Rabu, 16 Disember 2015

වේටර මඤඥං කිරීම

 


මීගමුව රෝහලේදී වාට්ටු රාජකාරි (Wards Rounds) කිරීමෙන් පසු මම මෙරිල්,  ඤානසුදන් , මෙන්ඩිස් , යනාදී වෛද්‍යවරු රොත්තක්ම තේ බීම සඳහා මීගමුව රෝහල ඉදිරි පිට තිබෙන හෝටලයට යාමට පුරුදුව සිටියෙමු. මෙම හෝටලය අප විසින් හඳුන්වන ලද්දේ හොටේල් ඩී බඩ සුද්ද යන නමිනි. මෙම හෝටලයෙන් රාත්‍රියට කොත්තුවක් කෑවහොත් පසු දින උදෑසන බඩ සුද්දවී වැසිකිලි යයි. එම නිසා මල බද්ධය තිබූ රෝගීන්ට මෙම හෝටලයෙන් කොත්තුවක් නිර්දේශ කල යුතු බව අප නිතරම කීවෙමු. 

මේ හෝටලයට ගිය විට වේටරයා සර් චිකන් කොත්තුවක් දාන්නදැයි අසයි. මම වරක් ඊ කෝලා (e coli) කොත්තු නැද්දැයි අසුවෙමි. ඔල්මොරොන්දන් වූ වේටර බීෆ් කොත්තු නම් තියනවායි කීය​. ඉන්පසු මම ඇසුවේ ශිගෙල්ලා (Shigella)  කොත්තු තිබේද යන්නයි. එම කොත්තු වර්ගය නැති බව වේටරයා කීවේය​. කොමා බැසිලස් (comma bacillus) කොත්තුවත් නැද්දැයි අවසානයේදී ඇසුවෙමි. අවශ්‍යනම් එළවලු කොත්තුවක් සෑදිය හැකි බව ඔහු කීය​. 

මෙරිල් මෙම වේටර ව්‍යාකූල කිරීමේ රුසියෙකි. මෙයට ඔහු කීවේ වේටර මඤඥං කිරීම කියාය​. හෝටලයට ගිය විට මෙරිල් රෝල්ස් ගේන්න කියයි රෝල්ස් ගෙන ආ විට මේකෙන් හතරක් මේසේ උඩ තියා අනෙක්වා ගෙන ගොස් පැටිස් පීරිසියක් ගේන්න කියයි. පැටිස් ආ විට මේකෙන් තුනක් ගිහින් තියන්න අනෙක්වා ගෙනියන්න ; ඒ එක්කම බනිස් පහක් ගේන්න කියයි. මෙලෙස කිරීමෙන් වේටර මඤඥං වේ. රෝල්ස් , පැටිස් , බනිස් කා තේ බී අප මඤඥමට වන්දියක් ලෙස වේටරට ලොකු ටිප් එකක් දී යළි වාට්ටු වලට යන්නෙමු.

54 ulasan:

  1. ඔය හෝටලයේ හිටියේ එක මඤඥං වෙටරයෙක් විතරද
    ලොකු ටිප් එකක් දී යළි වාට්ටු වලට යන්නෙමු. එහෙනම් මඤඥං කලත් පව් නෑ ඔබේ සතුට ඔහුගේ සතුටයි!

    BalasPadam
    Balasan
    1. වේටරුත් අපි එනවට කැමතියි

      Padam
  2. මෙම ක්‍රමයෙන් ගත් කෑම වලට වඩා අඩු බිලක් එනවාද? කිසියම් රූපවාහිනි නාලිකාවක ගිය රියැලිටි කොමඩි වැඩසටහනක මෙවන් සිද්ධියක් තිබුණා. කෙසෙල්ගෙඩි කඩේකට ගොස් කෙසෙල්ගෙඩි දෙකක් ඉල්ලා සිටිනවා. ලැබුණු පසු ඒදෙක මාරු කර දෙන ලෙස ඉල්ලනවා.

    වෙලෙන්ඳා - කෙසෙල්ගෙඩි දෙකට රුපියල් 20 ක් දෙන්න

    ගැණුම්කරු - මම මේ කෙසෙල් ගෙඩි දෙක ගත්තෙ ඒකට වෙන ගෙඩි දෙකක් දීලනෙ?

    වෙලෙන්ඳා - එහෙනම් ඉස්සෙල්ල ගත්ත ගෙඩි දෙකට සල්ලි දෙන්න.

    ගැණුම්කරු - ඒ දෙක මම ගත්තෙ නැහැනෙ? මේ බලන්න ඒ දෙක මගෙ ගාව නැහැ.

    BalasPadam
  3. මම නම් මිනිසුන් මැඩවීම අනුමත කරන්නේ නෑ.. මොකෝ මාත් මැඩවෙන්න කැමති නෑ. මම හිතන්නේ දොස්තරලත් විශේෂයෙන් කැමති නෑ.

    BalasPadam
    Balasan
    1. මම නම් මිනිසුන් මැඩවීම අනුමත කරන්නේ නෑ +++++++++++++++++++

      Padam
  4. වේටර් ට ඔය කස්ටමර්ලා සෙට් එක ගැන හිතුනේ කෝම වෙන්න ඇත්ද? හොඳ වෙලාවට වේටර් බ්ලොග් නොලියන්නේ.

    BalasPadam
    Balasan
    1. වේටර් බ්ලොග් ලිව්ව නම් අපි ඉවරයි

      Padam
  5. අපේ සමජයේ ඉහල යැයි සිතා සිටින මිනිස්සුන් පහල යැයි සිතන මිනිසුන් පිළිබඳව ඇති ආකල්පය මොනවට පැහැදිලි වේ.

    BalasPadam
    Balasan
    1. ඔච්චර දුරට අන්තවාදීව විශ්ලේශනය කරන්න යන්න එපා , එය අහිංසක විනෝදයක්

      Padam
  6. මම නම් ඔය මලජරාව කන්නෙ නෑ. ඩොක්ටස්ලත් මේව කනව කියල අහපුවම මට පුදුමයි .ඉස්සර මගෙ යාළුවෙක් හිටිය හොටෙල් අයිතිකාරයෙක්ගෙ පුතෙක්.ඌ කවදාවත් කඩේකින් මොකුත් කන්නෙ නෑ.ඌ දන්නව කඩවල්වල කෑම හදන හැටි. ජරාව කියන්නෙ උපරිම ජරාව.
    කොත්තු කියන්නෙ නම් මල ජරාව. ඔය රෝල්ස් වලට දන්නෙ පරන වුන කෑම. අපි ගෙවල්වල කන්න තියා හිතෙන්නෙ වත් නැති පරන කෑම. මස් එහෙම දෙවස් දෙකක් තුනක් ෆ්‍රිජ් එකේ දාල විකුනුනේ නැති වුනහම කෙටි කෑමවලට දාන්නෙ. වඩේ එහෙම වතුරෙ දදා දෙතුන් පාර බදිනවලු.පිරිසිදුයි කියන්න පුළුවන් කෑමකට තියෙන්නෙ ආවරනය කළ ක්‍රීම් බනිස් විතරයි.

    නීති තියනව .ඒවයින් වෙන්නෙ පී එව්ච් අයි ල පෝසත් වෙන එක විතරයි.

    පරන තෙල් වල බඳින එකෙන් පිළිකාකාරක එකතුවෙනව කියල අහල තියනව.වැඩකරන එවුන්,උයන උන් එහෙමත් හෙනම අපිරිසිදුයි,වැසිකිලි තියෙන්නෙත් උයන තැණ ලගමයි. එතන හතරමහ අපායක්.උයන උන් මුකවාඩම් දාන්නෙන් නෑ.ජරාවක් එකතුවුනා කියල උන් හැලියම විසි කරයියැ.

    BalasPadam
    Balasan
    1. ඒ හෝටලය ජරාවක් ඒත් කන්න වෙන තැන් තිබුනේ නෑ

      Padam
  7. ඒ මිනිහගේ ජොබ් එක මඩවන එකයි ඔය මහත්තුරු කරල තියෙන්නේ.. ඒ ගැන නං කනගාටුයි. නමුත් අවසානයේ සියලු පව් මුදලින් සෝදා හැරීම ගැන සතුටුයි.. හැක්.. හැබෑටම මේ රස කතා සීරිස් එකත් නැගල යනවා.. මේ විවිධත්වයට මං බෝම මනාපයි.. ඊට වඩා සතුටුයි ට්‍රාන්ස් හැම කමෙන්ටුවකටම පිළිතුරු ලබා දෙන එක ගැන..

    BalasPadam
    Balasan
    1. ඒ කාලේ අපි තරුණයි , තරුණ මදයත් තියෙන්න ඇති

      Padam
  8. ඔය ගෲප් එකේ මානසික වෛද්‍යවරයෙක් හිටියෙ නැද්ද?

    BalasPadam
    Balasan
    1. හිටියා ; මෑනුත් මේකට සම්මාදම් උනා

      Padam
  9. ඔය කියන හරියෙ හදිස්සියට දුවගෙන ගිහිල්ල කාල එන්න නම් කඩයක් නෑ තමයි.සමහර වේටර් ල ඉන්නවා උපන්ගෙයි මඤ්ඤං.. පව් ඉතින්.. වෙන රැකියාවක් කරන්න බැරි කමටම වේටර් කම කරන උදවිය.
    හෝටල් වල පිරිසිදු කම හොඳට බලාගන්න පුළුවං සිගරට් එකකුත් බොන්න ගියාම.එතකොට කඩේ කුස්සියයි කක්කුස්සියයි මාරු වෙලා උයන කෝකි අප්පුලා,කුණු භාජනෙයි කෑම භාජනෙයි මාරු උන ගෝලයො එහෙම ඇස්පුරා බලාගන්න ඇහැකි.
    වැඩේ නැගලා යනවා ඩොක්.අර හෙරොයින් ලිපිය සිංහලෙන් දාන්න අදහසක් නැතෙයි?
    (මත්ද්‍රව්‍ය ගැන සැරින් සැරේ ලිපියක් වැටුනොත් අපිලා සතුටුයි ඔන්න.)
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මම කාලේ හසලක හෝටලයක් වැසලුවා කක්කුසිය ලඟ නල ලිඳ

      Padam
  10. මම ඔය කියන හෝටලේ දන්නවා මයේ හිතේ.....
    මාත් මිගමුව කිට්ටුව නෙව ඉන්නේ....
    කතාව නම් හොදා...
    වෙටරයා බෝගට එන්නේ නැති නිසා හොදා.....

    BalasPadam
    Balasan
    1. ඕක මීගමුව රෝහල ඉස්සරහමයි තියෙන්නේ

      Padam
  11. අම්මෝ.....මේ වැඩේ කරණ අපේ ජ්‍යොෂ්ඨ නිලධාරියෙක් හිටියා. ඔහු ආහාර ගන්න නිලධාරි නිවස්නයට ගියාම, වේටර්ලට කියනවා, (විශේෂයෙන් අල්ලගන්නේ ආධුනික වේටර්ලා) G 3 එකක් බැදලා ගෙනෙන්න ළමයා, ආර්ජස් එකක් ඩෙවල් කරලා ගේන්න, බුල්ස් අයි එකක් දාලා, ඒක උඩට ඩයල් ටෝන් දාලා ගේන්න, ඔයවගේ ඔලුව කොලොප්පන් වෙන දේවල්. (G 3 කියන්නේ තුවක්කුවක්, ආර්ජස් කියන්නේ අත්බෝම්බ වර්ගයක්. ඩයල් ටෝන් තියෙන්නේ ස්ථිර දුරකථන වල බව කවුරුත් දන්නවනේ)

    BalasPadam
    Balasan
    1. යුද මානසික ආසදය කින් පෙලෙන්නෙක් මානසික පුනරුප්තානය කලත් ප්‍රතිපලයක් ලැබේද කියා දොස්තර ඔබම කියන්න

      Padam
    2. ආසදය පුනරුප්තානය ?

      ෂී......කේ...........මොක්කද අප්පා ඔයා දෙමළද? ශින්ගල හරියට ඉගෙනගෙන මෙව්වා වලට යෙන්ඩ අප්පා.

      Padam
    3. දෙමල අපිට පකටද සිංහල ?

      Padam
    4. කල්‍යාණ මිත්‍රDecember 17, 2015 at 2:25 AM...........

      විචාරක WicharakaDecember 17, 2015 at 3:19 AM........

      වැදගත් උගත් රණවිරුවා කවුද ?'" වෙනස " වටහා ගන්න තවත් වෙනත් කොමන්ට්ස් මොකටද?

      Padam
    5. මහත්මයා මේවා අහිංසක විහිළු අපි හැමදෙනාම මේවා කරනවා. මේ වා අන්තවාදී කෝණයෙන් බලන්නේ තලිබාන් අයිසිස් මානසිකත්වයේ අය . ඒ අය ලෝකය දකින්නේ කලු සුදු ලෙස​.

      Padam
    6. @ AnonymousDecember 17, 2015 at 4:33 AM

      සිංහල තේරුම:- දෙමල අපට ප්‍රකටද/ගෙඩියටද/ සිංහල


      @ AnonymousDecember 17, 2015 at 5:11 AM

      ප්‍රොෆයිල් එකකින් ඇවිත් අදහස් දක්වන්න බැරි නපුංසකයා ගැන කුමන කතාද?

      Padam
    7. විචාරක WicharakaDecember 17, 2015 at 11:00 AM

      විචාරක ඔබ එලියට එනතුරුද අප බලා සිටි

      Padam
    8. සිංහල ඉගෙනගන්න මහත්තයෝ. 'විචාරක, ඔබ එලියට එනතුරු අපි ද බලාසිටිමු'. කියන එකයි නිවැරදි සිංහල. බලන්න ඔයාගේ දරුවන් පවා, ඔයා නිසා, මෙවැනි වැරදි සිංහල ඉගෙනගන්නවා.

      Padam
    9. අපේ ළමයි සිංහල ඉගෙනගන්නේ නැ ඔක ඉගෙන ගත්තා කියලා ලැබෙන ලබ්බකුත් නැ කාඩ් බෝඩ් රණවිරුවවෙක්නේ උඹ [හිතාගෙන ඉන්නේ]. අපේ හඬ නෑ වැඩේ වෙයි වෙලාවට

      Padam
  12. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    BalasPadam
    Balasan
    1. 4
      කවදත් හතරෙ පන්තියෙ ඉන්න මම... ඉන්දික උපසාන්ත...

      Padam
  13. වේටර් අකමැති නැතුව ඇති ලොකු ටිප් එකක් ලැබෙනවනේ,
    ඉ කෝලි, සැල්මොනෙල්ලා වගේ අහිතකර බැක්ටීරියා ඉස්සර දවස් 4-5 ක් යනවා ටෙස්ට් කරන්න.ISO මෙතඩ් වලින්, ඒත් දැන් පැය 16 කදි ටෙස්ට් එක ඉවර කරන්ඩ පුළුවන් රැපිඩ් ටෙස්ට් කිට් වලින්.

    BalasPadam
    Balasan
    1. වේටර් අපි එනවට හරි අස්සයි කාපු ගානට වඩා ටිප් එක අපි දෙනවා

      Padam
  14. වේටර් කෙනෙක් කියන්නෙ අඩු අධ්‍යාපනයක් සහිත උඩේ පාන්දර සිට රැඉ මදියම දක්වා අසීමිතව වැඩ කරන අඩු පඩියක් ලබන දුප්පත් මිනිහෙක්. ඒ මිනිහා මැඩවීම ඔබ වැනි උගත් අයෙකුට ගැලපෙන්නේ නැහැ නේද? ඊට පසු එය මෙලෙස විවෘතව හාස්‍යට ගැනීම ගැලපෙන්නේ නැහැ නේද?

    BalasPadam
    Balasan
    1. වේටර් කෙනෙක් කියන්නෙ අඩු අධ්‍යාපනයක් සහිත උඩේ පාන්දර සිට රැඉ මදියම දක්වා අසීමිතව වැඩ කරන අඩු පඩියක් ලබන දුප්පත් මිනිහෙක්. ඒ මිනිහා මැඩවීම ඔබ වැනි උගත් අයෙකුට ගැලපෙන්නේ නැහැ නේද? ඊට පසු එය මෙලෙස විවෘතව හාස්‍යට ගැනීම ගැලපෙන්නේ නැහැ නේද?//

      සීයට දෙසීයක් එකඟ වෙමි!
      මෙය යම් කතා කිරීමේ අපහසුතා ඇති අයව බයිට් කරනා අසමජ්ජාති ක්‍රියාවට සමානය..

      Padam
    2. මහත්මයා මේවා අහිංසක විහිළු අපි හැමදෙනාම මේවා කරනවා. මේවා අන්තවාදී කෝණයෙන් බලන්නේ තලිබාන් අයිසිස් මානසිකත්වයේ අය . ඒ අය ලෝකය දකින්නේ කලු සුදු ලෙස​. එසේම ජජ්මෙන්ටල් මානසිකත්වයේ අයට මේ අහිංසක විහිළු තේරෙන්නේ නැහ​. ඒකට හේතුව කුඩා කාලයේදී ඔවුන් තම පියවරු අතින් ඉතා බරපතල ලෙස ජජ්මන්ට් එනම් විනිස්චයට ලක් වීම නිසා. එම නිසා සෑම කුඩා ක්‍රියාවක්ම ඔවුන් බරපතල ලෙස විශ්ලේශනය කරනවා. මේ වගේ අහිංසක විහිළු අසන දකින විට ඔවුන්ට මතක් වෙන්නේ තම ජජ්මෙන්ටල් පියා. එම නිසා ඔවුන් කෝපයට පත් වෙනවා ක්‍රියාව විවේච්නය කරන්න පෙලඹවෙනවා

      Padam
    3. Trans Sylvania

      මම පෝස්ට් එක බැලුවත් මුලින් කොමන්ට් එකක් දැම්මේ නෑ.මටත් මේත ලොකු දෙයක් තරමට පෙනෙන්නේ නෑ.අනික මේ වගේ දේවල් නොකරපු කෙනෙක් ඇති කියලා හිතන්න බෑ.අපිටත් මේවා වෙලා තියනවා අපිත් මේවා කරලා තියනවා.අනික කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණත් නෑ.අපි කරපු සමහර දේවල් ගැන පස්සේ වෙලාවක අපිටම කණගාටු හිතෙන වෙලාවලුත් තියනවා.

      Padam
    4. //මහත්මයා මේවා අහිංසක විහිළු අපි හැමදෙනාම මේවා කරනවා//

      if making an ill-informed person confused is fun for you....... well good luck!

      Padam
    5. ප්‍රයෝගික දැනුමින් බලනකොට මටනම් මේකේ ලොකු දෙයක් පේන්නේ නෑ.. මොකද 'අපහසුතාවයට පත්වීම' කියන එක සාපේක්ෂයි. මෙහිදී වේටර්වරයාට දිනපතාම වාගේ තමන්ගේ සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන තරුණ වෛද්‍යවරු කණ්ඩායමත් සමඟ 'තරඟයක්' නෑ. ඒ වෙනුවට සමහරවිට එය ඔහුටත් වාසිදායක ආස්වාදයක් වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ඔහු මේ දොස්තර මහත්තුරු දෙස බලන්නේ 'හරි හොඳ- ජොලියේ ඉන්න- විහිලු කරන' වගේ විශේෂනත් එක්ක. මේ ඉස්පිරිතාලේ අහවල් අහවල් දොස්තර මහත්තුරු මන් දන්නවා, බුම්මගෙන ඉන්නේ නැතුව හිනාවෙලා කතාකරනවා, හදිස්සියකට ගිහින් කතා කරොත් උදව්වක් උනත් ගන්න පුළුවන්, ඒ මහත්තුරු ආපු වෙලාවට මාත් ටිකක් හිනා වෙලා ඉන්නවා, ආපු වෙලාවට හොඳ ටිප් එකකුත් දෙනවා වගේ ගොඩක් 'ප්ලස්' මෙතන වේටර් ගේ පැත්තෙන් බැලුවොත් තියෙනවා.. ඔහුව කිසිසේත්ම වෘත්තීය වශයෙන් 'හෑල්ලු' කිරීමක් මෙතන මම නම් දකින්නේ නෑ. නිතර විවිද තලවල මිනිස්සුත් එක්ක ඉන්න අපිත් ඒ ඒ අවස්ථාවලදී 'ප්‍රොෆෙෂනල්' නොවන මේ වගේ අවස්ථා පහුකරනවා. පොත්වල හැටියටම හැම දෙයක්ම වුනොත් ලෝකය හරිම බොරින් තැනක් වෙන්න ඉඩ තියෙනවා..

      Padam
    6. Sa rasa got triggered - it reminds him his childhood and his judgmental father

      Padam
    7. @ sarasa,

      This is an excellent exampled for the God complex in SL docs. Also, see how soon he diagnosed the commentators. Pathetic.

      Padam
    8. // AnonymousDecember 17, 2015 at 10:48 PM
      @ sarasa,

      This is an excellent exampled for the God complex in SL docs. Also, see how soon he diagnosed the commentators. Pathetic. //

      Exactly!

      Padam
    9. //Trans SylvaniaDecember 17, 2015 at 8:00 PM
      Sa rasa got triggered - it reminds him his childhood and his judgmental father//

      Yes Doctor...
      How wonderful your diagnosis is?
      You are a brilliant person!
      Please do Keep excel in your good work! (ie: teasing waiters)

      Padam
  15. අපිත් ඔය වගෙ දේ කර තියෙනවා.... පාසැල් යන කාලෙ.... නමුත් වැඩිහිටියන් වූ පසු..... ඒ කාලෙ ඒ වගෙ දේවල් කීරීම ගැන අද දැනෙන්නේ සතුටක් නොව පසු තැවීමකි...

    BalasPadam
    Balasan
    1. කල්‍යාණ මිත්‍ර (December 17, 2015 at 12:57 PM) කොමෙන්ට් එක කියවන්න

      Padam
  16. බලන් යනකොට කරන්න ඕන ඔක්කොම අසිකිත වැඩ දොස්තර උන්නැහැලාලත් කරලා තියෙනවනේ... බලන් යනකොට අපි හොදා...

    BalasPadam
    Balasan
    1. මම පරමාදර්ශී චරිතයක් බවට මම කිසි තැනක කියා නැත

      Padam
    2. මේවා නොකියන මින්සුසු පරමාදර්ශි කියලයි පේන්නේ.. මටත් කලින් ඔය වගේ දේවල් කිව්වා. මොකද මාත් කරපු දේවල් කියපු නිසා.. බහුතරය සාන්තුවරයන් සේ රගපානවා නේ.. ට්‍රාන්ස්.. ඔබ ශක්තිමත් බව මම දන්නවා.. ඒක නිසා අවුලක් නැහැ.. (ගඟ දියෙන් ගොඩ නොවන්න.. ගඟට බියෙන්)

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook