Selasa, 31 Mei 2022

ධනවාදය වැඩ කරන්නේ මෙහෙමයි

 


වරක් මා කොලඹ සිට හම්බන්තොට වෙත යන විට මෝටර් රථයේ ටයර් එකේ පැච් එකක් ගියේය​.  ටයර් බාස් කෙනක් තරමක් පැරණි එම ටයරයට පැච් එකක් අලවා දුන්  අතර ඉන් පසු වසරක පමණ කාලයක් මම එම ටයරයෙන් දිව්වෙමි. 

මීට වසර කීපයකට පෙර මම ටොරොන්ටෝ සිට නිව් යෝක් දක්වා වාහනය පදවමින් සිටියෙමි. රෝචෙස්ටර් නගරය ආසන්නයේදී ඇණයක් ඇනී ටයරයේ පොඩි පැච් එකක් ගිය අතර වහාම මම අදාල වාහනයේ ඩීලර් ෂිප් එකක් ඇමතුවෙමි. එම ටයරය අළුත් එකක් වූවද ඔවුන් එම ටයරය යලි භාවිතාවට ගත නොහැකි බවත් එය ගාබේජ් දැමිය යුතු බවත් කියා ටයරය විසි කොට මට අළුත් ටයරයක් සවි කොට මුදල් අය කලේය. 

මේ සිදුවීම් දෙක විවිධ ලෙස අර්ථ කථනය කල හැකිය. ලංකාවේ කුඩා මාවත් වල ටයර් පැච් දමා වාහන  එලවිය හැකි වූවද ඇමරිකානු හයිවේ වල ටයර් පැච් දමා වාහන  එලවීම අන්තරාදායකය​. එහෙත් ඇණයක් ඇනුනු අළුත් ටයරයක් කුණු ගොඩට විසි කොට යලි අළුත් ටයරයක් පාරිභෝගිකයාට ලබා දීම පරිසර සුරක්‍ෂිතතාව , අරපිරිමැස්ම යන කරුණු යටපත් කොට වෙළඳ පොළ අවශ්‍යතා අනුව ක්‍රියා කිරීමක් නොවේද කියා මට සිතුනි. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook