ඒ කන්දත් අපේ අපේ
මේ කන්දත් අපේ අපේ
කුණු කන්දත් අපේ අපේ
කඩා වැටුණි අපේ හිසේ
කුණු කන්දක් අපට ඇතේ
ඒක වටා කොමිස් ගැසේ
කුණු කඳු පෙරලුනත් හිසේ
කොමිස් කෑම නතර නොවේ
කුණු කන්දට යට වූවෝ
යලි ගොඩ නොඑති
කුණු කන්දෙන් හම්බ කල එවුන්
ගොඩේ ගොඩය
දහසක් මිනිසුන් යටවී මළත්
උන් හොයති ගතමනාව
මළ මිනී වලින් පවා
වැඩ බැරි දේසපාලුවන්
පාලනය කරන රටක්
කසළ කළමනාකරනය කිරීමට
නොදත් ජාතියක්
හැබැයි උන්ගේ කතාව නම්
මෙගා පොලිස්
සයිටම් එකට විරාමයක්
කුණු කන්දට ආරාධනාවක්
ව සති දෙක තුනකින්
තවත් ලොකු විකාරයක්
නගින්න මීතොටමුල්ල
කුණු කන්දේ සිරසට
බලන්න නාසය වසාගෙන
මෙගා පොලිස් ආශ්චර්ය
අත් විඳින්න නිහඞව
කුණු සාගරය පතුලේ
මිහිදන් වූ අසරණයන්ගේ
දුක්ඛිත මරණීය ස්වරය

දේශපාලුවන් එක එකාට බෝල පාස් කරගන්න වෙලාවේ මටනම් ඩොක්ට දැන් හිතෙන්නෙ ඔතන තියෙන්නේ කොළඹ කුණු නෙමෙයි අපිම කාපු ටොපි චොකලට් වල ටොපි කොළ සහ කවර කියල.
BalasPadamමීට වැඩිය හොඳයි කැළණියේ දුටුගැමුණු මහත්තයට කියල අපිම ගස් බැඳගත්තනම්.
😪
sahathika athha
Padamදැන් කොළඹ යන්න වීසා හම්බෙන්නේ කොළඹ කුණු ටිකක් ගත්තොත් විතරයි...
BalasPadamමල සේක
Padamනිසල මීතොට හඬයි
BalasPadamසසල වූ දෙනෙතින්
ඇසල මහටත් කලින්
කසළ කවි ඇවිදින්
+++++++
Padamඔය ප්රශ්නේ විසඳන්න බැරිම දේශපාලකයෝ අල්ලස් ඉල්ලීම් හා අනා ගැනීම. අනික කුණු කන්දට කුණු දාන කොන්ත්රාත්
BalasPadamathha
Padamකුණු නොකී කතාවක්
BalasPadamහිනැහුනා වතාවක්
ගිනි එලා ලතාවක්
මියැදුනා සිනාවක්
අහස උස සිවු මැදුරු
පහස දුටු නෙත් සොඳුරු
දහස කින් බැඳි පවුරු
රහස කිම විඳි රුදුරු
ගලන සෝ සුසුම් හඩ
තලන ලතැවිල්ල කඩ
බලන මැසිවිල්ල දඩ
සලන පවනැල්ල මඩ
ඇඳි වතක කුණු පිසින
බැඳි ඉමක නැත සිහින
රැඳි කවුරු අද විහින
සැදි නිබඳ පැන් ඉසින
කුණු හිතක කුණු පුරන
ගනු දෙනුව නැත කරන
බණ දෙසන සුව සරන
පණ එකම බර දරන
+++++++++++++++++++++++++++
Padamනිවැසියන් නොමැති නිවෙස්වලට පැමිණි සුනඛයින්..
BalasPadamමිතොටමුල්ලේදී....යන මැයෙන් තිබූ සේයා රූ කිහිපයකි..දුටු වහා ලියැවුන පද කිහිපයකි.
අමතන්න ආදරෙන් කවුරු ඒවිද ඉතින්
විමසන්නෙ කවුද අද බඩගිනිද මා වෙතින්
දැනගන්න කියනවද ගෙදර අය කෝ තවත්
ඉවසන්න කොහොම මම තනිකමත් පාලුවත්
සුවඳයි මට තාම බත් කවපු ඒ දෑත
මතකයි හිත කොනක අතගාපු ඒ මොහොත
දැනෙනවා හිත ගාව නුඹ සිටිය සුවඳ මට
කියන්නේ මම කොහොම තනි වුනා කියා අද
කුණු කන්ද දුක නැද්ද වෙන්කෙල් අපි මෙහෙම
මට නැද්ද ඉඩ ටිකක් කුණු ගොඩේ ඇතුලින්ම
ගෙදර අය බිලි ගත්ත මහ රකුසු කුණු කන්ද
දුක දැනෙන හදවතක් ඉතිරි කලෙ ඇයි තවම
++++++++++++++++++++++++
Padam