මේ සිදුවීම වූයේ 1980 දශකයේ අග භාගයේදී නැගෙනහිර ජර්මනියේදීය. මා බටහිර බර්ලින් දේශසීමාව ආසන්නයේ සිටින විට නැගෙනහිර ජර්මානු තරුණයෙක් ඇවිත් මා සමග කතා කලේය. ඊට පෙර දින බටහිර බර්ලිනයේ බර්ලින් තාප්පය ආසන්නයේ David bowie විසින් සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය. එහිදී නැගෙනහිර ජර්මානු තරුණයන් බර්ලින් තාප්පය අසලට රොක්වී මෙම සංගීත සංදර්ශනය ශ්‍රවණය කරමින් සිටියහ. එහිදී නැගෙනහිර ජර්මානු පොලිස් භටයන් විසින් ඔවුන්ව පළවා හරින ලදි. මෙම සංගීත සංදර්ශනය බැලීමට නොහැකිවීම පිලිබඳව එම තරුණයා කණගාටුවෙන් යුතුව කතා කලේය. මගේ මතකය අනුව ඔහුගේ නම ගන්තර් විය යුතුය. ඔහු ඉතා ආශාවෙන් බටහිර ජර්මනියේ තිබෙන ශ්‍රී විභූතිය පිලිබඳ කතා කරමින් කවර දිනෙක හෝ ඔහු බටහිර කරා යන බව කීවේය. එහෙත් බටහිර ජර්මනියට කිහිප වතාවක් ගොස් සිටි මා ඔහු සිතාගෙන සිටින අන්දමේ ස්වර්ගයක් එහි නොමැති බව කීවෙමි. එහෙත් ඔහු ඊට සවන් දුන්නේ සැක සහිතවය. කෙසේ නමුත් මේ බර්ලින් තාප්පය වැඩි කාලයක් නොගොස් කඩා වැටෙන බව මට තේරුම් ගියේය.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments