Ahad, 27 September 2020

මදර් චෝඩ් සහ බෑං චෝඩ්

ලොස් ඇන්ජලීස් නගරයට එන සෑම වතාවකම මම මාගේ ඥාතීන් හමු වීමට මෙන්ම මාගේ ඉන්දියානු මිතුරෙකු හමුවීමටද යමි. මාගේ  ඉන්දියානු මිතුරා ජොලි පොරකි. ඔහුගේ වැඩිමහළු සොහොයුරාගේ දස හැවිරිදි නිවුන් පිරිමි ළමුන් දෙදෙනා නිතරම මාගේ මිතුරාගේ කර උඩය.

මේ නිවුන් කොල්ලෝ දෙන්නා අන්තිම දඟය. උන් අයිස්ක්රීම් කෑවොත් වටේම්  ඉන්න එවුන් ගේ මූණු වල අයිස් ක්රීම් ය. සුපර් මාකට් එකට ගිය විට මේ මාරයන් දෙන්නා සුපර් මාකට් එක ඇතුලේ මැරතන් දුවති. මාගේ මිතුරා තම කුඩා බෑණලා දෙන්නා නම් කොට ඇත්තේ මදර් චෝඩ් සහ බෑං චෝඩ්කියාය. මදර් චෝඩ් , බෑං චෝඩ්ට වඩා වැඩිමල් විනාඩි ගනනකිනි. එහෙත් දෙදෙනාම එක වාගේ දඟය.

මමද මුන් දෙදෙනාට මදර් චෝඩ් සහ බෑං චෝඩ් කියා කතා කලද පසුව තේරුම් ගියේ මදර් චෝඩ් සහ බෑං චෝඩ් කියන්නේ හිංදි අමු කුණුහරප දෙකකට බවය.

1 ulasan:

  1. ඉස්සර ඉන්දියන් කාරයන්ට අම්බානක තද වෙනවා ඕව කිව්වහම

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook