වෛද්‍ය පීඨයේදී වරක් මමත් වික්තරුත් රෑ කෑමට අර්තාපල් සමග බිත්තර බැදලා කෑමට හදන කොට සෝමාලියාවේ මුක්තාර් ආවා අපේ කෑමට සෙට් වෙන්න. මුක්තාර් ගෑරැප්පුව අතේ තියාගෙන ඇහුවා අර්තාපල් බැද්දේ සූරියකාන්ත තෙල් වලින් නේද කියලා. අර්තාපල් බැද්දේ සූරියකාන්ත තෙල් වලින් උනත් මුක්තාර්ව හලන්න ඕනේ නිසා වික්තර් කිව්වා සාලා (ඌරු) තෙල් වලින් කියලා. ඒක කිව්ව ගමන් මුක්තාර් " හන්සීර්" (ඌරු මස් / හරාම්) කියලා මාරු උනා. පස්සේ මුක්තාර් ගැන පව් කියලා හිතලා ඇත්ත කිව්වා අර්තාපල් බැද්දේ සූරියකාන්ත තෙල් වලින් කියලා. ඒත් දැන් මූට අපි දෙන්නව ශුවර් නෑ. පොර ගෑරැප්පුව අතේ තියාගෙන පිඟාන දිහා බලාගෙන ඉන්නවා. පස්සේ වික්තර් හරක් මොලයෙන් හදපු ජෙලි වගේ එකක් මුක්තාර්ට දුන්නා. මුක්තාර් ඒක කෑවා.
මම පාඩම් කලේ ජෝර්දානේ මන්සූර් එක්ක . අපි රෑ කෑම කෑවේ එකට. මම කළු පාන් කෑල්ලක් එක්ක සාලා (දුම් ගස්සවන ලද ඌරු මස් තෙල්) කෑල්ලක් ලූනු එක්ක කනවා. මේකට මන්සූර් කිව්වේ හන්සීර් කියලා. මන්සූර් ඒවා කෑවේ නෑ. නමුත් පහු වෙනකොට මන්සූර් සාලා, පෝකීස් ඕන දෙයක් කන්න පටන් ගත්තා.
සිරියාවේ ජන්සීර්ට අපි නමක් දැම්මා හන්සීර් කියලා. හන්සීර් කීවම ජන්සීර්ට මළ. ඊජිප්තුවේ සාමෙක් සහීද් මේ ඕන දෙයක් කෑවා. ඌ කෑවේ නැත්තේ ටින්ටෙක්ස් ඇණ ගඩොල් වගේ දේවල් විතරයි. යේමන් වල අලී කෑම කෑවේ අන්තිම පරිස්සමින් තෝරලා බේරලා හන්සීර් මඟ ඇරලා. ඒත් දවසක් අලී තවත් එකෙක් එක්ක කොන්‍යැක් බෝතලයක් බීලා සිරියන්කාරයන්ට අරාබි කුණුහරප වලින් බනිනවා. මේක ඇහුනු සිරියාවේ ජමාත් අලිගේ කාමරේට ඇවිල්ලා තර්ජනය කලා. ඊට පස්සේ අලී මීයා වගේ කට වහ ගත්තා.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments