Rabu, 9 Disember 2015

හෙදියකගේ අනුවේදනීය දිනපොත


ලක්බිම පුවත්පතේ සතිපතා හෙදියකගේ අනුවේදනීය දිනපොත නමින් ළිපි මාලාවක් පළ විය​. මෙම ළිපි ලියන ලද්දේ  කොළඹ ජාතික රෝහලේ  පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාය​. මේ කතාව  හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා ගැන නොවේ. වෙනත් හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් ගැනය. 

හලාවත රෝහලේ ශල්‍යාගාරයේ හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් සැරය . නමුත් හදවතින් කරුණාවන්ත අයෙකි. එකල ඇය අවිවාහකය​. ඇය නිතරම බිසිය.​

අසෝකා මිස් ශල්‍යකර්ම වලට ලක් කරන ලද රෝගීන් හා ඔවුනට  ශල්‍යාගාරයේ ලබා දුන් ඖෂධ පිළිබඳව විස්තර සටහන් පොතක් තියාගෙන සිටියාය​. එය විශාල ප්‍රමාණයේ සී ආර් පොතකි. එය නිතරම ශල්‍යාගාරයේ  මේසයක් මත තිබුණි. දිනපතා මේ පොතේ ලිවීම සටහන් තැබීම ඇය කළාය​. 

වරක් මම ලක්බිම පුවත් පතෙන් හෙදියකගේ අනුවේදනීය දිනපොත යන ලිපියේ හෙඩිම කපා ගම් ගා අසෝකා මිස් ගේ සී ආර් පොතේ ඇලවූයෙමි.  ශල්‍යාගාරයට ආ ගිය වෛද්‍යවරු එය දැක සිනාසුනෝය​. මේ බව නොදත් අසෝකා මිස් දිගටම  සී ආර් පොතේ තම රාජකාරිය කළාය​. නමුත්  හදිසියේ ඇය එය​ දුටු අතර තමන් ගේ පොත හෙදියකගේ අනුවේදනීය දිනපොත යනුවෙන් නම් කරන ලද තැනැත්තාට පොදුවේ බැණ වැදුනාය​. මම කට වසාගෙන සිටියෙමි. නමුත් ස්වල්ප මොහොතකින් ඇයගේ තරහව නිවී යන ලදි. 

අසෝකා මිස් අපට තේ හදන්නීය​. ඇය සාදන ඉඟුරු තේ ඉතා රසවත්‍ ය​. අසෝකා මිස් කොහොම රසට ඉඟුරු තේ හදනවාද මන්දා යැයි වරක් තරුණ වෛද්‍යවරියක් ඇසුවාය​මම ඇයට (කොලොප්පමක් ලෙස)  පැවසුවේ අසෝකා මිස් ඉඟුරු හපා (කටින් විකා) තේ එකට දමන නිසා රස එන බවයි. ඉන් පසුව ඇය ඉඟුරු තේ බීම නැවැත්තුවාය​. පසුව අප කරන ලද්දේ විහිලුවක් බව පැවසීමෙන් පසු ඇය යලිත් ඉඟුරු තේ බීම  ඇරඹුවාය​. 

පසු කාලයක මට අසෝකා මිස් හලාවත රෝහලේදී හමු වූ අතර ඒ වන විට ඇය හෙද සොහොයුරියක  ලෙස උසස්වීමක් ලබා සිටියාය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

43 ulasan:

  1. පුෂ්පා රම්‍යානි මහත්මිය සෑහෙන කාර්ය භාරයක් ඉටුකරන බව පෙනෙනවා.

    ඇත්තටම හෙදි වෘත්තියට අදාළ කතා, ලියවෙනවා මදි කියලයි හිතෙන්නේ. මගේ අයියා හෙද අභ්‍යාස විද්‍යාලයක ප්‍රධාන හෙද ආචාර්ය වරයා වී සිටියා. (1994 දී ඔහු අභාවප්‍රාප්ත වුනා) ඒ කාලේ ඔහු කියන සමහර කතා, අදටත් මතක්වී හිනායනවා.

    1970 දශකයේදී, ලංකාවෙන් කැනඩාවට හෝ බ්‍රිතාන්‍යයට ගිය හෙදියක් ඇගේ අත්දැකීම් අළලා රසවාහිනී සඟරාවට ලිපි පෙළක් ලිව්වා ඉතා රසවත් ලෙස. ඒ කාලේ ඒ කතා අපිව පුදුමයට පත්කළේ ඒ රටේ රෝගීන්ගේ අයිතිවාසිකම් සහ හෙදියකගේ කාර්ය භාරය ඇය විස්තර කර තිබුනු ආකාරය නිසා.

    BalasPadam
    Balasan
    1. Dear Wicharaka,

      //මගේ අයියා හෙද අභ්‍යාස විද්‍යාලයක ප්‍රධාන හෙද ආචාර්ය වරයා වී සිටියා. (1994 දී ඔහු අභාවප්‍රාප්ත වුනා) ඒ කාලේ ඔහු කියන සමහර කතා, අදටත් මතක්වී හිනායනවා//

      Could you please post those stories in your blog? At least a few... Please share those sweet memories with us, the blog viewers. Thanks.

      Padam
    2. පුෂ්පා රම්‍යානි මහත්මිය සෑහෙන කාර්ය භාරයක් ඉටුකරන බව පෙනෙනවා.


      ��

      Padam
    3. @ Anonymous December 10, 2015 at 12:30 AM

      Thank you Sir. I will do in a future post.

      Padam
  2. පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය ගැන මට නම් තියෙන්නෙ ටිකක් වෙනස් අදහසක්. එයා පසු කාලීනව සමහර ටෙලි වැඩසටහන් වලට සහභාගී වුනා. ඒවයෙදි මම දැක්කෙ එයාගෙ අති පණ්ඩිත කම. දැන් දැන් එයා සනීපාරක්ෂක තුවා විකුණනවා ටී වී එකේ. මේ හැම දේකටම මුල වුනේ එයාගෙ ඩයරිය. සුරංග කසිප්පු ගැන කියල තිබ්ණ වගේ, මේ කාරණාව එයාගෙ දෝෂයක් නෙවෙයි, වෙළෙඳපොළ ආර්ථිකයෙ ඕනෙම දෙයක් විකුණගන්න පුළුවන්වීම...

    BalasPadam
  3. රාජකාරිය තම උපරිමෙන් වෙහෙස්වී කළ / කරන ඇයට සුබ පතමි

    BalasPadam
  4. අසරණ රෝගීන්ගේ සරණට අසෝකා මිස්ලා තව තව බිහිවේවා.

    BalasPadam
    Balasan
    1. අසෝකා මිස් ලෙඩුන්ට කරුණාවයි

      Padam
  5. හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාය​ නම් පට්ට පන්ඩිතයි!! දිරවන්නේ ම නැති චරිතයක්!

    BalasPadam
  6. There is a difference between working hard and pretending. You people observe and decide. There are lot of stories in the NHSL regarding so called ideal nersing officer...

    BalasPadam
  7. හෙද නිලදාරිනියක් වූ අසෝක මිස් හෙද සොහොයුරියක ලෙස උසස් වීමක්.
    මේ ඩෙසිග්නේශන් වෙනස පැහැදිලි නෑ.

    BalasPadam
    Balasan
    1. වස්තුවේ ඔයා ඉන්නේ අඟහරු ලෝකෙද

      Padam
    2. හෙද නිලදාරිනියක් වූ අසෝක මිස් sister කෙනෙක් උණා

      Padam
  8. https://www.youtube.com/watch?v=fRZZK1Eip6o

    BalasPadam
  9. පුෂ්පා රම්‍යානි සොයිසා ටීවී එකේ කතාකරනව දැක්කොත් වෙන එකකට මාරු කරනව...

    BalasPadam
    Balasan
    1. රිමෝට් කොන්ට්‍රෝල් එකෙන්ද එක කරන්නේ

      Padam
    2. මටත් දිරවන්නේ නැති කේස් එකක්... හොස්සපිටල් එකේදිත් එහෙමයි...

      Padam
    3. මාතලන් බොස්.. මට දිරවන්නේ නැත්තෙ උන්දැගේ පණ්ඩිතකම දාන්න තැනක් නැති නිසා.. මෙන්නෝ ඇනෝ වලියාක්....

      Padam
  10. දැනුත් කොලොප්පන් කරනවද...

    BalasPadam
    Balasan
    1. දැන් සීරිය්ස් පිට ඉන්නේ

      Padam
  11. හෙහ් හෙහ් ඩොක්ටත් කරන වැඩ, මට මතක් උනේ අර බල්ලෙකුට දෙමළ නමක් දාපු පොස්ට් එක.

    BalasPadam
    Balasan
    1. ඔය වගේ විහිළු නිසා තමයි රාජකාරී ආතතිය අඩු උනේ

      Padam
  12. ඔය අසෝකා මිස් හැර වෙනත් අසෝකා මිස් වරු හෙද වෘත්තියේ ඇත්ද? එසේය ස්වාමිනි.. තව එක අයෙක් ඇත. ඒ නිහඬ සිතුවිලි රවී ගේ අසෝකා මිස් ය.. :)
    පුෂ්පා මිස් ට රජයේ සේවයේ යෙදිල ඉන්න ගමන් වෙළඳ දැන්වීම් වල පෙනී සිටින්න පුළුවන් කියල නීතිමය අවසරයක් තියෙනවද?

    BalasPadam
    Balasan
    1. රජයේ සේවයේ යෙදිල ඉන්න ගමන් වෙළඳ දැන්වීම් වල පෙනී සිටින්න පුළුවන් කියල නීතිමය අවසරයක් තියෙනවද?ඒක නම් මම දන්නේ නැත

      Padam
    2. කළ්‍යාණ,

      නිහඬ නෙවෙයි බොල නිදහස්...නිදහස්.....:)

      Padam
  13. ඇත්තටම තේ එකට ඉගුරැ කටින් හපලා දානවද දන්නෙ නෑ

    BalasPadam
    Balasan
    1. ඔය තේ එකට ඉඟුරු කටින් හපලා දාන, සුදර්ශිය කිට්ටුව තේඩේක මුදලාලියෙක් ගැන පනාපුත්‍ර කුහුඹුපැණියා ලියලා තිබුනා මතකයි.

      Padam
  14. අසොකා මිස් හරිම බොළදයි වගේ.. වැරැද්දක් නෑ එහෙම මිනිස්සුත් ඉන්න එපායැ.. මට හිතෙන්නේ පුස්පා මිසී ගැන අපේ කට්ටියගේ හිතේ කහටක් තියෙනවා.. මොකද එයා ගියපු දුර වැඩි නිසා.. හැක්..

    BalasPadam
  15. ගස්ලබ්බා ඊයෙ පෙරේදා ශල්‍යකර්මයකට මූණ දෙන්න වෙලවටත් කලින්ම ශල්‍යාගාරයට ගිය වෙලාවෙත් ඔයවගේ ඩොක්ලා සහ මිසීලා ගේ හුරතල් වලි කීපයක්ම බලාගන්න ලැබුනා.අති විශාල ආතිතියක් මැඩපවත්වාගෙන එක දශමෙන් වෙනස්වෙන තුන්වෙනි පාර්ශවයක ජීවිතයත් මරණයත් අතර රැකියාවක නියැලෙන අතර මෙහෙම විහිලුත් කරන්න ඇහැකිද කියල හිතෙනවා..ඇත්තටම මැජික් වගේ..
    ඒ වගේම තමා අවධානෙන් හිටියෙ නැත්තං එකම බෙහෙත ඩබල් ඩෝස් වදින්න චෑන්ස් එකකුත් තියේ...
    දෙකටම මුහුණ දුන්න නිසා දෙකම ලිව්වා..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. විහිලුව අවශ්‍යයි ගස්

      Padam
    2. අනිවාර්යයෙන්ම :D

      Padam
  16. යලිත් පැමිණියා ඔබේ කතා කියවන්නට, හිනා ගියා හොඳටම... අද වෙන විට හෙද වෛද්‍යවරු යන දෙපිරිස අතර ගැටුමක් වර්ධනය වෙන තත්වයකට මේ වෘත්තීන් ඇද දමා තිබෙනවා. මා සේවය කරන වාට්ටුවේ නම් අප එක බත් පත බෙදාගෙන කනවා, තේ හදාගෙන බොනවා... නමුත් ඒ දෙයටත් අකුල් හෙලන සමහර පිරිස් සිටිනවා.

    BalasPadam
    Balasan
    1. දෙයටත් අකුල් හෙලන සමහර පිරිස් සිටිනවා.//////////////////ඔවුන් තමගේ නිවෙස් වලත් අසතුටින් ඉන්න අය

      Padam
  17. පුෂ්පා රම්‍යානිට වුණේ වෙනත් බොහෝ දෙනෙකුට වුණ දේ ම තමයි. මීඩියා දරාගන්න බැරි වුණා. ඉන් පස්සෙ මීඩියා වෙනුවෙන් ජීවත් වෙන්නට පටන් ගත්තා. මීඩියාවලට නම් ඉතින් එයත් අනෙක් අය වගේ ම ගෙවී ගිය පසු ඉවත දමන පාට් එකක් විතරයි. මේ යථාර්ථය බොහෝ අය තේරුම් ගන්නෙ නැහැ. මීඩියා විසින් එක් එක්කෙනාට චරිත හදලා දෙනවා. පුෂ්පා තමයි මීඩියා හෙදිය.

    BalasPadam
    Balasan
    1. මීඩියා විසින් එක් එක්කෙනාට චරිත හදලා දෙනවා. පුෂ්පා තමයි මීඩියා හෙදිය : සහතික ඇත්ත පැරා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook