සැරද බැසිලද සඳ - මියුරස නදින් නඳනා
සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්
සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන
මුළු ලෝ සනසමින් එන ගාන කපමින්
තුටු රැවු මඟුල් ගී නගමින් රැගුම් ගත
සිරි ගිසි අසුන් පත් සිරිමත් කෙළි මතින් වව
සොඳ ගුණකඳ කඳ දෙවි
කඳිනි උසුලනා
සියෙයට තිහක විකුමැති කුලෙකි මනා
සොබමන් මෙ වන් සිරිතැතියන් ගේ දැකුම
දෙවියන් යැදැත් හැකි වෙ දනො දැනේ නියම
අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම
අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම
ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා
ස ස ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා
හොරකම පුරුදු තම හට ඉන් කියනු කිමා
අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා
තුගු සුලකුළු පහ පැහැ සර තර පවර
සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළ’ඹර
සෙන් සිවුරඟ වේ මඟ මඟුලින් නිතොර
කපුටාස් ගඟසිරි පුර වර මොනරන
දිසි මිණි නිල් සැඳැලියැ ලිය වන කමල
දැකැ නොමලන පුල් පියුමැ යි කැරැ කුහුල
සඳ පිළිබිඹු තුරු සෙන් සමගින් සකල
උදුරන ලොබින් බට වැනි බට පියුම් අල
අල කලැයි සකල දේශය

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments