Selasa, 2 Februari 2021

එරික් ක්ලැප්ටන් ගේ සෙකුරිටියා සමග කොක්කක් දමා ගැනීම​

 


මීට වසර කීපයකට පෙර Madison Square Gardenහි එරික් ක්ලැප්ටන් ගේ සජීව ප්‍රසංගයක් තිබූ අතර ප්‍රසංගයයෙන් පසු එරික් ක්ලැප්ටන් ගේ ටී ෂර්ට් එකක් මිලදී ගැනීම සඳහා මම වේදිකාවට නොදුරින් තිබූ ඔහුගේ සන්නාමය තිබූ තාවකාලික කුටියක් වෙත ගියෙමි. එහිදී එරික් ක්ලැප්ටන් ගේ ආරක්‍ෂකයෙක් මට ඒ අසලට යාමට ඉඩ දුන්නේ නැත​. මේ නිසා මම ඔහු  සමග වචන හරඹයක් කලෙමි.  එරික් ක්ලැප්ටන් ගේ සෙකුරිටියා ඉතා තද ස්ථාවරයක් පෙන්වමින් මට තව පැයක් යන තෙක් එදෙසට යාමට ඉඩ නොදෙන බව කීවේය​. මේ නිසා අපහසුවට පත්වූ මට Stupid..... කියා කියවිනි. මින් උරණ වූ සෙකුරිටියා මාව පසෙකට තල්ලු කිරීම සඳහා ඉදිරියට ආ නමුත් මම ඉක්මනින් පසු පසට ගියෙමි. පසුව රඟහලින් එලියට ආ මට එරික් ක්ලැප්ටන් ගේ ටී ෂර්ට් විකුනන කළු  ජාතිකයෙකු හමු විය​. සාමාන්‍යයෙන් එරික් ක්ලැප්ටන් ගේ ටී ෂර්ට් එකක් $ 50 පමණ වූවද මගේ විශ්මයට මෙන් ඔහු මගෙන් ගත්තේ $ 15 පමණි. පසුව බලන විට මෙම ටී ෂර්ට් ඔරිජිනල් ඒවා නොව අනුකාරක ඒවා බව පසක් විය​. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook