Rabu, 27 Mei 2020

යුද ආතතියට සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට ලක්වූ සෝවියට් භටයන්

යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PTSD)  පළවන ලෝක යුද්ධයේදී හඳුන්වන ලද්දේ ශෙල් ශොක් කියාය​. ඒ පිලිබඳව මුලින්ම පරීක්‍ෂණ කරන ලද්දේ බටහිර රටවල් ය​. පළවන ලෝක යුද්ධ සමයේදී රුසියානු මනෝ විද්වතුන් වන පව්ලොව් , බෙක්තරේයෙව් සහ ලූරියා යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිලිබඳව අධ්‍යනය කළහ​. එහෙත් ස්ටාලින්  පාලනය එම අධ්‍යන නිශේද කලේය​. 

දෙවන ලෝක යුද සමයේදී යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව බටහිර ලෝකය තුල පරියේෂණ තිබුනද යුද්ධයේ වැඩිම බලපෑම තිබූ සෝවියට් දේශයේ යුද ආතතියෙන් සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු සොල්දාදුවන් පිලිබඳ වාර්තා ඉතා අවමය​. ඊට එක් ප්‍රබල හේතුවක් වූයේ යුද ආතතියෙන් සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු සොල්දාදුවන් බියසුල්ලන් කියා යුද අධිකරණ මගින් ඝාතනය කිරීමය​. තවද යුද්දයේදී බිය නිසා පලා ගිය සොල්දාදුවන් ශ්ත්‍රාෆ්නොයි බැටැලියන් හෙවත් දඩුවම් ඒකක වලට අනුයුක්ත කොට කෙලින්ම ඔවුන් සතුරු කටට මුලින්ම යවන ලදි. මේ නිසා යුද ක්ලමථයට ලක් වූ රතු සොල්දාදුවන් යුද්දයෙන් පසු ඉතා අවම වූහ. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook