Monday, September 15, 2025

ලෝකයේ ප්‍රථම ප්‍රකට හේතුවාදියාවූ චාර්වක




ලෝකයේ ප්‍රථම ප්‍රකට හේතුවාදියා වූයේ චාර්වකය.   ඔහු ජීවත් වූ කාලය ක්‍රි.පූ. 600 ලෙස සනිටුහන් වී තිබේ. දෙවියන්, ආත්මය, කර්මය සහ මරණින් මතු ජීවිතය ප්‍රතික්ශේප කලේය​.  ඔහු නිදහස් චින්තකයෙකි. චාර්වක   ආගමික අධිකාරිය ප්‍රතික්‍ෂේප කලේය​. ඔහුගේ දර්ශනය තාර්කික සහ සංශයවාදී චින්තන පාසල් වර්ධනයට මග පෑදීය. චාර්වක ගේ දර්ශනය යම් ප්‍රමානයකට ගෞතම බුදුන් හටද බලපවත්වන ලද බව අනුමාන කල හැකිය​. පසු කාලීනව ඔහුගේ දර්ශනය අපකීර්තියට පත් කිරීම සඳහා පටු අදහස් එකතු කරන ලද නමුත් චාර්වක යනු තර්කානුකූල බුද්ධියකින් යුතු හේතුවාදී චින්තනයකින් හෙබි පුද්ගලයෙකි. ආගමික මූලධර්මවාදීන් විසින් චාර්වක ගේ චින්තනය අඩංගු වූ ග්‍රන්ථ විනාශ කිරීමද කරන ලදි. කෙසේ නමුත් චාර්වක සංකල්ප විද්‍යාත්මක චින්තනයේ වර්ධනයට දායක විය. චාර්වාක දර්ශනය සහ ජීන්-පෝල් සාත්‍රේගේ Existentialism  මරණින් මතු ජීවිතය ප්‍රතික්‍ෂේප කිරීම සහ වර්තමානය කේඳ්‍ර කරගත් ජීවිතයක් කෙරෙහි අවධාරණය කිරීමේදී සමානකම් බෙදා ගනී.





1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook