උදේනි බන්දුල මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටියදී ඔහුට රෝහණ විජේවීරව හමු වෙයි. විජේවීර විසින් ඔහුට කියන්නේ ලඟ ලඟ හමුදා ආණ්ඩුවක් එන නිසා උපාධි සහතික වල වටිනාකම අහෝසි වන බවය ( මේ මාගේ 1971 කැරැල්ල පොත සඳහා කල සම්මුඛ සාකච්ඡාවේදී උදේනි බන්දුල විසින් මට කියූ කරුණුය ) මේ නිසා උපාධිය අත් හරින ඔහු පූර්ණකාලීනයෙකු වෙයි. 1971 අසාර්ථක කැරැල්ලෙන් පසු සිරගතවී නිදහස් ලෝකයට ඔහු එන්නේ රැකියා විරහිත පුද්ගලයෙකු ලෙසටය. ඉන් පසු ඇන්විලොප් අලවා ඒවා විකුණා ජීවත් වන ඔහු අසීරුවෙන් ඉගෙන ගෙන නීතීඥයෙකු බවට පත් වෙයි. එහෙත් ඔහුට තමන් විසින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී අත් හැරිය උපාධිය නිම කරන්නට ලැබෙන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේශ අවස්ථා වලදී ගයන විමුක්තියේ රතු උදාර' නමැති ගීතය රචනා කලේ උදේනි බන්දුල වූවද ජීවත්ව සිටින කාලයේදී එම ගීතය පිලිබඳව උදේනිගේ දායකත්වය වසං කොට තිබුණි.
පින්තූරය ලබා ගත්තේ Nayana Sanjeewa ගේ මුහුණු පොතිනි

You must have just mentioned his retreat to Wilpttu
BalasPadamඔහු සමග කල සාකච්චාව හැකි නම් ප්‍රසිද්ධ කරන්න . නොහැකි නම් email කර එවිය හැකිද
BalasPadam