Ahad, 24 Mei 2020

දොස්තරලා සරම් ඇඳීම

මියන්මාරේ රජයේ නිලදාරීන් හා දොස්තරලා අඳින්නේ සරම. අපිත් ඒ වගේ සරොම් අඳින්න ඕන කියලා නලින් ද සිල්වා කියනවා. මේක ඇහුවම මට මතක් උනේ හෘධ ශල්‍ය විශේසඥ ලක්‍ෂ්මන් දල්ප දාදු කියපු මට කියපු කතාවක්. ලක්‍ෂ්මන් දල්ප දාදු අනුරාධපුරයේ ඉන්ටර්න්ශිප් කරන කාලයේ සමහර දොස්තරවරු රෑට ඩියුටි කරන කොට සරම් ඇඳගෙන ඉස්පිරිතාලෙට ආවලු. මම ඉන්ටර්න්ශිප් කරන කාලයේ දවසක් මගේ කකුලේ ඇඟිලලක තුවාලයක් වෙලා ඒක ඉදිමිලා මම හම් සෙරෙප්පු දෙකක් දාගෙන වාට්ටුවට ගියා. වාට්ටුවේ හිටපු නාරි හා ප්‍රසව විශේසඥ වෛද්‍ය ජී.ඒ රණතුංග ඒ වෙලාවෙම මට වාට්ටුවෙන් යන්න කිව්වා ගිහින් සපත්තු දාගෙන එන්න එන්න කිව්වා. මම ඉදිමුණු කකෞලත් එක්ක කොර ගහ ගහ වාට්ටුවට ආවා. නමුත් එදා මම තේරුම් ගත්තා ඩිසිප්ලීන් කියන්නේ කොම්ප්‍රමයිස් කල නොහැකි දෙයක් කියා. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook