Isnin, 11 Julai 2016

සීමාවාසික වෛද්‍යවරයා

 
සීමාවාසික වෛද්‍යවරු අනිවාර්‍යෙන් වසරක කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වැඩ කල යුතුය​. මේ කාලය තුලදී නිවාඩු නැත​. සතියේ දින හත පුරාම රෝහල් සේවයේ යෙදිය යුතුය​. උදේ දවල් රාත්‍රී කාලයේ වාට්ටු වලට ගොස් රෝගීන් බැලිය යුතුය​. අසාධ්‍ය රෝගීන් පිලිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා දැණුවත් කල යුතුය​. රෝගීන් ගේ සියළු රසායනාගාරය පරියේෂණ වල ප්‍රතිඑල වාර්තා කල යුතුය​. මෙසේ වසරක් පුරා වැඩ කිරීමෙන් අණතුරුව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා සීමාවාසික වෛද්‍යවරයා තනිවම වෛද්‍යවරයෙකු ලෙස රෝහලක වැඩ කිරීමට නිපුනත්වයක් ඇති බවට සහතික කරති. ඉන් පසුව  සීමාවාසික වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකු හෙවත් ස්වාධීන වෛද්‍යවරයෙකු බවට පත් වේ. 

යම් ලෙසක සීමාවාසික වෛද්‍යවරයා ගේ වැඩ සහ දැණුම සතුටුදායක නොමැති නම් ඔහුට හෝ ඇයට යළිත් සීමාවාසික පුහුණුව යළිත් කිරීමට සිදුවේ. සමහරක් විට ඔවුන් සීමාවාසික පුහුණුව අසමත් වීම නිසා වෛද්‍ය වෘත්තියෙන් හැලී යති. මේ නිසා සීමාවාසික පුහුණුව ඉතා තීරණාත්මක මෙන්ම ඉතා ආතති සහිත කාලයකි. 

මා සීමාවාසික පුහුණුව ලැබුවේ 1994 අප්‍රේල් සිට 1995 මැයි දක්වා කාලය අතර මාතලේ මූලික රෝහලේදීය​. සීමාවාසික පුහුණුව සඳහා  මාස හයක් ශල්‍ය වෛද්‍ය විශේෂඥ  එස් පී ං වෙල්ගම මහතා යටතේත් තවත් මාස හයක් විශේෂඥ  නාරි හා ප්‍රසව වෛද්‍ය ආනන්ද රණතුංග මහතා යටතේත් සේවය කිරීමට සිදු විය​. මේ කාලය ඇඟ බැඳි කාලයක් ලෙස නම් කලාට වරදක් නොමැත​. උදේ දහවල් සහ රාත්‍රී කාලයද අප ගත කලේ රෝහලේ වාට්ටු වලය​. සීමාවාසික පුහුණුව සඳහා නවක වෛද්‍යවරු දොලහක් පමණ සිටියෝය​. මොවුන් පේරාදෙනිය , යාපනය , කොළඹ වෛද්‍ය පීඨ වලින් ද රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයෙන් ද කියුබානු රුසියන් සහ බල්ගේරියාවෙන් වෛද්‍ය උපාධි ලද පිරිස් වූහ​. 

මුල් කාලයේ වෛද්‍ය පීඨ උණ මෙන් අපි අරුන්ට වඩා උසස් යන මානසිකත්වයන් සමහරක් ක්‍රියා කලද කාලය ගත වෙත්ම සියළුම දෙනා සමගියෙන් සහෝදරත්වයෙන් ක්‍රියා කලහ​. 

මාතලේ රෝහලේ සීමාවාසික වෛද්‍යවරුන් ගේ නිල නිවාසය අබලන්ව ගරා වැටී තිබුණි. වහින විට වහලද තෙමුනි. මේ නිසා අප සියළු දෙනා සමගිව රෝහලේ ඩී. එම් .ඕ හමුවී වහල අළුත්වැඩිය කල යුතු බව තරයේ කියා සිටියෙමු. අපගේ සමගි බලය නිසා මේ ඉල්ලීම ඉටු වන ලදි. 

ඒ කාලයේ මාතලේ රෝහලේ වෛද්‍යවරු සිටියේ අඩු ප්‍රමාණයකි. මේ නිසා සීමාවාසික වෛද්‍යවරු දෙදෙනෙකුත් , ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාත් , විශේෂඥ වෛද්‍යවරයාත්  එක් ඒකකයක  (නාරි හා ප්‍රසව , ශල්‍ය වෛද්‍ය , ළමා රෝග , කායික වෛද්‍ය යන ඒකක තිබුණි)  සේවය කලේය​. රෝගීන් ගේ ගනන නම් ඉතා විශාලය​. දිනෙකට රෝගීන් 60 -70 හෝ ඊටත් වඩා අධික ප්‍රමාණයක් අප බැළුවෙමු. එසේම නිතර රසායණාගාරයට , එක්ස් රේ අංශ වලට දුවමින් වැඩ කිරීමට අකමැති නිලධාරීන් සමග සන්ඩු වෙමින් අප රෝගීන් ගේ අන්වේෂණ පරීක්‍ෂණ ප්‍රතිඑල වාට්ටුවට ගෙන ආවේ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් බලන වෙලාවට ඒවා තිබිය යුතු නිසාය​. පුද්ගලික සේවය හෝ අතිකාල අපේක්‍ෂාවෙන් රසායණාගාර නිලධාරීන් රෝගීන් ගේ පරීක්‍ෂණ සිතා මතා ප්‍රමාද කල විටද අප විශේෂඥ වෛද්‍යවරයා ගෙන් බැණුම් ඇසුවෙමු. 

වාට්ටුවල සමහර හෙදියන් අප කෙරෙහි අනුකම්පා සහගතව ක්‍රියා කරමින්  වෙහෙසී සිටින අපට කෑම තේ ගෙනාවෝය​. එසේම අපගේ අතින් සිදුවන අතපසුවීම් විශේෂඥ වෛද්‍යවරයා ගෙන් වසන් කොට අපව ආරක්‍ෂා කලහ​. නමුත් සමහරක් අප සමග එලිපිටම යුද කලහ​. අප ගැන ගතු කීහ​. ඒවාද  මිනිස් ගති ගුණ බව අද දිනයේ මට සිතේ. 

මේ කාලයේ හෙදියන් ගේ අකුරට වැඩ මෙන්ම වර්ජනද ආවෙන් අපට රෝගීන් ගේ ලේ ගැනීම මෙන්ම සේලයින් දීමද සිදු කිරීමට නියමිත විය​. මේ නිසා අපට කෑමට පවා කාලයක් නොවීය​.  බත් කටක් කත්ම කෝල් බෝයි කෝල් පොත අරගෙන එයි නැතහොත් ඉන්ටකොම් දුරකථනය නාද වෙයි. මේ නිසා අප කෑම පිඟාන කටට දෙකට කෑමට පුරුදු වූයෙමු. 

සමහර හෙදියන් අපට බැස්තිය දීම සඳහා අනවතරේ රෑ දෙගොඩහරියේද රෝගියාට අසාධ්‍ය යැයි කියමින් බොරුවට අපට පණිවිඩ එවූහ​. සැමියා සමග පවුල් ප්‍රශ්න තිබූ එක් හෙදියක් ගර්භිනී මව්වරු ප්‍රසූත කල විට ගර්භාෂය සංකෝචනය වීමට දෙන එර්ගොමැට්‍රීන් ඖෂධය ශිරා ගත නොකර වැදෑමහ ගර්භාෂය තුල හිර වීමට ඉඩදී පසුව වැදෑමහ හිරවෙලා කියමින් අපව ගෙන්වා ගැනීමට පුරුදුව සිටියාය​. නමුත් මින් එක හොඳක් විය​. හෙද වර්ජන නිසා මම එන්නත් දෑස් වසාගෙන වූවද නියමිත ලෙස ශිරාවට ගැසීමේ ප්‍රවීණත්වය ලැබුවෙමි එසේම වැදෑමහ ගර්භාෂය තුල හිර වූ අවස්ථා වලදී සූක්‍ෂ්මාවධායී ලෙස ගර්භාෂය කණපිට නොහරවමින් වැදෑමහ එලියට ගැනීමේ දක්‍ෂතාව ලැබුවෙමි. මේ නිපුනත්වය පසු කාලයක ග්‍රාමීය රෝහලක සේවය කිරීමේදී මට මහත් සේ උපකාර විය​. එම නිසා එකී වධක හෙදියන්ට මා පසු කාලයක කෘතඥ වූයෙමි. 

ගුණ යහපත් හෙදියෝ ඩොක්ට ගිහින් කාලා එන්න කියා යූනියන් උණ ඇඟට ගෙන තිබූ හෙදියන්ට හොරෙන් අපට කිරීමට නියමිතව තිබූ සේලයින් දීම වැනි කාර්‍ය කරති. අසනීප වූ විට කොත්තමල්ලි ගෙදරින් සදාගෙන ආ හෙදියෝද සිටි බම මට අමතක නැත​. 

වාට්ටුවේ වැඩ මෙන්ම ශල්‍යාගාරයේ රෝගීන් ගේ ශල්‍යකර්ම සඳහා සහාය වීමට නියමිතව තිබුනි. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ශල්‍යකර්ම කිරීමේදී අප ඔහුගේ සහායකයා වූයෙමු. සමහර විට විශේෂඥ වෛද්‍යවරයාට අමතරව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ද අපගේ ඇඟට ආවෙන් ඔහුවද ශේප් කරගෙන නියමිත ලෙස අඩුපාඩුවකින් තොරව වැඩ කිරීමට අප පුරුදු වූයෙමු. 

අසාධ්‍ය රෝගියෙකු ආවිට ඔහුව බලා මූලික ප්‍රතිකාර දී ඇඳ ඉහ පත සම්පූර්ණ කොට ඉන්වෙස්ටිගේෂන් වලට රුධිරය කුප්පි වලට ගෙන රුධිර සාම්පල් පරීක්‍ෂණයට ලේ බැංකුවට එක හුස්මට දිව ගොස් නියමිත ලේ වර්ගය ගෙන ඒ එන ගමන් රෝගියා ගැන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට පවසා ශල්‍යාගාරය අමතා එයද රෝගියා වෙනුවෙන් වෙන් කොට රසායානාගාරයට හෝ එක්ස් රේ අංශයට ගොස්  පරීක්‍ෂණ වාර්තා ගෙන රෝගියාද රැගෙන ශල්‍යාගාරයට දුවන්නෙමු. ඉන් පසු ශල්‍යකර්මය කිරීමට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට සහාය වන්නෙමු. ශල්‍යකර්මය අවසන් වීගෙන එන විට තවත් අසාධ්‍ය රෝගියෙකු ආ බව කියමින් වාට්ටුවෙන් පණිවිඩයක් එයි. යළිත් මෙම චක්‍රය නැවතත් සිදු වේ. 

මෙලෙස වසරක් පමණ සීමාවාසික පුහුණුවේ යෙදෙන විට අප බොහෝ දෙනෙකුගේ බර අඩුව ගියේය​. එසේම යන්ත්‍රයක් ලෙස වැඩ කිරීමේ හැකියාවද අප ලැබුවෙමු. 

සීමාවාසික පුහුණුව නිම කිරීමෙන් පසුව විශේෂඥ වෛද්‍යවරු අප එය සාර්ථකව නිම කල බව කියා සහතික කලහ​. ඉන් පසු අප ස්වාධීන වෛද්‍යවරු ලෙස පරිණත වූයෙමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

31 ulasan:

  1. // දිනෙකට රෝගීන් 60 -70 හෝ ඊටත් වඩා අධික ප්‍රමාණයක් අප බැළුවෙමු. එසේම නිතර රසායණාගාරයට , එක්ස් රේ අංශ වලට දුවමින් වැඩ කිරීමට අකමැති නිලධාරීන් සමග සන්ඩු වෙමින් අප රෝගීන් ගේ අන්වේෂණ පරීක්‍ෂණ ප්‍රතිඑල වාට්ටුවට ගෙන ආවේ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් බලන වෙලාවට ඒවා තිබිය යුතු නිසාය​. පුද්ගලික සේවය හෝ අතිකාල අපේක්‍ෂාවෙන් රසායණාගාර නිලධාරීන් රෝගීන් ගේ පරීක්‍ෂණ සිතා මතා ප්‍රමාද කල විටද අප විශේෂඥ වෛද්‍යවරයා ගෙන් බැණුම් ඇසුවෙමු. // ස්තුතියි ට්‍රාන්ස් . හරියටම මෙහෙම තමයි වුණේ. අපේ සීමාවාසික කාලේ 1999-2000 වුනෙත් මෙහෙමයි. ලොක්කාගෙන් බේරෙන්න උදේ වෝඩ් රවුන්ඩ් එකට ඉස්සෙල්ල කොහොම හරි රසායනාගාර වාර්තා , විකිරණ වාර්තා ආදිය ගෙනැත් තියන්න ඕනේ නැත්නම් කුණු බැණුම් තමයි.. ඔබ කියන වර්ගයේ රෑ තිස්සේ කරදර කරන න්ර්ස්ලත් හිටියා අපේ වාට්ටුවල.. ඒ වගේම තේ හදලා දෙන නර්ස්ලා , ගෙදරින් බතල තම්බලා ගෙනැත් දෙන අපේ අම්මලා වගේ වයසේ මිඩ් වියිෆ් නෝනලා එහෙම හිටියා අපි කාසල් විදියේ රෝහලේ සීමාවාසික ෆුනුව ලබද්දී...

    BalasPadam
    Balasan
    1. ඒ කට්ට හැබැයි රසවත්

      Padam
  2. ඔය කිව්වට ඉන්ටර්න් කාලේ ලව් කරන්න පවා කාලේ හොයා ගන්න පුළුවනි අවශ්‍ය අයට!

    BalasPadam
    Balasan
    1. ඉන්ටර්න් කාලේ ලව් කරන්න ගිය අයිය කෙනෙක් ඉන්ටර්න්ශිප් රිපීට් උනා ඉන්ටර්න් කාලේ ලව් කරන්න ගිය අක්ක කෙනෙක් මැරි කරලා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්ටර්න්ශිප් රිපීට් උනා ඉන්ටර්න්ශිප් නියම විදිහට කලේ අත්තනායකලා

      Padam
  3. වාට්ටුවට ගොස් නොවේ වට්ටුවේම ජීවත් උනා කිව්වොත් නිවැරදියි. අපි 2008-2009 intern කරන කාලයේ එක වරක් දින තුනක් වතුර විතරක් බී වැඩ කලා මතකයි. හේතුව අපි උදේ එනවිට කැන්ටිම ඇර නැති අතර රෑ 11 න් පසු සියලු කඩ වසා ඇත. මේ ජාතික රෝහලේ. අනිත් තැන වලත් මෙහෙම ඇති. ඇඳුම් හෝදන්නේ රෑ 3 ට විතර.

    BalasPadam
    Balasan
    1. දොස්තර ජීවිතය මල් යහනාවකි

      Padam
  4. අපොයි, යුද්දේ ලේසියි වගේ.

    BalasPadam
    Balasan
    1. යුද්දෙදී මැරෙන්නේ එක පාරයි ; මෙඩ්ල්ලුත් හම්බු වෙනවා මේකේ දිනපතා මරණං අහන්ච

      Padam
  5. මම ඔන් කෝල් දවසට රැවුල කපන්නේ රෑ තුනට විතර ඇයි හතර හමාර පහ වෙද්දී නර්ස් නෝනලා කෝල් දෙනවා

    BalasPadam
    Balasan
    1. කෝල් එනකොට ටැලිපෝං එක පොලවේ ගහන්න හිතෙනවා

      Padam
  6. අධිකතර වෙහෙසකාරී ලෙස කරන මේ පුහුණුවේදී අතපසුවීම් සිදු වෙන්න තියන ඉඩ කඩ වැඩි නැතිද? මොකද මේ ගනුදෙනු කරන්නේ රෝගීන්ගේ ජිවිත සමඟ නිසා.

    BalasPadam
    Balasan
    1. මේ පුහුණුවේදී අතපසුවීම් සිදු වෙන්න තියන ඉඩ කඩ වැඩියි නමුත් අතපසුවීම් සිදු උනොත් කේස් ; හරියට යුද්දෙ වගේ පණ බේරගෙන වැඩ කරන්න පුරුදු වෙනවා

      Padam
    2. එහෙම වෙන නිසා තමා සමහර බටහිර රටවල ආධුනික වෛද්යවරුන්ටත් වැඩ කිරීමේ සීමා (සතියට පැය ගනන ) සීමා ඇත්තේ. නමුත් ඒ රටවලත් ඒ දෙය අති සාර්ථකව කිරීමට අවශ්‍ය තරම් වෛද්‍යවරු නැහැ.

      එවිට කරන්නේ තෝරාගත් හෙදියන්ට වැඩි දුර පුහුනුව දීම (අචාර්ය උපාධි මට්ටමට ) මඟින් සමහර දොස්තර වැඩ කිරීමට ඉඩ දීම.ඒ වගේම වගේ වැඩ වලට හෙදියනුත් නොවන anesthesia technicians වැනි අයව යොදා ගැනීම.

      ලංකාවේ ඔය දෙය කරන්න ඇති තරම් හෙදියනුත් නෑ.

      Padam
    3. ලංකාවේ ඕක කරන්න ගියොත් මෙහෙ වෘත්තිකයෝ මිනී මරා ගනී

      Padam
  7. ඒ කියන්නෙ ඩොක් කොහෙන් ඩිග්‍රි එක කලත් ඉන්ටර්න් එක මෙහෙ කරන්න ඕනෙ ද?
    සමහර වෙලාවට ඩොකාලට අඩුවෙන්ම කාලෙ ගතකරන්න වෙන්නෙ ලෙඩ්ඩුත් එක්ක.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ලංකාවේ වැඩ කරන්න මෙහෙ සීමාවාසික පුහුණුව කරන්න ඕනේ

      Padam
  8. සයිටම් ගියානං ඔය දුක නෑනේ

    BalasPadam
  9. ඒක නම් හැබෑවටම සීමාවාසයක්, මධුර එකේ දෙන්නේ අන්තේවාසිකයා කියලා.

    BalasPadam
    Balasan
    1. බල්ලා මාක් එකෙන් දෙන්නේ

      Padam
    2. ටික දොහකට ඉස්සරින් අපුරේ ප්‍රොෆසෝරියල් (?) වෝඩ් එකට ගියා, ප්‍රොෆා මෙඩිකල් ස්ටුඩන්ලට කතා කරන හැටි අැහුනාම මාව කම්පා වුනා, ඒ අතරේ ඉංග්‍රිසි තේරන ලෙඩ්ඩුත් ඇති නේද?

      Padam
    3. කියලා වැඩක් නෑ ඇනේ ඒ කාලේ කොන්සෝ ඉන්ටර්න්ලට බනින්නේ බල්ලන්ට වගේ . වරක් වී ඕ ජී රොහාන් පෙරේරාගේ බැනුම් අහගෙන ඉන්න බැරි තැන ඉන්ටර්න් ගහන්න අත ඉස්සුවා . ඉවසීමේ පාරමිතාව පුරන්න ඉන්ටර්න් කාලය තමයි ඉස්තරම්

      Padam
    4. ඇණයා Nut Man,
      හැම කන්සල්ටන්ට්ම ඉංග්‍රීසියෙන් බනින්නේ නැහැ. සමහර අය සිංහලෙන්ම බනිනවා. සමහර වාට්ටුව දෙවනත් වෙන්න කෑ ගහනවා. ඒ අතරම පොලව පලන් යන්න හිතෙන අපහාස, උපහාස කතා කියනවා. සමහරවිට රෝගීන් හා කාර්ය මන්ඩලයේ කට්ටිය බඩ අල්ලන් හිනා වෙනවා මේ නිසා. සමහර අය ටොකු, ගුටි පවා අනින්වා රෝගීන් ගනනක් මැද.

      සමහර අය මේවා මුකුත් නොකර, මතක තියා ගෙන ඉදලා රිපීට් කිරීම හෝ ෆේල් කිරීම කරනවා.

      මේක මම හිතන්නේ මේ සියලු ශික්ෂන රෝහල වල හා මහාචාර්ය ඒකක වල වෙන දේවල්. සමහර කොන්සල්ටට් / සර්ජන් / ප්‍රොෆ් ලා යටතේ ඉදීම මරුවා සමග වාසේ වගේ තමා.

      Padam
    5. සමහර කොන්සල්ටට් / සර්ජන් / ප්‍රොෆ් ලා යටතේ ඉදීම මරුවා සමග වාසේ වගේ තමා.///// +++++++

      Padam
    6. දැන් තත්වය වඩාත් හොඳයි කියන්න පුළුවන්. කන්සල්ටන්ට් කෙනෙක්ට හිතු මනාපයේ සීමාවාසික වෛද්‍යවරයෙක් රිපීට් කරන්න බැහැ. ඒකට නියමිත ක්‍රමවේදයක් දැන් අඳුන්නලා දීලා තියෙනවා. ඒ වගේම දවසක් හැර දවසක් අනිවායයනෙ රාත්‍රී කාලය නිවාඩු දිය යුතු බවට නිර්දේශ කරලා තියෙන්නේ.

      Padam
  10. මේකෙන් ඉන්ටර්න් යන්න ඉන්න අයගේ morale එක boost වෙනවා. තව විස්තර කියමුකො රුවන්. ඒ කිව්වේ කාපු කට්ට ගැන කියවලා නෙවෙයි. තමන් විතරක් නෙවෙයි හැම ඩොකාටම කන්න තියෙන සාමුහික කට්ටක් බව දැනගෙන.

    BalasPadam
    Balasan
    1. සාමුහික කට්ටක් Henry ; ඉන්ටන්ලා සමගිව සාමූහිකව හිටියොත් ප්ලැටූන් එකේ වගේ කට්ට අඩු කරගන්න පුලුවන්. සමහරු ඉන්ටන් කාලේ අම්මා තාත්තවත් කාමරයේ තියා ගන්නවා බත් උයවා ගන්න​. ප්‍රායෝගික දැණුම , වෙහෙසීමේ හැකියාව . වැඩ අනා ගන්නේ නැතිව ඉක්මනට කිරීම , කාල කලමනාකරණය ; මිත්‍රශීලී බව තමයි සාර්ථක භාවයේ රහස

      Padam
  11. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  12. සීමාවාසික කාලේ ඇගයීමක් කියල දෙයක් අහන වාසනාවන්තයෝ හරිම දුලබයි. බැනුම් නම් එමටයි.
    හරියට කෑමක් බීමක් පවා නොගෙන වැඩ කරන අතීත වර්තමාන අනාගත සියලුම සීමාවාසික වයිද්‍ය වරුන්ට මෙය උපහාරයක්ම වේවා !!!

    ( වයිද්‍ය රුව්න්ගේ අනුමැතිය ඇත්නම් )

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook