ලිංගික පාපය (Sexual sin ) යන සංකල්පය ලාංකික සමාජයට එන්නේ වික්ටෝරියානු සදාචාර මිණිතයන් හරහාය. එහෙත් ලිංගිකත්වය යනු උච්ච මානසිකත්වය කරා එලඹිය හැකි පිවිසුමක් ලෙස තන්ත්‍රයාන භික්‍ෂූන් පෙන්වා දුන්හ. ලිංගික ආවේගයන් අන්තර්පණය කර ගැනීම තුලින් මානසික ඒකාග්‍රතාව මෙන්ම චිත්ත සමාධිය ලඟා කර ගැනීම තන්ත්‍රයානයෙහි දැක්වෙයි.
ලිංගික ආවේග සහ ආශාවන් අවරෝධනය කිරීම නිසා නියුරෝසික රෝග මතු වන අන්දම සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සායනික නිදර්ශන මගින් පෙන්වා දෙන ලදි. ලිංගිකත්වය යනු පාපයක් යන මතයේ තරයේ එල්ලීම නිසා පුද්ගලයන් තුල මතුවූ හිස්ටීරියා ලක්‍ෂණ ෆ්‍රොයිඩ් පැහැදිලි කරයි . එසේම පසු කාලීනව ලිංගික වරදකාරිත්වය (Sexual guilt ) මත අසාමාන්‍ය චර්‍යා මතු වූ සායනික නිදර්ශන මනෝ චිකිත්සකයන් විසින් පෙන්වා දී තිබේ.
ඇල්ෆ්‍රඩ් කින්සි මෙන්ම විලියම් මාස්ටර්ස් සහ වර්ජීනියා ජොන්සන් ගේ අධ්‍යන මගින් ලිංගිකත්වය යනු බොහෝ පරාසයක් පුරා විහිදෙන චර්‍යා රටාවන් බව පෙනී යයි. පසුකාලීනව ජෝන් ලෙනන් මෙන්ම භගවාන් රාජ්නීෂ් (ඕෂෝ) පෙන්වා දෙන්නේ ලිංගිකත්වය බැඳ තබන පද්ධති වලින් නොමිදෙනතාක් කල් මිනිසුන් ගේ නිදහස පරිපූර්ණ නොවන බවය.
( පරිකල්පනික අතික්‍රමණය)

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments