Khamis, 17 Disember 2015

අසංග අබේසුන්දරයන් ගැන සටහනක්

 
මාගේ උසස් පෙළ සත්ව විද්‍යා ගුරුවරයෙකු වූ අසංග අබේසුන්දර මහතා අපට පන්ති පැවැත්වූයේ 1984 වසරේ දෙහිවල වෛද්‍ය පාරේ දේශන ශාලාවකය​. අධ්‍යාපන අමාත්‍යංශය ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් , රූපවාහිනි හා වීඩියෝ ඩෙක් අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට දශකයකටත් පෙර  අසංග අබේසුන්දර මහතා මේ උපකරණ භාවිතා කරමින් සිසුන්ට ඉගැන්වීය​.අසංග අබේසුන්දරයන් ගේ පන්ති වලදී අපට මුද්‍රණය කරන ලද රූප සටහන් ලැබුණි.  අප පාසලේදී ඒවා අන් සිසුන්ට පෙන්වූයෙමු. සමහරු මේ රූප සටහන් පිටපත් කර ගත්හ​. සමහරක් මේ රූප සටහන් දෙන විට අපටත් එකක් වැඩිපුර ගන්න යැයි කීවෝය​. 

උසස් පෙළ විභාගයට මාසයකට පෙර අබේසුන්දර මහතා සියළුම පන්ති වල සිසුන් එකතු කරගෙන සුගතදාස ගෘහස්ථ ස්ටේඩියමේ පන්ති දෙක තුනක් පවත්වයි  එවිට සුගතදාස ගෘහස්ථ ස්ටේඩියම උසස් පෙළ සිසු සිසුවියන් ගෙන් පිරී යයි. එය අපට කානිවල් සමය සිහි ගන්වයි. සමහර විට අපගේ පාසලේ වානිජ විශයන් කරන කොල්ලෝද මේ සැනකෙලිය බැලීම සඳහා හොරෙන් සුගතදාසයට ආහ​. 

අසංග අබේසුන්දර මහතා මානව නම් මාසික පුවත් පතක් එළි දැක්වීය​. මමද එයට ලිපි කිහිපයක් ලිව්වෙමි. හේතුවාදය ගැන තර්ක කල අසංග අබේසුන්දර මහතා කවියෙකු බව බොහෝ දෙනා නොදනිති. එතුමාගේ තුංමන්සල හා පබාවතී යන කවි පොත් වල තිබූ කවි සමහරක් මට තාම මතකය​. එහි වූ එක් කවක් මෙසේය 

විරාමය මත නැගී 
බමණ ලොව දෙස බලමි 
එහි තිතක වූ තිතක 
තිතක් ලෙස ඔබ දකිමි. 

එම කවි පොතේ කාන්තා හිංසනය ගැන ලියූ කවියක් මෙසේය. 

අහස ඇඞුව අඳුරු රැයක​
කුරුළු කැලේ බංගලාවේ
මේට්ටෙක දුණු ඉකි ගහද්දි
යොවුන් බවෙන් සමු ගත්තෙමි. 

දෙපිට කැපෙන කුණුහරප විහිළු පාසල් සිසු සිසුවියන් ඉදිරියේ නොකොට ඉගැන්වීමේ දක්‍ෂතාව මත ජනප්‍රිය ගුරුවරයෙකු වන අන්දම අසංග අබේසුන්දරයන් මේ දශක ගනනාව පුරා පෙන්වා දී ඇත​. වචනයේ පරිසමාප්තියෙන් අසංග අබේසුන්දර මහතා දක්‍ෂ ගුරුවරයෙකි. ඔහුගෙන් ඉගෙන ගත් වෛද්‍යවරු බොහෝ දෙනෙකු මට ලංකාවේද පිටරටවලද හමු වී තිබේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

66 ulasan:

  1. //දෙපිට කැපෙන කුණුහරප විහිළු පාසල් සිසු සිසුවියන් ඉදිරියේ නොකොට ඉගැන්වීමේ දක්‍ෂතාව මත ජනප්‍රිය ගුරුවරයෙකු වන අන්දම අසංග අබේසුන්දරයන් මේ දශක ගනනාව පුරා පෙන්වා දී ඇත//

    හරි දුර්ලඟ ගුරුවරයෙක්

    BalasPadam
    Balasan
    1. ඔව් ඔහු දුර්ලභ ගුරුවරයෙක්

      Padam
    2. මමයි ඔහු ගේ පන්තියෙන් බිහි වුන පලවෙනි වයිද්යවරයා

      Padam
  2. හොඳ ගුරුවරයා සහ නරක ගුරුවරයා යන දෙදෙනාම කවදාවත් දරුවන්ගේ මතකයෙන් ඈත්වන්නේ නැහැ. නමුත් ඒ දෙදෙනා දරුවන්ගේ මනසේ ඉන්නේ ස්ථාන දෙකක.

    BalasPadam
  3. කැරපොත්තා සහමුලින් ම අවසාන කරමු?

    BalasPadam
    Balasan
    1. කැරපොත්තා සමග සැන්දෑවක්

      Padam
  4. ගෙම්බා නොහොත් මැඩියා......
    84 85 වර්ෂ වල නුගේගොඩ රේල්වේ ඇවනියු හිදී හා කිරුලපන සීබල් මාවතේ මානව ශ්‍රවනා ගාරයේදී අසංග අබේසුන්දරයන්ගේ පංති වලට සහභාගී වූ ඒ සුන්දර අතීතය නැවතත් මතක් වුනා..
    ඇත්තෙන්ම අමතක නොවන ගුරුවරයෙක්

    BalasPadam
  5. 84 A /L වලට මීයාත් තිබුණාද? 91දී තිබුණේ ගෙම්බා හා කැරපොත්තා විතරයි. දැන් ඒ දෙකත් අයින් කරලා නේද? zoo, Botney එකතුකරලා bio කියල විෂයක් හදල.

    BalasPadam
    Balasan
    1. 84-85 තිබුනේ ගෙම්බා හා කැරපොත්තා විතරයි

      Padam
  6. අපි A /L වලට ඉගෙන ගන්න කොට විශේෂයෙන්ම මකුණා ගැනත් ඉගෙන ගත්තා. මකුණා පොඩි උනාට ඉගෙන ගන්න දේවල් ගොඩයි

    BalasPadam
  7. ටියුෂන් ගියේ නැහැ. ඒ නිසා දන්නේ නැහැ. කොහොමත් බයෝ කරපු කෙනෙක් නේ. මේ කියන විධිහට නම් හොඳ ගුරු භවතෙක්.

    BalasPadam
  8. කුණු රසය වැපිරීමෙන් තොරව ටියුෂන් ක්ෂේත්‍රයට පැවැත්මක් නැති බව හිතෙන තරමට කුණු රසය හා ටියුෂන් එකට බැදිලා. විශේෂයෙන් විද්‍යාව විෂය උගන්වද්දි කුණු රසය විෂය හා සම්බන්ධ දෙයක් තරමට හිතන්න ළමයිනුත් දැන් පුරුදු වෙලා.

    BalasPadam
    Balasan
    1. කුණු රසය අවශ්‍ය නැති බව අසංග සර් ඔප්පු කරා

      Padam
  9. I am his first student to get selected to Medical College . I was in his first class of 13 students.

    BalasPadam
  10. මගෙත් වඩාත් සිත්ගත් ටියුශන් ගුරුවරයා. රේල්වේ ඇවනිව් වල සුන්දර මතක. සෙමට්‍රි එක හරියේ තියෙන 'මානව ශ්‍රවනාගාරය' අසංගගෙ නේද? බුඩිස්ට් ලේඩීස් එකේ කරපු ග්‍රේරොත් එවකට ඒ වගේ. රෙජිනෝල්ඩ් තාමත් ඉන්නවාද?

    BalasPadam
    Balasan
    1. මානව ශ්‍රවනාගාරය' අසංගගෙ නේද?/// Yes
      රෙජිනෝල්ඩ් තාමත් ඉන්නවාද? ///No news
      ග්‍රේරොත් එවකට ඒ වගේ /// ග්‍රේරො සර් ගැනත් මම පෝස්ටුවක් දැම්මා

      Padam
    2. රෙජිනෝල්ඩ් ඉන්නේ පන්නිපිටියේ ලුවර් ජාතියන්තර පාසැල කරන්නේ රෙජිනෝල්ඩ්

      Padam
  11. Itha daksha guruwarayek.Me kavi déka file eke awasana pituwe thibu sati mathskai.

    BalasPadam
  12. Excellent dedicated teacher & a good person. Wish him all the very best!

    BalasPadam
  13. මමත් එතුමගේ සිසුවෙක් subject එක මතක නැතත් කවිය මතකයි.
    අහස හැඩුව අදුරු රැයක
    කුරුලු කැලේ බන්ගලාවෙ
    මෙට්ටෙක දුනු ඉකිගහද්දි
    යොවුන් බවෙන් සමුගත්තෙමු
    එදා ගතෙන් හැලුව කදුලු
    රතු පාටට ගැලුව කදුලු
    අප්පෙක් නැති පුතුගෙ නෙතින්
    අදත් ගලනවා..

    BalasPadam
  14. මමත් එතුමගේ සිසුවෙක් subject එක මතක නැතත් කවිය මතකයි.
    අහස හැඩුව අදුරු රැයක
    කුරුලු කැලේ බන්ගලාවෙ
    මෙට්ටෙක දුනු ඉකිගහද්දි
    යොවුන් බවෙන් සමුගත්තෙමු
    එදා ගතෙන් හැලුව කදුලු
    රතු පාටට ගැලුව කදුලු
    අප්පෙක් නැති පුතුගෙ නෙතින්
    අදත් ගලනවා..

    BalasPadam
  15. සිවුමංසල කොලූගැටයා #134:
    විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’
    http://wp.me/p3zUD-2pw

    BalasPadam
  16. මමත් 84 දෙහිවල ඇම්ඩන් place එකේ සහ මානව ශ්‍රවණාගාරයේ අසංග සර්ගේ ක්ලාස් අවා. ඉතා සොඳුරු අතීතයක්, මගේ සහකාරිය මුලින්ම හමුවුනේ අසංග zoology class එකේදී. වටිනා ගුරුවරයෙක්, ඔහු නීරෝගිමත්ව බොහෝ කාලයක් ජීවත් වෙත්වා

    BalasPadam
  17. he is living in kirulapona...colombo...still he is using his toyota starlet...9 sri3

    BalasPadam
  18. කොහොම අමතක වෙන්නද අසංග සර්ව. නිතර ආදරයෙන් සිහි කරමි. ඉස්කෝලේ ඇරිච්ච ගමන් ඉක්මනින් දුවන්නේ හොඳ තැනක් ක්ල්ල ගන්න විතරක් නෙමේ පන්තිය පටන් ගන්න කලින් දාන හොල්මන් කතාව බලන්න. සර් හොඳ කවියෙක් විතරක් නෙමේ කවි ලියන්න අපිවත් උනන්දු කළා. සටහන් පොතක පිටුපස මා ලියු කවියක් දැක ඉතාම අගය කොට දිගටම ලියන්නැයි කිවා. අදටත් හයිලෙවල් පාරේ ඉඳහිටක යන දවසක සිබල් ඇවනියු ලඟින් යද්දී අසංග සර් තවමත් පන්ති කරනවා ඇත්දැයි සිතෙනවා.

    BalasPadam
  19. yes, he's a great teacher.we we're the backbenchers.now I'm a Doctor and a humble as he taught us.may God bless him.

    BalasPadam
  20. yes, he's a great teacher.we we're the backbenchers.now I'm a Doctor and a humble as he taught us.may God bless him.

    BalasPadam
  21. Sir clz patan gaddi mama ipadilath naa.. bt sir gana godak hodha dewal ahala thiyanawa... bohoma amaruwen sirge manawa srawanageredi dunna tute wagayakuth hoyagena baluwa.. warthmana biology guruwarayek widihata.. oba wani atheetha guruwarun kala kapaweemata magee upaharaya....

    BalasPadam
  22. අනේ අපේ අසංග සර් ....ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා ...[ඔහු කවියෙක් බව දැනගත්තේ අදයි ]

    BalasPadam
  23. අපේ තාත්තත් සර්ගේ ගෝලයෙක් :D

    BalasPadam
  24. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්.///////////////// agree

    BalasPadam
  25. Asanga sir wa mama kohediwath dekke na AL Walin passe...ethuma gana danna kenek kiyanna..Ohu aththama habey manussayek

    BalasPadam
  26. NO WORDS A GREAT TEACHER IN CURRENT CONTEXT! MANJULA

    BalasPadam
  27. කරුණාකර ගුරැ,ගුරුවරයා ,ගුරුතුමා ,ගුරුකම ,ගුරුකුළ යන වචන පහදා දෙන්න

    BalasPadam
  28. මම උ පෙ ටියුශන් ගියේ නැත.
    ගියා නම් ගියේ අසංගගේ ආරම්භක පන්තියටය.
    ඒ එකල වෙන්ඩ ටික්කාගේ ඉල්ලීම පරිදිය.
    ඔලු ගණන වැඩිකර පෙන්වන්නය

    ඉහත Dayal මා නොවේ.

    BalasPadam
  29. රුවන්,
    අසංගගේ කවි පොතේ නම 'තුංමංසල පබාවතී'
    මගේ ලඟ කොහේ හරි පිටපතක් අැති. අැහැ ගැහුණොත් පින්තූරයක් පෝස්ට් කරන්නම්.

    BalasPadam
  30. අහස ඇඞුව අඳුරු රැයක​
    කුරුළු කැලේ බංගලාවේ
    මේට්ටෙක දුණු ඉකි ගහද්දි
    යොවුන් බවෙන් සමු ගත්තෙමි................harima sundara atheethayak ......

    BalasPadam
  31. ජීවිතේ නොදන්නම කාලේ විශය දැනුමට අමතරව අපේ ජීවිත වලට වෙනස් මාවතක් පෙන්නූ දයාබර අසංග ගුරු පියානෙනී, මමත් ඔබෙන් ඉගෙන ගෙන ඈත රටක ජීවත් වෙමි.සීබල් මාවත දුටු විට ඔබව බලා යන්න ආවත් ගිය මාසයේ ඔබ මුනගැසුනේ නැහැ.ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.....!

    BalasPadam
  32. මේ තියෙන සේරම වගේ අසංග සර්ගෙන් සත්ව විද්‍යාව ඉගෙන ගත්ත අය කියන ඒවා. ඒත් මට එච්චර වාසනාවක් තිබුණේ නැත්තේ මම AL Bio කරපු නැති නිසා... මම කළේ ගණිත විෂයන්...
    ඒත් අපේ ඉස්කෝලේ උසස් පෙළ ගුරුවරයකු වශයෙන් අසංග සර් ගැන මට තවමත් තියෙන්නේ හරිම සුන්දර ආදරණිය මතකයක්.. අදටත් (අවුරුදු 33කට පස්සේ) මම ඉඳහිට ඉස්කෝලෙට ගියාම සර් හිටියොත් කතා කරලා වැඳලා එන්නේ ඒ නිසයි..දමින්ද විජේසූරිය

    BalasPadam
  33. උසස් පෙළ කාලය තුල අපට ඉගැන්වූ ගුරුවරු මාගේ මතකය අවුස්සනුයේ ඔවුන කාලයක් අපට උගන්වා අප හැර ගිය පසු පැමිණි සමහර ගුරුවරු නිසාය.

    BalasPadam
  34. Zoology වලට ඉතාම දක්ෂ ගුරුවරයෙක්... ඒ වගේම හොඳ කලා අදහස් ඔහු ඇතුලේ තිබ්බ. මමත් ගණිත අංශයෙන් උසස් පෙළ පෙනී සිටියත් මොහුගේ පන්තියට එකදවසක් සහභාගි වෙලා තියෙනවා... ඒ මගේ යාලුවො ගේ girlfriend එම පන්තියේ ඉගෙන ගත්ත හින්දා. යාලුවට යන්න ඕනේ වෙලා මාත් කියා අපි දෙන්නා ක්ලාස් එකේ bio student දෙන්නෙක් වගේ ඉඳගෙන හිටියා... දන්නවනේ ඉතින් බයෝ ක්ලාස් වලට ගියාම කොච්චර ලස්සන ගෑණු ළමයි ඉන්නවද කියලා... ඉතිං අපි යන්න මැලි වෙන්නේ නෑ.. සුන්දර ගුරු මහත්තයෙක්…. තුම්මංසල පබාවතී කියන කාව්‍ය සංග්‍රහය සමහර කවි මට මතකයි ෆයිල් කවර පිට පැත්තේ ඒවා ්‍රින්ට් කරලා තිබ්බා.

    BalasPadam
  35. අසංග අබේසුන්දර සර් අපේ අසල්වැසියෙක්. අපේ අයියා උසස් පෙල කරලා ඉවර උනාට පස්සේ අසංග සර්ගේ පන්ති වලට උදව් කරන්න ගියා. මම 1983 ගණිත අංශයෙන් උසස් පෙල කරනකොට මට අසංග සර්, ග්‍රේරෝ සර්ගේ භෞතික විද්‍යාව පන්තියට නොමිලේ යන්න හදලා දුන්නා. අපේ අප්පච්චි කුඩා කල මිය ගිය නිසා ගුරුතුමියක් වූ අපේ අම්මාට මට අමතර පන්ති යාමට මුදල් තිබුණේ නැහැ. මම උසස් පෙල සමත් වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට තේරුණහම අසංග සර්ට කියන්න ගෙදරට ගියහම පන්ති පවත්වල මහන්සි වෙලා ගෙදර ඇවිත් හිටපු සර්ගේ කටින් හඩ පිටවුනෙත් නෑ මට සුභ පතනකොට. එතකොට සර්ගේ අම්මා කිව්වා පන්ති කරලා ගෙදර ඇවිත් පහුවදා වෙනකම් ගෙදර කා එක්කවත් කතා කරන්නේ නැහැ කියලා.

    අපේ අප්පච්චි මිය යනකොට අපේ අයියට අවුරුදු 7 යි (මට අවුරුදු 3 යි). ඒක නිසා අසංග සර් අපේ අයියාට ලොකු අයියා කෙනෙක් වගේ අවවාද දෙනවා මට මතකයි (අපේ අයියා මුරණ්ඩු උනහම අපේ අම්මා පැමිණිලි කළේ අසංග සර්ට). අසංග සර් එක පාරටම මිය ගියහම අපේ අයියා හරියට දුක් උනා. මට මතක විදිහට පන්තියක් කරන අතරතුර තමයි සර්ට අමාරුවෙලා අපේ අයියා සහ තවත් අය සර්ව ඉස්පිරිතාලෙට ගෙන ගිහින් තිබුණේ. මළගමේ වැඩ කටයුතු වලට උදව් උනාට පස්සේ එයා තනියෙන් කාමරයට වෙලා නොකා නොබී දවස් ගණනක් හිටියා. පස්සේ මම දැක්කා "තුංමංසල පබාවතී" කවි පොත එයාගේ ඇද උඩ තියෙනවා. එතකොට තමයි මම දැනගත්තේ අසංග සර් දක්ෂ කවියෙක් බව. අපේ අයියා ලග තවම "තුංමංසල පබාවතී" කවි පොත තියෙනවා. ඒකේ තියෙන "විරාමය මත නැගී" කවිය මටත් තවම මතකයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook