Sabtu, 14 Mei 2022

විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් - වෛද්‍ය රුවන් එම් ජයතුංග

 



වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් කෘතිය විශ්ව සාහිත්‍ය පිලිබඳව උනන්දු වන සිංහල පාඨකයන්ට අතිශයිම සුදුසු ග්‍රන්ථයකි. විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් කෘතිය හෝමර් , වර්ජිල් ,  ඩන්ටේ අලගියරි, ජෙෆ්‍ රි චෝසර්, සර්වන්ටෙස්, විලියම් ශේක්ස්පියර්, වෝල්ටෙයාර්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ගෝගොල්, චාල්ස් ඩීකන්ස්, වික්ටර් හියුගෝ, ගුස්ටාව් ෆ්ලෝබර්ට් , වෝල්ටර් ස්කොට්, විලියම් වර්ඩ්ස්වත්, ෆියෝඩර් දොස්තයෙව්ස්කි, ලියෝ ටෝල්ස්ටෝයි , ඔස්කා වයිල්ඩ්, වර්ජීනියා වුල්ෆ්, හර්මන් මෙල්විල්, එඩ්ගාර් ඇලන් පෝ, ඩී.එච්. ලෝරන්ස්, ජෝසෆ් කොන්රාඩ්, මැක්සිම් ගෝර්කි, ෆ්‍රාන්ස් කෆ්කා, ඇල්බෙයා කැමූ, අර්නස්ට් හෙමිංවේ , බොරිස් පැස්ටර්නාක්, රබීඳ්‍රනාත් තාගෝර්, යසනූරි කවබත​, ගේබ්‍රියල් ගාෂියා මාකේස්,  චිනුවා අචෙබේ යනාදී ලෝක පූජිත සාහිත්‍යධරයන් ගේ කෘතීන් පිලිබඳව විග්‍රහක් ඉදිරිපත් කරයි. ලෝක සාහිත්‍ය පිලිබඳව සිංහල භාෂාවෙන් ලියා ඇති සීමිත පොත් අතර විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් ග්‍රන්ථය එකතු වීම සිංහල පාඨකයන් විසින් ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය​. මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය වැනි විද්වතුන් ගේ ප්‍රසාදයට ලක් වූ මෙම ග්‍රන්ථය පිටු 472 කින් යුක්ත අතර කතෘ ප්‍රකාශනයක් ලෙස ලබන මස එළි දැක්වෙයි.

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook