධ්‍ය හැසිරුවීමේ මනෝවිද්‍යාත්මක කලාව බොහෝ රජයන් , ඔවුන් ගේ උපදේශකයන් දන්නේ නෑ. ජනමාධ්‍ය හැසිරුවීමේ මනෝවිද්‍යාත්මක කලාව තුල තිබෙන  Prebunking and Inoculation Theory,  Shift the focus from a negative metric to a positive one,  Priming,  Affective forecasting  වගේ කොන්සෙප්ට්ස් ඔවුන් අහලත් නෑ.  

මෑතකදී සත්ව පනත නව රජය ගෙන ආ විට විපක්‍ෂය කලේ ඒක බුදු දහමට බෞද්ධ පෙරහැර තහනම් කරන්න කරන ක්‍රියාවක් බව සමාජයට ඒත්තු ගැන්වීම​. මෙමගින් සමාජයේ ඉන්න තර්කානුකූල බුද්ධිය අඩු ආවේගශීලී ජනතාව ඔවුන් දිනා ගන්නවා කුලප්පු කරවනවා. මේක කවුන්ට කරන්න රජය අපොහොසත් වුනා. මේ සඳහා පනත ගෙන ඒමට පෙර සතුන් විඳින දුක , හිංසනය පිලිබඳ මුලින්ම මෑසස් දැනුවත් කෙරෙන ප්‍රචාරනය ඔවුන් කලේ නෑ. ඒ නිසා පොදු ජන මනස මේක බෞද්ධ විරෝධී ක්‍රියාවක් ලෙස අවිඤාණිකව ග්‍රහනය කර ගත්තා. මේ එක් උදාහරණයක්. විනිසුරුවන් ගේ විශ්‍රාම කාලය දික් කරන එක ජනතාව අතරින් එන ඉල්ලීමක් ලෙස සමාජ ගත කරන්න තිබූ අවස්ථාව ඔවුන් අනා ගත්තා. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook