Selasa, 5 Mei 2020

සෝවියට් දේශයේ සරසවි වල ඉගෙනුම ලැබූ ලැබූ ශ්‍රී ලාංකික සිසු සිසුවියන්

මේ 1980 - 1990 අතර කාලයේ සෝවියට් දේශයේ සරසවි වල ඉගෙනුම ලැබූ ලැබූ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ය. මොවුන් ගේ සංඛ්‍යාව දහස් ගනනකි. ඔවුන් ගේ ඇඳුම් පැළඳුම් සහ හැසිරීම් දේශීය සරසවි සිසුන්ට වඩා වෙනස් විය​. ඔවුන් ජීවත් වූයේ වෙනම ලෝකයකය​. ඇත්තෙන්ම මෙම කුළකය ගැන හරි හැටි සමාජ විද්‍යාත්මක අධ්‍යනයක්  කෙරී නැත.  

මේ කාලයේදී දේශීය සරසවි සිසුන්  සමාජ ආර්ථික ගැටළු සහ මර්ධනයන්ට මුහුණ දෙමින් සිටියදී සෝවියට් දේශයේ සරසවි වල ඉගෙනුම ලැබූ ලැබූ ශ්‍රී ලාංකික සිසුන් සැප පහසු ඇති සරසවි ජීවිත ගත කලහ​. ඔවුන්ට සෝවියට් රජයෙන් දීමනාවක් ගෙවන ලදි. නිවාඩු කාලයේදී ඔවුන් යුරෝපයේ රටවල සංචාරය කොට තමන් ගේ ජීවන අත්දැකීම් ප්‍රසාරණය කර ගත්හ​. ඔවුන් විදේශ භාෂා දැන සිටියහ​. විදෙස් සංස්කෘතීන්  ආඝ‍්‍රාණය කළහ​. බහු සංස්කෘතික කුසලතාවන් දියුණු කර ගත්හ​. සමහරක් බටහිර විශ්ව විද්‍යාල වලට ගොස් තම අධ්‍යාපන කුසළතා වැඩි දියුණු කර ගත් හ​. මොවුන් ගෙන් බහුතරය අද ලංකාවේ සහ ලෝකයේ විවිධ රට වල සේවය කරති.  

සෝවියට් දේශයේ සරසවි වල ඉගෙනුම ලැබූ ලැබූ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල වශයෙන් දායක වූහ. අද කෝවිඩ් මර්ධනයේදී මූලිකත්වය ගෙන ක්‍රියා කරන වෛද්‍ය අනිල් ජාසිංහද සෝවියට් දේශයේ නිර්මාණයකි. තවද ඊලාම් යුද්ධයේදී යුද හමුදා රෝහල , පොලොන්නරුව ,අනුරාධපුර යන රෝහල වල සෝවියට් පුහුණුව ලැබූ වෛද්‍යවරු සෙබළුන්ට ප්‍රතිකාර කලහ​. 

අගතියෙන් ඉරිසියාවෙන් සහ කුහක බවෙන් යුතුව මෙම කුළකය දෙස බලනවා වෙනුවට ඔවුන් ගේ සමාජ දායකත්වය අධ්‍යනය කිරීම  වටී 

(පින්තූරය ජගත් ආදිපොළගෙන්) 

5 ulasan:

  1. සෝවියට් දේශයේ ඉගෙනුම ලැබූ සිසුන් පිලිබඳ ඔබගේ ලිපිය ඉක්මනින් ලියනු ඇතැයි සිතමි. හොඳ මාතෘකාවක්.

    BalasPadam
  2. බොහෝ අවස්ථාවලදී ඔවුන් බොහෝ ඉදිරියෙන්! විශේෂයෙන් මනුස්සකම් අතින්!! අද වෙදදුරන් ලඟ නොමැතිම දේ තමයි "මනුස්සකම"!!!

    BalasPadam
  3. They all got well rounded education and social exposure

    BalasPadam
  4. Crisis period of Russia. Perestroika

    BalasPadam
  5. රුසියානු ෆෙඩරේශනයේ දැන් ජීවිතය සෝවියට් දේශයට වඩා බෙහෙවින්ම වෙනස්වේ ඊටවඩා සිය ගුණයකට වැඩිය දියුනුය. රුසියාවේ අවුරුදු 6පමණ සිට ලංකාවට පැමිනෙන බොහෝ සිසුන්ට ලංකාවේ දීර්ඝකාලයක් ජීවත්වීමට හිතහදාගැනීම අතිශයින්ම දුශ්කරවේ. බොහොමයක් වෙද්‍ය උපාදිදාරීන් නැවත දියුණුරටවලට යැමට විභාග ආදිය කරන්නේ එබැවිනි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook