Sabtu, 26 Disember 2015

රතිඤා ගුටි



සාමාන්‍ය පෙළ විභාගය තිබූ 1982 වසර දෙසැම්බරයේ අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා එලියට බසින විට රතිඤා  පත්තු කොට විභාග ශාලාවට විසි කරමු යැයි ලාල් රූපතුංග යෝජනා කලේය​. ලියනපතිරණ එම යෝජනාව ස්ථිර කල අතර අවසාන විභාගට පෙර රතිඤා  හා බට්ටන් කීපයක් සාක්කු වල දමාගෙන ඔවුන් විභාග ශාලාවට ගියහ​. 

බැලූ බැලිමට මෙය සහාසික ත්‍රස්තවාදී ක්‍රියාවකි. නමුත් එකල කොල්ලන්ට මෙය මහා ආතල් එකක් විය​. රතිඤා  ක්‍රියාදාමයට මම මඳක් බිය වූවද එය අමුතු අත්දැකීමක් වන නිසා නිහඞව කොල්ලන් කරන්නේ කුමක්දැයි බලා සිටියෙමි. 

අවසාන දිනයේ අවසාන විභාග ප්‍රශ්න පත්තරයට උත්තර ලියා අප සමූහයක් වශයෙන් එලියට බැස්සෙමු. අපගේ විභාගය තිබුනේ ක්‍රිකට් ලකුණු පුවරුව අසල දෙමහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේය​. ලාල් රූපතුංග රතිඥාවක් පත්තු කිරීමට උත්සහ දරන විට ලියනපතිරණ රතිඤාවක් පත්තු කොට පහත මාලයට විසි කලේය​. එය බෝම්බයක්  මෙන් මහ හඬක් නගා පිපුරුනේය​.  

පිපුරුම් හඞත් සමගම විභාග අවසානයත් සමග කොල්ලන් කුමන මදාවි වැඩක් කරත් දැයි බැලීම සඳහා කලින්ම පැමිණ සිටි ජයවර්ධන සර් පහත මාලයේ සිට ඉහල මාලයට යන තරප්පු පේලිය අසලට පැමිනියේය​. ඒ අතරවාරයේ රතිඤා ව පත්තු කිරීමට පහත් වී සිටි ලාල් වහාම රතිඤාව මේසය අස්සේ ගසාගෙන අහිංසකයෙකු මෙන් අනේ සර් තව පොඩ්ඩෙන් මගේ කලිසමත් පිච්චෙනවා කියා කලිසම් වාටිය ගසා දැමුවේය​. 

මම සිටියේ ලාල්ට පසුපසිනි. ඒ නිසා රතිඤාකරු මා යැයි සැක කල ජයවර්ධන සර් මාව කන් කෙටියෙන් අල්ලාගෙන ගොස් විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාට භාර දුන්නේය​. විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා සිටියේ කෝපයෙනි. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ නාලන්දේ නම්බුව කෑවා කියා හොඳ පොල් ටොක්කක් ඇන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා විද්‍යාගාරයේ තෙවන මහලේ පිහිටි විදුහල්පති කාර්‍යාලයට මා රැගෙන ගියේය​. ඒ අතර මාව විදුහලෙන් අස් කරන බවටද කීවේය​.  

ගුටි වලින් සහ බියෙන් තෝන්තුවී සිටි මා රතිඤාව දැම්මේ මා නොවේ යැයි කීවෙමි. නමුත් ඒ බවට කන් නොදුන් ධර්ම ගුණසිංහ මහතා පියාගේ සහ මවගේ රැකියාවන් මොනවාද කියා ඇසීය​. මගේ මව විදුහල්පතිනියකි.  ධර්ම ගුණසිංහ මහතා ඇයව දන්නේය​. මම මවගේ නම කියූ විට ධර්ම ගුණසිංහ මහතා මඳක් සන්සුන් වී මගේ කතාවට සවන් දුන්නේය​. මා රතිඤාව නොදැමූ බව කීවත් එය දැමුවේ ලියනපතිරණ කියා පාවා නොදුන්නෙමි. නමුත් මේ ගාලගෝට්ටිය අව්අස්සේ විදුහල්පති කාර්‍යාලට පැමිණි අපගේ පන්තියේ සිසුවෙකු වූ සමන් ධම්මික නොහොත් මොරේ  රතිඤාව දැමුවේ මම නොව ලියනපතිරණ බව කීවේය​. මේ නිසා මට ඇප ලැබුණි. එසේම පාවා දෙන්නාගේ භූමිකාවෙන් ද මම මිදී ගියේය​. 

මේ අතර ලියනපතිරණ ස්ථානයෙන් මිදී පළා ගොස් තිබුණි. එ ම නිසා ලබන වාරයේ නඩුව අසන බව විදුහල්පතිතුමා පොරොන්දු විය​. එහෙත් අපොස සාමාන්‍ය  පෙළ විභාගයෙන් පසු  ප්‍රතිඑල එනතෙක් සිටින මාස දෙක තුනෙන් පසු යළිත් උසස් පෙළ කිරීම සඳහා පාසලට ගියද නඩුව යළි විභාග වූයේ නැත​.  මම ජීව විද්‍යා අංශයට ගිය අතර ලියනපතිරණ වානිජ අංශයට ගියේය​. ඒනිසා අප දෙදෙනා මුණ ගැසුනේම නැත​. පාසල් අධ්‍යාපනයෙන් පසු ලියනපතිරණ පොලිසියට බැඳුනි. 2006 දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී මට ලියනපතිරණ හමු විය​. ඔහු වෙනුවෙන් මම ගුටිකෑම ගැන ලියනපතිරණ මට කණගාටුව ප්‍රකාශ කලේය​. වසර 24 පසුව ලියනපතිරණ ගේ සමාව මම භාරගතිමි. 

19 ulasan:

  1. පොල් ටොක්කාගෙන් පොල් ටොක්කක් කෑමේ ප්‍රීතිය කොහොමද?

    BalasPadam
  2. රට දැය සුරකින ආයතන වලට යන්නෙම ලියනපතිරණලා ද?

    BalasPadam
  3. එහොම අනුන්ගේ පරිප්පු දීසි බරගානක් මාත් කාල තියනවා වැරදි තැන්වල වැරදි වෙලාවල ඉදලා

    BalasPadam
  4. අපි නම් හඳුන්කූරක් සෙට් කරලා බට්ටො වැලක් තියෙනවා හෝල් එකේ ස්ටේජ් එක යට...විභාගේ යන වෙලාවෙම පත්තුවෙන්න..එතකොට අහුවෙන්නේ හඳුන් කූරනේ....
    82ද ඕ ලෙවල් ලිව්වේ...හප්පා 82නේ අපි කටුබැද්දෙන් එලියට ආවේ....

    BalasPadam
    Balasan
    1. හපොයි අපි නං ඉපදුනෙත් ඊට අවුරුදු 04කට පස්ස‍ෙ

      Padam
  5. ඉස්කෝලේ කාලේ නඩු අහලා ගුටි දුන්නු ඒවා තාම මතකයි...... අගෙයි

    BalasPadam
  6. ගස්ලබ්බ ඕලෙවල් ලියල එලියට එනකොටම පාසල් විනය බාර ගස්ලබු පියතුමාගෙ අත්ඩංගුවට පත් උනා.ඒ වෙනකොට රතිඤ්ඤා කාරයෝ වතුර/නිල් කාරයෝ කීප දෙනෙකුට ඇප දීලා ගස්ලබ්බව හැකි ඉක්මනින් ගෙදර ගෙනියන්න ආපු නිසාවෙන් පලවෙනි ක්‍රශ් එකටත් බායි කියන්න උනා නෙව.. හෙහ් හෙහ්..
    මේ තියෙන්නෙ ඒක.
    http://gaslabba.blogspot.com/2015/02/blog-post_23.html
    ජයවේවා..!!

    BalasPadam
  7. 82ද ඕ ලෙවල් ලිව්වේ...හප්පා 82නේ අපි කටුබැද්දෙන් එලියට ආවේ...////අපි තාම කොල්ලෝ

    BalasPadam
  8. අපි කොරපු වැඩ ඒ කාලෙත් වෙලා තියනවා. ගුටි කෙලිනවට ටොකු අනින එකනම් සුපිරි..

    BalasPadam
    Balasan
    1. ටොකු අනින එක නම් රිදෙනවා

      Padam
  9. /* නමුත් ඒ බවට කන් නොදුන් ධර්ම ගුණසිංහ මහතා පියාගේ සහ මවගේ රැකියාවන් මොනවාද කියා ඇසීය​. */

    න ජච්චා වසලෝ භෝති - න ජච්චා හෝති බ්‍රාහ්මනෝ...???

    උපත නොව හැදෙන පරිසරය ගැන සොයනවා විය යුතුයි!

    BalasPadam
    Balasan
    1. කියවන්න තාත්තාගේ රස්සාව මොකක්ද ?

      http://transyl2014.blogspot.ca/2015/12/blog-post_22.html

      Padam
  10. කෙටියෙන් ලියපු අපූරූ අතීතාවර්ජනයක්.
    එයා පොලීසියට හරියන කෙනෙක් තම්‍යි හි හි.

    BalasPadam
  11. අපි ඉතිං ගෑල් ලමයි.රත්තරං ටිකට හිටිය.ගුරුවරුන්ගෙන් ලකුණු කැපෙයි කියල බයට.ඔය සා දෙයක් කොරන්ඩ බැරි වුනත් ඔයාල කරපු දේ අපිට රසවිඳින්න පුළුවන්.අපේ කොල්ලො නං නිල් වතුර ගහනවට වැඩි යමක් කලේ නෑ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook