20 වන සියවස සහමුලින්ම වෙනස් කල පුද්ගලයා වන්නේ ගවුරීල ප්‍රින්සිප්. සමහර විට ඔබ ගවුරීල ප්‍රින්සිප් කියන්නෙ කවුද කියලා අහලා නැතිව ඇති. ගවුරීල ප්‍රින්සිප් කියන්නේ 1914 දී ඔස්ට්‍රියාවේ ආච් ඩියුක් ෆර්ඩිනන්ඩ්ව සරියේවෝ වලදී ඝාතනය කල පුද්ගලයා. ඒ නිසා තමයි 1 වන ලෝක යුද්ධය හට ගන්නේ. ඒ නිසා රුසියාවේ සාර් රජ පෙලපත, තුර්කි අධිරාජ්‍ය විනාශ වී ගියා. 1 ලෝක යුද්ධය නිසා 2 ලෝක යුද්ධය ,හිට්ලර් , චර්චිල් , ස්ටාලින් ලා කරළියට ආවා. ගවුරීල ප්‍රින්සිප් අර ඝාතනය නොකලා නම් අපි ලෙනින් , හිට්ලර් , අයිසන්හවර් වගේ චරිත ගැන දන්නෙත් නැතිවෙන්න තිබුනා. ඒ වගේම ලංකාවට නිදහස ලැබෙන එක 1970 වගේ කාලෙක වෙන්නත් තිබුනා. බණ්ඩාරනායක , සේනානානායක යන නම් මිනිසුන් නොදැන ඉන්නත් තිබුනා. එක පුද්ගලයෙකුගේ ක්‍රියාවක් දාම ප්‍රතික්‍රියාවක් ඇති කරමින් ඉතිහාසය වෙනස් කල අයුරු පුදුමයි නේද ?

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments